මැයි 17 වෙනිදාට ඔබත් සූදානම් ද?

author
0 minutes, 16 seconds Read

ලාංකීය සංගීත කලාවට වෙනස් දෑ එකතු කරමින් එය  නව මානයකට යොමු කිරීමට උත්සහ දරන තරුණ වාද්‍ය ශිල්පියෙකුට මම අද කතාබහට ආරාධනා කළා. තම නාමය ජාතික පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද සනිටුහන් කිරීමට සමත් වූ මොහු නමින් රකිත වික්‍රමරත්න.

මේ දවස්වල කොහොමද වැඩ කටයුතු?

තාල සංචාර ප්‍රසංගයේ වැඩකටයුතුත් සමග මේ දවස් වල කාර්‍යබහුල වෙලා ඉන්නවා. ඒත් සමගම Naadro සංගීත කණ්ඩායමේ වැඩකටයුතුත් කරමින් ඉන්නවා. මූලිකත්වය දීලා වැඩ කරන්නේ තාල සංචාර  දෙවැනි ප්‍රසංගයේ වැඩකටයුතු සදහා.

වෙනස්ම සංගීත අත්දැකීමක් ලබා දෙන “තාල සංචාර” කියන්නේ මොකක්ද?

ගොඩක් අය අලුත් වැඩ කියලා බොහෝ දේවල් හඳුන්වා දුන්නට ඒවා ඇත්තටම අලුත්ම වැඩක් වන ප්‍රමාණය අඩුයිනේ. නමුත්  තාල සංචාර කියන්නේ ඇත්තටම අලුත් වැඩක්. අපේ ජීවිතයේ  ඉපදීමේ සිට මරණය දක්වාම ක්‍රියාවන් සිදුවන්නේ රිදම් එකකට.තාල සංචාර කියන්නේ මිනිසුන් තුළ තියෙන ඒ රිදම් එක සොයා යන ගමනක්. මේ කටයුත්තේ එක් කොටසක් වන්නේ Travel Program එක.මෙහිදී මම  Sirasa FM සමග එකතුවෙලා රිදම් එකත් එක්ක  තමන්ගේ වෘත්තීය සිදුකරන පුද්ගලයන් සොයා යනවා. එය මම ගළපා ගැනීමට උත්සාහ කරනවා.  ඒ ඒ තාල සංචාරයේ ගායන ශිල්පියාගේ ගීතයක් සමග.පළමු තාල සංචාර ප්‍රසංගයේ දී එහි ගායන ශිල්පියා වූ ළහිරු පෙරේරාගේ “රතු රටකජු”  ගීතයට අදාලව රටකජු වෙළෙන්දෙක් හමුවී ඔහුගේ ජීවිතයේ හා වෘත්තියේ රිදම් ටික රතු රටකජු ගීතයට එකතු කරගත්තා.දෙවැනි කොටස තමයි ප්‍රසංගය. මෙහිදී සිදුවන්නේ  පළමු කොටසේ සංකල්පය එළිදැක්වීමක්.එහිදී එදිනෙදා ජීවිතයේ අපිට හමුවන දේවල් වලින් අපි ශබ්ද නිර්මාණය කරන්නේ කොහොමද කියලා  සජීවීව ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න පුළුවන්.

මෙවැනි ප්‍රසංගයක් සිදු කිරීමේ අරමුණ කුමක්ද?

ලාංකීය ප්‍රසංග කලාව වෙනස් කිරීම තමයි මගේ ප්‍රධාන අරමුණ.රැල්ලට යන ප්‍රසංග කලාව වෙනස් කරමින් එක් ගායන ශිල්පියෙකුගේ ගීත පමණක් තෝරා ගනිමින් ඒවා නව ආකාරයට තාල වාද්‍ය භාණ්ඩ ඇසුරින් නිර්මාණය කිරීමට මම  තාල සංචාර ප්‍රසංගය මගින් බලාපොරොත්තු වෙනවා.

තාල සංචාර පළමු ප්‍රසංගයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

වෙනස් වැඩක් කරද්දි ඒක ප්‍රේක්ෂකයෝ කොයි ආකාරයකට භාර ගනීද යන අභියෝගය මට තිබුණා.නමුත් ඇත්තටම හිතුවට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර  ලැබුණා.

මේ  ප්‍රසංගයේ ප්‍රවේශපතත් music instrument එකක්. අපි ඒ ගැන කියමු.

ප්‍රවේශපත්‍රයක් ලෙස ලබාදෙන Music Instrument එක ප්‍රසංගයෙන් ප්‍රසංගයට වෙනස් වෙනවා.ප්‍රේක්ෂකයාට හැකියාවක් ලැබෙනවා ඒ Music Instrument එක ප්‍රසංගය අතරතුර අපිත් එක්ක වාදනය  කරන්න.එහි ඇති QR කේතය Scan කළ විට ප්‍රවේශපත්‍රයක් ලෙස ලැබෙන Music Instrument එක Play කරන ආකාරය,ප්‍රසංගයට සහභාගි වන කලාකරුවාගේ ගීත හා ගී පද වගේම ප්‍රසංගය තුළ සිදුවන දේ පිළිබඳව දැනුවත් වීමක් ලබාගන්න පුළුවන් වනවා.

තමන්ගේ Ordinance එකත් තමන්ගේම නිර්මාණයන්ට දායක කර ගැනීමට තාල සංචාර ප්‍රසංගයේ එක් සුවිශේෂත්වයක්.ඇයි එහෙම දෙයක් කරන්න අදහස් කළේ?

රිදම් එක කියන දේ ඕනම කෙනෙක්ගෙ ශරීරය තුළ තියෙන දෙයක්.නමුත් පුද්ගලයාගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔවුන් තුළ තියෙන ඒ රිදම් එක ඔවුන්ට දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා එය  පිටතට ගන්න තමයි මම උත්සාහ කරන්නේ. එය අපි හිතුවටත් වඩා හොඳින් පළමු ප්‍රසංගයේදී සිදුවුණා.අපි වේදිකාවේ සංගීත භාණ්ඩ වාදනය කරන විට  විශාල ප්‍රේක්ෂකාගාරයක් එයට කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න අපිට අභියෝගයක් තිබුණා.නමුත් එය ඉතාමත් සාර්ථක වුණා.

ජාත්‍යන්තර සංගීතයත් සමඟ බලන විට ලාංකීය සංගීතය අද තියෙන තැන ගැන මොකද හිතන්නේ?

ලෝකයේ සංගීත කලාව ඉතා දියුණු මට්ටමක තියෙනවා.ලෝකය තුළ සංගීතය දකින්නේ වෙනස්ම විදිහකට.ලංකාව තුළ සංගීතය කියලා කියන්නේ බොහෝවිට ගීත වලටනේ.නමුත් සංගීතය කියන්නේ ගීත පමණක් නොවේ.එය විශාල පරාසයකට විහිදී පැතිරී පවතින්නක්.ලංකාව තුළ සංගීතය, ගීතයකට පමණක් කොටු කිරීමට නිර්මාණකරුවන් සහ ජනමාධ්‍ය වගකිව යුතුයි.මන්ද ඔවුන් සංගීතය කියලා රසිකයාට පෙන්වන්නේ ගීත පමණයි.ඒ නිසා රසිකයා ආස වුණත් සංගීතය රසවිඳින්න නිසි මාධ්‍යයක් ලංකාවේ නැහැ. එය තමයි මම දකින ලොකුම වෙනස ලංකාවේ හා ලෝකයේ සංගීතය අතර. නමුත්  වර්තමානය වන විට යම් හොඳ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.අලුත් පරම්පරාවේ නිර්මාණකරුවන් සංගීතය, ගීතයකට පමණක් කොටු නොකර ඉන් එහාට උසස් ආකාරයේ රසාස්වාදයක් රසිකයාට ලබාදීමට උත්සාහ කරනවා. මම හිතනවා මෙය ඉදිරියටත් මීට වඩා දියුණු වේවි කියලා.

තරුණ කලාකරුවෙක් ලෙස ක්ෂේත්‍රයට එන්න ඉන්න නවකයන්ට දෙන්න තියෙන පණිවුඩය කුමක්ද?

කවුරුත් කරන දෙයක් කරන්න යන්න එපා.තමන් තුළ තියෙන නිර්මාණ එළියට ගන්න නිතරම උත්සාහ කරන්න.රැල්ලට දෙයක් කළොත් රැල්ල ඉවර වුණාම ඒ දේ ඉවරයි.නමුත් තමන්ගෙම නිර්මාණයක් හෝ  සොයාගැනීමක් කළොත් ඒක සෑහෙන කාලයක් රැඳිලා තියෙනවා.ඒක Risk එකක් තමා. නමුත් ඒ Risk එක ගත්තට ඒක කාලයක් පවතින දෙයක්.සංගීතය පමණක් නොවේ ඕනෑම දෙයක් රැල්ලට ජනප්‍රියත්වයට කරන්න ගියොත් එහි පැවතීම අඩු වෙන්න පුළුවන්.ඒ නිසා මම ඕනම කෙනෙක්ට කියන්නේ කවුරුත් කරපු දේවල් කරන්නේ නැතුව අලුත් දේවල් කරන්න උත්සාහ කරන්න.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉදිරියට තවත් අලුත් වැඩ කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මම 2017 දී ලංකාවේ කරපු ලොකුම Drums Festival  එකේ දෙවන අදියර මේ අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දෙදි කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම 2024 ට මම මේ ක්ශේත්‍රයට ඇවිත් අවුරුදු 20ක් සපිරෙනවා.ඉතින් ඒ Anniversary Concert එක අවුරුදු 20 ක් පුරාවට මාත් එක්ක වැඩ කරපු හැම කලාකරුවෙක්වම එකතු කරගෙන  මේ අගෝස්තු මාසයේදී පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ Concert එකේදී මට Costom – Made කළ Drum Set එකක් හඳුන්වා දෙන්න මම  බලාපොරොත්තුවෙන් ඉන්නවා.මෙය නිර්මාණය කරන්නේ ලොව විශාලතම Drum නිර්මාණය කරන ආයතන වන DW සහ LP (Latin Percussion) ආයතන විසින් වීම විශේෂත්වයක්.

සටහන –

පෙවින්ද්‍යා රශ්මි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa