අලුත් අවුරුද්දත් ළඟ ළඟම එන නිසා travel with sandu තුලින් අපි හිතුවා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් ගැන කියන්න. උත්සව කාලේ කියන්නේ සියලුම දේ අලුත් වෙන කාලයක්නේ. රටේ ආර්ථික තත්වය පිළිබඳ ප්‍රශ්න තිබුනත් ඕනෑම කෙනෙක් තමන්ට හැකි පරිදි ඒ සඳහා සූදානම් වෙනවා. ඉතිං ඒ සූදානමට තවත් පහසු වෙන්න තමයි ඔබට පිටකොටුවේ සවාරිය ගැන කියන්න හිතුවේ.
ශ්‍රී ලංකාවේ කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති පිටකොටුව හෙවත් pettah , විවිධ භාණ්ඩ හා සේවා රැසක් සපයන කාර්යබහුල වගේම ජවසම්පන්න වාණිජ මධ්‍යස්ථානයකි. ඇදුම් පැලඳුම් සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල සිට නැවුම් නිශ්පාදනය සහ කුළුබඩු දක්වා සෑම දෙයක්ම ලබා ගැනීමට හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මේ දේවල් ලබා ගැනීම සඳහා යාමට මාර්ග කිහිපයක් ම ඇත.
ප්‍රධාන වීදිය

ප්‍රධාන වීදිය කියන්නේ pettah වල තිබෙන ජනප්‍රිය මාර්ගයක් වන අතර භාණ්ඩ රැසක් අලෙවි කරන කඩ සාප්පු රාශියකට නිවහනකි. ඇදුම් පැලඳුම් සහ උපාංගවල සිට ස්වර්ණාභරණ සහ සිහිවටන දක්වා ප්‍රධාන වීදියේ තිබේ. සති අන්තයේ බොහෝ දෙනා සාප්පු සවාරි සඳහා ප්‍රදේශයට ඇදී එන විට වීදිය විශේෂයෙන්ම කාර්යබහුල වේ. මේ වගේම ඇදුම් පැලඳුම් ලබා ගැනීමට හැකි සාප්පු තිබෙන තවත් වීදි කිහිපයක් තිබේ .එනම් ඕල්කොට් මාවත, දෙවන හරස් වීදිය, කීසර් වීදිය වේ.
මල්වත්ත පාර

මෙම වීදියත් බෙහෙවින් ප්‍රසිද්ධියක් උසුලන වීදියකි. මෙහි ඇති බොහෝ සාප්පු වල තිබෙන්නේ සපත්තු වගේම ලෙදර් බෑග්, සංචාරක බෑග් අනාදි බෑග් වර්ගද බොහෝ තිබේ. ඒ වගේම සීඩී, ඩීවීඩී තැටි, කැසට් පට ද ලබා ගැනීමට තිබේ.
හතරවන හරස් වීදිය සහ පස්වන හරස් වීදිය

තොග ලෙස ආහාර අලෙවි කරන තොග වෙළඳ සැල් මේ වීදීන් තුලදී සොයා ගැනීමට හැකිය. උදෑසන කාලයේදී නම් මෙම වීදීන් කලබකාරී ස්භාවයක් ගනී. යම් සහන මිලකට මෙහිදී අවශ්‍ය දේ ලබා ගැනීමට හැකියාව තිබේ.
පළමු හරස් වීදිය
මෙම වීදියේ නම් ජංගම දුරකථනය සහ ඒවගේ උපාංග සාධාරණ මිලකට ලබා ගැනීමට හැකියාව තිබේ. ඊට අමතරව කැමරා උපකරණ ද මෙම වීදියේ සාප්පු තුලින් ලබා ගැනීමට හැකිය.
ප්‍රින්ස් වීදිය
මේ වීදිය ජනයා අතර ජනප්‍රිය වන්නේ වීදුරු වලින් සාදන ඕනෑම දෙයක් මෙම මාර්ගයේ ඇති සාප්පු මඟින් ගැනීමට හැකි නිසාය. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් හා සෙල්ලම් බඩුද ලබා ගැනීමට හැකියාව තිබේ.
මැලිබන් වීදිය

Pettah වල ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමටත් විශේෂයෙන් ම මංගල ආරාධනා පත්‍ර නිර්මාණය කර ගැනීමට බෙහෙවින් ප්‍රසිද්ධියක් ලබා ඇති වීදියකි.
ගැබෝස් පටුමග සහ වෙල්ස් වීදිය

මෙහිදී කේක් නිර්මාණ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට හැකි අතර කේක් බඳුන් , කේක් අච්චු යනාදී ඒ සඳහා අවශ්‍ය සියලු දේ මේ වීදියේ ඇති සාප්පු මඟින් ලබා ගැනීමට හැකියාව තිබේ.
චීන වීදිය

මෙම වීදිය පිටකොටුව නගරයෙන් මඳක් දුරින් පිහිටා ඇති අතර මේ වීදිය විශේෂ වන්නේ උත්සව සඳහා අවශ්‍ය සැරසිලි කර ගැනීමට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමටයි. අනෙක් වීදි මෙන් එතරම් ජනාකීර්ණ පරිසරයක් මේ වීදිය තුල නැත.
තමන්ගේ අතේ ඇති මුදලට භාණ්ඩ හා තමන්ට අවශ්‍ය දේ උසස් හා යම් සහන මුදලකට ලබා ගැනීමට මේ විදියට නම් සාප්පු පරාදීසයක් නම් මේ රට තුල නොමැති තරම් ය. ඒ සේවා වන් අත්විදීමට මේ මාර්ග ගවේෂණය ඔබට බොහෝ පහසුවක් වේවී.
සටහන – සඳුපමා ගමගේ
