මනස සන්සුන් කරන සංචාරක පරාදීසයකට ඕනෑම කෙනෙකු කැමැත්තක් දක්වයි. එවැනි ස්ථාන මේ රට තුල බොහෝ ලෙස පිහිටා තිබෙන අතරම නෙත් සිත් උදුරා ගනු ලබන ඉසව් බොහෝ ඇත. සීතල සුළඟඳ ගතට මුසු කරමින් පාරසරික චමත්කාරයෙන් යුතුව ඇති මධ්‍යම පළාත එවැනි පරාදීස සඳහා විශේෂ තැනක් හිමි කර ගනී.
මෙවර traval with Sandu තුලින් ගෙනෙන්නේ මධ්‍යම පලාතේ සන්සුන් පරාදීසයක පිහිටා ඇති බෙල්වුඩ් පිළිබඳවයි.

සිත් ඇදගන්නා ගමනාන්තයක් වන මෙය සංචාරකයින් හට ස්වභාව සෞන්දර්යය, සංස්කෘතික උරුමය පිළිබඳ සහ සන්සුන් නිස්කලංකත්වයක් ලබා දෙයි. බෙල්වුඩ් නැමැති සිසිල් පරාදීසයට ලඟා වීමට මාර්ග කිහිපයක් ඇති අතර නුවර පාර ඔස්සේ ගමන් ගන්නා විට තලාතුඔය හරහා බෙල්වුඩ් වෙත ළඟා වීමට හැකිය. තවත් පැහැදිලි කලහොත් සෙංකඩගල පුරවරයේ මුහුදු මට්ටමේ සිට අඩි 2900කට ආසන්න උසකින් පිහිටි මේ නිස්කලංක පරාදීසය පිහිටා තිබේ.
සීතල කාලගුණයකින් පිහිටා බෙල්වුඩ් විශ්මයජනක ස්වභාවික සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධය.කඳු වලල්ලකින් වට වී ඇති ඝන වනාන්තර වලින් පිහිටා ඇති මෙය වංගු සහිත මංපෙත් දිගේ ඇවිදෙමින් යන විට සෙවණක් සපයන්න මෙන් කුළුණු ගස් උඩින් සශ්‍රීක වියනක් නිර්මාණය වී ඇත. පරිසරයේ සුන්දරත්වයේ තවත් වැඩි කරන මුතුකෙළිනාව ගඟ පෙණ පිඬු නංවමින් ගල් පරවල හැපි හැපී ගලා බැස යයි. මෙම ප්‍රදේශයේ අපූර්වත්වයෙන් ඇති මෙම ස්ථානය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ සිත් ඇඳ බැද ගන්නා තැනකි. මෙහි ඉහත්තෑවටය ගිය විට දී මහනුවර, නකල්ස් කඳු පන්තිය, හන්තාන අඩවිය, හුන්නස්ගිරිය කඳු ආදී ඉසව් බොහෝමයක් දැක බලා ගැනීමට හැකිය.

බෙල්වුඩ් යනු ස්වභාව ධර්මයයෙන් පොහොසත් ස්ථානයක් වගේම ඉතිහාසයටද එක් වූ ස්ථානයකි. බෙල්වුඩ් අත්දැකීම තුළ සැබවින්ම ගත යුතුව ඇති දේ බොහෝමය. සශ්‍රීක වනාන්තර හරහා ගමන් කරමින් කුරුල්ලන් නැරඹීම වැනි ස්භාවික සුන්දරත්වය විදීමට හැකිය. බෙල්වුඩ් වන රක්ෂිතය දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ඇතුළු විවිධ ශාක හා සත්ත්ව විශේෂවල නිවහන වේ. මෙහි දී Camping අත්දැකීම ලබා ගැනීමට ද කදිමය. වසරේ ඕනෑම කාලයක දී මෙහි පැමිණීමට හැකියාව ඇති අතර ඒ ගමන තුල සංචාරකයන්ට වශී වන්නා වූ සුන්දර දසුන් දැක බලා ගැනීමට හැකිය. දෙස් විදෙස් සංචාරකයින් බෙල්වුඩ් බලා ආපසු යාමට මැලි වන්නේද මේ ස්වභාවික පරිසරයේ ඇති විස්මය නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ බෙල්වුඩ් යනු අමතක නොවන සංචාරක අත්දැකීමක් ලබා දෙන අතර මෙම පරාදීසය ස්වභාවධර්මයට ආදරය කරන්නෙකු වුවද නැවත නැවතත් පැමිණ මෙම පරිසරය විදීමට කැමැත්ත දක්වයි. මේ සුන්දර පාරසරික හරිත නිවහනට හානියක් නොවන අයුරෙන් පැමිණ බලා සුන්දරත්වය විදීමට වග බලා ගත යුතු අතරම මෙය ආරක්ෂා කර ගැනීමේ වගකීම ද සියලු දෙනා සතු වේ.
සටහන – සඳුපමා ගමගේ
