නමේ අකුරෙන් විස්මයක් මැවූ විස්මි

author
0 minutes, 2 seconds Read

ටී ෂර්ට් කියන්නේ සැහැල්ලු ඇඳුමක්. මේ සැහැල්ලු ඇඳුමට ලස්සන අලංකාරයක් එකතු වුනොත් සැබැවින්ම වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම රෙද්දේ ප්‍රමිතිය සහ වර්ණවල ප්‍රමිතිය අනුව නිර්මාණයේ පැවැත්ම රඳා තිබෙනවා. පාරිභෝගිකයාගේ ආකර්ශනය දිනා ගැනීමට නම් ලස්සන ලස්සන වර්ණ තිබුනාටමත් බැහැ. අදාල ඇඳුමේ කල්පැවැත්ම මත පාරිභෝගිකයාගේ විශ්වාසය ගොඩ නැගෙනවා. මේ අන්දමින් ටී ෂර්ට් අලංකාර කරමින් පාරිභෝගික ලෝකයට Hyper wear සන්නාම ගෙනා ඔවුන් ගැනයි මේ කථාව.

අපි දැනට පදිංචි ගම්පහ. මගේ ගම නම් අම්පාරේ. මම හැදුනේ වැඩුනේ පාසල් ගියේ අම්පාරේ. විවාහයෙන් පසුව මගේ සැමියාගේ ගම ගම්පහ නිසා මේ ප්‍රදේශයේ පදිංචියට ආවා. මම අම්පාරේ ගාමිණී ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ සමත්ව කැලණිය විශ්ව විද්‍යාලයේ දෙමළ ඩිප්ලෝමා භාෂා පාඨමාලාවක් හැදෑරුවා. දැන් ඒ පාඨමාලාව අවසානයි. ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයත් අවසන්. දැන් මම ඩිප්ලෝමාධාරිනියක් විදිහට සුදුසුකම් ලබා සිටිනවා. මගේ සැමියා ගම්පහ බණ්ඩාරනායක පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. අපි දෙන්නාම රැකියාවක් කළා. මම මුල්‍ය සමාගමක සේවය කළා. මගේ සැමියාත් ඩේටා එන්ට්‍රි කෙනෙක් විදිහට පුද්ගලික සමාගමක සේවය කළා.නමුත් ව්‍යාපාරය සහ රැකියාව කර ගෙන යෑමේ අපහසුව නිසා ඔහු රැකියාවෙන් අයින් වුණා.

Hyper wear සන්නාමය ලැබුනේ කොහොමද?
මේ ව්‍යාපාරය කරන්නේ මමයි මගේ සැමියයි. ඒ වගේම මේ ව්‍යාපාරයට නම වැටුන හැටි කිව්වොත්. මගේ සැමියා හසිත සිරිවර්ධන . මම විස්මිතා රුවනි. සැමියාගේ නමේ මුල් අකුර අරගෙන හයිපර් කියලත්. මගේ විශ්මි කියන නමේ ඩබ්ලිව් (අ) අකුරෙන් වෙයාර් කියන එකත් එකට එකතු කරල අපේ ව්‍යාපාරයට Hyper wear කියන නම තිබ්බා.

බිස්නස් එකක් ගැන හිතුවේ ඇයි?
පුංචි කාලයේ පටන්ම දරුවන්ගේ හිතේ එක එක හී්න තිබෙනවා. මටත් පුංචි ළමයෙක් විදිහට හීන තිබුණා. අනාගතයේ දවසක ව්‍යාපාරයක් කරන්න ඕන කියන සිතුවිල්ල මට එදා ඉඳලාම හිතේ තිබුණා. විවාහයෙන් පසුව මගේ ඒ හීනයට නියම අර්ථය ලැබුණා. මගේ සැමියා හසිතටත් ව්‍යාපාරයක් කරන්න අවශ්‍යතාවය හොඳින් තිබුණා. අපි දෙන්නාගේම අදහස් අතර තිබුන ගැලපීම නිසාම ව්‍යාපාරයට ඉතාම හොඳ අත්තිවාරමක් ලැබුනා කිව්වොත් ඇත්තටම නිවරැදියි. බොහෝ කාන්තාවන්ට තමන්ගේ හීනය ජයගන්න සැමියාගෙන් උදව් ලැබෙන්නේ නැහැ. නමුත් මම ඒ අතින් හරිම වාසනාවන්තයි. මගේ ඉලක්ක අරමුණ වෙත යන්න මගේ සැමියා මට විශාල ශක්තියක් වුණා.

එතකොට පටන් ගත් බිස්නස් එක ගැනත්..
අපි ටී ෂර්ට් ප්‍රින්ට් කරන්න පටන් ගත්තා. මගේ සැමියා ග්‍රැපික් ඩිසයින් හදාරලා තිබෙන කෙනක්. ඒ නිසා මට ඩිසයින් පැත්තෙන් ලොකු ශක්තියක් ඔහු ලබා දෙනවා. අපට උවමනා විදිහට හදනවා. ඒ වගේම සමහර විට තියෙන ඩිසයින් වලින් අලුත් නිර්මාණ කරනවා. ඊටත් අමතරව පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුවත් නිර්මාණ සකස් කරනවා. පාරිභෝගිකයා එවන නිර්මාණය වුනත් ටී ෂර්ට් එකට අවශ්‍ය විදිහට අපි ගලපා ගන්නවා.

ටී ෂර්ට් එකේ රෙද්ද තෝරා ගැනීමත් වැදගත්. කාලයෙන් කාලයට විවිධ රෙදි වර්ග වෙනුවෙන් ටේ‍රන්ඩ් එකක් එනවා. ඒ වගේ අලුත්ම රෙදි වර්ගය ගැන අපි නිතරම අවදියෙන් ඉන්න ඕන. හැම තිස්සේම අලුත් දෙයක් ප්‍රමිතියෙන් යුක්තව අපි දෙන්න ඕන.

වෙළඳ පොළ හඳුනා ගැනීම.
ඇත්තෙන්ම කිව්වොත් මුලින්ම අපට වෙළඳ පොළ තෝරා ගැනීම ලොකු ගැටළුවක් වුණා. මේ වෙන විට ටී ෂර්ට් ප්‍රින්ට් කරන අය බොහෝ සිටියා. නමුත් අපට අවශ්‍ය වුනේ මේ බොහෝ දෙනා අතරින් කැපී පෙනන තැනකට අපේ නිෂ්පාදන පත් කරන්නයි. මේ විදිහට සිටින බොහෝ දෙනෙක් අතරින් පාරිභෝගිකයාට අපිව තෝරා ගන්න හේතුවක් ඕන. කොටින්ම කිව්වොත් විශේෂ අය අතර අපි සුවිශේෂී වෙන්න ඕන. එහෙම වෙන්න නම් අපි ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදනයක් පාරිභෝගිකයාට ලබා දෙන්න ඕන. ඒ නිසා අපි හොඳම ඨීඵ එකකින් ලංකාවට සුදුසු වර්ණයකින් හොඳම මුද්‍රණයක් සහිත රෙදි වර්ගයක් යොදා ගන්නවා. අපේ නිෂ්පාදනයක් කියන්නේ හොඳම රෙදි වර්ගයකින් හොඳම ටී ෂර්ට් එකක් කිව්වොත් නිවරැදියි. මේ නිසා දැන් අපි අපේ නිෂ්පාදන වෙනුවෙන් වෙළඳපොළ ගොඩ නගා ගනිමින් සිටිනවා.

විදේශ වෙළඳපොළට
ඔව්.. අපි මේ වෙන විට රටවල් දහයකට ටී ෂර්ට් යවලා තියෙනවා. ඒ වගේම අපෙන් ටී ෂර්ට් අරගෙන විදේශ රටවල්වලට යවන ව්‍යවසායකයින් පිරිසකුත් ඉන්නවා. විදේශවලට යවද්දී ඩිලිවරි පිරිවැය වැඩියි. නමුත් එක වාසියක් තියෙනවා. අරගෙන යන ටී ෂර්ට් ප්‍රමාණය වැඩි වෙන විට පිරිවැය අඩුවෙන් යනවා. ඒ විදිහට අපෙන් අරගෙන ව්‍යාපාර කරන පිරිසකුත් දැන් ඉන්නවා. අපි ලෝකයේ ඕනෑම තැනකට ඩිලිවරි කරන්න සූදානම්

අනාගතය ගැන කිව්වොත්..
අපේ ව්‍යාපාරයේ අනාගතය ගැන කිව්වොත් මමයි සැමියය අපි දෙන්නාම බොහෝ වගකීම් දරාගෙන ඉදිරියට යන ගමනක් මේ.. මගේ බිස්නස් එක ටී ෂර්ට්. ඒක දැන් කරන්නේ ගෙදර. මට ලොකු අරමුණක් තියෙනවා අනාගතයේදී මේ වෙනුවෙන්ම කර්මාන්ශාලාවක් ආරම්භ කරන්න. පාරිභෝගිකයාට අඩුම මිළට හොඳම දේ ලබා දෙන්න මම උත්සහ කරනවා.
ඔබටත් මේ විදිහට ටී ෂර්ට් එකක් අවශ්‍ය නම් 077 838 1200 දුරකථන අංකයට පණිවිඩයක් දෙන්න.

සටහන – සිල්වා , සි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa