මිනිසා සහ සත්ත්වයින් අතර කිසියම් වෙනසක් තිබේද නැතහොත් මිනිසා යනු තවත් එක් සත්ත්වයෙක් ද යන්න විවාදාත්මකය. සත්ත්ව විද්‍යව පිළිබඳව ප්‍රාමාණික බුද්ධිමතකු වූ මහාචාර්ය සේන ද සිල්වා ගේ මතයට අනුව මිනිසා යනු සත්ත්වයෙක් වේ. එහෙත් බැලූ බැල්මට සාමාන්‍ය සමාජයක මිනිසා තවත් එක් සත්ත්වයෙක් බව පෙනී යන්නේ නැත .මිනිසාට ස්වභාවික පරිසරයෙන් බැහැර වෙමින් ක්‍රතීම පරිසරයක් නිර්මාණය කර ගැනීමේ අභිමතයක් ඇත. විද්‍යව ,කලාව,දර්ශනය ,ආගම වැනි දෑ වලට ඇති ලැදියාව හේතු කොට ගෙන මිනිසා අනිත් සතුන් ගෙන් නිදහස්ව නව සංකල්ප ගොඩ නගා ගෙන ඇත .ආගම් ඇදහීම මගින් ලබා ගන්නා ශික්ෂණය නිසා යම් යම් ආවේග පාලනය කර ගැනීමේ හැකියාවක් මිනිසා සතුය.එහෙත් කෙතරම් ශික්ෂණයක් ඇති කර ගෙන තිබුණත් තම ආවේග පාලනය කර ගැනීමට නොහැකි අවස්තාවක ට එලඹිය හැක .මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද ?මිනිසා තවත් එක්තරා සත්ත්වයෙක් බව නොවේද ?
තවද හෝමෝ සෙපියන්ස් නම් විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ලබන නූතන මානවයා සහ වානරයා අතර සමීප ජෛව විද්‍යත්මක සබඳතාවක් ඇත .මිනිසා ට වැළදෙන මැලේරියාව ,ඒඩ්ස් වැනි රෝග වානරයින්ට ද වැළදීම යථොක්ත කරුණ පැහැදිලි කර ගැනීම සදහා උපස්ථම්භක කර ගත හැක .

කෙසේ වෙතත් වානරයා නූතන මානවයා බවට පරිණාමය වීමේදී පරිසරයට නිසි පරිදි අනුවර්තනය වීමක් සිදු වී නොමැත .මෙම හේතුව නිසා තම ජීවන පැවැත්ම ගෙන යාමේදී .මිනිසා ට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදු වී තිබේ.සාර්ථක ජීවිතයකට උරුමකම් කිව හැක්කේ තම පරිසරයට සාර්ථක ලෙස අනුවර්තනය වී සිටින ජීවියකුට පමණි . නිදසුනක් ලෙස පරපෝෂිතයන් තම පරිසරයට සාර්ථකව අනුවර්තනය වී ඇති හෙයින් ඔවුන්ගේ පැවැත්ම මැනවින් ස්ථාපිත වී ඇත .
එසේම මිනිසා ගේ සෘජු කාය විලාශය ඇති වීමෙන් අනතුරුව සිදු විය යුතු වෙනස්කම් අසම්පූර්ණ ය.මිනිසෙකු බිහි කිරීම වෙනත් සතෙකු බිහි කිරීමට වඩා අසීරුය .එමෙන්ම එය අතිශය වේදනාකාරී ක්‍රියාවලියක් වේ.කුඩා දරුවන්ගේ හිස විශාල වීමත් මවගේ ප්‍රසව මාර්ගය සිහින් වීමත් මෙයට හේතු කාරක වී තිබේ. එහෙත් මෙබඳු තත්ත්වයක් සත්ත්ව ලෝකයේ වෙනත් සාමාජිකයන් අතර දක්නට නැත .
මිනිසාට හර්නියා රෝගය වැළදීම ට තුඩු දී ඇති හේතුව වන්නේද සෘජු ඉරියව්ව සමග අනෙක් ඉන්ද්‍රියන් එම වේගයෙන් ම එයට සරිලන පරිදි පරිණාමය නොවීමය .
කථනය මානවයාට ඇති තවත් සුවිශේෂී හැකියාවකි.එසේම මානවයා සතුව දියුණු වක්‍ර සංඥා පද්ධතියක් ද ඇත .කථනය සදහා මානවයා ගේ මොළය ඉතා සංකීර්ණ ලෙස විකසනය වී ඇත .
මිනිසා ගේ කශේරුව සිරස් ය. අනිත් සතුන්ගේ කශේරු වලට වඩා බරින් වැඩිය. මිනිසාත් වානරයාත් අතර ඇති ලොකුම වෙනස නම් මිනිසා ගේ විකසන වේගය අඩු වීම සහ වානරයා ගේ විකසන වේගය වැඩි වීමය.මිනිසා පරිනත වීමට දිගු කාලයක් ගත වන බැවින් නොයෙකුත් කලළීය ලක්ෂණ පෙන්නුම් කරයි.
මේ ආකාරයට ජෛව විද්‍යාත්මකව මිනිසා සහ අනෙකුත් සතුන් අතර වෙනස්කම් පෙන්නුම් කරන නමුත් මිනිසා ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරන ලද තවත් එක් සතෙකු පමණක් බව පැහැදිලි ය.මිනිසා ගේ පහත දැක්වෙන චර්යාවන් නිරීක්ෂණය කළ හැක .
1.මිනිසා ප්‍රචණ්ඩය.සැමවිටම තම මත නොරිස්සූ අයට එරෙහිව ක්‍රියා කරයි.
2.ආහාර ,ඇදුම් .ජලය ඇතුළු මූලික අවශ්‍යතා ලබා ගැනීමේදී සෙසු අය සමග තරග කරයි.
3.දේපොළ අයිති කර ගැනීමට ඇති අසීමිත ආශාව
4.නායකත්වය සහ තනතුරු ලබා ගැනීමට තිබෙන අසීමිත ආශාව
5.අන්‍යයන් පෙලීමට ඇති ආශාව සහ එයින් අසීමිත වින්දනයක් ලැබීම
ඉහත සදහන් චර්යාවන් අද ශ්‍රී ලාංකික සමාජය තුළ කෙසේ නිරීක්ෂණය කළ හැකි ද යන්න විමසා බැලීම වැදගත් ය.සම්පත් ඌනතා අවස්ථා වලදී මෙරට ජනසමාජය ක්‍රියා කළ ආකාරය පසුගිය සමයේ සියලුම දෙනාට පැහැදිලි විය .ඌන සම්පත් හමුවේ මිනිසා අතර තරගයක් ඇති වීම වැලැක්විය විය නොහැකි ය.එවිට තමන් ගේ අවශ්‍යතා සපුරා ගැනීමට කෙසේ හෝ ක්‍රියා කරන අතර මානවයා ප්‍රචණ්ඩ වේ. එතෙක් ඔවුන් ගේ තිබුණු ආගමික ශික්ෂණය ,හැදියාව සහ ආචාර ධර්ම සියල්ලම සැනකින් අතුරුදන් වේ.ඒ අවස්ථාව වන විට මානවයා තුළ සැගවී තිබුණු සත්ත්ව හැසිරීම් රටාව උද්දීපනය වීමට පටන් ගනියි .එබැවින් ඔහු තව දුරටත් මිනිසකු නොව සත්ත්වයෙක් වේ. මෙය විශ්ව සාධාරණ සත්‍යයක් වේ. මෙය මෙසේ නොවන බවට කිසිවෙකුට තර්ක කළ හැකි ද ?
මෙරට දේශපාලනයේ ද මෙම සත්‍යය දෘශ්‍යමාන වේ. දේශපාලනය හරහා බලය ලබා ගැනීමේ දී පක්ෂ ක්‍රියාධරයින් අතර විවිධ ගැටුම් ඇති වේ. මැතිවරණ සමයේදී මෙම තත්ත්වය නිරීක්ෂණය කළ හැකි ය. පක්ෂ වල ආධාරකරුවන් එකිනෙකා ගැටෙන්නේ තම පක්ෂය ජයග්‍රහණය කිරීමට ය. එම අරමුණ සදහා කවර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීමට ඔවුන් පසුබට නොවේ. ඇතැම් විට මැතිවරණය අවසානයේ දී ජීවිත කීපයක් විනාශ වේ. මේ සියල්ලම සිදු වන්නේ මිනිසා ගේ සත්ත්ව චර්යාවන් ඉස්මතු වූ පසුව ය.ඔහුගේ සත්ත්ව චර්යාවන් කුමන ආකාරයකට සැගවීමට උත්සාහ ගත්තද එය නිෂ්ඵල වේ.මේ සියලුම සත්ත්ව චර්යාවන් පාලනය කර ගත හැක්කේ සීමිත වපසරියක පමණි .
උක්ත සංදර්භය තුළ මිනිසා සත්ත්වයෙක් නොවේය යනුවෙන් තර්ක කළ නොහැකි ය. ආගම සහ සංස්කෘතික සීමා මගින් මිනිසා ගේ සත්ත්ව ගතිගුණ පාලනය කර ඇති නමුත් තීරණාත්මක අවස්ථාවේ දී ඒ සියලුම බැමිවලින් මිදීමට මිනිසා උත්සුක වේ.සදාචාරය යන්න මිනිසා සත්ත්වයින් ගෙන් වෙන් කිරීමට යොදා ගන්නා කෘතීම මෙවලමක් පමණි .මිනිසා අතින් ඉතා දරුණු ගණයේ අපරාධ එනම් ඝාතන, ස්ත්‍රී දූෂණ සිදු වන්නේ මිනිසා සැබවින්ම සත්ත්වයෙක් නිසා ය. එසේ හෙයින් සමාජයේ සිදුවන අපරාධ වලට විරාම තිත තැබීම කිසිදා කවර ආකාරයකින්වත් කළ නොහැක. ලෝකය පවතින තෙක් මේ සියලුම අපරාධ සිදු වේ. ආගමික ,සදාචාරාත්මක සහ සංස්කෘතික බැඳීම් වලින් ඒවා එක්තරා දුරකට පාලනය කළ හැකි නමුත් සම්පුර්ණයෙන්ම බැහැර කළ නොහැකි ය.මක්නිසාද යත් මිනිසා සත්ත්වයෙක් බැවිණි .සදාතනික සත්‍ය වූ කලී ලෝකයේ රාජ්‍යයන් ඇතිවීම සහ නැතිවීම ද යුද්ධය ඇතිවීම ද ජනසංහාරය ද ,ප්‍රචණ්ඩ වූ කැරලි ද යන මේ සියල්ලම මිනිසා ගේ සත්ත්ව චර්යාවන් ඉස්මතු වීම නිසා සිදුවන්නක් බවයි .මෙම සත්‍යයට මුහුණ දීමට සියලුම දෙනාට සිදු වීම වැලැක්විය නොහැක .

එස්.එම්.ජයසූරිය
