හරිම ලේසි රසවත් කරි එකක්.අල හාල්මැස්සන් එකට දාලා ඉව්ව වගේ..පොඩි වෙනස්කම් කීපයක් තියෙන්නෙ.බලන්නකෝ හදල..පපඩමක් බැද ගත්ත නම් බතට මේ කරිය විතරක්ම ඇති..
අවශ්‍ය ද්‍රව්‍ය-
(එක් අයෙක් සඳහා)
- සාමාන්‍ය අල ගෙඩි එකක්(පොතුහැර කෑලි 12 කට කපාගන්න)
- තම්බාගත් බිත්තර 1
- කපාගත් ලොකු ළූනු ගෙඩි බාගයක්
- කපාගත් පොඩි අමුමිරිස් කරලක්
- මාදුරු ඇට 12
- කපාගත් සුදුළූනු බික් එකක්
- කරපිංචා
- කුරුඳු පොත්තක්
- ජැෆ්නා කරි පව්ඩර් තේ හැඳි 2
- දියකිරි
- මිටි කිරි කෝප්ප බාගයක්
- තෙල් ස්වල්පයක්
සාමාන්‍යයෙන් දමිළ අය තල තෙල් තමයි පාවිච්චි කරන්නෙ.ඒත් එහි රසට මම ආස නැති නිසා පොල්තෙල් පාවිච්චි කරා.
**මුලින්ම තෙල් ස්වල්පයක් වළඳකට එක්කර රත්වන විට මාදුරු,කුරුඳු පොත්ත එක්කර තප්පර කීපයකට පසුව ළූනු සුදුළූනු අමුමිරිස් එක්කරන්න.මිශ්‍ර කරමින් ළූනු මැලවෙනතුරු තබන්න.
**අල ටික එක්කර මිශ්‍රකරන්න.විනාඩියක් පමණ තබා මිශ්‍රකර කරි පව්ඩර් එක්කරන්න.
අල තැම්බෙන්නට අවශ්‍ය ප්‍රමානයට දියකිරි එක්කරන්න.කරපිංචා එක්කර,ලුණුද එක්කර අල තැම්බෙන තුරු පියනකින් වසා මද ගින්දරේ තබන්න.
–අවශ්‍ය නම් අල බෙරි නොවන සේ තම්බා ගෙන කරියට එක්කල හැක.එසේ එක්කරන්නේ නම් දියකිරි ප්‍රමාණය අඩු කරන්න.
**බිත්තරයේ එක් පැත්තක දික් අතට පැල්මක් දමන්න.කිරි හිඳීගෙන යනවිට බිත්තරය එක්කරන්න.පියනෙන් වසා උයාගන්න.
**කිරි හිදී ගිය පසු උකු කිරි එක්කර හැන්දකින් මිශ්‍ර කරගන්න.විනාඩි එකහමාරක් පමණ පියනකින් වසා උයාගන්න.වරින් වර හැඳි ගාන්න.හොද්ද හොඳින් උකු වේ.ලුණු රස බලා ලිපෙන් ඉවත්කරන්න.

**ඉඳිආප්ප,පිට්ටු,බත්,පාන් සියල්ලටම හොඳින් ගැලපේ.
ඉදිරිපත් කිරීම
අප්සරා රණසිංහ
