රූපලාවන්‍ය දෙවැනි වූයේ දෙවිවරුන්ට පමණි. රූපලාවණ්‍ය ලෝකයේ ඉතිහාසගතව පැවත ආ අවශ්‍යතාවයකි. අතීතයේ පටන් පැවැති රූපලාවන්‍ය රහස් එක් එක් රටවල්ට ආවේණනිකව, දේශීයව, භූ විෂමතා කලාප අනුව වෙනස්කම් හා සමානකම් හරි හරියට තිබී ඇත.
රූපලාවණ්‍ය යනු රූපය සැරසීමකි. Body adornment එකකි. මිනිසුන් තමන්ගේ රූපය ඔප් නංවා ගැනීමට කැමති ඇයි?රූපලාවන්‍ය බොහෝ සංස්කෘතීන්වල අනන්‍යතාවයකි ( cultural identity). ඈත අතීතයේ සිට බොහෝ ශිෂ්ටාචාර සහ සංස්කෘතීන් රූපලාවන්‍ය සඳහා උනන්දුවක් දක්වා ඇත. පර්යේෂණ දත්තවලට අනුව කරුණු සොයා බැලීමේදී මිනිසුන් ශරීරයේ සැරසිලි (body adornment) කර ඇත්තේ හිරු රශ්මියෙන් ආරක්ෂාවීමටත්, කණ්ඩායමට හෝ සංස්කෘතියට අයිති බව පෙන්වීමටත් (belonging) සෞඛ්‍ය සම්පන්න වීම සහ සැරසිලි සහ විලාසිතා (modification and deco ration) තුළින් ආකර්ෂණය ලබා ගැනීමටත්ය.. ඔවුන් ඒවා පාවිච්චි කර ඇත්තේ ආගමික චාරිත්‍ර ලෙසත් (religious rituals) ලස්සන වීමටත්. සම නිරෝගීව පවත්වා ගැනීමට සහ තම තමන්ගේ සමාජ තත්ත්වය( social status) පෙන්වීම සඳහාය. පළමු රූපලාවණ්‍ය භාවිතය ඊජිප්තුවෙන් පටන් ගත් බවට සාක්ෂි සොයාගෙන ඇත. මුල්කාලවකවානුව රූපලාවන්‍ය කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම ආලේප කර ඇත. ඊජිප්තුවේ රූපලාවණ්‍ය භාවිතා කර ඇත්තේ පෞද්ගලික සහ කුඩා කාමර ( Cosmetic chambers) වලය.

රූපලාවන්‍ය (cosmetic) ආලේප කිරීම ඈත් අතීතයේ පැවති සංස්කෘතික චාරිත්‍රයක්ද?
රාජ වංශික අය රූපලාවණ්‍ය පැලදීම අත්‍යවශ්‍යම කාරනාවක් වූ අතර රාජකීයයන් රූපලාවන්‍ය පැළඳ ඇත්තේ තමන්ගේ සමාජ තත්ත්වය සහ වැඩකරන ජනතාවගේ සමාජ තත්ත්වය අතර වෙනස ඉස්මතු කර පෙන්වීමට ය. ඊජිප්තුවෙන් සොයාගත් කලුපාට eyeliner (Kohl) antimony වලින් සමන්විත තීන්ත වර්ග මිශ්‍රකර ඇස් වර්ණ ගන්වා ඇත්තේ රාජකීයන්ව හිරු රශ්මියෙන් ආරක්ෂා කර වීමටය. Eyeliner නොහොත් Kohl භාවිතය තුළින් බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වූ බව විශ්වාසයක් පැවතිනි. ඔලීව තෙල් සහ අඟුරු මිශ්‍රකර ඇහිබැමි eye brows මහත් කර ඇඳ පෙන්වා ඇත.
පසුකාලවලදී රාජ බිසෝවරුන් සහ කුමාරිකාවන් හොඳ සුවඳක් සහ ශරීරයේ සිනිදු බව රඳවා තබා ගැනීමට රූපලාවන්‍ය පාවිච්චි කර ඇත.සුවඳ විහිදුවන incense oil පාවිච්චි කර ඇත. කාන්තාවන් සුදු පාට powder වර්ග මුහුණුවලට ගාගෙන ඇත. වහල් කාන්තාවන් රූපලාවණ්‍ය ආලේප කිරීමට යොදාගෙන ඇත. නමුත් වහල් කාන්තාවන්ට රූපලාවන්‍ය ආලේප කිරීමට අවසර නො නොතිබිණි. රජ බිසෝවරුන් සහ කුමාරිකාවන් මේවා ආලේප කරගෙන ඇත්තේ වහල් කාන්තාවන් යොදාගෙනය. වහල් කාන්තාවන්වන්ට ඒ සඳහා හොද පුහුණුවක් ලබාදී ඇත. රූපලාවන්‍ය ආලේපනය සඳහා ඔවුන් සතු දක්ෂ කුසලතා අගයා ඇත. රූපලාවන්‍ය ආලේපනයේදී රාජකීය කාන්තාවන් සුවඳ විලවුන් ගල්වාගෙන ඇත. තුන් ආකාර ලෙස සුවඳ විලවුන් ගැල්වීම, ආභරණ පැළඳීම සහ රූපලාවන්‍ය මගින් ඔවුන්ව හැඩ කරගෙන ඇත.
රාජ්‍ය බිසෝවරුන් ස්නානයෙන් පසු රූපලාවන්‍ය භාවිත කර ඇත. රූපලාවණ්‍ය සදහා යොදාගත් අමුද්‍රව්‍ය ලෙස ඔලීව තෙල්, රෝස වතුර, පිපිඤ්ඤා, මී පැණි, රෝස කොළ, පොපි මල්, ලිලී මල්, බිත්තර, මීමැස්සන්ගේ ඉටි ( bees wax), අසමෝදගම්, සත්ව මේදය, titanium oxide, සුවඳ ලාටු(myrrh) කට්ටකුමන්ජල් ( frankincense) භාවිතා කර ඇත. සුවඳ විලවුන් අත්‍යවශ්‍යම වූ ද්‍රව්‍යයක් විය. මුහුනේ රැලි වැටීම, අව්වට පිච්චීම, මුහුණ කලු වීම, (blemishes ,wrinkles, freckles) සඳහා මේවා භාවිතා වී ඇත. එක් එක් උත්සව අවස්ථාවන් සඳහා විවිධ වූ සුවඳ විලවුන් වර්ග උචිත ලෙස භාවිතා කර ඇත. රෝම වැසියන් නිතරම තම තොල් පාට කරගෙන ඇත.රෝම ශිෂ්ටාචාරය තුළ පිරිමින් ද රූපලාවන්‍ය භාවිතා කර ඇත. චිනයේ නිය ආලේපනය කර ඇති බවට සාක්ෂි ඇත. ඒවා ද රාජකීයයන් ආලේප කරගෙන ඇති බව සඳහන් වේ. ඔවුන් ඒවා ආලේප කර ගත්තේ තමන්ගේ රාජකීය තත්ත්වය (royal status) එක පෙන්වීමටය. ඊජිප්තුවේ සහ චිනයේ ඉපැරණි facial treatment සෞඛ්‍යය ප්‍රතිකාර ලෙස ලබා දී ඇති බව සොයාගෙන ඇත.

එලිසබෙත් කාලවකවානුව රූපලාවණ්‍ය සඳහා හොඳම කාල වකවානුවක් වේ. එම කාලය තුළ රූපලාවණ්‍ය භාවිතය ඉහළ ගොස් ඇත. රූපලාවන්‍ය වෙළෙඳපල වල විකිණීමට තබා ඇත. ඒවා රත්තරන්, රිදී, වීදුරු හා සත්ත්ව ඇටකටු වැනි අමුද්‍රව්‍ය වලින් සෑදූ පෙට්ටි (ටැබ්ලට්) ආකාරයෙනි. ඉහල පැලැන්ති ක වංශාධිපති වරුන් රූපලාවණ්‍ය වලින් තම මුහුණු වර්ණ ගන්වා ගෙන ඇත. ඉහළ පැලැන්තික අය අත් ආවරන (hand gloves) සහ සරසන ලද කුඩ වර්ග ඇඳුම්ට ගැළපෙන ආකාරයට පාටවල් වලින් තෝරාගෙන භාවිතා කර ඇත. ඒවා භාවිතා කර ඇත්තේ අවුවෙන් සම ආරක්ෂා කර ගැනීමටය. නමුත් වික්ටෝරියානු රැජින රූපලාවනය පැළඳීම අනවශ්‍ය දෙයක් ලෙස (backlash un lady like ) ලෙස නම් කර ඇත. ඒවා ආගමට පටහැනි නරක හැඟීම් උද්දීපනය වන ආලේපන ලෙස ප්‍රකාශ කර devils work ලෙසට අදහසක් ප්‍රචාරය කර ඇත.
ඊජිප්තු සහ රෝම වෙලඳපොලවල ක්‍රීම් වර්ග ද විකිණීමට තිබී ඇත. තමන්ගේ සම සිනිදු ව පවත්වාගෙන යාමට Cold Creams භාවිතා කර ඇත. ක්‍රීම් භාවිතය රූපලාවණ්‍ය යේ අත්‍යාවශ්‍යම අමුද්‍රව්‍යයක් වී ඇත. ක්‍රීම් නිෂ්පාදනය සඳහා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන ඇත. ලෝක යුද්ධ සමය තුළ දී හිරු කිරණවලින් ආවරණ වන cream වර්ග සොල්දාදුවන්ට sunscreen ලෙස භාවිතා කිරීමට නිෂ්පාදනය වී ඇත. දහනව වන සියවස තුළදී රූපලාවන්‍ය කර්මාන්තය තුළ කාන්තා ව්‍යවසායකයින්ට ඉහළ ස්ථානයක් ලැබී ඇත. ඔවුන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකයින් බවට පත්වී ඇත.
පුරාවිද්‍යා පර්යේෂණ වලට අනුව ඊජිප්තු මමී කළු පාට eyeliner ගා ඇති බවට සාක්ෂි හමු වී ඇත. එම mummy අධික chemicals වලින් ගල්වා ඇත්තේ නයිල් ගඟ උතුරා යාම නිසා ඇතිවන බැක්ටීරියා ආසාදන වලින් ගල්වා ගැනීම්ටය. නෙෆර්ටිටි රැජින eyeliner භාවිතා කර ඇති බවට මෙම පින්තූරයෙන් පෙනේ.



ක්ලියොපැට්‍රා රාජ කුමරියගේ සමය තුළ ඊජිප්තු කාන්තාවන් සතුව රූපලාවන්‍ය විවිධ වර්ණවලින් තිබී ඇත. මුල් වකවානුවල භාවිතා වූ ඇස් වර්ණකය eyeliner තද කොළ පැහැයෙන් යුත් විය. ඒවා ස්වාභාවික ශාක වලින් නිපදවා ඇත. රතු සහ දුඹුරු මිශ්‍ර හෙනා ඊජිප්තුවේ ගස් වර්ගයකින් සාදා ඇත. ක්ලියෝපැට්රා කුමරිය අත් වල හෙනා ගල්වා ගෙන සිට ඇත. අප්‍රිකානු Wadabee ගෝත්‍රයේ පිරිමි අය මුහුණු වල්ට මේකප් දමති. Face paint දමා හැඩ වෙති. ඔවුන් යන සෑම තැනම මුහුණ බලන කන්නාඩි රැගෙන යන බව සදහන්ය. සතුන් රැකවල් කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වන අතර සතුන් රැකවලේ ගෙන යාමට පෙර face paint දමා මුහුණු සරසා ගනිති. Wadaabe සංස්කෘතික උත්සව වලදී සුදුු දන්ත කල්‍යාණය, දීප්තිමත් ඇස් යුගලය, සහ හොඳ උස යන කරුණු තුන සඳහා තෑගි පිරිනමති.

මෙම ගෝත්‍රික පිරිමින් බොහෝ සැරසිලි යොදා තම Body adornment නැතහොත් ශරීරය සැරසීම යන කරුණු ගැන French Philosopher, Maurice- Merleau –Ponty Phenomenology of Perception (1962), අනුව අපට අපගේ ශරීර සංසන්දනය කළ හැක්කේ භෞතික වස්තුවකට නොවේය. ඔහුට අනූව අපගේ ශරීර කලා කෘතීන්ය. ඔහුට අනුව ශරීරය භෞතික දෙයක් නොවේ. චිත්‍ර රූපී (artistic) සංස්කෘතිකත්වය පෙන්නන මාධ්‍යකි. අප (body adornment) ශරීරය සැරසීම සහ රූපලාවන්‍ය ( cosmetics වලින් ) පෙන්වන්නේ අපගේ සංස්කෘතික කලා කෘතියයි. එය වාචික නොවන (non- verbal) මාධ්‍යකි. අපගේ ශරීර සංකේතාත්මක විවිධ කරුණු සමාජයට හෙළි කරයි. ඒවා cosmetics මගින් ද විය හැක. අපගේ අපගේ අදහස් සමාජයට හෙළි කිරීමට ශරීරය මාධ්‍යයක් ලෙස යොදාගත හැකි වේ.. ඔහුට අනුව අප විදහා දක්වන අපගේ ශරීර දෘශ්‍ය කෞතුක භාණ්ඩ (visual artifacts) වේ. මෙම artifacts සෞන්දර්යාත්මකව අපව ලෝකයට විදහා පෙන්වයි. එසේනම් රූපලාවණ්‍ය භාවිතයේ මේ දක්වා දියුණුවට හේතුව එයද?
රූපලාවණ්‍ය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් නොවේ. නමුත් ඒවාට දිනෙන් දින ඉල්ලුම වැඩි වී ඇත්තේ ඇයි?.
සටහන

Surani Fernando
