ප්ලාස්ටික් හා පොලිතීන් නිසා සිදුවන පරිසර දූෂණය අද ප්‍රබල ගෝලීය ගැටලුවක් බවට පත් වී තිබේ. ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පසුගියදා ( අගෝස්තු 05-15) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී රැස්වූ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුව මේ සම්බන්ධව යම් යම් තීන්දු තීරණවලට එළඹුණ ද නිශ්චිත එකඟතාවයකින් තොරව මේ සාකච්ඡා අවසන් වූ බව වාර්තා විය. මෙවර ජගත් පරිසර දිනයේ තේමාව ද “ප්ලාස්ටික්වලින් සිදුවන දූෂණය අවමු කරමු” ලෙස අර්ථ ගැන්වුයේ ද මෙහි ඇති අවදානම් තත්ත්වය පිළිබඳ මේ වන විට ජාත්‍යන්තරයේ ම අවධානය යොමු වී ඇති බැවිනි.

අද ළදරු කිරි බෝතලයේ ,කෑම පෙට්ටියේ සිට ප්ලාස්ටික් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්වී හමාරය. වසරකට ටොන් දෙලක්ෂ හැට නව දාහක ප්‍රමාණයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට ජනනය වන අතර මින් අප ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ 11% ක පමණ ප්රමාණයකි. මේ පරිසරයට ජනනය කරන අපද්‍රව්‍යවලින් 69% ක්ම ප්ලාස්ටික් පිලිස්සීම, ගංගා ඇළදොළවලට එක් කිරීම ආදී වැරදි කළමනාකරණය තුළින් සිදු කරයි. සෑම වසරක ම ටොන් මිලියන 10 ත් 15 ත් අතර ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට ද එකතු වේ. 2050 වන විට මෙම ප්‍රමාණය තුන් ගුණයකින් පමණ වැඩි වෙනු ඇති බවට අනාවැකි පළවී තිබේ. ප්ලාස්ටික් පරිසරයට මෙන්ම මිනිසාගේ ශරීර සෞඛ්‍යයට ද මේ වන විට බලපෑම් කරමින් පවතින අතර මිනිසාගේ පෙනහඵ ලේ වල මෙන්ම සෑම අංගයකම පවතින බව ගෝලීය පර්යේෂණවලින් මේ වන විට තහවුරු වී තිබේ.
මෙම කර්මාන්තය හා සම්බන්ධ රටවල් අපට වඩා ඉදිරියෙන් සිටින බැවින් තනි රටක් වශයෙන් අපට මේ ගැටලුවට මුහුණ දීමට දුෂ්කර වී තිබේ. පසුගියදා පැවති අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේදී ද අප රටක් වශයෙන් අවධාරණය කළේ ප්ලාස්ටික් නිෂ්පාදනය සම්බන්ධව ගෝලීය ප්රමිතිකරණයක් සකස් කළ යුතු බවයි. තාක්ෂණයේ වර්ධනයත් සමඟ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ( Electronic waste) ද විශාල වශයෙන් පරිසරයට එකතු වෙමින් පවති. මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බොහොමයක් තඹ , ඇලුමිනියම් හා ඊයම් වැනි විවිධ බැරලෝහ වර්ගවලින් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කර ඇති නිසා මෙවැනි දේ වැරදි ලෙස පරිසරයට මුදා හැරීමෙන් පරිසරයට මෙන්ම මිනිසාට ද විශාලවශයෙන් හානි ඇතිවේ.

මෙහිදී අප රටක් වශයෙන් මේ ගැටලුවට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ප්ලාස්ටික් හා පොලිතීන් බැහැර කිරිිමේ ක්‍රමවේදය නිසි අයුරින් සිදු නොවිමේ ගැටලුවට අප දැඩිව මුහුණ දෙමින් සිටියි. මේ සඳහා 3 R ක්‍රමය භාවිත කිරීම පිළිගත් ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකියි. Reduce/ Reuse සහ Recycle ක්‍රමවේදය ඔස්සේ දැනට භාවිත කරන ප්ලාස්ටික් නිසි ලෙස නඩත්තු කරමින් දිගු කාලයක් භාවිතයට ගැනීමෙන් නැවත නැවත අලුතින් මිලදී ගැනීම අඩු කිරීමත් නැවත භාවිත කළ නොහැකි භාණ්ඩ වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනීමත් ඉවත් කළ යුතුම තත්ත්වයේ පවතින භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ලබා දීමත් මෙමගින් කළ හැකිය. ශ්‍රී ලංකාව වැනි රටකට පහසුවෙන් කළ හැකි වන්නේ භාවිතය අඩු කිරීම මගින් දූෂණය වළක්වා ගැනීමයි. . මේ නිසා ජනතාව වශයෙන් මේ සඳහා ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කිරීම මගින් ප්ලාස්ටික් නිසා සිදුවන දූෂණය වැළැක්වීමට දායක විය හැකියි. පරිසර අමාත්‍යාංශය ජනතාව වෙත අවධාරණය කරනු ලබන්නේ ද හැකිතාක් ප්ලාස්ටික් භාවිතය අවම කර වෙනත් විකල්ප ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.

ප්ලාස්ටික් පොලිතීන් සම්බන්ධව පවතින නීතිමය තත්ත්වය අනුව ජාතික පරිසර පනතේ යටතේ ප්‍රකාශිත අංක 2034/ 36 දරන ගැසට් නිවේදනය අනුව පොලිතීන් හා ප්ලාස්ටික් විවෘතව පිළිස්සීම, පිළිස්සීමට ඉඩදිම හෝ අවසර දිම තහනම් කරමින් රෙගුලාසි නිකුත් කර තිබේ. නමුත් මෙම නීති රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කිරිමට නම් ප්ලාස්ටික් හා පොලිතීන් නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රම වේදය ද නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුය. තේ, සීනි, තුනපහ ,කිරි පැකට් එකේ සිට නිවෙස්වල එකතු වන අපද්‍රව්‍ය එකතු කර පිළිස්සිමට ග්‍රාමීය මිනිස්සු පුරුදුව සිටිති. නාගරික පෙදෙස්වල මෙන් ග්‍රාමීය පෙදෙස්වල කසළ වර්ගීකරණය කර එකතු කිරිමේ ක්‍රමවේදයක් ඇත්තේම නැති තරම්ය. තම තමන්ගේ නිවෙස්වල එකතු වන මෙවැනි ඉටිකවර සිලිබෑග් ප්ලාස්ටික් පොලිතීන් ගොඩ ගසා පිළිස්සීමට ඔවුන් පෙළඹී ඇත්තේ මෙවැනි පොලිතීන් ප්ලාස්ටික් එකතු කිරිමක් හෝ නිසි ලෙස වර්ග කර බැහැර කිරිමේ ක්‍රම වේදයක් ග්‍රාමීය ම්ටටමින් ක්‍රියාත්මක නොවන නිසාය. කසළ කළමනාකරකරණය පළාත් පාලන ආයතන සතු ප්‍රධාන වගකීමක් වන අතර නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමින් ද මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. නාගරික මට්ටමින් ද කසළ නිසි ලෙස වර්ග කර ලබා නොදීම හේතුවෙන් ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත මෙම අපද්‍රව්‍ය ලබා දීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන බව ද වාර්තා වේ. මේ නිසා කසළ නියමිත පරිදි වර්ග කර ලබා දීම සඳහා ජනතාව කටයුතු කළ යුතුය .
මේ වන විට ජාතික පරිසර පනතට සංශෝධන කිහිපයක් එකතු කර ඇති අතර එය අනුමත වීමත් සමඟ මේ සම්බන්ධ නීති රෙගුලාසි තවදුරටත් ශක්තිමත් කරන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. නමුත් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරිමට පෙර ඊනියා ගැටලු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුමය. මේ අතර ප්ලාස්ටික් නිසා පරිසර දූෂණය වළක්වා ලීම සඳහා මූල්‍යමය මෙවලම් හඳුන්වා දීමට පියවර ගන්නා බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙහිදී නිෂ්පාදනය කරන්නා පමණක් නොව අමුද්‍රව්‍ය සැපයීම, ප්‍රවාහනය, නිකුත් කිරිම , පාවිච්චි කිරීම ආදී මේ හා සම්බන්ධ සියලුම දෙනා මූල්‍යමය වගකීමකට යටත් වේ. මෙම ක්‍රමවේදය මේ වන විට සකසමින් පවතින අතර ප්ලාස්ටික් මගින් පරිසරය දූෂණය කරන්නාට ද පරිසරයට හා සමාජයට වන හානිය ගෙවීමකට යටත් කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ප්ලාස්ටික් මගින් සමස්ත සමාජයට ම සිදුවන ව්‍යසනය පිළිබඳ අවධානය යොමු කර නීති විරෝධී ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.
මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති රෙගුලාසි අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් නීති විරෝධී පොලිතීන් ප්ලාස්ටික් වැටලීම් අඛණ්ඩව සිදු කරන අතර 2024 වර්ෂයේ වැටලීම් විසි දහසක් ද 2025 වර්ෂයේ මේ වන තෙක් වැටලීම් නව දහසක් ද සිදුකර තිබේ. විශේෂයෙන්ම නීති විරෝධී ප්ලාස්ටික් හා පොලිතීන් වෙළඳපළ ආක්‍රමණය කර තිබීම ද මේ ව්‍යසනය තව දුරටත් වර්ධනය වීමට ප්‍රබල හේතුවක් වී තිබේ.
අංක 2034/33 දරන 2017 සැප්තැම්බර් මස 01 වන දිනැති ගැසට් පත්‍රය මගින් දේශීයව භාවිතය සඳහා ඝනකමින් මයික්‍රෝණ 20 හෝ ඊට අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිෂ්පාදන, නිපදවීම, රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය ප්‍රදර්ශනය, නොමිලේ ලබා දීම හෝ භාවිතය නීතියෙන් තහනම් කර ඇති අතර අංක 2211/51 දරන 2021 ජනවාරි මස 21 වන දිනැති ගැසට් පත්‍රය මගින් ශුද්ධ පරිමාව ග්‍රෑම් 20 හෝ මිලිලීටර් 20ට සමාන හෝ අඩු සැෂේ (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිත කිරීම හැර), හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු (බැලුන්, බෝල, දිය මත පාවෙන/පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර); ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් (වෛද්‍ය/සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර) නිෂ්පාදනය සහ විකිණීම නීතියෙන් තහනම් කර ඇත.
අංක 2341/30 දරන 2023 ජුලි මස 19 වන දිනැති ගැසට් පත්‍රය මගින් තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන; තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි; ප්ලාස්ටික් මල් මාලා; ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම 2023 ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනමට ලක්වේ. මේ අනුව මෙම දිනයෙන් පසු උක්ත අයිතම රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.
අංක 2353/55 දරන 2023 ඔක්තෝම්බර් 12වැනි දිනැති ගැසට් පත්‍රය මගින් ජලය ගබඩා කිරීමේ කාර්යය සඳහා භාවිත කිරීම පිණිස වර්ණ ගැන් වූ පොලිඑතිලීන් ටෙරප්තලේට්වලින් (PET) බෝතල් නිෂ්පාදනය කිරීම, බෝතල් ලේබල් කිරීම සඳහා පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) භාවිතය සහ බෝතල් සඳහා අමතර මුද්‍රාවක් (මූඩි ආවරණයක්) වශයෙන් පොලිතීන් හෝ වෙනත් යම් දිරාපත් නොවන ද්‍රව්‍යයක් භාවිත කිරීම 2023 ඔක්තෝම්බර් මස 01 වැනි දින සිට බලාත්මක වන පරිදි තහනම් කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ මෙම සමස්ත ක්‍රියාවලියට සම්බන්ධ වන නිෂ්පාදකයන් සහ වෙළෙඳ ප්‍රජාව මෙම නීතිවිරෝධී භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාම් කිරීමෙන් වැළකී නීතිමය ගැටලු ඇතිවීමේ අවධානමෙන් වළකින ලෙසයි. එමෙන්ම සමාජ වගකීමක් ලෙස සළකා අදාළ භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් වළකින ලෙසත් සමස්ත පාරිභෝගික ජනතාවගෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීම් කරයි. මේ සඳහා දැනුවත් වීම් ඉතා වැදගත් වන අතර මෙම ප්ලාස්ටික් පොලිතීන් භාවිතය හැකිතාත් අඩුකර විකල්ප ක්‍රම අනුගමනය කිරීමට හුරු පුරුදු වීම වඩාත් කාලෝචිතය.
ඉරේෂා මධුරකාවිනී
