අද අපි හදමු ඩෙසර්ට් එකට ගැලපෙන දෙයක්..
බනානා ෆිටර්ස්…
බලමු මොනවද ඕනෙ කියලා
කෙසෙල් ගෙඩි 4 -5
පාන්පිටි කෝප්ප 1
බේකිං පවුඩර් තේ හැඳි 1 1/2
සීනි කෝප්ප 1/4
ලුණු ස්වල්පයක්
යෝගට් 1
බැදීමට තෙල්
අයිසිං සීනි ස්වල්පයක්
කෙසෙල් ගෙඩි පොතුහැර අඟල් 1 කොටස් වලට කපාගන්න.
බෝල් එකකට පාන්පිටි, බේකිං පවුඩර්, සීනි, සහ ලුණු දමා යෝගට් එක එකතුකර ලී හැන්දකින් හොඳින් මිශ්‍රකරගන්න.
තරමක් ගැඹුරු පෑන් එකක් ලිප තබා තෙල් එකතුකරගන්න.
කපාගත් කෙසෙල් කැබලි සාදාගත් මිශ්‍රනයේ දවටාගන්න.
දැන් රන් පැහැ වන තෙක් බැදගන්න. ටිෂූ පේපර්එකක් සෝස් වැනි දෙයක් සමඟ පිළිගන්වන්න පුලුවන් .
හදලා බලන්නකො..හරිම රසයි

මම දිලීකා..
