පළිගන්නවා කියන එකේ උච්චතම අවස්ථාවට ගියපු Movie ගැනයි මේ කතා බහ

author
0 minutes, 22 seconds Read

2025 මැයි 16 වෙනිදා තිරගත වෙච්ච Tamil and Telugu mix වෙච්ච පළිගන්නවා කියන එකේ උච්චතම අවස්ථාවට ගියපු Movie එකක් තමයි “ELEVEN” කියලා කියන්නේ. Lokkesh Ajls විසින් ලියලා එයාම අධ්‍යක්ෂණය කරපු මේ සුපිරි මූවි එක Crime/Thriller ගණයට නෑකම් කියන Movie එකක්. මේකේ main Actor විදියට Naveen Chandra කියන කඩවසම් නළුවා තමයි Aravind කියන පොලිස් පරීක්ෂකවරයා විදියට කරලියට එන්නේ. තව Reyaa Hari, Abhirami, Shashank, Dileepan, Riythvika, Aadukalam Naren, Ravi Varma, Arjai, Kireeti Damaraj කියන දක්ශ නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයට දායක වෙලා තියෙනවා.

මේ Movie එකට ලැබුනු International Movie Database එක එහෙමත් නැත්නම් IMDb අගය 7.5/ 10 විදියට තමයි පෙන්නන්නේ. ⁣Box Office වාර්ථා වලට අනුව මේ Movie එකට Budget වෙලා තියෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 4 ක් වගේ මුදලක්. ඒ වගේම මේ Movie එකෙන් ඉන්දීය කෝටි 6.8 ක මුදලක ආදායම් වාර්තාවක් තියන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ Movie එකෙන් 70% ROI අගයක් ලබා ගන්න මේ Movie එකේ කාර්ය මණ්ඩලය සමත් වෙලා තියෙනවා.

මනුස්සයෙක්ට Plan A කියලා එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම Plan B කියලා එකකුත් තියෙන්න පුළුවන්. ඒත් මනුස්සයෙක්ට Plan C කියලා එකකුත් තිබුනොත් එයා හරි උනත් වැරදි උනත් එයාව නවත්තන්න නම් කාටවත්ම බෑ. එයා දිනලම තමයි නවතින්නේ මෙන්න මේ වචන ටික මේ Movie එක පුරාවටම සම්මත කරනවා.

Movie එක ගැන කියනවනම් ඝාතන අපරාධ රැල්ලක අගමුල හොයන්න රංජිත් කියලා දක්ශ පොලිස් නිළදාරියෙක්ට බාර දෙනවා. ඒත් Investigation එක අතරතුරේදි සිද්ධ වෙන හදිසි අනතුරක් නිසා එයා කෝමා තත්වයට පත්වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ case එක බාර දෙන්නේ අපේ කතා නායකයා ACP අරවින්ද්ට. ඉතින් හදිසියේම රංජිත් ඇක්සිඩන්ට් උනේ ඇයි ? මේකත් දාම ඝාතකයාගේ වැඩක්ද කියලා ඔයාලට Movie එක බලලා තමයි හොයාගන්න වෙන්නේ. මේ Movie එක නම් අතරින් පතර බලලා තේරුම් ගන්න බැරි මුල ඉදලා අගට හොද කල්පනාවෙන් බලන්න ඕන එකක්. ⁣කොහොමහරි ACP අරවින්ද් Case එක බාර අරන් ටික කාලයක් යද්දි හොයාගන්නවා මේ මිණීමරුවා මරණ හැමෝම නිවුන්නු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කියලා. ඒ වගේම එකම වයස් කාණ්ඩයකට අයිති තරුණ තරුණියන් කියලා. මේ මිණීමැරුම් කරන ඝාතකයා අදාල පුද්ගලයා මැරුවට පස්සේ අදුර ගන්න බැරි වෙන්න පුච්චලා තමයි පාළු තැනකට ගෙනල්ලා දාන්නේ.

මේ අතර මේ Investigation එක අස්සේ ACP අරවින්ද් පස්සෙන් යාලු වෙන්න කෙල්ලෙකුත් පන්නනවා. කොහොම හරි මේ case එක අරවින්දන්ට විසඳගන්න පුළුවන් වෙයිද? ළඟම ඉන්න මිනීමරුවා අදුරගන්න පුළුවන් වෙයිද කියන එක අන්තිම තත්පරේ වෙනකල්ම හොයාගන්න නම් වෙන්නේ නෑ. මේක ඒ තරම් පැටළිලි සහගත Movie එකක්. මේ ELEVEN කියන නම සිම්බල් එකක් විදියට හදුන්වනවා වෙන්න පුළුවන් මොකද 11 = twin identity වගේ දෙයක්. මොකද මේ Movie එක පුරාම ඉන්නේ Twins ලා. කොහොම හරි Twins ලා එක්ක වෛරයෙන් දාම ඝාතනය කරන මේ මිණීමරුවගේ කතාව මොකක් වෙන්න ඇද්ද? එයාටත් කියන්න කතාවක් ඇති. ඉතින් මොකටද කුතුහලෙන් ඉන්නේ? පොප් කෝන් ටිකක් හදාගෙන අදම බලන්න Movie එක.

මම කලින් ලිපියෙත් සඳහන් කලා වගේ මේ සියවසේ අපිට ගොඩක් හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපටි වලින් එළියට දාන මේ Black චරිත වලට සුදුහුණු ගාලා වීරයා කරලා දෙන ආභාසය මේ මූවි එකෙනුත් බලාගන්න පුළුවන්. ඒත් මං Generation Z එකෙන් ඉල්ලන්නේ ඔයාලා නම් Black චරිත වෙලා වීරයෝ වෙන්න යන්න නම් එපා. Movie වල මෙහෙම උනාට සැබෑ ජීවිතේ Real වීරයෙක් වෙන්න කියලා. 

-Casper

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa