පතොක් සන්නාමයෙන් නාමය දිනූ දිරිය දියණියක්

author
0 minutes, 3 seconds Read

ඇය ගාල්ල ප්‍රදේශයේ පදිංචි තනුජා කුමාරි. තනුජා උසස් පෙළ හැදෑරුවේ විදයා විෂය ධාරාවෙන්. සාමාන්‍යයෙන් උසස් පෙළ අවසානයෙන් පසු අපි කවුරුත් විවිධ පාඨමාලාවන් හදාරනවා. ඒ වගේම තනුජාත් හෙද පාඨමාලාවක් හැදෑරුවා. එය අතරමග නවතා සනන්ිවේදන ආයතනයක සේවයට සම්බන්ධ වුණා. එම ආයතනයේ වැඩි කාලයක් රැදී නොසිටි ඇය ඇගළුම් කර්මාන්ත ආයතනයක සේවයට සම්බන්ධ වී කටයුතු කළා. මේ අතර හදිසි හෘදයාබාධයකින් ඇගේ පියා මිය ගියා. පවුලේ ශක්තිය බිඳ වැටුණා. නමුත් තනුජාගේ මව තමන්ගේ දරුවන් තනි කලේ නැහැ. සැමියාගෙන් හිස්වුන කැදැල්ලක මව වගේම පියාගේ භුමිකාවත් ඇය භාර ගත්තා. ඔවුන්ට තේ වතු තිබුනා. එයින් ලැබෙන ආදායම පවුල නඩත්තු කරන්න ප්‍රමාණවත් නොවන නිසා වෙනත් තේ වතුවල වැඩටත් තනුජාගේ මව සහභාගී වුණා. මේ හැම විදිහකින්ම ලබන ආදායම ඇය තමන්ගේ දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් යෙදෙව්වා.

මේ අතර කලවයස සම්පූර්ණ වුන තනුජා විවාහයට පත් වුණා. ඇගළුම් කර්මාන්ත ආයතනයේ සේවයට යෑමත් වෙහෙසකර නිසා ඇය සේවයෙන් ඉවත් වුණා. සැමියා විදේශගතව සේවය කළ නිසා ආර්ථික වශයෙනුත් දැන් එතරම් ගැටළුවක් තිබුනේ නැහැ.

මෙසේ කටයුතු කරන අතරතුර ඇය තම වටිනා කාලය යම් ඵලදායී කටයුත්තක් වෙනුවෙන් යොදවන්න හිතුවා. තනුජාට නිතරම කථා කරන ඇගේ සැමියාත් තනුජාව ධෛර්යට පත් කළා.

“හැම කෙනෙක්ම කරන රැකියාවක් කරන්න ගියොත් ඒක සාර්ථක නැහැ. හැමදාම අගයක් ලැබෙන එකක් වුනොත් හොඳයි. ඒ විතරක් නොවෙයි, මටත් හැමදාම රට ඉන්න බැහැ. කවදා හෝ දවසක අපි දෙන්නා එක වහලක් යට ජීවත් වෙන්න ඕන. ඒක අපේම රටේ වෙන්නත් ඕන. මටත් එකතු වෙලා කරන්න පුළුවන් ස්වයං රැකියාවක් තෝරා ගන්න ” ඇගේ සැමියා ඇයට පැවසුවා.

නමුත් මොකක්ද කරන්නේ කියලා ඇගේ හිතට අදහසක් ආවේ නැහැ. ඇය කල්පනා කළා. වෙළඳපොළ ගැන හිතුවා. මේ අතරේ ඇයට කැළනිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර උපාධි අපේක්ෂකයෙක් විදිහට අධයාපනය ලබන ඇගේ ඥාති සහෝදරයා ගැන ඇයට මතක් වුණා.

“මල්ලී ස්ථාවර ආදායමක් ලබන්න. කරන්න පුළුවන් ස්වයං රැකියාවක් ගැන මට තොරතුරු ටිකක් දෙන්න” යැයි ඇය තම සහෝදරයාට පැවසුවා. “අක්කට ගෙදරම ඉඳන් කරන්න පුළුවන් වගාවක් තිබෙනවා. පතොක් (කැක්ටස්) වලට දැන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. අනාගතයටත් හොඳ වෙළඳපොළක් නිර්මානය වෙනවා.” ඔහු කිව්වා.

“දැන් ඉතින් පතොක් (කැක්ටස්) පැලත් එපායැ”. ඇගේ සහෝදරයා මේ ගැනත් තනුජාට තොරතුරු ලබා දුන්නා. මහනුවර පැත්තේ කැක්ටස් පැල තවානක් තියෙනවා. ඔහු කිව්වා. තනුජා නුවරින් පැල මිළට ගත්තා. මුලින්ම ඇය මිළට ගත්තා. පතොක් (කැක්ටස්) පැල පහක්. මුලින්ම ගත්තු මේ පැල පහ හොඳින් වැඩෙන්න පටන් ගත්තා.තනුජාට දැන් හරි සතුටුයි.

ඒත් වගාව ගැනත් අපට සහතතික වෙන්න බැහැ. අනාගතය බොහොම අවිනිශ්චිතයි. මල් වගාව කියන්නේ දරුවන් හදා වඩා ගන්නවා පරිස්සමින් කළ යුතු දෙයක්. ඒ නිසා අව්වෙන්, වැස්සෙන් ආරක්ෂා වෙන්න පතොක් (කැක්ටස්) පැල තවාන වෙනුවෙන් ආවරණයක් හදන්න තීරණය කළ අතර ඇය වඳුරඹ කෘෂිකර්ම මධ්‍යස්ථානයෙන් ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. ඔවුන් බොහොම උනන්දුවෙන් ඇයට උපදෙස් දුන්නා. නෙට් හවුස් එක හැදුවා.

ඒත් හදිසියේ සිදුවන කාලගුණ විපත් අපට වලක්වන්න බැහැ. තද වැහි කුනාටුවක් ඇවිත් නෙට් හවුස් එක බිඳී ගියා. ඒත් ඇය නැවතුනේ නැහැ. ඇගේ ගමන ඉදිරියට යන්න තීරණය කළා. වැරදුන තැනින් නැගිටින්න ඇයට වඳුරඹ කෘෂිකර්ම මධ්‍යස්ථානයෙන් නැවතත් දැනුම ලැබුණා. නෙට්හවුස් එක ශක්තිමත්ව සකස් කිරීමට අවශ්‍ය උපදෙස් රසික විජේසේකර මහතාගෙන් ලැබුණා. තනුජා ඇගේ ව්‍යාපාර සන්නාමය “ග්‍රින් කැක්ටි වර්ල්ඩ් ” යනුවෙන් ලියාපදිංචි කර ගත්තා.

එදා පැල පහෙන් පටන් ගත්ත ඇගේ පතොක් පැල තවානේ අද පතොක් විශේෂ 400ක් පමණ තිබෙනවා. මේ අතරට කටු වර්ගයේ පතොක් සහ විනිවිද දියර පෙනෙන succuleet වර්ගයේ පතොක්ද ඇතුලත් වේ .

තනුජා පතොක් පැල කරන පෝච්චියටත් කලාවක් එකතු කළා. ඒ හැම පෝච්චියක්ම ස්වභාවිකව ජිරණය වෙන පරිදි පොල් ලෙලි සහ ලී වැනි අමුද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණය වුණා. පොල් කෝම්බය සහිත පෝච්චිය දිරාපත් වීමට අවුරුදු 10 ක් පමණ කාලයක් ගත වෙනවා. ඒ වගේම අපි දන්නවා දකුණු පලාත්වල විශාල පොල් වතුවල පොල් ගස් වටා ආකර්ශණීය අන්දමින් පොල් ලෙලි වට කර තිබෙනවා. එයින් ලැබෙන පොහොර නිසා පොල් අස්වැන්න වැඩි වෙනවා. ඒ වගේම මේ පොල් කෝම්බ වලින් නිර්මානය වුන පෝච්චිය පැලයට පොහොරක් ලබා දෙනවා. මේ අතරේ කොළඹ විශ්ව විද්‍යාලේ ශිෂයාවක් සමග එක්වී තවත් අළුත් නිර්මාණයක් හඳුන්වා දුන්නා. කුරුඳු ලීයෙන් පෝච්චිය නිර්මාණය වුනාම පරිසරය ලසස්න වෙනවා. ඒ වගේම පෝච්චියෙන් සුවඳ විහිදෙනවා.

තමන්ගේ “ග්‍රින් කැක්ටි වර්ල්ඩ් ” පතොක් පැල තවාන සමාජයට හඳුන්වා දෙන්නත් විශේෂ වැඩ සටහන් අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2022 ප්‍රදර්ශනය, ගාල්ල නගර ශාලාවේ පැවැති ප්‍රදර්ශනය නිසා ඇයට දේශීය වගේම සංචාරකයන්ගේත් ඉල්ලුම ඇති වුණා. 2023 වසරේ පෙබරවාරි මාසයේදී කොළඹ වුඩ් මාර්කට් හි පතොක් පැල ප්‍රදර්ශනයටත් අවස්ථාව ලැබී තිබෙනවා.

ඇගේ දේශීය වෙළඳ පොළ Face book, Instagram, යූ ටියුබ් , ලින්ක්ඩින් සහ whatsapp ඔස්සේ මාර්ගගත අන්දමින් යාපනයේ පටන් දකුණු පළාත දක්වාම මම කූරියර් ක්‍රමයට පතොක් පැල අලෙවි කරනවා.

දැන් ඇය ජාත්‍යන්තර වෙළඳපොලටත් අයදුම්පත් යොමු කර තිබෙනවා. මේ වෙන විට INISAD , Canada project හරහා ජාත්‍යන්තරය ජය ගැනීමට අත්තිවාරම වැටී තිබෙනවා.ඒ අනුව Marketing Management Finical Managements සහ ඒ වෙනුවෙන් අවශ්‍ය පුහුණුවීම් කර ගෙන යනවා.

දැන් ඇගේ හීනය වී තිබෙන්නේ ජාත්‍යනතරය ජය ගැනීමයි. ඒ වගේම වෙළඳ ප්‍රදර්ශන වලට සහභාගී වීමත් ඇගේ අනාගත අපේක්ෂාවයි.

මේ වෙනවිට මුලින් ඉදි කළ ගෘහය වර්ග අඩි 510 ක් දක්වා පුලුල් කළා. ඒක නිම වෙමින් පවතිනවා. ඒ වගේම පැල ගෘහයට අවශ්‍ය පොහොර සහ වතුර දැමීමට සිස්ටම් එකක් සකස් කිරීමත් ඇගේ ඉලක්කය වී තිබෙනවා. පැලයක් ආරක්ෂිතව පාරිභෝගිකයා අතට පත් කිරීමට ආරක්ෂිත ඇසුරුමක් වගේම ඔවුන්ගේ තෘප්තිය වැඩි කිරීමට ඒට එකක්ද යොදා ගෙන තිබෙනවා.

ආපසස්ට හැරී බැලුවොත් තනුජාට තෘප්තිමත් වීමට හේතු බොහොමයක් තිබෙනවා. දැන් ඇගේ දවස ඵලදායී අන්දමින් ගෙවෙනවා. ආදායමක් ලැබෙනවා. ස්වාධීනව කටයුතු කරමින් තමන්ගේම ව්‍යාපාරයක් සමාජයට හඳුන්වා දුන් තවත් දිරිය දියණියක් ලෙස තනුජාගේ කථාව ඔබටත් ආදර්ශයක්.

සටහන –
සි.සිල්වා

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa