මේ අවුරුදු සමයේ කැප්පෙටිපොළ පිළිබඳ නැවත කියවීමක් අවශ්‍ය වන්නේ අප රට වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදය සමඟ සැසඳීමටය.
රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලා ගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ,ගොලහෙල දිසාව ට සහ මොණරවිල කුමාරිහාමි ට දාව උපත ලද්දේ මාතලේ,උඩසියපත්තුව,උඩුගොඩ ග්‍රාමයේ ය.1815 උඩරට ගිවිසුමෙන් පසු ඉංග්‍රීසින් විසින් මාතලේ දිසාව ලෙස කැප්පෙටිපොළ පත් කරන ලදී .පසුව මාතලේ දිසාව ට අමතරව ඌව දිසාව ලෙස ද ඔහු පත් කරන ලදි .
නායක්කාර් වංශිකයකු වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් නෙරැපීම තම මූලික අරමුණ කර ගත් උඩරට රදල ප්‍රභූන් උඩරට ගිවිසුම අත්සන් කළේ ඉන් අනතුරුව මුහුණ දීමට සිදුවන අවදානම නොතකා ය.කෙසේ වෙතත් ගිවිසුම ප්‍රකාරව ඉංග්‍රීසි ආණ්ඩුවේ ඉහළ තනතුරු වලට උඩරට ප්‍රභූන් පත් කරන ලදී .කැප්පෙටිපොළ දිසාවේ විවාහ වුයේ දෙල්වල එතනහාමි සමගය .එම විවාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ට දාව පුතුන් දෙදෙනකු ලැබුණි
1815 ගිව්සුමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව උඩරට ප්‍රභූන් ගේ එතරම් ප්‍රසාදය ක් නොතිබුණු අතර ඔවුන් උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් රාජ්‍යය ට බලවත් අගතිය ක් සිදු වූ බව පසක් කර ගැනීමට වැඩි කාලයක් ගත නොවිය .
1818 කැරැල්ල නිර්මාණය වන්නේ උක්ත පසුබිම තුලය .ඉංග්‍රීසි ආණ්ඩුව ට එරෙහිව කැරැල්ල ක් ඇති වීමට ආසන්න හේතු දෙකක් ඉදිරිපත් කළ හැක. ඒවා මෙසේය .
1. ලක් වැසියන්ගේ නිදහස අහිමිවීම
2. සිංහල රජකු නැතිවීම
මෙම කාලය තුල සිංහාසනයට තමන් ට උරුමයක් ඇති බව වෙල්ලස්සේ වාසය කළ දොරේසාමි නම් පුද්ගලයා ප්‍රකාශයට පත් කළ අතර තමන් ඉංග්‍රීසි ආණ්ඩුව ට එරෙහිව අරගලය ක් දියත් කරන බව අවධාරණය කළේය .මේ අරගලයට වෙල්ලස්සේ ප්‍රභූන් ගේ සහය ලැබුණි .ඉංග්‍රීසි ආණ්ඩුව ට එරෙහිව සිංහලයන් නැවත සංවිධානය වන බව ට බදුල්ල ඒජන්ත ඩග්ලස් විල්සන් ට ඔත්තුවක් ලැබුණි .ඒ අනුව වහාම දොරේසාමි අත් අඩංගුවට ගැනීමට ඒජන්ත වරයාට අවශ්‍ය විය .ඔහු ඒ සදහා පිටත් කර හැරියේ හජ්ජි මුහම්දිරම් ය.ඔහු තම භට කණ්ඩායම සමග පිටත් වුවත් ඔහුගේ උත්සාහය අසාර්ථක විය .මේ නිසා ඒජන්ත වරයාම භට කණ්ඩායම ක් සමග පිටත් වූ නමුත් කැරලිකරුවන් සමග සටනේදී ඊ පහරකින් ඒජන්ත වරයා මිය ගියේ ය.මේ අතර වෙල්ලස්සේ කැරැල්ල දිනෙන් දින උත්සන්න විය. ඒ අනුව ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කළේ කැරැල්ල මර්දනයට සිංහල නායකයකු යැවිය යුතු බවයි. ඒ සදහා තෝරා ගමොණරවිල කැප්පෙටිපොළ යි.මාතලේ දිසාව ලෙස කටයුතු කළ කැප්පෙටිපොළ වෙල්ලස්ස දිසාව ලෙස ද පත් කරන ලදි .කැරලිකරුවන් සහ ඇහැලේපොළ නිල්මේ අතර රහසිගත සම්බන්ධයක් ඇති බව ඉංග්‍රීසින් ට අනාවරණය විය .ඒ අනුව ඇහැලේපොළ අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන එන ලදී .
