“මම හිතන්නේ අපි කලාකරුවෝ වුණාම හිතට දැනෙන දේ කළ යුතුයි” Raffealla Fernanado

author
0 minutes, 32 seconds Read

සිහින තාරාකාවන් හි නොදුටු රුව තම කාචයට හසුකරගනිමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ බැබළවීමට සමත් වූ සුරගනක් වන් කලාකාරිණියක් සමගයි අද මගේ කතාබහ. අවුරුද්දක් පාසාම නිකුත් කරන RFCC Celebrity Calendar හි හිමිකාරිණිය වන ඇය නමින් Raffealla Fernanado ය.

කොහොමද ඉතින් ජීවිතේ ?

ඉතා හොඳින් ජීවිතය ගත කරනවා.අවුරුද්දක මැද කියන්නේ ඕනම වෘත්තියක නියැලෙන කෙනෙකුට කාර්යබහුල කාලයක්.ඉතින් කාර්යබහුල වුණත් ඉතාමත් සතුටින් කාලය ගත කරනවා.

මොනවද මේ දවස්වල අලුත් වැඩකටයුතු ?

සුපුරුදු පරිදි මගේ ඡායාරූපකරණයේ වැඩ කටයුතු සිදුකරමින් ඉන්නවා.මගේ brand එක FELLA හි වැඩ කටයුතු සිදුකරනවා.ඒ වගේම 2025 RFCC Calendar එකේ Concepts හදලා අවසන් කරලා Shoot කරන්න හිතාගෙන ඉන්නවා.ඉදිරියට තව projects කිහිපයක් තියෙනවා කරන්න.මම හිතනවා ඒ ගැන මට ඉදිරියේදී කතා කරන්න පුළුවන් වේවි කියලා.

වෘත්තියක් විදියට ජායාරූපකරණය තෝරා ගත්තේ ඇයි?

වෘත්තියක් විදිහට මම ඡායාරූපකරණය නෙවෙයි තෝරගත්තේ.මම තෝරා ගත්තේ විලාසිතා නිර්මාණකරණය (Fashion Design) . මම උපාධිය ලබාගෙන තියෙන්නෙත් Fashion Design වලින්. ඒ කාලයේ තමයි මම ඡායාරූපකරණයට යොමු වෙන්නේ.ඡායාරූපකරණය වෘත්තියක් ලෙස තෝරාගත යුතුයි කියලා හිතලා තෝරාගත්ත වෘත්තියක් නෙවෙයි.ගොඩක් ආසාවෙන් වගේම ආදරයෙන් ආරම්භ කළ දෙයක්.ඒක නොහිතපු විදිහට වෘත්තියක් බවට පත්වුණා.දැන් විලාසිතා නිර්මාණකරණය මගේ ද්විතියික වෘත්තිය (Secondary Job) බවට පත්වෙලා.

ජායාරූපකරණයට යොමු වුණේ කොපමණ කාලයක ඉදල ද?

Industry එකට ඇවිත් අවුරුදු දාසයක් පමණ වෙනවා. මම අවුරුදු පහළොවක සිට ඡායාරූපකරණයේ නිරත වෙනවා.ඉන් අවුරුදු 7 – 8 ක් අතර කාලය ඉතාමත් ගැටලුකාරී කාලයක්.ඒ අවධියෙන් පසුව තමයි මම කරන Art Form එක audience එක තේරුම් ගත්තේ ස කැමැති වුණේ.

මෙච්චර ලස්සනට ෆොටෝ එකක කලර් බැලන්සින් කරලා ෆොටෝ එකක් එඩිට් කරන්න තරම් පුහුණුවක් ලබා ගත්තේ කොහොමද?

මුලින්ම මම කියන්න කැමතියි, ඡායාරූප ශිල්පියෙක් ලෙස අපි ගන්නා පින්තූර සංස්කරණයට (Edit) පෙර ලස්සනට ගැනීමේ හැකියාවක් තිබිය යුතුමයි.Editing කියන්නේ Secondary Part එකක්.ඡායාරූප ශිල්පියෙක් ලෙස අපි ගන්නා ඡායාරූපවලට සංස්කරණය කිරීමට පෙර සාධාරණයක් කළ හැකිනම් මම හිතන්නෙ එය තමා ඔවුන්ගේ දක්ෂකම.ජාත්‍යන්තරයේ වැඩ කරන කෙනෙක් ලෙස මගේ අත්දැකීම් අනුව මම දන්නවා ඔවුන් අපිව Judge කරන්නේ සංස්කරණය කිරීමට පෙර අපි ඒ ඡායාරූපය කොපමණ හොඳට අරගෙන තියෙනවාද කියලා. මගේ ඡායාරූප ගත්තොත් ඒවායේ සංස්කරණ කටයුතු සිදු කරන්නේ මගේ සැමියා වන Dilsh. ඔහු Post Production Artist කෙනෙක් ලෙස ජාත්‍යන්තරවත් කටයුතු කරනවා.

