මීට වසර කිහිපයකට ප්‍රථම මෙරට දෙමාපියන්ගේ ඒකායන අරමුණ තම දරුවා උසස් රැකියාවක් කරමින් රටට දැයට වටිනා මනුසත්කමින් පොහොසත් උගතෙකු ලෙස සමාජයට දායාද කිරීමය. නමුත් වත්මන් මව්පියන් උත්සුක වනුයේ තම දරුවා තරුවක් ලෙස සමාජගත කිරීමටය. එය නිවැරදි මෙන්ම වැරදි තීරණයක්ද විය හැකිය.
තාරකාවක දීප්තිය සදාකාලිකය, සෑම දිනම ආලෝකයම පතුරයි. රියැලිටී වැඩසටහන් මගින් බිහිවන තාරකාවන්ද දිනෙන්දින හැකියාව වර්ධනය කරගනිමින් ජීවිතාක්කල් බැබලිය යුතුය. නොඑසේනම් තාරකාවකට උපමා කිරීම අනුචිතය. මෙරට තාරකාවන් ලෙස අභිෂේක ලබන පිරිස අතුරින් නියත වශයෙන්ම තාරකාවකට සමකල හැක්කේ අතලොස්සකි. සෙසු පිරිස කඩාහැලෙන උල්කාය.

කිරුළුදැරූවන්ට ලැබෙන සුභපැතුම් අසීමිතය. තරුණ පිරිස් තාරකාවක්ලෙස අභිසෙස්ලද විට ඔවුනට විරුද්ධ ලිංගික ආකර්ෂණය යොමුවේ. ආකර්ෂණය තීව්‍ර කිරීම සදහා තරුණියන් කෙටිඇදුම් විලාසිතාවන් යොදාගනී. එමගින් ප්‍රේක්ෂක හා විනිශ්‍යමණ්ඩලයේ ආකර්ෂණය අරමුණුකරයි. හැකියාව දෙවනුව තබා තම නිරුවත කෙරෙහි ආකර්ෂණය ලබාගැනීම ප්‍රථමව සිදුකරයි. කැමරාවක් ඉදිරියේසිට දෙස්විදෙස් විකාශනයවන වැඩසටහනක නිරුවත විකුණා ඔබේ දරුවා තරුවක්වීම මාපිය ඔබට ආඩම්බරයක්වීද?
පාසල්වයසැති දරුවන් සදහා මාපියන් විසින් භාවිත කරන ලද විලාසිතා දරුවාගේ වයසට උචිතද? පුංචිපැටවු මල් වගේය. ඔබත් එය අසා ඇත. නමුත් රියැලිටී වේදිකාවට පැමිණෙන බොහෝ දරුවන්ගේ ළමාළපටි,මොළකැටි බවක් දක්නට නැත.
කුඩාකළ සිට හුරුපුරුදුවූ ගතිපැවතුම් වෙනස්කිරීම ඉතාමත් අසීරුය. ජන්මෙටවඩා පුරුද්ද ලොකුයි පවසන්නේ එබැවිනි. කුඩාකළ සිට කෙටිවස්ත්‍ර විලාසිතාවන්ගෙන් සැරසෙන ඔබේ දියණිය මනාව වැඩුණු තරුණියක්වූ පසුද ඇයගේ විලාසිතාවන්ද එලෙසම පවතී.
වර්තමානයේ ඇතැම් මාපියන් සිය දියණිය සංවරව සැරසී නිවසින් බැහැරයාම තමන්ට මදිකමක්යැයි සිතයි. තම දියණිය කෙටිවස්ත්‍ර ලා, අව්කණ්ණාඩිය හිසේ පැළද විවිධ ආයිත්තම් මුහුණේ ගලවා, සුහුරු දුරුකථනය අතැතිව නිවසින් බැහැරයාම තුලින් තමාද සමාජයේ ඉහළ පැළැන්තියෙයැයි පෙන්වීමට රිසිය. මෙරට මාධ්‍ය මගින් සමාජයට සිදුකරන්නාවූ නින්දිතම ක්‍රියාවලිය මෙයයි.
ඇත්ත ඇති සැටියෙන් ජීවත්වූ මෙරට ජනයා වෙත පුහුමාණය, සෝභනය හා සමාජ ස්ථර බෙදීම් ආදිය මෙරට මුල්බැස ගත්තේ කෙසේවෙන්නට ඇත්දැයි ඔබ සිතන්නේද? සමාජයේ ඉහළ ස්ථරය, පහළ ස්ථරය ලෙස බෙදීමට යොදාගන්නා සාධක ඔබ දන්නෙද? එලෙස සමාජය බෙදීමට ලක්කල නොහැක. මෙය මාධ්‍ය මගින් මෙරට සමාජගත කළ උග්‍රවිෂකි.

මිනිසා ලෝක දෙකක ජීවත්වේ. ඒ සත්‍ය ලෝකය හා මනඃකල්පිත ලෝකයයි. බොහෝවිට අප සැරිසරනුයේ මනඃකල්පිත ලෝකයේය. මන්දයත් අප විසින් එම ලෝකය මෙහෙයවන බැවින් ප්‍රීතිය පමණක් එලොව ඇත. නමුත් සත්‍ය ලෝකය ඔබට මෙහෙයවිය හැකි කිසිවක් නැත. එහි ප්‍රීතියට අධිකව ශෝකය, කෝපය හා වෛරය හටගනී.
ඉන්දීය සෝප්ඔපෙරා මෙරට සුප්‍රසිද්ධය. මන්දයත් එහි සිදුවීම් අප රුචිකත්වය දක්වන මනඃකල්පිත ලෝකයේ හැසිරීම්වන නිසාය.
ළමාචිත්‍රපට, කාටූන් වැනි ළමා වැඩසටහන් නැරඹීමට ඔබ දරුවාට නිදහස දී ඇත. නමුත් දරුවා එම වැඩසටහන නැරඹීමට ප්‍රථම ඔබ එය නරඹා එහි වාග්ශෛල්‍ය, ප්‍රචණ්ඩත්වය, විරුද්ධ ලිංගිකයන් සමඟ හැසිරෙන අයුරු පිළිබදව දැනුවත් වන්න. ඉන්පසුව ඔබ තෝරාදුන් වැඩසටහන් පමණක් නැරඹීමට සීමාකරන්න.
ළඳරුවියේ පටන් සිත්තුළ ප්‍රචණ්ඩකාරී සිතුවිලි ජනිතවීමට ඉඩලබා නොදිය යුතුය. දරුවා දිනපතා නරඹන වැඩසටහන් තුළ ප්‍රචණ්ඩකාරී හැසිරීම් අඩංගු වූ විට දරුවාගේ කුඩා මනසටද ප්‍රචණ්ඩකාරි සිතුවිලිම පහලවේ.
දරුවන් නිතරම ලෝකය දකින්නේ කුතුහලයෙනි. දරුවන් ඔබෙන් විමසන පැණයන් සිහියට ගන්න. පැණය අවසන්වූයේ ඇයි ඒ යනුවෙන් නොවේද? ඔබේ පිළිතුරින් ඔවුන් තෘප්තිමත් නොවුනහොත් අත්හදාබැලීමටද පසුනොබසී.
මාධ්‍ය විසින්ම මිනිසා විවිධ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සඳහා යොමුකරයි. ඝාතනයක්, සොරකමක්,ස්ත්‍රී දූෂණයක් ආදිය සැලසුම් කරන අදියරේ සිට නීතියේ රැහැණට හසුනොවී පලායන ආකාරයත් ඉතාමත් විස්තරසහගතව CCTV දර්ශන ඔසසේ පියවරෙන් පියවරට එකම සිදුවීම සතිගණනක් ප්‍රචාරයකරමින් ඔබව දැනුවත් කරයි. එවැනි ප්‍රචණ්ඩකාරී උපක්‍රම දර්ශනය කිරිම අනුචිතය. මාධ්‍ය මගින් දැනුවත්කල පරිදි ඔබ ප්‍රචණ්ඩක්‍රියාවක් සිදුකල පසු ඔබේ නම, වයස, ලිපිනය ආදි සියළු විස්තර මාධ්‍ය විසින්ම සමාජගත කොට ඔබේ ඡායාරූපයක් ද ප්‍රදර්ශනය කර ඔබව නීතියේ රැහැණට හසුකර ගැනීමට සමාජයෙන්ම සහය ඉල්ලයි. මෙය කෙතරම් හාස්‍යජනකද? මෙය චක්‍රීය ක්‍රියාවලියකි. ජනතාව මෙය අවබෝධ කරගන්නා තෙක් මෙම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මකවේ. ලාංකික මාධ්‍යට මෙරට ජනතාව වෙළඳ භාණ්ඩයක් වී හමාර බව ඔබම වටහා ගන්න.
ඔබ මැදිවියේ හෝ එය ඉක්මවූ අයෙකු නම් පැරණි ගීතවල රසවින්දනය, ඒ භාවප්‍රකාශන, ශුංගාර රසය, ශබ්ධ රසය වැනි සියළු අංගයන්ගෙන් පරිපූර්ණබව පිළිගනි. නවපරපුර විසින් රචනා කරන ඇතැම් ගීත සමාජයට කෙතරම් නුසුදුසුද ? එම ගීතවල හැඟීම්, දැනීම් අමුඅමුවේ ප්‍රකාශ කරයි. ගීතයක අඩංගුවිය යුතු ලක්ෂණ කිසිවක් දක්නට නැත. ශබ්ධ රසය පමණක්ම අඩංගුය.
සුනිල් එදිරිසිංහ ගායන ශූරීන් විසින් ගයනු ලබන
මේ තරම් සියුමැළිද කළුගල් – සිතන්නටවත් බැරිනිසා
මම ගියා අවුකන බුදුන්ටත් – දෑස් දුන් මිනිසා සොයා
කලා වැව ළඟ ඉලුක් හෙවනක- මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු – නැඟෙන පෙරළෙන රළ දිහා
ගීතයද ආචාර්ය නන්දාමාළනිය විසින් ගයන
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්දා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක්ලෙෂ නස්නා භික්ෂූ ඇත්තේය බෝසේ//
රහතුන් නිවාසනා පායා ප්‍රකාශේ
යන ගීත ශ්‍රවණය වනවිට කෙතරම් භක්තියක්, ජාත්‍යාලයක් සිතට ඔප්නැංවේද? සිතට සන්සුන් බවක් ගෙනදේ. මෙවැනි ගීයක් ගැයීමටද මනා සතථාභ්‍යාසයක් මෙන්ම මනාව දමනය වූ තුන්දොරක් ද අත්‍යවශ්‍යවේ. ඔබ කෝපයෙන් සිටින අවස්ථාවකදී අවට පරිසරයෙන් මෙවැනි ගීතයක් සවන්වැකුණහොත් ඔබේ කෝපය ක්ෂණයෙන් පහවයයි. සංගීතඥයින් විසින් සංගීතය භාවනාවකට උපමා කිරීම නිවැරදිය.
සත්‍ය ලෝකය නම් මෙයයි. ඔබ ශ්‍රවණය කරන, නරඹන එකඳු හෝ මාධ්‍ය නාළිකාවක මෙම සමාජ ව්‍යසනයට මාධ්‍ය වගකිවයුතු යැයි ප්‍රකාශිත එක් නාළිකාවක් හෝ තිබේද? නැත. එසේ වුවහොත් එම නාළිකාවන්ට දැඩි අලාභයක් සඳහා මුහුණ පෑමටවන බැවිනි. මෙරට මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන ආහාර පිළිබඳ වෙළඳදැන්වීම් වලින් 98% කම පිළිකාකාරක අඩංගුය. වෙනත් කිසිඳු රටක තම ජනතාවට මෙලෙස විශ ආහාර පිළිබඳ වෙළඳදැන්වීම් ප්‍රචාරයකොට ධනවත්වීම අපේක්ෂා නොකරයි. මාධ්‍යට නිදහස තිබිය යුතුය. නමුත් මාධ්‍ය මඟින් සේවාවක් ලබාදීම අරමුණුකිරිම විනා ලාභඋපයන ව්‍යාපාරයක්ම නොවියයුතුය.
මේ සියළු සමාජ ව්‍යසනයන් හේතුකොට ගනිමින් ලාංකීය සංස්කෘතිය ආඝාතය කරා ළඟාවේ. නවපරපුර ලාංකීය සංස්කෘතිය තරයේ ප්‍රතික්ෂේප කරයි. ලෝකය වෙනස්වන ආකාරයෙන් අපද වෙනස්විය යුතුයැයි දරුවන් දෙමාපියන් සමඟ තර්ක කරයි. නවපරපුර හෙළ සංස්කෘතියට ගරහා බටහිර සංස්කෘතිය සාධරයෙන් වැළඳගනි. අපගේ මාතෘ භූමිය ජාත්‍යන්තර ගෞරවාදරයට පාත්‍රවූයේ හෙළ සංස්කෘතිය හෙබවූ අතීතයේ විනා මෙරට වත්මන් තාරකාවන් ලෙස කිරුළු පැළඳූවන් හෝ වත්මන් දේශපාලනය තුලින් නොවන බව ඔබේ දරුවාට කියාදෙන්න. අදටත් සංචාරකයන් මෙරටට පැමිණ අපගේ සංස්කෘතික වටිනාකම් ලෙස ප්‍රකට ස්ථාන නරඹයි. ඔවුන් වර්ණනාකරනුයේ අතීත ශ්‍රී ලංකාව මිස වත්මන් ශ්‍රී ලංකාව නොවේ. මෙරටට සිඳුව තිබෙන පරිහානිය දකින ඔවුන් ශෝකය ප්‍රකාශ කරන අයුරු ඔබත් දැක ඇත. ඔබ බටහිර සංස්කෘතියේ හිමිපෙත්තටම ගියද බටහිර රටවලදී ඔබ කළු සුද්දෙකුම පමණි. එරට වලදී ඔබ වැනි කළු සුද්දන් පොදු මගී ප්‍රවාහනයකවත් නංවා නොගනී. එය ඔබට එරට සංස්කෘතියට ගැතිවීම උදෙසා පිරිනමන විශේෂ ත්‍යාගයකි.
නාළිකාවන් සමඟ තරඟකාරිත්වයේ යෙදෙන සියළුම මාධ්‍යයන් වලින් අවසන්වරට ආයාචනාකර සිටිනුයේ ඔබේ නාළිකාව මෙරට විශිෂ්ඨතම හෝ ජනප්‍රියතම නාළිකාව බවට අභිසෙස් ලබා ඔබ ධනවත්වීම වැනි පටු අරමුණක් වෙනුවෙන් මෙරට අනාගත පරපුර, හෙළ උරුමය ඇතුළු සංස්කෘතිය බිළි නොදෙන ලෙසටය.
සටහන –
ජයංගී මහලේකම්