කැරැල්ල මර්ධනය කිරීමට යවන ලද කැප්පෙටිපොළ දිසාව සම්බන්ධව අශුභදායක ආරංචියක් ඉංග්‍රීසින් ට ලැබුණි .ඔහු කැරලිකරුවන් සමග එකතු වී කැරැල්ල ට නායකත්වය දෙන බව එම ආරංචිය යි.මෙයින් කෝපය ට සහ කලබලයට පත් වූ ඉංග්‍රීසින් මුහුදු බඩ සිටි හමුදා කණ්ඩායම් ද ඌව ට කැදවාගෙන එන ලදි .1818 ටේ පෙබරවාරි මස යුද නීතිය සමස්ථ රට පුරා පනවන ලදී .ඉංග්‍රීසින් ගේ ප්‍රභල අවි හමුවේ සාර්ථක ලෙස සටන් කිරීමට කැරලිකරුවන් ටනොහැකි වීම නිසා කැරලිකරුවන් ට පසු බැසීමට සිදු විය .සටනේ නියමුවන් අතරින් මත්තමගොඩ,දඹවින්න,කොබ්බෑකඩුව ,ගලගෙදර මොහොට්ටාල ,කතරගම බස්නායක නිලමේ ,බූ ටෑවේ රටේ රාළ අත් අඩංගුවට ගැනීමට ඉංග්‍රීසිහූ සමත් වූහ .අවසානයේ දී මහත් වෙහෙසක් දරා කැප්පෙටිපොළ හා මඩුගල්ලේ ද අත් අඩංගුවට ගන්නා ලදී .
කැරලිකරුවන් ට එරෙහිව චෝදනා ගොනු කරන ලද්දේ යුද අධිකරණයේදී ය.ප්‍රධාන චෝදනා දෙක වූයේ රාජද්‍රෝහී වීම සහ එංගලන්තයේ රජතුමා ට එරෙහිව කැරලි ගැසීමයි.යුද අධිකරණයේ ඒකමතික තිරණය වූයේ කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙනා ගේ හිස ගසා මරණයට පත් කිරිමයි.කෙසේ වෙතත් කැප්පෙටිපොළ දිසාව අවසන් ඉල්ලීමක් ඉදිරිපත් කළේය .ඒ හිස ගසා දැමීමට පෙර දළදා සමිදු වැද පුදා ගැනීමට ය.ඒ අනුව 1818 ටේ නොවැම්බර් 25 වනදා උදෑසන දළදා සමිදු වැද පුදා ගැනීමට අවසර දෙන ලදී .1918 ටේ නොවැම්බර් 26 වනදා රැකවුලුන් මධ්‍යයේ වදකස්ථානය ට ලංවූ කැප්පෙටිපොළ ජලය ස්වල්පයක් ඉල්ලුවේ ය.ඒ අත් පා සෝදා ගැනීමට ය.ඉන් පසු හිස පීරා කොණ්ඩය බැද ගත් හෙතෙම වදකස්ථානය සමීපයේ එරමිණියා ගොතා ගෙන වාඩි විය .ඉන් අනතුරුව වධකයාට මෙසේ ප්‍රකාශ කළේය .
“වධකය, මානව අරහාදී බුදුගුණ පාඨය කියවද්දී මාගේ හිස එක පහරින් ම කදෙන් වෙන් වීමට වැරෙන් පහරක් ගසනු”
වධකයා ඒ ආකාරයකට ම කැප්පෙටිපොළ දිසාව ගේ හිස ගසා දැමුවේ ය.
මෙම නඩු විභාගය සිදු කළ අධිකරණය කැන්ගරු අධිකරණය ක් බවට චෝදනාවක් එල්ල විය .කැන්ගරු අධිකරණය ක් ලෙස හදුන්වන්නේ නිසි සාක්ෂි විභාගයකින් තොරව ඒක පාක්ෂික ලෙස කටයුතු කරන අධිකරණය කි.
1815 වේ මාර්තු දෙවන දා මහනුවර රාජ සභා ගොඩනැගිල්ල හෙවත් මගුල් මඩුවේදී බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඉදිරියේ අත්සන් කළ උඩරට ගිවිසුමට පූර්ණ සහය දුන් කැප්පෙටිපොළ ඉංග්‍රීසි අධිකරණය කින්ම මරණ දඩුවම හිමිවීම එක්තරා ආකාරය ක දෛවෝපගත සිදුවීමක් ය.
පසුවදන
වෙල්ලස්සේ කැරැල්ලේ ආරම්භකයා දොරේසාමි ය.ඔහු නායක්කාර් වංශිකයකු වේ.පහතරට මාතර පළාතේ ද නායක්කාර් වංශිකයන් ගෙන් පැවත එන්නන් වෙසේ. එවැනි එක් පුද්ගලයකු මෙම ලියුම්කරු හමු වී විටෙක පැවසුවේ තමා සතු තෝම්බවකට අනුව රජ වීමට බලයක් ඇති බවත් ඒ සදහා තමන්ට නඩුවක් පැවරීමට අවශ්‍ය බවයි. ලියුම්කරු එය ප්‍රතික්ෂේප කළේය .
එස් .එම්.ජයසූරිය .
