පිළිකාව වළක්වා ගන්නේ කෙසේද? 

author
1 minute, 3 seconds Read

සත්කාරයේ හිඩැස පුරවමු “ close the Gap”  යන්න තේමා කර ගත් 2023 ලෝක පිළිකා දිනය පෙබරවාරි මස 04 වැනිදාටයි  යෙදී තිබුණේ. නවතම දත්ත අනුව 2020 දී ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 20 ක් පමණ අළුතින් හඳුනාගෙන ඇති අතර පිළිකා හේතුවෙන් ලොව පුරා මිලියන 10 ක් පමණ රෝගීන්  මිය ගොස් තිබෙනවා. 2030 වන විට මිය යන රෝගීන්ගේ ප්‍රමාණය මිලියන 13ක් දක්වා වර්ධනය විය හැකි බවයි  සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

සෑම වසරකම පෙබරවාරි 04 වැනිදා ලෝක පිළිකා දිනය ලෙස නම් කර සියලු දෙනා තුළ ම පිළිකා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි අරමුණ වන්නේ වළක්වා ගත හැකි පිළිකා හේතුවෙන් මිය යන මිලියන ගණනක් ජීවිත සුරැකීමට රාජ්‍ය මට්ටමෙන් මෙන්ම පුද්ගල මට්ටමෙන් ද  ක්‍රියාත්මක වී පිළිකා සත්කාරයේ අඬුලුහුඬුකම් අවම කිරීම හා දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ඇතුළුව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

පිළිකාව නිසා මිය යන මිලියන 10 ක ජනතාව අතරින් 65% ක් ම දියුණු වෙමින් පවතින රටවල ජනතාව වන බවයි ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. 

ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ දැනට වාර්තාවන පිළිකාවන්ගෙන් 3/1 ක් වළක්වා ගත හැකි අතර තවත් 3/1 කලින් හඳුනා ගැනීමෙන් සුව කර ගත හැකි බවයි. 

ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ දත්තවලට අනුව 2020 වර්ෂයේදී මෙරටින් වාර්තා වූ පිළිකා රෝගීන් ගණන 38, 229 ක්. ඉන් 20, 395ක් ම කාන්තාවන් වන අතර පුරුෂයින් ලෙස රෝගීන්  වාර්තා වී ඇත්තේ 17,834 ක්. ඒ් අනුව මෙරටින් දිනකට  නව පිළිකා රෝගීන් 105 ක් පමණ හඳුනා ගන්නා බවයි වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය  පවසන්නේ. 2020 වර්ෂයේ දී මෙරට පිළිකාව නිසා මරණයට පත් වූ සංඛ්‍යාව 16, 691 ක්. ඒ් අනුව පිළිකාව නිසා දිනකට මෙරටින් රෝගීන් 46 ක් පමණ  මරණයට පත් වෙනවා. සාමාන්‍යයෙන්  පිළිකාව හඳුනා ගන්නා අයගෙන්  50% ක් පමණ මරණයට පත්වන බව සෞඛ්‍ය අංශ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය :. “ කාන්තා පාර්ශ්වය හා පිරිමි පාර්ශ්වය අතර පිළිකා වර්ධනයේ පරතරයක් දක්නට ලැබුණ ද වාර්තාවන මරණ සංඛ්‍යාවේ ඉහළ අගයක සිටින්නේ පිරිමි පාර්ශ්වයයි. ඒ් සඳහා බලපාන ප්‍රධාන ම හේතුව ලෙස දැක්විය හැක්කේ කලින් හඳුනා නොගෙන ප්‍රතිකාර නොගැනීමයි.”

ඉතා මෑත කාලයේදී අපේ රට පියයුරු පිළිකා අවදානම අතින් ඉතා ඉහළ මට්ටමක පවතින බව දත්ත විශ්ලේෂණයන්ගෙන් පැහැදිලි වෙයි. කාන්තාවන් අතර බහුලව ම වාර්තාවන පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. එය කාන්තාවන්ට වැළඳෙන සියලු පිළිකාවන්ගෙන් 3/1 ක් වන අතර ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා, මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, ගර්භාෂ පිළිකා හා  ඩිමිබ කෝෂ පිළිකා ද ඒ අතර වනවා. කාන්තාවන්ට බහුල වශයෙන් වැළඳෙන පියයුරු පිළිකා,  තයිරොයිඩ් පිළිකා මෙන්ම ගර්භාෂ පිළිකා ද කලින් හඳුනා ගැනීමෙන්  සුව කල හැකියි. මේ අතර පිරිමින්ට වැළඳෙන පිළිකා අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ මුඛය ආශ්‍රිත පිළිකායි. එය පිරිමි පාර්ශ්වයට වැළඳෙන සියලු පිළිකාවන්ගෙන්  5/1 ක් වන අතර ශ්වසනාලය හා පෙනහළු ආශ්‍රිත පිළිකා මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා ගලනාලය හා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා පුරුෂයින් අතර බහුලව ම වාර්තාවන සෙසු පිළිකා වර්ග වෙයි. 

මෙම කනගාටුදායක ගෝලීය පිළිකා වසංගත තත්ත්වය රටක් වශයෙන් පුද්ගලයෙකු වශයෙන් අප අවබෝධ කර ගත යුතුය. පිළිකා වළක්වා ගැනීමට ක්‍රියා කිරීම ( primary Prevention) මෙහිලා ඉතා ම වැදගත් වෙයි. පිළිකාව වළක්වා ගැනීමට නම් අප ඒ පිළිබඳ දැනුවත් විය යුතු වෙනවා. මුඛය හා පෙනහළු ආශ්‍රිත පිළිකා පහසුවෙන් වළක්වා ගත හැකි බවයි පිළිකා මර්දන ව්‍යාපාරය අවධාරණය කරන්නේ. එම පිළිකා දෙවර්ගය ම දුම්කොළ හා බැඳී පවතින නිසා දුම්කොල භාවිතයෙන් වැළකීම මගින් මෙම පිළිකා වර්ධනය වළකා ගත හැකි වෙනවා. 

ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙන්නේ දුම්කොල  භාවිතය  දුම්බීම හා වැරදි ආහාර පුරුදු හා ජීවන රටාව පිළිකා සඳහා වන අවධානම් සාධක ලෙස දැක්විය හැකි බවයි. 

ජානමය සාධක මෙන්ම ඇතැම් වෛරස් වර්ගත් පිළිකා වර්ධනය වීම කෙරෙහි යම්බලපෑමක් සිදු කරන බව ද පිළිගත යුතු කරුණක් . විශේෂයෙන් ම H.I.V. , B,C,D වෛරසය , EBV වෛරසය , පැපිලෝමා වෛරසය, ඒ් අතර ප්‍රධාන ස්ථානයක් ගන්නවා. මෙම තත්ත්වයන්ව වළක්වා  ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් ම අවුරුදු 10-12 වයසේ ළමුන් සඳහා හෙපටයිටීස් B එන්නත ලබා දීම මෙන්ම ගැබ් ගෙල පිළිකා වැළැක්වීමට හියුමන් පැපිලෝමා එන්නත් ලබා දීම ද සෞඛ්‍ය අංශ මගින් සිදු කර ගෙන යනු ලබනවා. මෙම වයසේ දරුවන් මෙම එන්නත් ලබා ගැනීමට යොමු කිරීම කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. 

විශේෂයෙන් ම පිළිකාවක් කලින් හඳුනා ගැනීමෙන් ඇතැම් පිළිකා ඉතා සුළු ශල්‍යකර්මයකින් පවා සුව කළ හැකි බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. දැනට අප රට තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආශ්‍රිතව සුවනාරී සායන 1000 ක් පමණ ක්‍රියාත්මක වෙනවා. මෙම සායන මගින් පියයුරු හා ගැබ්ගෙල පිළිකා පරීක්ෂාවන් සිදු කරනු ලබනවා. සුවනාරී සායන මගින් සිදු කරනු ලබන මෙම පරීක්ෂණවලට සහභාගි වීම අත්‍යවශ්‍ය ම කරුණක්. පිළිකාව ජය ගැනීමට නම්  පිළිකාව පරාජය කිරීමට නම් පුද්ගල මට්ටමෙන් දැනුවත් වීමත් අවශ්‍ය පරීක්ෂණ සිදු කර ගැනීමත් ඉතා ම වැදගත්. 

මෙම සුවනාරී සායන තුළ අවුරුදු 35- 45 අතර කාණ්ඩවල කාන්තාවන් පැප් පරීක්ණයට ද යොමු කරන බැවින් එම වයස් කාණ්ඩවල කාන්තාවන් මෙම පරීක්ෂණ සඳහා යොමු වීම අවශ්‍යයයි. නමුත් මෙම පරීක්ෂණ සඳහා කාන්තා සහභාගිත්වය ඉතා අවම මට්ට්මක පවතින බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ . ‌

2020 දත්තවලට අනුව ගැබ්ගෙල පිළිකාවන්ට ලක්වූ කාන්තාවන් 1200 ක් හදුනාගෙන තිබෙනවා. මුල් අවස්ථාවේ ම මෙවන් පිළිකා හඳුනා ගැනීමේ පහසුකම් රට පුරා පවතින පසුබිමක ඒ් සඳහා කාන්තාවන් යොමු නොවීම කණගාටුවට කරුණක්. 

රෝහල් ආශ්‍රිතව සුව දිවි සායන  දැන් රට පුරා ක්‍රියාත්මකයි. පිළිකා කලින් හදුනා ගැනීම් මෙම සායන මගින් ද සිදු කර ගෙන යනු ලබනවා. මීට අමතරව පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන 04 ක් දැනට අපේ රටේ ක්‍රියාත්මකයි. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට පිහිටා ඇති  අතර අනිකුත් මධ්‍යස්ථාන රත්නපුර, මාතර හා යාපනය රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා.  කලින් වේලාවක් වෙන් කර ගැනීමෙන් තොරව  මුඛ පිළිකා, පියයුරු පිළිකා මෙන් ම ගැබ් ගෙල පිළිකා  හඳුනා ගැනීමේ පරීක්ෂණවලට සම්බන්ධ වීමේ හැකියාව මෙම මධ්‍යස්ථාන තුළ පවතිනවා.  පිළිකාවක් සම්බන්ධව සැකයක් පවතිනවා නම් මෙම කුමන හෝ මධ්‍යස්ථානයකට හෝ සායනයකට  යොමු වී පරීක්ෂාවන් සිදු කර ගැනීමට යොමු වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. 

සටහන –

ඉරේෂා මධුරකාවිනී  

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa