ලෝකයේ රටවල් පාලනය කිරීමට විවිධ පාලන ක්‍රම යොදා ගන්නා අතර එය සමාජවාදී ,ප්රජාතන්ත්රවාදී ,ලිබරල් ,එකාධිපති වශයෙන් දිගු පරාසයකට විහිද යයි. මෙම කවර පාලනයක් යටතේ වුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදා පවති.
ඒ කුමක් සදහා ද? රාජ්‍යය ආරක්ෂා කර ගැනිමට ය. එහෙත් එහි ප්‍රාථමික අරමුණ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමය. කෙසේ වෙතත් ඇතැම් අවස්ථා වල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම ට වඩා ප්රමුඛ වී තිබුණු අවස්ථා ඇත. මර්ධනය ,පවතින ආණ්ඩුව මෙන්ම ද්විතීයිකව රාජ්‍යය ද ආරක්ෂා කර ගැනීමේ ප්‍රබල මෙවලමකි.

මෑත ඉතිහාසයේ 1989 වසරේ මහජන චීනයේ ටිආන්මේන් චතුරශ්‍රය කේන්ද්‍ර කර ගෙන ඇති කළ ශිෂ්‍යය අරගලය චීන රජය දින කීපයකට පසු මර්ධනය කළ අතර එය මර්ධනය කළේ යුධ නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ය. මෙම මර්ධන යාන්ත්‍රණය හමුවේ ශිෂ්‍යය අරගලය සුන්නද්ධූලි වූ අතර දහස් ගණන් සිසුන් හමුදා වෙඩිපහර වලින් මිය ගිය බව නොරහසකි .එදා චීනය එම මර්ධනය දියත් කළේ එවකට පැවති ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම ට නොව මහජන චීන සමූහාණ්ඩුව බේරා ගැනීම සදහා ය. එම තීරණය නොගත්තානම් අද වන විට සෝවියට් දේශය ට වූ ඉරණම අත්වනු නිසැකය . බලගතු චීනයක් වෙනුවට කැබලි වලට කැඩී ගිය රටවල් විශාල සංඛ්‍යාවක් නිර්මාණය වනු ඇත .එසේ වුවා නම් ලෝක ආර්ථිකය ඇමෙරිකානු ග්‍රහණයට නතුවනු ඇත .
මර්ධනයෙන් තොර රාජ්‍යය පාලනය වූ කලි සාතිශය මිථ්‍යාව කි.එවැනි රාජ්‍යය ක් ලොව කොහේ හෝ ඇති නම් එය ට නිදසුනක් ඉදිරිපත් කළ හැක්කේ කාට ද?
තවත් දියුණු ආර්ථිකයක් ඇති රටක මැතිවරණයේ දී අගමැති ධූර අපේක්ෂකයා සිය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පාතාලයේ නායකයින් ගේ සහය ලබා ගත්තේ ය. අපේක්ෂිත පරිදි ඔහු ගේ පක්ෂය ජයග්‍රහණය කළේ ය. ඔහු අගමැති ධූරයට තේරි පත් වීම වෙනුවෙන් පැවති සාදයට පාතාලයේ නායකයින්ට ද ආරාධනා කිරීම ට අගමැති අමතක නොකළ අතර සාදයට සහභාගි වූ එම පාතාලයේ නායකයින් කිසිවෙක් නැවත පැමිණියේ නැත . ඒ මර්ධනයේ තවත් මුහුණුවරකි.
මර්ධනය අදාළ වන්නේ ධනවාදී පාලන ක්‍රම වලට පමණක් නොවේ.එය සමාජවාදී පාලන ක්රමයටත් අදාළ වේ. කියුබාවේ පසුගියදා ඇති වු විරෝධතා පාලනය කළේ ද මර්ධනය හරහා ය.
ප්‍රංශ ආණ්ඩුවට පසුගිය දින වල විශාල අභියෝගයක් එල්ල විය. ඒ ආණ්ඩුව ට එරෙහිව ඇති වූ අරගලය යි. ජනතාව එකහෙළා කියා සිටියේ ප්‍රංශ ජනාධිපති ඇතුළු ආණ්ඩුව ගෙදර යා යුතු බවයි . එහෙත් ආණ්ඩුව ගෙදර ගියේ නැත .මර්ධනය හමුවේ අරගලකරුවන් ඇතමෙක් ගෙදර ගියහ. ඇතමෙක් බන්ධනාගාරයට ගියහ.
බලයට පත් කිසිදු ආණ්ඩුවක් ගෙදර යාම ට සූදානම් නැත .බලය ලබා ගන්නේ නිකම්ම ගෙදර යාමට නොවේ.ආණ්ඩු බලය ලද විට එම බලය ට පාලකයින් ට ඇල්මක් සහ ආශාවක් ඇති වේ.එය සදාතනික සත්‍යයක් වේ.
අනිත් අතට මර්ධනය රාජ්‍යය පාලනය සදහා අත්‍යාවශ්‍ය අංගයකි.ඉතිහාසය පුරාවටම එය සනාථ කර ඇත .තමන් බලය ලබා ගත් පසු මර්ධනය සිදු නොකරන බවට විරුද්ධ පක්ෂයක් සපථ කළ ද එය හුදු ප්‍රලාඵයක් පමණි. රාජ්‍යය පාලනය අතිශය සුන්දර සහ නම්‍යශීලී යාන්ත්‍රණක් නොවේ. එය ඉතා බියකරු ,ගොරහැඩි සහ කුරිරු යාන්ත්‍රණය කි. මෙම සත්‍යයට පිටු පෑමට ලොව කිසිදු පාලකයකූට නොහැකිය.
මාවෝ සේතුං විටෙක ප්‍රකාශ කළේ රාජ්‍යය පාලනය ගලා එන්නේ තුවක්කු බටයෙන් බවයි.
සටහන –
නීතිඥ එස් .එම්.ජයසූරිය