ලාංකීය ඡායාරූපකරණය තුළ ඔබ වඩාත්ම කැමති ජායාරූප ශිල්පියා කවුද?

මම හරි කැමතියි මීශා ගුණවර්ධනගේ ඡායාරූප වලට. අපේ style එකිනෙකට වෙනස්. නමුත් මම ඡායාරූපකරණයට inspire වුණෙත් ඔහුගේ ඡායාරූප දැකලා.

කැමරාවක් තිබ්බ පමණින් ම ජායාරූප ශිල්පියෙක් වෙන්න පුළුවන් ද?

පෑනක් තිබූ පමණින් අපට ලස්සනට ලිවීමට නොහැකියි වගේම කැමරාවක් තිබූ පමණින් ඡායාරූප ශිල්පියෙක් / ශිල්පිනියක් වීමට නොහැකියි.එය තමන්ගේ ශරීරය තුළින් දැනිය යුතු දෙයක්. කලාකරුවන් ලෙස Art එක තමන් තුළ නිර්මාණය විය යුතු දෙයක්. අපි යමක් නිර්මාණය කිරීමේදී ඡායාරූප ශිල්පියෙක් ලෙස මනස, ඇස, හදවත යන අංගයන් තුනෙහිම සම්මිශ්‍රණයක් (combination) තමා තුළ තිබිය යුතුයි. මුලින්ම අපේ මනස තුළ අදහසක් නිර්මාණය වී පසුව එය ලස්සන ඇහැකින් බැලිය යුතුයි.ඒ වගේම හදවතට දැනෙන දෙයක් නිර්මාණය කළ යුතුයි. කැමරාවක් තිබීම මත පමණක් කවදාවත් හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න බැහැ.

වර්තමාන සමාජය තුළ ඡායාරූපකරණයට හිමිවෙලා තියෙන තැන ප්‍රමාණවත්ද ?

වර්තමාන සමාජය තුළ ඡායාරූපකරණයට හිමිවී ඇති තැන ප්‍රමාණවත් නැහැ.ඊට හේතුව ජාත්‍යන්තරයේ මේ විශය ක්ෂේත්‍රය සඳහා වටිනා තැනක් හිමිවී තිබීමයි. නමුත් අතීතයට වඩා වර්තමානයේ දී ලංකාවේ ඡායාරූප ශිල්පයට වටිනාකමක් තිබීම පිළිබඳව සතුටු විය හැකියි.commercial fashion , art යන සෑම තැනකම photography ඉස්මතු වී තිබෙනවා.ඒ වගේම ඡායාරූප ශිල්පියාට ඇති වටිනාකමක් වැඩිවෙලා තිබෙනවා. මම හිතනවා ඡායාරූප ශිල්පය කියන්නේ මීට වැඩිය ලොකු වටිනාකමක් ලබා දිය යුතු වෘත්තියක් කියලා.

හැම අවුරුද්දකම නිකුත් කරන රැෆෙල්ලා ගේ celebrity calendar එක ඇත්තටම ස්පෙෂල් ඉවෙන්ට් එකක් … celebrity calendar කරන්න ඕන කියන අදහස ආවේ කොහොමද?

