රටවල් 60ක් පමණ මැදි වූ දෙවන ලෝක සංග්‍රාමය 1939 වර්ෂයේ සිට 1946 වර්ෂය දක්වා පැවත තිබේ.
මෙහි දී ජර්මනිය, ජපානය හා ඉතාලිය එක් බලකදවුරක සිට සටන් වදිද්දී රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, චීනය ඇතුලු රාජ්‍යන් රැසක් අනෙක් කදවුරේ සිට සටන් වැදුණ අතර මෙම සංග්රාමයෙන් වැඩිම හානියක් සිදුවූයේ සෝවියට් රුසියාවට හා චීනයටයි. සංග්‍රාමය අවසානයේ පරමාණු බෝම්බ හරහා ජපානයට සිදු වූ හානියද සුලුපටු නොවේ. සංග්‍රාමය වකවානුවේ ඇමරිකා එක්සත් ජනපදයට සිටි ප්‍රධානම සතුරා වූයේ ජපානයයි. ජපන් බුද්ධි අංශ මෙක්සිකෝවේ සිට ක්‍රියාත්මක වුනු අතර ඇමරිකාවට දරුණුම හානියක් සිදුවූයේ පර්ල් වරායට (Pearl Harbor) ජපානය එල්ල කල ප්‍රහාරයෙන්. ජපන් අධිරාජයාගේ අණ පරිදි ජපන් ඉම්පීරියල් හමුදාව පැසිෆික් සාගරය පුරා තම අණසක පැතිර වූ අතර ඇමරිකානු හමුදා හා ඔවුන් අතර අවස්තා ගණනාවකදී දරුණු ගැටුම් ඇතිවිය.

විශේෂයෙන් ඕස්ට්‍රේලියාව හා ජපානය අතර කොරල් මුහුදු කලාපයේ ඇති වූ Battle of Coral sea සංග්‍රාමය ඉතාමත් බිහිසුණු මුහුනු වරක් ගෙන තිබුණි.
ඇමරිකානු නාවික හා ගුවන් හමුදාවේ ප්‍රහාර හමුවේ ජපන් නෞකා තරමක පසුබැසීමක් පෙන්නුම් කලත් මෙම කාල වකවානුව වන විට ඔවුන් ඉන්දුනීසියාව, මැලේෂියාව හරහා සිංගප්පූරුව දක්වා තම ආධිපත්‍යය පතුරා හැරීමට සමත් වී තිබුනා. එක්සත් ජනපදයෙන් මොහොතක හෝ තමන් වෙත දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි බව දැනගත් ජපානය ඇමරිකාවට ආසන්නම නාවික හමුදා කදවුර වෙත කඩා වැදීමට සැලසුම් සකස් කෙරිණි. ජපන් ඉම්පීරියල් නාවික හමුදාවේ අණ දෙන නිලධාරියා වූ අද්මිරාල් ඉසොරොකු යමමොටෝගේ (Admiral Isoroku Yamamoto) අවධානය මේ සදහා යොමු වූයේ ජපානයත් ඇමරිකාවත් අතර පිහිටි මිඩ්වේ (Midway) දූපත් වෙතටයි. මේ දූපත් වල ඒ වන විටත් ඇමරිකානු නාවික හමුදා කදවුරක් ස්ථාපිත කර තිබූ අතර යමමොටෝ සැලසුම සකස් කලේ එයට ඇමරිකාව බලාපොරොත්තු නොවන ආකාරයේ අනපේක්ෂිත දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමටයි. මිඩ්වේ දූපත් වල එවකට එක්සත් ජනපදයේ සබ්මැරීන් රදවා තබාගත හැකි ප්‍රදේශයක් මෙන්ම පර්ල් වරායේ සිට එන සබ්මැරීන් සදහා ඉන්ධන ලබාදෙන කොටසක්ද පවත්වා ගෙනගොස් තිබුනා. මෙහි නාවික සෙබලුන් සැලකිය යුතු පිරිසක් සිටි අතර ඔවුන් යුධ මෙහෙයුම් වලට සැලකියයුතු සේවයක් සපයනු ලැබුවා. ජපානයේ අවදානය මිඩ්වේ වෙත යොමුවන්නේ මෙම කරුණු කාරණා පසුබිම් කරගෙනයි.

ඒ වගෙම ජපානයට ඇමරිකා එක්සත් ජනපදයට දැනෙන හානියක් සිදුකිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබුනා. පර්ල් වරායට එල්ල කල ප්‍රහාරය නිසා ඇමරිකාව යම්තාක් දුරකට අඩපණ වූ බව ඔවුන් විශ්වාස කල අතර දිගින් දිගටම ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් විනාශ කිරීම ඔවුන්ගේ පරමාර්ථය විය.
මිඩ්වේ දූපත් හවායි (Hawaii) වල පිහිටි ඇමරිකානු හමුදා කදවුරු වලට සැතපුම් 1300ක් පමණ දුරකින් පිහිටා තිබූ අතර දැවැන්ත ප්‍රහාරයක් හමුවේ නාවික හමුදා සහය ලබාගැනීමට ඇමරිකානු හමුදාවට යම් කාලයක් ගතවන බව යමමොටෝ දැන සිට තිබුණි .ප්‍රහාරය ඉතා සූක්ෂමව සැලසුම් කල ඔහු එය මූලික පියවරකින් හා ප්‍රහාරාත්මක පියවර තුනකින් සමන්විතව සැකසු අතර එහි මූලික පියවර වූයේ ඇමරිකානු ආරක්ෂක අංශ වල අවධානය වෙනස් කිරීමයි. මේ අනුව උතුරු ඇමරිකාවේ ඇලෙස්කා ප්‍රදේෂයේ පිහිටි Aleutian දූපත් වෙත ප්‍රහාරයක් ගුවන් මගින් එල්ල කිරීමට ජපානය සැලසුම් කලා. මේ අනුව ඇමරිකාවේ අවදානය ඒ වෙත යොමු කිරීමටයි ජපානය සැලසුම් කලේ. එම ප්‍රහාරය දියත් වෙද්දී ජපන් හමුදාවේ වයිස් අද්මිරාල් චුයිචි නගුමෝ (Chuichi Nagumo) විසින් මෙහෙයවන සොර්යූ (Soryu), හිර්යූ (Hiryu), කාගා (Kaga) හා අකාගි (Akagi) නම් ගුවන් යානා රැගෙන යන දැවැන්ත නෞකා හතර මිඩ්වේ දූපත් වෙත ගුවන් යානා රැගෙන පැමිණෙන අතර අනෙක් පසින් ජපන් හමුදාවේ කීර්තිමත් නිලධාරියෙක් වුනු වයිස් අද්මිරාල් නබුටෙකේ කොන්දෝ (Nobutake Kondo) විසින් මෙහෙයවන ජපන් හමුදා බටයන් 5000කින් පමණ සමන්විත හමුදා කණ්ඩයක් නෞකා මගින් මිඩ්වේ වෙත යැවීමට සැලසුම් කොට තිබුනි. තුන් වන අධියර ලෙස අද්මිරාල් යමමොටෝ ඔහුගේ හමුදා කණ්ඩය සමග මිඩ්වේ දූපතින් සැතපුම් 600ක් පමණ බටහිර දෙසට වන්නට ස්ථානගත වී සිටීමට සැලසුම් කල අතර ප්රහාරයන් දියත් වීමත් සමග ඔහු ඇතුළු ඔහුගේ හමුදාව එම ප්‍රහාරයට සහය ලබාදීමට සූදානම්ව සිට තිබුණි. මෙම සැලසුම් සැබැවින්ම විශිෂ්ඨ සැලැස්මක් බව ඉතිහාසයේ සදහන්ව තිබෙනවා. යුධ විශේෂඥයන්ට අනුව මෙය ඉතාමත් සාර්ථක මෙන්ම හොදින් සැලසුම් කරන ලද ප්‍රහාරාත්මක සැලසුමක්. එලෙසම ඉතාමත් රහසිගතව සැලසුම් කරන ලද මෙම සැලැස්ම පිලිබදව ජපන් බුද්ධි අංශ ස්ථාන කිහිපයක සිට ඉතා සූක්ෂමව අදහස් හුවමාරු කරගත් නමුත් සිදුවූයේ ඔවුන් කිසිදා නොසිතූ දෙයකි.
ඇමරිකානු බුද්ධි අංශ ජපානය පිලිබදව ඇස ගාසගෙන සිටියේ පර්ල් හාර්බර් ප්‍රහාරයෙන් පසුවයි. ඔවුන් තම බුද්ධි ඒකකය හා අනෙක් රටවල සිටි තම ඔත්තු කරුවන් හරහා ජපානයේ රහස් හෙලිකර ගනිමින් සිටි අතර මෙම මිඩ්වේ මෙහෙයුම සම්බන්ධයෙන් ජපන් බුද්ධි අංශ අතර කේත ක්රමයන් ඔස්සේ සිදු වූ අදහස් හොවමාරුවක් හසුකර කර ගැනීමට ඔවුන්ට හැකි විය. සම්පූර්ණ මෙහෙයුම පිලිබදව තොරතුරු අනාවරණය නොවුනත් මිඩ්වේ කදවුරු වෙත ජපානය දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදනම් වන බව ඇමරිකාවට තහවුරු කරගැනීමට හැකි වී තිබුනි. වඩාත් වැදගත්ම කරුණ නම් ජපානය මෙම ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් වන්නේ ජූනි මස 4 හෝ 5 යන දිනයන් වල බව ඇමරිකාව තහවුරු කරගෙන තිබීමයි. කේත පණිවිඩ හරහා ජපානය AF නම් ස්තානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව ඇමරිකාව අනාවරණය කරගනු ලැබුවා. මෙම ස්ථානය මිඩ්වේ කදවුර බව ඔවුන් වැඩි දුරටත් සනාථ කරගත් බවත් වාර්තා තුල සදහන් වනවා. ජපානය මෙලෙස එල්ල කිරීමට සූදානම් වන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම සදහා ඇමරිකාව වහාම සැලසුම් සකස් කිරීම අරඹනු ලැබුවා. ඇමරිකානු නාවික හමුදවේ පැසිෆික් කලාපය බාර අද්මිරාල් චෙස්ටර් W නිමිට්ස් (Chester W Nimitz) මෙම ප්‍රතිප්‍රහාරය සදහා සැලසුම් සකස් කිරීමේ වගකීම භාරගත් අතර ඔහු තම සගයන් සමග එක්ව එය මනාවට සැලසුම් කොට තිබේ.
මෙම ප්‍රහාරයේදී යමමොටෝ අද්මිරාල් වරයා විසින් සිදුකල ප්‍රධානම වරදක් වූයේ ඇමරිකාව සතුව තිබූ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වුනු යෝක්ටවුන් (Yorktown) නෞකාව කොරල් මුහුදේ ගැටුමෙන් අබලන් වී නඩත්තු කටයුතු සදහා යවා ඇති බව සිතීමයි. ඒ සම්බන්ධව වැරදි තොරතුරක් ඔවුන් වෙත ලැබී තිබුණි. නමුත් මෙම නෞකාව ඒවන විට නැවත අලුත් වැඩියා කර අවසන්ව තිබූ අතර අද්මිරාල් චෙස්ටර් නිමිට්ස් මිඩ්වේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සදහා මෙම නෞකාව යොදාගැනීමට තීරණය කලා. මේ අතර ජුනි මස 3 වනදා ජපන් ගුවන් හමුදාව ඇලෙක්ස්කාවේ ඇමරිකානු කදවුරට පහර දුනි. ඇමරිකානු ගුවන් යානා පසු දිනම ජපන් නෞකා සොයමින් මිඩ්වේ මුහුදු කලාපය කරා ගියා. කොන්දෝ අද්මිරාල් වරයාගේ හමුදා කණ්ඩ රැගත් නෞකා ඔවුන්ට එහිදී මුණ ගැසුනු අතර මිඩ්වේ සංග්‍රාමය අරඹමින් ඇමරිකානු ගුවන් යානා මෙම නෞකාවට ප්‍රහාර එල්ල කෙරුණි. මිඩ්වේ සටන ඇරඹුනු දිනය ලෙස සැලකෙන්නේ 1942 වර්ෂයේ ජූනි මස 3 වනදායි. මේ අතර ඇමරිකානු හමුදාවද කොන්දෝගේ හමුදාව රැගත් නෞකාව ප්‍රධාන නෞකාව වශයෙන් වැරදි වැටහීමක සිටි බව වාර්තා වේ. පසුදින උදෑසනද ඇමරිකානු ප්‍රහාරක යානා මිඩ්වේ වෙත ප්‍රහාරයක් සදහා පැමිණියද එය අසාර්තක වී තිබුනි. මේ අතර අද්මිරාල් නගූමෝ මෙහෙයවන දැවැන්ත නෞකා හතරින් ජපන් ගුවන් යානා අහසට නැගුනේ තම ප්‍රහාරය නිල වශයෙන් ඇමරිකාවට ඒත්තු ගන්වමිනි. ජපන් ගුවන් යානා 108ක් මෙම ප්‍රහාරයට සම්බන්ධව සිටි බවයි වාර්තා වන්නේ. නමුත් මිඩ්වේ වෙත පැමිණි ජපන් ගුවන් යානා සංඛ්‍යාව 400කට අධිකයි. ප්‍රහාරය සාර්තක වුනු අතර මිඩ් වේහී ඇමරිකානු හමුදා කදවුරට දැඩි අලාභහානි සිදුවුනා. ඇමරිකානු ගුවන් හමුදාව නැවත අලුයම සිය මෙහෙයුම් ඇරඹූ අතර USS YORKTOWN නෞකාව මිඩ් වේ දූපත් වලට නැගෙනිහිර දෙසින් සංග්‍රාමයට එක්වුනේ ජපන් හමුදාවේ බලාපොරොත්තු කඩ කරමිනි. මේ අතර හොනෙට් (Uss Hornet) හා එන්ටර්ප්රයිස් (Uss Enterprise) නම් ඇමරිකානු යුධ නෞකා ද්විත්වයත් මිඩ් වේ සටනට එක් වුනේ තවත් විශාල ඇමරිකානු ගුවන් යානා විශාල ප්‍රමාණයක් මෙහෙයුම වෙත රැගෙන එමින්. ඇමරිකානු ගුවන් හමුදාව දැවැන්ත ප්‍රහාරයක් සදහා ගුවනට නැගුනේ ජපන් හමුදාව විශ්මයට පත් කරමිනි. ඇමරිකානු ගුවන් හමුදා ප්‍රහාරයෙන් ජපන් හමුදාවේ අකාගි, සොර්යූ හා කාගා යන නෞකා තුනම සම්පූර්ණයෙන් විනාශ විය. ජපන් ගුවන් යානා යෝක්ටවුන් නෞකාව වෙත ප්රහාරයන් එල්ල කලත් ඇමරිකානු ප්‍රතිප්‍රහාර හමුවේ ජපන් ගුවන් යානා විනාශ විය. හුදකලා සටනක නිරත වූ ජපන් හිර්යූ නෞකාව වෙත අවසන් ප්‍රහාරය එල්ල කල ඇමරිකානු කිමිදුම් බෝම්බ කරුවන් එයද සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට සමත් වු බව සදහන්වේ.
ජපන් නෞකා සමග ඒවායේ රඳවා තිබූ ගුවන් යානාද විනාශ වූ නිසා මෙම ඇමරිකානු ප්‍රහාර වලින් ප්‍රහාරවලින් ජපන් හමුදාව සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. 1942 වර්ෂයේ ජූනි මස 04 වනදා වන විට දරුණු ගැටුම් ක්‍රමයෙන් අඩු වුනු අතර ජපන් හමුදාව පසු බසින්නට පටන් ගැනුණි. ඇමරිකානු සෙබලුන් ඉතිරි දින දෙකක් පුරා ඉතිරි වී සිටි ජපන් හමුදාව සොයමින් විනාශ කර දැමූ බව වාර්තා වේ. ඇමරිකාවට මෙම සංග්රාමයෙන් ජය හිමිවෙද්දී තමාගේ සියලු සැලසුම් වැරදී ගිය බව ජපන් නාවික හමුදාවේ අද්මිරාල් ඉසරුකෝ යමමොටෝට තේරුම් ගියා. ඉතිරිව තිබුනු නෞකා හා ගුවන් යානා සියල්ලට පසුබසින ලෙස අණ කල යමමොටෝ ඉන්පසු සිදුකලේ මෙහෙයුමේ තවත් පියවරක් ඉදිරියට යාමයි. ඇමරිකානු හමුදාව තමන් මිඩ් වේ සටන ජයගත් බව සිතා සිටියත් ඉන්පසු සිදුවූයේ ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකල දෙයක්. ජූනි මස 6 වනදා එක්වරම මිඩ්වේ මුහුදු කලාපයට ජපාන ප්‍රහාරක සබ්මැරීනයක් කඩා වැදුනි. මෙම සබ්මැරීනය යෝක්ටවුන් නෞකාවට හා එයට ආරක්ෂාව සැපයූ හාමන් (Uss Harmon) නම් නෞකාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කල අතර දරුණු ප්‍රහාරයකට ලක්වුනු හාමන් නෞකාව පැය කිහිපයකින් මුහුදුබත් විය. යෝර්ක්ටවුන් නෞකාවටද බරපතල හානි සිදුවුනු අතර එය පසු දින මුහුදුබත් වූ බව වාර්තා වල සදහන් වේ. මිඩ් වේ සටනේදී ජපානයට සෙබලුන් 3000ක් පමණ අහිමි වුනා. ඔවුන්ගේ ඉතාමත් දක්ෂ පලපුරුදු ගුවන් නියමුවන් 200ක් පමණ ඔවුන්ට මෙම සටනේදී අහිමි වී ගොස් තිබුනි. විනාශ වුනු ජපන් ප්‍රහාරක ගුවන් යානා සංඛ්‍යාව 300ක් පමණ වු අතර ඔවුන් සතුව තිබූ ප්‍රධානම ගුවන් යානා ප්‍රවාහන නෞකා හතරම මෙම සටනේදී ඔවුන්ට අහිමි විය.
ඇමරිකා එක්සත් ජනපදයටද මේ සටනින් සිදුවුනු හානිය සුලු පටු නොවේ. ඔවුන් සතුව තිබූ ප්‍රහාරක ගුවන් යානා 145ක් පමණ මේ සටනේදී ඔවුන්ට අහිමි විය. යෝර්ක්ටවුන් හා හාමන් නෞකා ද්විත්වයත් ඔවුන්ට අහිමි වුනු අතර මිය ගිය සෙබලුන් ගණන 360ක් පමණ වුනා. මෙම ප්‍රහාරයේ පරාජයත් සමග ජපානය තවදුරටත් පැසිෆික් සාගරය හරහා ඇමරිකාවට අභිගෝග කිරීමේ මෙහෙයුම් හකුලා ගැනුණි. නමුත් දෙවන ලෝක යුද්දයේ අවසානය තෙක් අවස්තා ගණනාවකදී සාගරයේ විවිධ ස්තාන වල ඇමරිකාව හා ජපානය අතර ගැටුම් ඇති වී තිබුනා. Battle of Midway මහා සාගරයේ ඇති වූ දරුණු මෙන්ම විශාලම සටනක් ලෙසයි ඉතිහාසයට එක් වී තිබුනි. විශාල ජීවිත හානියක් සිදු වූ මෙම සංග්‍රාමය එක්සත් ජනපදයට ජයගත හැකි වූයේ ජපානයේ දුර්වලතාවයකට වඩා එක්සත් ජනපද බුද්ධි ඒකක වල තිබුනු දක්ෂතාවය නිසා බව ඇමරිකානු වාර්තා වල සදහන් වේ.
මිඩ්වේ සටන ජපානය අඩපණ කිරීමට බොහෝ දුරට හේතු වුනා. නමුත් නැවතත් ජපානය අවස්ථා ගණනාවකදී එක්සත් ජනපදය සමග සටනට අවතීරණ විය. දෙවන ලෝක යුද්ධය තුල ජපානයේ භූමිකාව හා හැසිරීම ඉතාමත් මිලේච්ඡ ස්වරූපයක් ගත් අතර ඔවුන් දරුණුම හානිය සිදුකලේ අසැල්වැසි චීනයටය. ජර්මනිය ක්‍රමයෙන් බිද වැටෙද්දී දෙවන ලෝක යුද්ධයේ අවසානය ක්‍රමයෙන් ලගා වූවත් ජපන් අධිරාජයා පවසා සිටියේ තමා අවසන් සෝල්දාදුවා තෙක් සටන් වදින බවයි. ලෝක යුද්ධයේ ඉක්මන් අවසානයක් බලාපොරොත්තු වූ එක්සත් ජනපදය ජපානයේ හිරෝෂිමා හා නාගසාකි වෙත පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු තමන් යටත් වන බව 1945 වර්ෂයේ සැප්තැම්බර් මස 2දා ජපන් අධිරාජයා නිල වශයෙන් නිවේදනය කෙරිනි. දෙවන ලෝක සංග්‍රාමය පූර්ණ ලෙස අවසන් වූයේ මින් අනතුරුවයි.
සටහන – මනුජිත් අබේරත්න
