Leadership article 1 – leaders born or made?
දැනට ලෝකයේ බොහෝ අය අතර කතාබහට ලක් කෙරෙන නායකත්වය සහ කළමනාකරණය යන විෂය පිළිබඳව ඊට අදාළ විශේෂඥයින්ගේ මතයක් තිබෙනවා නායකයින් යනු උත්පත්තියෙන්ම බිහි වූ පිරිසක් බවත් සහ නායකයින් යනු ස්වභාවයෙන් නොව පුරුදු පුහුණු කර ඇති කළ පිරිසක් බවත් යනුවෙන්. මෙම බෙදීමත් සමග ඇති වූ නායකත්ව සංකල්පය පිළිබඳ පුළුල් විග්‍රහයක් මෙතැන් සිට අප ඉදිරිපත් කිරීමට සූදානම්.
ඇත්තෙන්ම නායකයන් යනු උපතින්ම බිහිවූ පිරිසක් ද එසේත් නොමැති නම් පුරුදු පුහුණු කළ පිරිසක් ද ? මෙම ප්‍රශ්නාර්ථය ඔබටත් හැඟෙන්නට පුළුවනි.

මේ වන විට ලෝකයේ නායකත්වය බොහෝ විට බැඳී පවතින්නේ කළමනාකරණය යන විෂයත් සමගයි.
මෙම විෂය ගැන කතා කිරීමේදී නායකත්වය පිළිබඳ විග්රහ කෙරෙන න්‍යාය වර්ග දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි Traits theory කියලා කියන්නේ. Traits theory හි අන්තර්ගත වන්නේ ජානමය වශයෙන් හෝ උත්පත්තියෙන් නායකත්වය කියන එක එනවා කියනවා කියන පිරිසයි. මේ යටතේ උප මාතෘකා සහ උප න්‍යායන් බොහොමයක් තියෙනවා. Traits theory මගින් කියැවෙන්නේ (leaders are born) උත්පත්තියෙන්ම නායකයෝ තමන්ගෙ නායකත්වය ගුණ හැමදේම උත්පත්තියෙන් අරගෙන එන නායකයින් පිළිබදවයි.
behavioral theory of leadership කියලා තව කොටසක් තියෙනවා. එයාලා තමයි කියන්නේ මේ නායකයන් කියන පිරිස පුරුදු පුහුණු කරලා ගන්න පුලුවන් කියලා. මෙලෙස ඊට අදාළව තව තියරි බොහොමයක් තිබෙනවා. ඒවා පිළිබඳ ඉදිරි කොටස් වලදී වෙන වෙනම සාකච්ඡා කරමු.
එසේනම් පළමුව අප නායකයෙක් යනු කවුරුන්දැයි හඳුනා ගනිමු.
කළමනාකරණ විෂයෙහි Peter Northouse නම් විශේෂඥයා නායකත්වය පිළිබඳ මෙලෙස අර්ථකථනය කර තිබෙනවා.

“Leadership is a process whereby an individual influences a group of individuals to achieve a common goal.” ලෙසයි.
නායකත්වය කියන එක එක් දෙයක් නෙමෙයි. එය යම් ක්‍රියාවලියක්. එම පුද්ගලයා සිදු කරන්නේ තනි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමක් මෙහෙයවීමයි. එතැනදී ඔවුන් පොදු අරමුණක් කරා ගෙන යාම සඳහා යම්කිසි පුහුණුවක් ලබා දීම සිදු කරනවා. ඒවගේම නායකයෙකුට අනුගාමිකයෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. අනුගාමිකයෙක් නොමැති ව එම පුද්ගලයාට නායකයෙක් වීමට නොහැකි යි. නායකත්වයේ ප්‍රධානතම සාධකය මෙයයි. තනි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පොදු අරමුණක් කරා ගෙන යාම තමයි නායකත්වය යනුවෙන් අදහස් කරන්නේ. එහිදී අර්ථකථනය කරනුයේ නායකයා යනු තනතුරක් නොවන බවයි. ඒ පුද්ගලයා එම මොහොතේ දී ගන්නා වගකීම, පුද්ගලයින් මෙහෙයවීම, බලපෑමක් ඇති කිරීම සහ අදහස් ලබා ගැනීම නායකයකු වශයෙන් සිදුකරයි.
ඒ අනුව නායකයෙකු වීමට නම් අනුගාමිකයින් සිටිය යුතු අතර අරමුණක් තිබීම අත්‍යවශ්‍ය වනු ඇත. එසේම අරමුණක් සහ අනුගාමිකයෙක් යන කරුණු දෙක නැත්නම් නායකයෙක් වීමට මතක තබාගන්න.
උදාහරණයක් වශයෙන්,
ලංකාවේ මේ වෙනකොට තියෙනවා විශාල ආර්ථික අර්බුදයක්. දැන් අවුරුදු කිහිපයක් තිස්සේ ඒ ගැටලුව පවතිනවා. දැනට අවුරුද්දකට කලින් ලංකාවේ ලොකු ජන අරගලයක් නිර්මාණය වුණා. ඒ අරගලය වෙලාව වෙනකොට හිටිය නායකයෙක් . එම නායකයා ඡන්දයෙන් පත් වෙච්ච තුනෙන් දෙකක බලයක් හිමි පාර්ලිමේන්තුවේ ජනතාවගේ වැඩි ඡන්දය පත්වෙච්චි ජනාධිපතිවරයෙක්. මෙම රාජ්‍ය නායකයාට බහුතරයක් අනුගාමිකයන් සිටිනවා. ඔහුගේ අරමුණ වෙලා තිබ්බේ රට සිංහල බෞද්ධ රටක් බවට පත් කොට රටේ ස්වංපෝෂිත භාවය ඇති කර ජාතික ආරක්ෂාව තහවුරු කර මේ රට ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත්කිරීමයි.
දැන් මේ අරමුණට යන්න තමයි මිනිස්සු එම පුද්ගලයාට ඡන්දය ලබාදී ඔහුව ඉදිරියට රැගෙනාවේ. එතනදි ඔහුට තම අරමුණ ඉටු කරගන්න පුළුවන් උනාද ? එතැන පොඩි ගැටලුවක් තිබෙනවා. ඒ නිසා එයාගේ අනුගාමිකයන් ඇතුළුව රටේ බහුතරයක් දෙනා ජන අරගලයක් ඇති කළ අතර ඒ හේතුවෙන් ඔහුට ඔහුගේ බලය අහිමි වී ගියා.
මෙකී සිදුවීම තුළින් මේ නායකත්වය කියන තනතුරක් නොවන බවත් නායකත්වයක් කියන කියන එක ඒ මොහොතේ දී ඇති වන දෙයක් බවත් පැහැදිලි වෙයි.
මීට පෙර වකවානු වලදී සිදු වූ පාස්කු ප්‍රහාරය, මහ බැංකු මංකොල්ලය, මෙවැනි හොරු අල්ලන්න රටේ ආරක්ෂාව තහවුරු කරන්න මේ වගේ දේවලට තමයි මිනිස්සුන් මේ නායකයව ජනපදයෙන් තෝරගත්තේ. මේ නායකයාගේ තම අරමුණු ඉටු නොකිරීම හේතුවෙන් නායකයා සිය ධූරයෙන් ඉවත් වීම සිදු වුණා . ඒ වගේම නායකයා විසින් සිදු කළ යුතු අරමුණ ඉෂ්ට නොවෙනවා නම් එම අරමුණට ම වෙනත් නායකයකු පත් කිරීම ද අනුගාමිකයන්ට හැකියාවක් සහ බලයක් තිබෙනවා. මේක තමයි නායකත්වය යන්නෙහි සරලම අර්ථකථනය වර්තමානය තත්ත්වෙට මේක ආදේශ කලොත්.
මෙම නායකයා ඉවත් වූ පසු ඔහු වෙනුවෙන් තවත් නායකයෙකු පත්කරනු ලැබුවා. ඒ වර්තමාන ජනාධිපතිතුමා. එතුමාගේ අරමුණ වුණේ රට තුළ තිබූ මේ ආර්ථික ප්රශ්නය රට ගොඩගන්න නම් ගත යුත්තේ කුමන ක්‍රියාමාර්ගයක් ද යන්න පිළිබඳව යි. එතනදි ඔහු වගකීමක් ඔහු බාර ගත්තා මේකී ආර්ථික ගැටලුව නිරාකරණය කෙට රට නිසි තැනට ගෙනියනවා කියලා. මෙහිදී විශේෂත්වය වුණේ ඔහු නායකයකු ලෙස තේරී පත් වුණත් ඔහුට අනුගාමිකයින් නොසිටීමයි. ඊට හේතුව ඔහු පාර්ලිමේන්තු තේරීපත්වුන කෙනෙක් නොවන බැවින්. කෙසේ හෝ ඔහු අවසානයේ දී පාර්ලිමේන්තු බහුතරය ලබා ගනිමින් මෙරට ජනාධිපති විදියට තේරී පත්වුණා. ඒ අනුව දැන් ඔහුගේ අනුගාමිකයෝ තමයි කලින් හිටපු නායකයාගේ අනුගාමිකයෝ වන්නේ. අලුත් නායකයාගේ වගකීම වන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම, රජයේ සහ ප්‍රතිභාව ඇති කිරීම, ආර්ථික අවපාතයෙන් ජනතාව මුදවාගැනීම යන කරුණු කාරණා කිහිපයයි.
මෙමගින් පැහැදිලි වන්නේ මේ නායකත්වය කියන එක පුද්ගලයාගේ අරමුණත් එක්ක මිනිසුන් විසින් ලබා දෙන දෙයක් බවයි. මෙම ක්‍රියාවලිය තමයි රටේ දේශපාලනය, සමාජයේ ක්‍රියාකාරීන් අතර , කළමනාකරණය පැත්තෙන් ආයතනයක පරිපාලනය ව්‍යුහය යන මේ අංශ ඔස්සේ බිහිවන නායකත්වය තුළින් සිදුවන්නේ.
රට තුළ මේ වනවිට පවතින තත්ත්වෙත් එක්ක ගත්තොත් එහෙම දැනට ඉන්න නායකයාට ඡන්ද පදනමක් නැහැ. පාර්ලිමේන්තු බහුතරයක් නැහැ. එයාට තියෙනවා යම්කිසි අරමුණක්. ඒ අරමුණ වෙනුවෙන් රටේ ඉන්න බහුතරයක් දැනට උදව් කරනවා ඒ අරමුණ කරා යන්න. අරමුණ නිසා තමයි ඒ නායකත්වයට ලැබිලා තියෙන්නෙ මේ නායකත්වය කියන එකේ මූලික සිද්ධාන්ත දෙක තමයි නායකයෙක් පවතින්න නම් ඒ නායකයා ට අනුගාමික සිටිය යුතුයි. ඒ වගේම පොදු අරමුණක් තිබිය යුතුයි.
ඒ අනුව නායකත්වය කියන්න තනතුරක් නොවෙයි. හැබැයි නායකත්වය කියන එක උත්පත්තියෙන්ම ගෙන එන දෙයක් කියලා අපිට කියන්නත් බැහැ. නායකත්වය පුරුදු පුහුණු කළත් ඒ සඳහා තමන්ට අවශ්‍ය පසුබිමකුත් සහ කුසලතාවයන් තිබෙන්නට අවශ්‍යයි. ඒ වගේම පුරුදු පුහුණු කරපු නායකත්වය ගුණාංග අතුළුව තමන් උත්පත්තීන් රැගෙන ආ හැකියාවන් යන දෙකම එකට එකතු වුණාම පෙර කී අනුගාමිකයන්ගේ අවශ්‍යතාවය සහ පොදු අරමුණට තමන්ගේ අරමුණ ගැලපුනම තමයි නායකයෙකු බිහිවන්නේ.
එසේනම් ලබන සතියේ බලාපොරොත්තු වන්නේ නායකත්වයට සම්බන්ධ න්‍යායන් පිළිබඳව පුළුල්
අවබෝධයක් ඔබට ලබාදීමටයි.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