calendar එකට දැන් අවුරුදු 13 ක් වෙනවා.මම දැකලා තියෙනවා මේ ආකාරයට internationally කලාකරුවන්ව අගය කරනවා.ලංකාවේ එවැනි දෙයක් සිදු නොවන නිසා මට හිතුනා ඒ විදිහට අපේ කලාකරුවබ්ව අගයන්න.ලංකාවේ කලාකරුවන්ව අගයන්නේ හරිම Basic විදිහට. ගමේ චරිතයක් කරන කලාකරුවෙකු ඒ චරිතයට හැමදාමත් කොටු කරනවා. මට අවශ්‍ය වුණේ ඒ දේ වෙනස් කරන්න.photograph/ fashion කියන දේ තුළ conceptual frame එකක් නැතුව චරිත නිර්මාණය කරන්න.ලංකාවේ අපිට මෙය පළමු වතාව වූවාට ජාත්‍යන්තරයේ මෙය ප්‍රසිද්ධ කලාවක්.මට අවශ්‍ය වූයේ එය ලංකාවට ගෙන එන්න. ඒ අදහස එක්ක තමයි මම මේ දේ කරන්න හිතුවේ.බොහෝ විට කලාකරුවන් සමග සිදු කරන වැඩ වලදී එහි glamour එකක් දැකිය නොහැකි තරම්.මට අවශ්‍ය වූයේ එයත් සිදුකරන්න.පැපිරාසි සංස්කෘතිය ලංකාවට ගේන්න.එවැනි කලාවක් සැමරීමේ අරමුණින් RFCC Celebrity Calendar සහ RFCC Red Carpet එක ආරම්භ කළා.ආපහු හැරිලා බලද්දි යම්තාක් දුරකට මේ ක්ෂේත්‍රයේ විශාල වෙනසක් දැක ගන්න පුළුවන්.ඒ පිළිබඳව මම හුඟක් සතුටු වෙනවා.අපි දේවල් වෙනස් කරලා තියෙනවා වගේම වෙනස් වෙලා තියෙනවා.ඒක විශල් ජයග්‍රහණයක් ලෙස මම හිතනවා.

ඡායාරූපයක් ගැනීමේදී ඔබ වඩාත් අවධානය යොමු කරන camara angles මොනවද?

මම camara angles වලට වැඩි අවධානයක් යොමු කරන කෙනෙක් නෙවෙයි.මම Boundary වල ඉඳන් photo ගන්න කෙනෙකුත් නෙවෙයි. අවස්ථාව අනුව පුද්ගලයාව ලස්සනයි කියලා හිතෙන විදිහට මම photo එක ගන්නවා.පොතේ හැටියට angle එකක් නොවුනත් මම ඒ angle එකෙන් shoot කරනවා.ඇතැම් අවස්ථාවල ඡායාරූප ශිල්පීන් මම ගන්නා කැමරා කෝණ වැරදි බව කියනවා.මම හිතන්නේ අපි කලාකරුවෝ වුණාම හිතට දැනෙන දේ කළ යුතුයි.එහි හරි හෝ වැරදි යැයි දෙයක් නැහැ.මම කවදාවත් පොතේ විදිහට ඡායාරූපකරණයේ යෙදිලා නැහැ.

Photography exhibition එකක් එහෙම තියන්න අදහසක් නැද්ද ?

ඇත්තටම අදහසක් තියෙනවා Photography Exhibition එකක් තියන්න.දැන් අවුරුදු 15 ක් වෙනවා වගේම ලොකු collection එකකුත් මා ගාව තියෙනවා.ඒ වගේම මට Photography තුළ කතා කරන්න ඕන Subjects කිහිපයකුත් තියෙනවා.මේ දවස්වල ඒවාට අවශ්‍ය දේවල් සකස් කරගෙන යන ගමන් ඉන්නේ. මම හිතනවා බොහෝ ඉක්මනින් ඒ වගේ exhibition එකක් බලාගන්න පුළුවන් වේවි කියලා.

මේ ක්ෂේත්‍රය තුළ මෙතෙක් ලැබුණු ජයග්‍රහණ ගැන කතා කලොත්?

දේශීය හා විදේශීය වශයෙන් සම්මාන 14 ක් පමණ ලැබී තිබෙනවා. ඒවා අතුරින් ආදරයෙන් සිහිපත් කළ හැකි සම්මාන කිහිපයක් තිබෙනවා.International Achieve Award -London (IAA) හි Best Fashion Photographer Of The Year සම්මානය ලබා ගැනීමට හැකිවුණා. එම සම්මානය ආසියාතික රටකින් හිමිකරගත් ප්‍රථම ඡායාරූප ශිල්පිනිය වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව සතුටු වනවා.BEFTA Award -UK හි ඡායාරූප ශිල්පීන් 150 ක් අතරින් ලෝක වාර්තා 10 අතරින් 08 වන ස්ථානයට තේරීමට් මට හැකිවුණා.New Year Fashion Award හි Semi Finalist දක්වා පැමිණීමට හැකිවුණා. International Photography Award – New York (IPA) හි විශේෂ ජූරි සම්මානය ලබා ගැනීමට හැකිවුණා. මීට අමතරව ජාත්‍යන්තරව කටයුතු කිරීමට ලැබීමත් විශාල ජයග්‍රහණයක් ලෙස මම හිතනවා.ඒ වගේම මීට අවුරුදු දෙකකට පෙර බොලිවුඩයේ ව්‍යාපෘතියක වැඩ කිරීමටත් ලැබුණා.මට තව යන්න තියෙන දුර බොහෝමයි. නමුත් ආපසු හැරී බලද්දී ආ දුරෙහි ලබපු ජයග්‍රහණ දෙස බලා සතුටු වන්න පුළුවන්.

ඔබේ සාර්ථකත්වය පිටුපස ඇති රහස කුමක් ද?

මට මේ ප්‍රශ්නයට හරියටම පිළිතුරක් දෙන්න අමාරුයි. මුලින්ම මම ජේසුස් වහන්සේට ස්තූතිවන්ත වනවා.එතුමාගේ ආශිර්වාදය මේ තරම් දුර මට පැමිණීමට නිතැතින්ම හිමිවුණා .ඒවගේම පොඩි කාලේ ඉඳන් මම කැමති දේ කරන්නට අත දුන් අම්මාව සහ තාත්තත් ඔවුන්ට පසුව ඔවුන් සේම මට support කරන මගේ ආදරණීය සැමියාත් මගේ මේ සාර්ථකත්වය පිටුපස නිතැතින්ම සිටිනවා.ඒ වගේම මම විශ්වාස කරනවා අපේ හිතක් අපේ ජයග්‍රහණවලට අනිවාර්යයෙන්ම බලපානවා කියලා.යම් දෙයක් කරන්න අපි කෙතරම් ශක්තිමත්ද කියන දේ ඉතාමත් වැදගත්.අපි බොහෝ විට දේවල් ලබා ගන්න කැමතියි.නමුත් ඒ සඳහා වෙහෙස වන්නේ අඩුවෙන්.මම හිතන්නේ අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කරන තරමට තමයි අපිට සාර්ථක වෙන්න පුළුවන් කියලා.

මේ ක්ෂේත්‍රය නියෝජනය කරන්න පැමිණෙන නවකයන්ට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?

මම හැමතිස්සෙම කියන දෙයක් තමයි, මේ ක්ෂේත්‍රය හරිම ලස්සන ක්ෂේත්‍රයක්.අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා වගේම experiment කළ හැකි ක්ෂේත්‍රයක්.තමන් මේ ක්ෂේත්‍රයට එනවා නම් මේ ක්ෂේත්‍රය ද තමන්ට අවශ්‍ය කියලා හොඳට තේරුම් අරගෙන ඒම අත්‍යවශ්‍යයි.ඊට හේතුව ආවට පස්සේ හැරිලා යන්නට සිදු වුවොත්, ඔවුන්ට එය ලොකු කලකිරීමක් ඉතිරි කරනවා වගේම කාලය නාස්ති වීමක්.ඒ වගේම තමන් දියුණුවන විට එකම තැනක කැරකැවෙන්නේ නැතිව , තරගකාරීව ක්‍රියා නොකර තමන්ට අවශ්‍ය දේ තේරුම් අරගෙන මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.ජයග්‍රහණය සහ සාර්ථකත්වය එක රැයකින් අපට ලබා ගන්නට බැහැ.මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 15ක් වැඩ කටයුතු සිදු කළත් අවුරුදු 11කින් පසුව තමා මට හැකිවන්නේ තව කෙනෙකුට මගේ කලාව (Art) තේරුම් කරවන්න. මම නවකයින්ට කියන්නේ මහන්සි වන්න. සාර්ථකත්වයම පසුපස පමණක් හඹා යන්නට එපා. තමන්ගේ දක්ෂතා , කලාවන් වැඩිදියුණු කරගන්න.එවිට ඔබට නිරායාසයෙන්ම සාර්ථකත්වය ලබා ගැනීමට හැකිවේවි.

සටහන
පෙවින්ද්‍යා රශ්මි.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa