“රැකියා විරහිත කාන්තාවන්ට තැනක් ලබාදීම තමයි එකම අරමුණ” තනූජා ප්‍රියදර්ශනී

author
0 minutes, 11 seconds Read

වර්තමානයේදී අපට වෙළඳපොළ තුළ දැඩි තරගකාරීත්වයක් දකින්නට පුළුවන්. එකී තරගකාරීත්වය තුළින් බිහි වන නව ව්‍යාපාර අවස්ථා තවදුරටත් ඉහළ නංවාලීම සඳහා Colombo journal අපි ව්‍යාපාරික ලෝකයේ ගොඩනැගෙමින් පවතින ව්‍යාපාර පිළිබඳව BIZ REVIEWS විශේෂාංගයෙන් ඔබත් සමග කතාබහ සිදු කිරීමටයි මේ සූදානම.

“රැකියා විරහිත කාන්තාවන්ට තැනක් ලබාදෙමින් කාන්තාවන් පමණක් සම්බන්ධ කරගෙන මිල්ටන් ෆයිබර් වර්ක්ස් ආයතනය ලංකාවේ විශේෂ ආයතනයක් බවට පත්කිරීම තමයි එකම අරමුණ.”

සිය පියාණන්ගේ අඩි පාරේ යමින්, කාන්තාවක සතු ශක්තිය සහ ධෛර්යය ලොව සියලු කාන්තාවන්ටම ආදර්ශයක් වෙමින් කටයුතු කරන ඇය Milton Fiber Works ආයතනයේ ප්‍රධානී තනූජා ප්‍රියදර්ශනී.

ඉතින් අපි බලමු ව්‍යවසායකයෙක් විදියට ඇය මේ ව්‍යාපාරය ඉතා සාර්ථකව ගොඩනගා ගත්තේ කෙසේද කියලා.

අපි මුලින්ම ඔබ ගැන කතා කරමු.

මගේ නම තනූජා ප්‍රියදර්ශනී. මම දැනට පදිංචිව සිටින්නේ කළුබෝවිල ප්‍රදේශයේ. මම දෙදරු මවක්. මම ඉගෙනුම ලැබුවේ සුනෙත්‍රාදේවි බාලිකා විද්‍යාලයේ. වෙනවා.පාසල් අධ්‍යාපනය අවසානයේ මම බාහිර උපාධියක් හැදෑරීමට කටයුතු කලා. නමුත් එම කාලය අතරතුරදී මම විවාහයට පත් වූ නිසා මගේ අධ්‍යාපන කටයුතු වලට පොඩි පොඩි බාධා ඇති වුණා.

කොහොම ද Milton fiber works කියන වෙළඳ නාමයකින් මෙවැනි ආයතනයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,

ඒ ගැන කතා කරනවා නම් , මගේ පියාගේ නම මිල්ටන්. ඇත්තටම ඒ නමින් තමයි මට හිතුනේ මෙහෙම ආයතනයක් මට පටන් ගන්න ඕනි කියලා මගේ තාත්තා වෙනුවෙන්.

මගේ තාත්තා මේ ක්ෂේත්‍රය තමයි වැඩ කළේ. එයා වැඩ කරේ තැනින් තැනට ගිහිල්ලා. එහෙම තැනින් තැනට ගිහිල්ලා වැඩ කරන එක නතර වෙන්න ඕනේ කියලා මට හිතුනා. වයසට යද්දී හැමදාම මෙහෙම තැන් තැන්වල යන්න බැහැනේ . ඒ නිසා එයා වෙනුවෙන් මම මේක කරන්න හිතුවා ෆේස්බුක් පේජ් එකක් මගින්. මගේ තාත්තට ගෙදර ඉඳන්ම මේ වැඩ කරන්න පුළුවන් කියන තැන හිතලා තමයි මම මේක පටන් ගත්තේ. මුල් කාලයේදී ගොඩක් මම සපෝට් කරේ මගේ තාත්තට.

ව්‍යවසායකයෙක් විදියට කොපමණ කාලයක් වෙනවද මේ ආයතනය ආරම්භ කරල,

දැන් අවුරුදු තිහක් වෙනවා තාත්ත මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරලා. මම පටන් අරගෙන අවුරුදු දහයක් වගේ තමයි . තාත්තා අසනීප වුණාට පස්සේ එක තැන් වෙලා හිටිය අවුරුදු තුනක්. ඒ කාල සීමාව තුළ මම තනියම මෙම ව්‍යාපාරය ගොඩනඟා ගන්න මහන්සි වුණා. එතැන ඉදලා තනියම තමයි මම හැමදේම කලේ.

දැනට ඔබ විසින් නිෂ්පාදන කොපමණ ප්‍රමාණයක් සිදුකර තිබෙනවාද ?

දැනට නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මම සිදු කරල තියෙනවා. දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 23 කටම වගේ මගේ නිෂ්පාදන මම පාරිභෝගිකයින්ට යවලා තියෙනවා. කියන්න බැරි ප්‍රමාණයක් මම අච්චු නිෂ්පාදන සහ අනෙකුත් නිෂ්පාදන හදලා දීලා තියෙනවා.

මෙම නිෂ්පාදන වලට අමතරව අපගේ ආයතනය මගින් ලබාදෙන සේවාවන් ගැන කතා කලොත්, Silicon Molds,Rubber Molds,Fiber Molds,Bathtubs/Water Tank Repairs,Vehicle Body Repairs,Dolamite Status,Fiber Status,Laptop Fabrication,All Kind Plastic Repair, Fiberglass Accessories යන සේවාවන් සියල්ලම අපි අපේ පාරිභෝගිකයින්ට ලබා දෙනවා.

ඔබේ නිෂ්පාදන සඳහා ඔබ භාවිත කරන්නේ මොන වගේ අමුද්‍රව්‍යයද?

නිෂ්පාදන වලට භාවිත කරන්න සිලිකන්, රබර් කිරි ආශ්‍රිත අමුද්‍රව්‍ය. තව Bandech වගේ අමු ද්‍රව්‍යයත් අපි මේ නිෂ්පාදනයේදී භාවිත කරනවා.

ඉදිරියේදී සිදු කරන්නට නියමිත නව නිෂ්පාදන මොනවද?

ඉදිරියේදි අලුත් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අඹන පැත්තට යොමුවෙන්න. ඒ වගේම අපිට වෙළඳපොළේදී තියෙන ප්‍රශ්න තමයි අමුද්‍රව්‍ය වල මිල ගණන්.

මේ වනවිට මේ අමුද්‍රව්‍ය වල මිල ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් ඒවායෙන් හැදෙන නිෂ්පාදන වන මිල ටිකක් වැඩියි. ඒක තමයි දැනට තියෙන ගැටලුකාරී තත්ත්වය.
ඇත්තෙන්ම ඒ වගේ අමුද්‍රව්‍යවල මිල ගණන් ටිකක් අඩුවුනා නම් තවත් අපිට මිල අඩු කරලා මේ වගේ නිෂ්පාදන ඔබට ලබා දෙන්න පුළුවන්.

ඔබගේ සේවක පිරිස ගැනත් අප කතා කරමු.

ඇත්තෙන්ම මට එහෙම විශාල සේවක පිරිසක් නැහැ. මේකට මගේම අය තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. දැනට කාන්තාවන් තිදෙනෙක් වැඩ කරනවා. මට කරගන්න ලොකු අපහසු වැඩවලදී මගේ ඥාති සහෝදරයා තමයි මට ඒ හැම දෙයකටම උදව් කරන්නේ. මමත් දැනට තාම දියුණුවෙමින් පවතින කෙනෙක්.

ඉදිරියේදී මම කාන්තාවන් පමණක් ම මේ වැඩ කටයුතු වලට යොදාගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද කාන්තාවන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන අභියෝගය සහ අධිෂ්ඨානය තියෙනවා.

මම කැමති මේකට පුරුෂ පාර්ශවය සම්බන්ධ නොකර කාන්තාවන් පමණක් සම්බන්ධ කරගෙන මිල්ටන් ෆයිබර් වර්ක්ස් ආයතනය ලංකාවේ විශේෂ ආයතනයක් බවට පත්කරන්න.

මෙතෙක් ඔබේ ව්‍යාපාරය ලබා ඇති සාර්ථකව කෙරෙහි ඔබ ගත් විශේෂිත උපාය මාර්ගය කුමක්ද?

මේ ආයතනය ආරම්භ කළේ සමාජ මාධ්‍ය තුළින් පේජ් එකක් හරහා. අපි අපේ කාලය නිකරුණේ සමාජ මාධ්‍ය තුළ ගත කරනවට වඩා මේ වගේ පේජ් එකක් හදලා අපි දියුණුවක් කරා එතනින් අපි දියුණුවක් කරා යන්න හදනවා නම් කාන්තාවන්ට එය ඉතාමත් වටිනවා. අලුත් කෙනෙක්ට ඉතින් ව්‍යාපාරයක් පටන් ගැනීමේදී සමාජ මාධ්‍යයේ පොඩ්ඩක් පහසුකම් තියෙනවා . මේ පහසුකම් කිසිවක් ඉස්සර කාලයේ තිබුණේ නැහැ. ඇත්තෙන්ම මේ දේවල් දැන් හැම පැත්තකින්ම දියුණුවක් තියෙන නිසා මාධ්‍ය තුළින් ව්‍යාපාර පුළුල් කර ගැනීම ලේසියි. ඒ නිසා වෙළඳපොලේ නැති දෙයක් නැහැ. එතකොට youtube වගේ දේවල්වල න් ව්‍යාපෘතිවලට හොඳ අදහස් තියෙනවා අලුත් ව්‍යාපාරවලට. හැමදේම අරගෙන දියුණුවට භාවිතා කරන්න තමයි කියන්න තියෙන්නේ.

ඔබේ අනාගත ඉලක්කය මොකද්ද?

මගේ අනාගත ඉලක්කය තමයි මේ ව්‍යාපාරය දියුණු කරගෙන නමක් ඇති කරගැනීම. ඒ වගේම මගේ පියාණන්ට ගෞරවයක් වශයෙන් ඔහුගේ නමින් ව්‍යාපාරය පවත්වාගෙන යාම සහ රැකියා විරහිත කාන්තාවන්ට තැනක් ලබාදීම තමයි එකම අරමුණ.

සටහන –

බී. රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa