නිර්මාණාත්මක සංකල්පයට නව මානයක් ගෙන දෙන ඔහු කවුද?

author
1 minute, 44 seconds Read

ලාංකීය සමාජය තුළ අපට දකින්නට ලැබෙන විවිධ වෘත්තීයන් අතර එක් වෘත්තියකට සීමා නොවුණු වෘත්තීන් රැසක නියැලෙන ඉතාමත් නිර්මාණාත්මක අදහස් ඇති පුද්ගලයකු අපට මුණගැසුණා.

නිර්මාණයක් වුව ද එය වෙනස්ම කෝණයකින් දැකීමටත් බැලීමටත් ඇසීමටත් පුරුදුව සිටින ඔහු මේවන විට සංකල්ප නිර්මාණ වේදියෙකු, බ්‍රෑන්ඩ් ඩිවෙලොපර් කෙනෙකු, නිර්මාණ අධ්‍යක්ෂ වරයෙකු, බ්‍රෑන්ඩ්ං සහ මාර්කටිං වීශේෂඥ්ඥයෙකු, චිත්‍ර ශිල්පියෙකු, ඩිජිටල් මාර්කටිං සහ විඩියෝ නිෂ්පාදන විශය තුලත්, ඉවෙන්ට් මැනේජ්මන්ට් වෘත්තිය තුල මෙන්ම විශ්ව විද්‍යාලයක ආචාර්යවරයකු වශෙන් ගුරුවරයෙකු සහ උපදේශකයකු ලෙසත් , සුදුකම් ලත් සූපවේදියෙකු ලෙසත් කටයුතු කරමින් සිටී.

එසේ නම් අද අප සූදානම් වන්නේ නිර්මාණාත්මක සංකල්පය පෙරදැරි කොටගත් විෂය කරුණු රැසක් පිළිබඳව ඔහු සමඟ කතාබහ කිරීමටයි.

අද අපත් සමඟ සම්බන්ධ වන ඔහු නමින් එරන්ද බණ්ඩාර.

ඔබ කවුද?

නමින් මම එරන්ද බණ්ඩාර.

වෘත්තියක් හැටියට ගත්තොත් මම සංකල්ප නිර්මාණවේදියකු ලෙස කියන්න පුළුවන්. ඒ කියන්නේ නිර්මාණය කියන විද්‍යාව පාවිච්චි කරලා අද වෙනකොට යම් යම් වෘත්තීන්වල තියන ගැටලු නිරාකරණය කරන්න නිර්මාණවේදය කියන විද්‍යාව පාවිච්චි කරලා වෘත්තීය වේදියෙක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව වෘත්තියක් හැටියට හඳුනා ගත්ත විෂයන් ගොඩක් මගේ ජීවිතය ඇතුළෙ තියෙනවා. ඒ සියලුම විෂයයන් මම යොදා ගන්නේ සංකල්ප නිර්මාණවේදියා කියන වෘත්තීය ගොඩනඟා ගන්න.

මේ පිළිබඳව තවදුරටත් සඳහන් කරනවා නම්, ප්‍රධාන වශයෙන් මම branding marketing , advertising යන විෂයන් වල පෙනී සිටින ගමන් interior designing, event management සමගම තවත් විෂයන් කිහිපයක් කරන ගමන් ගුරුවරයකු හැටියටත් විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් විදිහටත් ඒ වගේම මගේ තව විනෝදාංශයක් විදියට professional qualification එකක් එක්ක මම NVQ Level 4 අදියරේ සූපවේදීයෙක් වෙනවා. මීට අමතරව මම වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් වෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය අංශයෙන් වෙබ් සහ apps වල designer කෙනෙක් විදිහටත් වැඩ කරනවා .

මේ සියලු විෂයන් වල පළපුරුදු තාවය සහ අත්දැකීම් මා තුළ තියෙනවා. මේ සියලු දේම අවශ්‍ය අවස්ථාවන් වලදී යොදා ගනිමින් මම මාගේ වෘත්තීය කටයුතු සිදු කරමින් පවතිනවා.

සංකල්ප නිර්මාණශිල්පයකු ලෙසින් ප්‍රකට ඔබේ වෘත්තීය ගමන්මග ආරම්භ කලේ කෙසේද?

ඇත්තෙන්ම මේක ලේසි කටයුත්තක් නෙමෙයි. සංකල්ප නිර්මාණ ශිල්පියකු ලෙස වෘත්තීය ගමන ආරම්භ කරන එක පරිණතභාවයක් එක්ක තමයි එන්නේ. සංකල්ප නිර්මාණය එක්තරා විද්‍යාවක් කිව්වොත් නිවැරදියි.

මම යුධ හමුදා බැඳෙන්න බොහෝ ආසාවෙන් මගේ අධ්‍යාපන කටයුතු සහ බාහිර සුදුසුකම් සපුරමින් ඉන්නකොට හදිසියේම මා ඉගෙන ගත් පාසලෙන් යම් ගැටලුවක් නිසා මාව ප්‍රතික්ෂේප වෙනවා. මගේ ජීවිතයේ මම කියන කෙනා හැදෙන්නේ බලපාපු ප්‍රධාන කාරණාව තමයි ප්‍රතික්ෂේප වීම. මම හිතන පතන විදිය වෙනස්. සම්ප්‍රදායට බය වුණ ඒකෙ ඇලී ගැලී වාසය කරන මිනිසුන් අලුත් යමක් හිතනවට බය වුණා. ඒ ප්‍රතික්ෂේප වීම හරහා මා පාසල් කාලයෙ මම වීදි නාට්‍ය ශිල්පියකු ලෙස ලෙස එකතු වුණා. වර්ෂ 1996 අජිත් එස් කේ අල්විස් කියන මගේ වැඩිමහල් සහෝදරයා ගේ මිතුරෙක් නිෂ්පාදනය කරපු බලු හදවත කියන වේදිකා නාට්‍යයේ චරිත නිරූපණය කරමින් ඇදුම් නිර්මාණ ශිල්පය කරමින් කටයුතු කළා. නුවර කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වන මෙම වේදිකා නාට්‍යය ඉතාමත් අඩු පිරිසක් හරහා තමයි අපි නිර්මාණය කළේ. මේ නාට්‍ය නිර්මාණය එවකට පැවති යෞවන සම්මාන උළෙලේ හොඳම නාට්‍ය බවට පත් වුණා. එහිදී මම හොදම ඇදුම් නිර්මාණ ශිල්පියෙක් ලෙස යෞවන සම්මාන දිනා ගත්තා. මේ සම්මානය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා.

මගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා ප්‍රතික්ෂේප වෙලා ඉස්කෝලේ reject වෙලා ඉන්න මොහොතකදී මේක මූලික කරගෙන මම සිවිල් ඉංජිනේරු විෂය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් කොළඹ ඇවිල්ලා ගෙන ගන්නවා. මට ආසාවක් ආවා වාස්තුවිද්‍යාවට. ඒකත් යම් තැනකදී මට එපා වුණා. පසුව මම ඉන් ඉවත් වුණා.

ඒ දවස්වල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තිබුණා ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයක්. එය දැවැන්ත නිර්මාණ කේන්ද්‍රයක්. ආචාර්ය රොහාන් විජේකෝන් කියන ලංකාවේ සිටින විශිෂ්ට නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක් අනුව තමයි එම මධ්‍යස්ථානය බිහි වී තිබුණේ. ශ්‍රව්‍ය දෘශ්‍ය මද්‍යස්ථානයට මම ඇතුල්වෙන්නේ චිත්‍ර ශිල්පියෙක් හැටියට. එතන දවස් 2යි මට ඉන්න ලැබෙන්නේ. ආචාර්‍ය රොහාන් විජේකෝන් මහතා කුමක් හෝ හෙතුවකට මට පරිඝණක අංශයට ගිහින් ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරන්න කියනවා.

එතැනදී මට දුන්නේ පේරාදෙනිය උද්භිත උද්‍යානයේ අදටත් ඔබ ඔයාලට දකින්න තියෙන සැලසුම (guide map ) එක නිර්මාණය කරන්න. මෙහිදී අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ මම ආචාර්ය රොහාන් විජේකෝන් මහත්මයාව. ඔහු තමයි එවකට එහි අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කළේ. අපට අසීමිත නිදහස අසීමිත සිතීමේ හැකියාව අපේ අදහස් වලට ගරු කිරීම මේ වගේ ගොඩක් දේවල් අප ඔහුගෙන් ඉගෙන ගත්තා . ඒ දවස් වල අපි රුපියල් 165 ක් මගේ දෛනික පඩියට තමයි වැඩ කරන්න සිදුවුණේ. එතනදි මතක් කරන්න ඕනේ මිල්ටන් අයියව. ඔහු තමයි මට graphics ඉගැන්නුවේ. ඒ වගේම ඒ අවස්ථාවේ දී මට මුණ ගැසුණා ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් ඒ තමයි ජයතිලක මහත්මයා කියලා. එතුමා තමයි මාව උනන්දු කළේ සුදුසුකම් සහිත සහතික පත් සහිත නිර්මාණ ශිල්පියෙක් වීමට.

ඒ අනුව මම 2000 සිට 2002 වසර දක්වා වසර තුනක් ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ( Sri Lanka National Design Centre) එකේ ” මල්ටි ඩිසිපිලිනරි ඩිසයින් ” ( Multi-disciplinary Design ) කියන උසස් ජාතික ඩිප්ලෝමාව හැදෑරීම සිදු කලා.

ලංකා ඉතිහාසයේ අපි තමයි ඒ ඩිප්ලෝමාව හදාරපු අන්තිම කණ්ඩායම. එතැනදී තමයි මම බහු ශික්ෂණාත්මක නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුරුදු වුණේ. ඒ කියන්නේ අපිට හැම දෙයක් ගැනම ඉගෙන ගන්න සිද්ධ වුණා. 360 degrees තුළින් තමයි ප්‍රායෝගිකව මම මගේ දැනුම හැම අතටම විහිදෙන්න පුළුවන් කියලා දැනගත්තෙ. එදා ඉඳලා පටන් ගත්ත ඒ ගමනත් එක්ක පසුව ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් ලෙස logo designer කෙනෙක් විදිහට මට ඉහලට මෙන් පුළුවන් වුණා. brand developing වලින් පටන් ගෙන fashion designing, සංගීත කණ්ඩායම් එක්ක එකතු වෙලා ලංකාවේ තිබුන දැවැන්තම ඉවෙන්ට්වල නිර්මාණ අධයක්ෂක ලෙසත් ඒ වගේම ( The bera fest / World Buddhist summit) ලංකාවේ විශිෂ්ඨ අන්තර්ජාතික තලයේ තාලවාදන ශිපියෙක් වෙන රකිත වික්‍රමරත්න සහ ඔහුගේ නාද්‍රෝ කණ්ඩායම සමග එකතුවෙලා සංගීත ක්ෂේත්‍රයේයේ නිර්මාණයන් බොහෝමයක් කරා.

එහෙම ආපු ගමන දැන් මේ වෙනකොට නිල වශයෙන් වෘත්තියක් විදිහට මේ කටයුතුවල යෙදී සිටිනවා. ඒ වගේම මට මේ තත්ත්වයට එන්න මගේ සඳ ඔබ ටෙලි නාට්‍ය විෂය එකතු වෙනවා.

පසුකාලයේදී මම තාවකාලිකව දේශීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වලින් අයින් වුණා. ඒත් අදටත් මම වෙළඳ දැන්වීම්, විදේශ චිත්‍රපට සහ කලා අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් සහ නොයෙකුත් අංශයන්හි වැඩ කරනවා. මේ එකතු වෙච්ච සියලුම අත්දැකීම තමයි අවසානයේදී මම සංකල්ප නිර්මාණ ශිල්පියෙකු ලෙස බිහි වන්නට මට හැකියාව ලැබුණේ.

වර්තමාන සමාජය තුළ බිහිව තිබෙන නවක නිර්මාණ ශිල්පීන් සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මෙතනදී ප්‍රධාන කාරණාව වන්නේ අපි ඩිසයින් දරුවන්ට උගන්නන විදිහයි. designers ලා ගැන කතා කරන්න කලින් අපට සිද්ධවෙනවා ඩිසයින් කියන විෂය පිළිබඳව පලමුවෙන්ම කතා කරන්න.

අපි පාසල් යනකොට අදටත් පුරුදු තියෙන්නේ bio science කරන්න, maths කරන්න, දක්ෂයො bio කරනවා, සාමාන්‍ය දැනුමක් තියෙන commerce කරනවා, අධ්‍යාපනය ටිකක් අමාරු කට්ටිය arts කරනවා කියන මතයේ තමයි අපි සම්මතයේ රැඳී සිටින්නේ. සමහරක් ළමයින්ට ඔළුවට දාලා තියෙන්නේ මේක තමයි. අපේ ජාතික අධ්‍යාපනය තුළ තියෙන්නේ කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයක් . අලුතින් හිතෙන කෙනෙකුට මේ අධ්‍යාපන ක්‍රමය හරියන්නේ නැහැ.

මම පාසලෙන් ප්‍රතික්ෂේප වුනෙත් වෙනස් විදියට හිතපු නිසයි. ප්‍රශ්න කරන කෙනෙක්ට අලුතින් සහ වෙනස් විදියට හිතන කෙනෙක්ට මේ අධ්‍යාපන ක්‍රමය තුළින් කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ නව චින්තකයින් විනාශයට පත් කරලා දාන එක.

මොකද විභාගයක් පාස් වෙන්න තමයි ගොඩක් වෙලාවට විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරන්න පුළුවන් අවශ්‍ය මූලික දැනුම තමයි ඉගැන්වීම් සිදු කරන්නේ. ඒ අනුව තමයි අපි ළමයෙක්ව විභාගය සමත් වුණාද අසමත් කියලා ලකුණු දීලා නිර්ණායක දෙන්නේ.

අපි හැමවෙලේම කියන්නේ මූලික අඩිතාලම ඉතා වැදගත් කියලා. අවුරුදු දහතුනක් ඉස්කෝලේ යන මේ දරුවන් කිසිම දෙයක් විචක්ෂණශීලීව පරිකල්පිත ඥානයෙන් ගැන හිතන්න පුරුදු වෙන්න ලබා දී තිබෙන අවස්ථාව සෑහෙන අඩුයි.

විශේෂයෙන්ම සෞන්දර්ය විෂයයන් හදාරන දරුවන්ව බොහෝම පල්ලෙහාට දාල තමයි කතා කරන්නේ. සෞන්දර්යාත්මකව හිතන්න බැරිනම් නිර්මාණයක් බිහි කරන්නත් බෑ. බිහිවන්නෙත් නෑ.

ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල මම දකින ලොකුම අඩුපාඩුව තමයි design thinking උගන්වන්නේ නැති එක. ගොඩක් වෙලාවට එයාල. අදාළ විෂය සම්බන්ධයෙන් ඇති මූලික දැනුම, අවශ්‍ය උපාංග , විවිධ දේවල් උගන්වනවා හැබැයි නිර්මාණ ශිල්පියෙක් විදියට නිර්මාණය වේදියෙක් විදියට කොහොමද අපි හිතන්නේ, ඇයි අපි හිතන්න ඕන, හිතන්න ඕන මොනාද, අපි හිතන්න දේ මොකක්ද කියන එක තමයි අපෙන් සමාජය ලෝකය බලාපොරොත්තු වෙන්නේ. බය නැතුව හිතන්න self-confidence පුද්ගලයෙකු නිර්මාණය කරන්න design thinking බොහෝ වෙලාවට උදව් වෙන්වා.

ඉතින් අවුරුදු විස්සක් විශ්වවිද්‍යාල තුළ ආචාර්යවරයකු ලෙස කටයුතු කරන්නකු ලෙස මේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට විරුද්ධ කෙනෙක් විදියට මම කියන්නේ නිර්මාණ ශිල්පීන්ගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා.

ඉතින් මේ නිසා වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් නිර්මාණය අතින් පරිපූර්ණ කරන්න නම් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුමයි කියලා තමයි මගේ අදහස වෙන්නේ.

නිර්මාණය කරනය තුළ ඔබ යොමුවන්නේ කුමන ආකාරයේ නිර්මාණවලටද?

Concept Designer කෙනෙක් විදිහට මම කැමති Total solution එකම මගේ අතින් නිර්මාණය වෙනවා. එහිදී ආයතනයක නම හෝ බ්‍රෑන්ඩ් එක හෝ නිශ්පාදනයක වෙළද නාමය හෝ ඕනෑම දෙයක. ඒ නිර්මාණයට සමගාමීව යන සියලු දේ. උදාහරන ලෙස.. බිස්නස් කාඩ් එක, ලෙටර්හෙඩ් එක, යුනිෆෝම්ස්, සයින් බෝඩ්, නේම් බෝඩ්, වෙහිකල් බ්‍රෑන්ඩ්ං, වෙන්‍යු බ්‍රෑන්ඩ්ං, ඉන්ටීරියර් ඩොසයිනිං, පැකේජිං, මාකටිං සහ බ්‍රෑන්ඩ්ං වලට අවශ්‍ය අනෙකුත් සංකල්ප, ක්‍රමවෙදයන් සහ නිර්මාණ වගේ මේ විෂයේ සියලූම අහුමුලු මගේ වෘත්තිය වපසරිය තුල ආවරනය කරන්න මට පුලුවන්.

තවත් උදාහරණයක් විදියට අපි ගමු restaurant එකක්. ඒ රෙස්ටුරන්ට් එකේ නම මොකක්ද ඒ නම මෙතනට හරි යනවද කියන දේවල් . ඒ වගේම ඇඳුම් රටාව branding marketing කොහොමද වෙන්නේ digital marketing platform වල කොහොමද හැසිරෙන්නේ මේ වගේ දේවල් පිළිබඳව මගෙන් සේවය ලබාගන්න.

ඇත්තෙන්ම total solution කියන දේ තමයි මං ගොඩක් ප්‍රිය කරන්නේ.

ඔබ සිතන ආකාරයට නිර්මාණයක් ගොඩනැගීමේදී නිර්මාණවේදියකු තුළ තිබිය යුතු මූලිකම කාරණය වන්නේ කුමක්ද?

හැමවෙලේම තමන් නිර්මාණයක් කරද්දි බලන්න ඕන නිර්මාණ වේදයක් විසින් සිදු කරන දේ කොච්චර මානවහිතවාදී ද කොච්චර ගැලපෙනවද මේ අවශ්‍යතාවය වෙනුවෙන් කොච්චර භාවිත කරන්න පුළුවන්ද කියන එක.

මට බොහෝ නිර්මාණ ශිල්පීන් මුණගැසෙනවා. ඔවුන්ගේ නිර්මාණ හරි සුන්දරයි. නමුත් ඔවුන්ගේ නිර්මාණ බොහෝ විට ප්‍රායෝගික නැහැ. ඇත්තෙන්ම අපිට වැදගත් වෙන්නේ ප්‍රායෝගිකත්වය.

නිර්මාණයක් තුළ තිබිය යුතු වැදගත්ම දේ තමයි ප්‍රායෝගිකවාදය. මේක practically කරන්න පුළුවන්ද බැරිද කියන එක.අපි ලෝගො එකක් නිර්මාණය කරද්දී ඒ ලෝගෝ එක ඒ ආයතනයේ භාවිතා කරන විදිහ, විවිධ මැටීරියල් මත, විවිධ මුද්‍රණ ක්‍රමවේධයන් භාවිතය, ඉදිරියේදී ආයතනයේ දියුණුවත් සමග ඇතිවිය හැකි නව අවශ්‍යතා ආදියට අපේ නිර්මාණය කොයි වෙලාවෙත් සූදානම් වෙන්න ඕනේ.

මට කියන්න තියෙන නිර්මාණයක් හැමවෙලේම අතිශය ප්‍රායෝගික වීම සහ ප්‍රායෝගිකත්වය තුළ මානව ස්වභාවධර්මයට මේක යොදාගන්න පුළුවන් නම් හොඳයි කියන එකයි.

කලා ජීවිතයට අමතරව ඔබ ක්‍රීඩා පුහුණුකරු ඔබ ලෙසත් සේවයේ යෙදෙන බව අපට අසන්නට ලැබුණා. ඒ ගැන කතා කළොත්,

මගේ පියා ජාතික වාර්තාවක් තියපු පුද්ගලයෙක්. ක්‍රීඩා අංශයෙන් ගුවන් හමුදාව වෙනුවෙන් රගර් බොක්සිං , ෆුට්බෝල් වගේ ක්‍රීඩා රැසක මගේ තාත්තා නිරත වෙලා තියෙනවා.

මම ඉපදුනේ කටුනායක ගුවන් හමුදා රෝහලේ සහ මගේ පුංචි කාලේ මම හැදී වැඩුණේ ගුවන් හමුදාවේ පරිසරය තුළයි.

ඒ නිසා මට ක්‍රීඩාව පිළිබඳ අතිශය හොඳ දැනීමක් මට තිබුණා. මගේ ගෙදර අප්පච්චිගෙ කුසලාන සහතික පත් මෙඩල් වලින් පිරිලා තිබුණ නිසා ඒ පිළිබඳ මට යම් දැනුමක් අදහසක් මට තිබුණා. ඒ නිසාම මම අවුරුදු 13 දී විතර වගේ ක්‍රීඩාවට සම්බන්ධ වුණා. එහිදී දිස්ත්‍රික්ක තරග වලට එකතු වුණා. ක්‍රීඩාවෙන් පාසල නියෝජනය කරන්න පටන් ගත්තා. හැබැයි මම කලින් කිව්ව විදිහට මට මුල ඉඳලම යම් යම් බාධා ඇති වුණා. කොන්දේ ආබාධයක් ඇති වුණා දාහතරෙන් පහළ තරඟයකදී. මම 1994 මගේ ශිෂ්‍ය භට බලකායේ කෝප්‍රල් වලට පත් වුනා.

ඒ විදිහට මට නොයෙකුත් අත්දැකීම් තිබුණා. ප්‍රථමාධාර පිළිබදව ජනාධිපති බාලදක්ෂයෙක් සහ ශිෂ්‍ය භටයෙක් ලෙසත් . මම ඉගෙන ගත්ත ගොඩක් දේ මට මගේ ජීවිතේටත් එකතු කරන්න පුළුවන් වුණා. මගේ පාසලේ ක්‍රීඩා සංවර්ධනය සහ මගේ නොයෙකුත් පාසල්වල ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් මට වැඩ කටයුතු කරනවා.

ඉස්සර තිබුන ක්‍රීඩා නෙමේ අද වෙනකොට තියෙන්නේ. sports psychology කියල එකක් තියනව sports science technology. ඒ කියන්නේ ඕනෑම ක්‍රීඩාවක් පුහුණු වීමකින් විතරක් කරන්න බැහැ. ඒ පිළිබඳ යම් දර්ශනයක් යෝග්‍යතාවයක් තාක්ෂණ භාවිතයක් තියෙන්න ඕන

ඒ නිසාම ශ්‍රී ලංකාවේ තියෙන යම් ආයතනයක මම වැඩ කරන්න පටන් ගත්තා. මම එතැනදි විශේෂයෙන් කියන්න ඕනේ ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කරද්දි ඒක වෙනම විද්‍යාවක් බව. සමහර අවස්ථාවන් වලදී කණ්ඩායම පරාජයටත් හේතුව ක්‍රීඩාව තුළ අපි භාවිත කරන ඇඳුම් වෙන්න පුළුවන්.

උදාහරණයක් වශයෙන් boxing වගේ ක්‍රීඩාවකදී පපුවේ වගේ ලොකු සලකුණක් දැම්මොත් ප්‍රතිවාදියා ඒක නිර්ණායකයක් කරගන්නවා. ඒක එයා ආධාරකයක් බවට පත්කරගන්නවා. අපි සම්පත් භාවිත කරන සමහර තාක්ෂණය ඒ පිළිබඳව අන්තර්ජාලයේ search කරොත් ඇතිවෙන්න තොරතුරු සොයා ගන්නට පුලුවන්.

ඉතින් මේ පිළිබඳව උපරිම අධීක්ෂණය නිරීක්ෂණය කරලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ. පසුගිය 2021 සහ 2022 කියන අවුරුදු දෙකේ sri lanka basketball කණ්ඩායමේ නිල ඇඳුම නිර්මාණය කරේ මම. ඊට අමතරව ලංකාවේ තිබ්බ සමහර පාසල් වල ක්‍රීඩා ජර්සිය නිර්මාණය කරන්නටත් මට අවස්ථාව සැලසුණා.

ඉතින් මේ නිසා ඇත්තෙන්ම අදටත් මං බොහොම ආසාවෙන් මේ ක්‍රීඩා කටයුතුවලට නිරත වනවා.

නිර්මාණවේදියකු ලෙස ඔබ ලබා ඇති ජයග්‍රහණ

ඇත්තෙන්ම මම සම්මාන කියන දේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ.

මම කිසිම තැනක මම පිළිබඳව ප්‍රචාරයක් නොදී අද ලංකාවේ ලෝකය පුරා ගත්තොත් රටවල් – ඇමරිකාව, එංගලංතය, ජර්මනිය, ඩුබායි, නවසීලන්තය , ඔස්ට්‍රේලියාව , මැලේසියාව, ඉන්දියාව, ජපානය, ප්‍රංශය වගේ බොහොමයක මගේ නිර්මාණ තියෙනවා. ඒවට ආධාරක වෙන්නේ මගෙන් සේවය ලබපු මගේ සේවාදායකය පමණයි.

සාමාන්‍යයෙන් මම පාරේ ඇවිත් මා විසින් නිර්මාණය කරන ලද logos හෝ මොනාහරි දෙයක් මට දකින්න තියනවා. මම හිතන්නේ මම ලබල තියෙන ලොකු ජයග්‍රහණයක් ඒක.

ඒවගේම මගේ පාරිභෝගිකයින් මාව recommend කිරීම ගැනම තියෙන්නෙ මට ලොකු ජයග්‍රහණයක්. මං වටා එකතු වෙලා ඉන්න බොහොමයක් අද ලංකාවෙන් එළියෙ තමයි ඉන්නේ.

ඒ විතරක් නෙවෙයි මගේ ආර්ටිකල් එකක් ගියපු ගමන් මගේ මට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙනවා .

ඉදිරි වැඩ කටයුතු

මේ වෙනකොට මම ලංකාවේ සංගීත වැඩසටහන් කිහිපයක නිර්මාණ අධ්‍යක්ෂක විදියට කටයුතු කරනවා. ඊට අමතරව විදේශ රටවල් කීපයක් එක්ක යම් යම් ව්‍යාපාරික දේවල් කරනවා . ඉදිරියේදී සමහරවිට ලංකාවෙන් එළියට ගිහිල්ලාත් ඒ වැඩ කටයුතු මට කරන්න සිද්ධ වෙනවා. සමහර විට වසර කිහිපයක් රටින් චුට්ටක් එළියට යන්න වෙන්වා මේ කටයුතු සදහා.

මම මේ රටින් ගියත් මම මේ රටට ගොඩක් ආදරය කරන කෙනෙක්. මේ රටේ මිනිසුන්ගේ සෙනහස සිනාව කරුණාව දයාව ඒ වගේම අපට යම් යම් තැන්වලදී මට බාධා කරන පිරිසටත් මං බොහෝ ස්තූතිවන්ත වෙනවා.

අපිට ඒ එන බාධා කිරීම නිසා තමයි අපේ ගමනේ වේගය වැඩි වෙන්නේ. අපිට ආදරේ කරන මිනිස්සුන්ගෙන් අපිව ආරක්ෂාව, පෝෂණය වෙනවා. බාධා කරන මිනිස්සුන්ගෙන් අපිට ලොකු ජවයක් එනවා. අදටත් මට කවුරුහරි යම්කිසි විෂයයක් ඇතුලේ යම් පොඩි බාධාවක් කළේ නැත්නම් මට පොඩි කික් එකක් නෑ වගේ තමයි දැනෙන්නේ. ඒ බාධාව නිසා තමයි මට ඒ ජවය එන්නේ. මම ප්‍රතික්ෂේප වීම ඇතුළු ගමනක් ආව මනුස්සයෙක්. ඉතින් ඒ ප්‍රතික්ෂේප වීම් මට බොහෝ අභියෝග පත්වෙලා තියෙනවා .

ඉතින් අද වෙනකොට මම හිතනවා ලංකාවේ නිර්මාණ ශිල්පීන් හැටියට තනි පුද්ගලයෙක් අයකරන වැඩිම මිල අය කරන නිර්මාණ ශිල්පීන් 10 දෙනා අතර මම ඉන්නවා කියලා.

මගෙන් ඕනම වෙලාවක උදවුවක් උපදෙසක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම අනිවාර්යයෙන්ම ඒ දේ ලබා දෙනවා.

මගේ අවසාන බලාපොරොත්තුව traveler කෙනෙක් වෙන්න. ලොකේ විවිධ තැන් වල ඇවිදිමින් විවිධ ඒවා දකිමින් ඉන්න ආසාවක් තියෙනවා. මං හිතනවා මේ දක්වා සාර්ථක වුණු ගමනේ ඉතිරිය මේ විදිහටම සාර්ථක වෙයි කියලා.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa