මනසෙත

author
0 minutes, 17 seconds Read

(මානසික ජීවිතය උදෙසාමයි)

ඔබත් තව කෙනෙකුගේ අදහස් මත යැපෙන කෙනෙක්ද?

ඔබගේ පිළිතුර “ඔව්“ නම්,

            ඔබ තවමත් තමන්ගේ සතුට තව කෙනෙක් මත්තේ හොයනවා ඇති, එහෙමත් නැත්තම් තමන්ට තමන්ව විශ්වාස නෑ. ඔබ විටෙක ඇදුමක් ඇන්දත්, “අනේ මේ ඇදුම මට ලස්සනයිද?“  “අනේ මේ ඇදුම එතනට ගැළපෙනවද?“ යන්න තව කෙනෙකුගේ තෙරීම(choice) මත තම ක්‍රියාව තීරණය කරයි. එසේ නැතහොත් තවකෙකු ඔබගේ ඇදුම දෙස බලා, “ඔය ඇදුම ඔයාට කැතයි.“ “ගැහැණු ළමයෙක් වුනහම ඔහොම අදිනවද?“ “ඔහොම ඇදගෙන කොහේ යන්නද?“ “ඔය ඇදුම කොටයි.ඇගත් පේනවා“ “දිගට ඇන්දම වයසක ගෑනියෙක් වගේ.“ වැනි ඔවුන්ගේ අදහස් දැක්විය හැක. එවිට තව කෙනෙකුගේ අදහස් මත යැපෙන ඔයා මානසිකව ආතතියට පත් විය හැක. එසේම තමන් , “මට කවදාවත් මම ආස විදියකට අදින්න බැහැ“ “මම මෙහෙම ඇදන් ගියොත් මං දිහා වැරදියට බලයි“ “මෙහෙම අදින එක අම්මට තාත්තට හස්බන්ඩ්ට ළමයින්ට හරි නැහැ“ යන සිතුවිලි සමග තමන් ගැන අවතක්සේරුවට සිතන්නට පටන් ගනී.

            මෙසේ විවිධාකාර ක්‍රියාවන් හෝ අවස්ථාවන් සදහා තවත් කෙනෙකුගේ අදහස් විමසීම වඩාත් යහපත් නොවේ. එය ඔබගේ මානසික ජීවිතය වඩාත් පීඩාවට පත් වන ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැක. ඔබට ඔබ වීමට ඇති අවස්ථාව ඔබ අහිමි කරගනිමින් සිටී. තමන්ගේ සිරකරගත් සිතුවිලි සමග අන් අයගේ සිතුවිලි ක්‍රියාවට නැංවීමක් මෙහිදී සිදු වේ.

            මෙවැනි මානසික තත්වයක සිටින ඔබ තුල ඔබ ගැන ආත්ම විශ්වාසයක් නැත. තමන් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද? යන්න සැලැස්මක් නැත. අන් අයගේ හැසිරීමකට හෝ අදහසකට ඔබගේ මානසික නිදහස සීමා කිරීමට ඉඩ නොදෙන්න.

ඔබගේ පිළිතුර “නැත“ නම්,

            ඔබ තව කෙනෙකු තමන් වෙත දක්වන අදහස කුමක් වුවත් තමන්ගේ අදහස ක්‍රියාවට නැංවීමට තරම් ධෛර්යයක් ඇති අයෙකු යැයි කිව හැක.තමා තුළ ආත්ම විශ්වාසයක් නැත. තමන් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද? යන්න සැලැස්මක් ඇත.තම අව්‍යාජ අදහස ඉදිරිපත් කරයි.නිතරම තම මානසික නිදහස උදෙසාම ජීවත් වෙති.

මෙවැනි මානසික තත්වයක් පවත්නා පුද්ගලයකු තවත් පුද්ගලයකුගේ මානසික තත්වය වියවුලට පත් කරන ආකාරයේ  අදහස් ඉදිරිපත් නොකරයි. මන්ද යත්, මානසික නිදහසේ වටිනාකම මෙන්ම තව කෙනෙකුගේ අදහස් වලට ගරු කිරිමේ වැදගත්කම ඔවුන් හොද හැටි දනී. අන් අයගේ මානසික සුවයට හේතු වෙයි. මෙහිදී වඩා සැලකිලිමත් විය යුත්තේ, වඩාත් නිවැරදි හා සුදුසුම අදහස් මගින් අදාළ ක්‍රියාවන් සිදු කිරීමයි.එය තීරණය වන්නේ පුද්ගල සමාජ පරිසරය මත වේ.

            මෙවැනි තත්වයකදී පුද්ගලයා තම අදහස නිසා හෝ යම් හෙයකින් අපහසුතාවට පත් වුවහොත් ඔවුන් තමා සමගම ඒ පැනයන්ට පිළිතුරු සොයා ගැනීමට හැකි ස්වයං කතිකාවක් ගොඩනගා ගැනීමට තරම් වෙති. මෙහි වඩාත් වැදගත් කරුණ නම් එවිට තමන් ජීවිතයේ කිනම් තත්වයකට හිමිකම් කීවත් ඒ තුල තවත් කෙනෙකු වැරදිකාරයෙක් නොවීමයි. නැතහොත් බොහොමයක් දෙනාගේ ජීවිත කතා වල තවත් බොහෝ දෙනා වැරදිකාරයන් වෙති.

සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණු ප්‍රසිද්ධ කියමනක් පහත දැක්වේ.

            “සමාජයට බම්බු ගහගන්න කියලා ජීවිතය විදින මිනිස්සු අපි“

මේ කියමන බෙදාහරින බොහොමයක්  දෙනා තුල එසේ දිවි ගෙවීමට වුවමනාවක් ඇති මුත් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැතහොත් ආත්ම විශ්වාසයක් නැති විය හැක. එවිට ද ඔවුන් ජීවිතයේ බොහොමයක් සිදුවීම් සමග කණගාටුවට මෙන්ම පසුතැවීමකට ලක් වේ. එය තම මානසික ජීවිතය සාර්ථකව පවත්වා ගැනීමට එතරම් ගුණ නොවේ.

එමෙන්ම,

මේ කියමන වචනෙකින්වත් බෙදාහැරීමක් සිදු නොකරන බොහොමයක් දෙනා ද තම ජීවිකාව තුල මේ කියමන සාර්ථකව සිදුකරන අයුරු ද අපට දැකගත හැක.

කෙසේ නමුත්,

ඔබත් තව කෙනෙකුගේ අදහස් මත යැපෙන කෙනෙක්ද? යන පැනයට ඔබගේ පිළිතුර කුමක් වුවත් තම තමන්ගේ ජීවිත වල සතුට ,දුක ,වේදනාව ,වින්දනය මේ සෑම දෙයක්ම තවත් පුද්ගලයකු මත රදා පවතින්නේ නම් තම ස්වාධීන ආත්මය සිරවනු ඇත. එසේ නොවේ නම් ඔබගේ ස්වාධීන තීරණ වල පූර්ණ අයිතිය හා බැදි වගකීම් තමන් විසින් දරා ගැනීමට සිදු වේ.

“කිනම් කාරණයකදී වුවද තම මානසික ජීවිතය වඩා යහපත්ව පවත්වා ගැනීමට තමා තමන් වීම හා බැදි නිදහස අත්විදීම වඩා වැදගත් වේ.“

සටහන

මනෝ උපදේශිකා

රුවනිකා ජයවර්ධන

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa