නිරූපණ ක්ෂේත්‍රය තුළ යුරෝපයේ වෙසෙනා රුවැති කඩවසම් තරුණ තරුණියන් වෙනුවෙන් ම සැකසුන Mister Mrs Miss Sri Lanka Europe For International තරගාවලියේ Miss Globe Sri Lanka තරග අංශයෙන් රටවල් ගණනාවක් අභිබවා යමින් එහි කිරුළ හිමි කරගැනීමට මෙවර ලාංකීය සම්භවයක් සහිත ඉතාමත් සුරූපී තරුණියකට හැකියාව ලැබුණා….
ඇය නමින් ඉසුරි විජේරත්න
එසේ නම් මේ කතාබහ ඇයගෙ ගමන් මග පිළිබඳවයි.
මොනවද මේ දවස් වල අලුත් තොරතුරු.
මේ දවස් වල ඉතින් ගොඩාක් මම කාර්ය බහුලයි. මොකද මං ප්‍රංශයේ ඉදන් මේ ලංකාවට ආවේ අවුරුදු දෙකකට පස්සේ. මගේ pageant එකට ලෑස්ති වෙන්න තමයි ආවේ. මොකද මම ප්‍රංශයේ ජීවත් උනත් මම ඉපදුනේ සහ මම ආඩම්බරයෙන් නියෝජනය කරන්නේ ලංකාව. ඉතින් ඒ නිසා සූදානම් වෙන්න ලංකාවට එන්නම ඕන. මේ දවස් වල ගොඩක් ඒ සම්බන්ධ වැඩ වල යෙදිලා ඉන්නවා.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිණියක වන ඔබ නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ ඇයි?
මම “යොමු උනා” කියනවාට වඩා මම කැමති “අවස්තාව ලැබුනා” කියලා කියන්න. මොකද ඒක මගේ හීන වල තිබුණු දෙයක් නෙමේ. ඒත් මට මතකයි ඉස්සර මට අවුරුදු 15 දි 16 දි වගේ මං youtube එකේ බලනවා Victoria’s Secret Fashion Shows හරිම ආසාවෙන්. එතකොට මං හිතලත් තියනවා “ අනේ මාත් මේ වගේ ලස්සන උනා නම්” කියලා. එහෙම හිටපු මට ප්‍රංශයට ගියාට පස්සේ, ජීවිතේ ගොඩක් වෙනස් උනා. එහේ අය (ප්‍රංශ ජාතිකයන්) ගොඩක් මට කිව්වා මම model කෙනෙක් වගේ, model කරන්න කියලා. ඒත් ඉතින් ඒවාටත් Thank you කියලා හිටියා මිසක් මං එහෙම මුකුත් පියවරක් ගත්තේ නෑ. ඒ අතර තමයි French Modelling Agency එකක් හරහා මාව scout වෙන්නේ. ඒ තමයි පැරිසීයේ පිහිටි Hourra Models ආයතනය.
The Miss globe Sri Lanka මෙවැනි තරගයකට සහභාගී වීමට හිතුවේ ඇයි?
ඇත්තටම මං මේ pageant එකට ගියේ මගේ පලවෙනි සහ අවසාන pageant එක කියලා හිතාගන. මොකද pageant සම්බන්ධව අපිට විවිධ මත තියනවා. නමුත් මගේ පලවෙනි සහ අවසාන pageant එක විදිහට මම ඒ සහභාගි වුනු උද්දිමා ද සිල්වා මියගේ Mister Mrs Miss Sri Lanka Europe for international pageant එකම තෝරගත්තේ යුරෝපයේම තියන නිසා මගේ පහසුවත්, pageant organizer කාන්තාවක් වීම නිසා දැනුන ආරක්ශාවත්, ජයග්‍රහණය කලොත් අන්තර්ජාතික පිළිගත් රූප රාජිණි තරගයකට යාමට පුලුවන් වීම. ඉතින් මං හිතුවා වගේම මට ගොඩක් වටින අවස්ථාවක් ලැබුණා.
වෘත්තියක් විදිහට ඔබ තෝරගන්න කැමතියි නිරූපණ ක්ෂේත්‍රයද ව්‍යාපාර අංශයද?
වෘත්තියක් ලෙස මම තෝරගන්න කැමති ව්‍යාපාර අංශය. මොකද හේතුව, අපි realistically කතා කලොත් නිරූපණ ක්ෂේත්‍රයේ ඕනම කෙනෙක්ට ( බොහෝ අයට කියලා කියමුකෝ ) ඒ ක්ෂේත්‍රයේ
අපි peak එක කියලා කියන්නේ, අන්න ඒ peak එකක් තියනවා. ඒ peak එකේ රැදෙන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම කියන්න ඕන. පැරිසීයේ නිරූපණ ශිල්පය කියන්නේ, ගොඩක් high standards තියන තැනක්. ඒ standards වලට අද අපි ගැලපෙන්න පුලුවන්. හෙට ඒක නැති වෙන්න පුලුවන්. මොකද ඒ ක්ෂේත්‍රය 75% ම වගේ රූපය මත ගොඩ නැගුනු දෙයක් නිසා. ඉතින් මං ව්‍යාපාර ක්ෂේත්‍රය තෝරගන්නවා. මොකද මං විශ්වාස කරනවා මට දුර ගමනක්, ඒ වගේම පවතින ගමනක් මට එහි ඇති කියලා.
ඉතාමත් සුන්දර යොවුන් වියේ පසුවන ඔබට කොහොමද මෙම තරඟයේදී ලැබුණු ප්‍රතිචාර
ගොඩක්ම හොද ප්‍රතිචාර තමයි ලැබුනේ. ගොඩක් ආදරය සහ ආශිර්වාද ලැබුනා. මේ pageant එක හරහා තමයි මට ලංකාවෙ යම් කිසි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ. ඉතින් ඒ ආදරය ආශිර්වාද එක්ක මට ලංකාවට කිරුලක් ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අවසාන මහා තරගයට ඔබේ සූදානම කොහොමද?
මගේ හොද සූදානමක් තියනවා,ඒ වගේම කියන්න ඕන ඒ සූදානම ට මගේ national director උද්දිමා ද සිල්වා මිය ලබා දෙන මග පෙනිවීම මට ලොකුම ශක්තියක් මගේ ඒ සූදානමට.

ජීවිතය දින්න නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින ඔබ වැනි යුවතියන්ට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?
ඇත්තටම මම පාවිච්චි කරන්න කැමති නැති වචනයක් තමයි “
මම ජීවිතය දින්නා” කියන එක. මොකද “ජයග්‍රහණය” කියන්නේ අවසානයක් වගේ. මට තාම අවුරුදු 24යි… ජිවිතයේ ඉගෙන ගන්න, අත්දැකීම් ලබා ගන්න හුගාක් දේ තියනවා. ඉතින් තාමත් මාත් ඒ ගමන යන ගමන්. මං වගේ ලස්සන ලස්සන ලොකු හීන තියන යුවතියන් ට කියන්න තියෙන්නේ ජීවිතේ වටිනම දේ තමයි ඔයා ඔයාව accept කරන එක. ඔයා ඔයාව accept කලොත් විතරයි ලෝකය ඔයාව accept කරන්නේ. මේක නිරූපණ ක්ෂේත්‍රයට ගොඩාක් අවශ්‍ය යි.
මෙවැනි තරඟයක් පැවැත්වීම පිළිබඳව විශේෂ ස්තූතිය.
විශේෂ ම ස්තූතියි මගේ national director උද්දිමා ද සිල්වා මිය ට වගේම අපේ pageant එක සදහා sponsor දායකත්වය ලබා දීපු අයටත්. ඒ වගේම මගේ ආදරණීය පවුලේ අය සහ යහලු යෙහෙලි නෑදෑයන් ට. ඒ වගේම මගේ පාසල වූ පුෂ්පදාන බාලිකාවේ ගුරුතුමියන් සහ සහෝදර සහෝදරියන්ටත්, මගේ මවගේ පාසල වූ බණ්ඩාරවෙල විශාකා බාලිකාවේ ආදි ශිෂ්‍යාවන්ටත්. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

ඔබගේ අනාගත ඉලක්කය
මට තියෙන්නේ පුංචි පුංචි target. ඒ targets ටික එකතු වෙලා තමයි අනාගත මම කියන කෙනා හැදෙන්නේ. ඒ පුංචි පුංචි target විවිධ අංශ වල තියෙන්නේ. මොකද මං කැමති නෑ මාව එක දේකට සීමා කරන්න. මං හැමවෙලේම හිතන දෙයක් තමයි, මට එක ජීවිතය යි තියෙන්නේ කියන එක. ඒ නිසා ජීවිතේ ආස හැමදේම කරන්න උත්සහා කරනවා. මං පාසල් යන කාලේ Robotics field එක කරපු කෙල්ලෙක්. අද මං ව්‍යාපාර සහ නිරූපණය කරනවා. තව කාලෙකින් මාව Social media influencer කෙනෙක්, psychologist කෙනෙක්, එහෙම නැත්තම් lawyer කෙනෙක් විදිහට උනත් දකින්න ඉඩ තියනවා. ( උදාහරණ ලෙස ) IT IS NEVER TOO LATE… මට ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ “සතුට”. මට සතුට ලැබෙන්නේ මට හිතෙන පුංචි පුංචි අදහස්, targets සම්පූර්ණ වෙද්දි.
සටහන – බී.රාජපක්ෂ
