ජනමාධ්‍ය වර්තමානයේ සමාජය තුල වැඩි බලපෑමක් ඇති කිරීමට සමත් වී ඇති බව අපට නොයෙකුත් පුවත් ඔස්සේ අපට නිරතුරුවම අහන්නට දකින්නට ලැබෙනවා.
ඉතින් අද අප සූදානම් වන්නේ ඒ පිළිබඳව විමසා බැලීමටයි.
ඒ පිළිබඳ කතා කිරීමට ජනසන්නිවේදන විෂය තුල පරිණත,ජනසන්නිවේදනය පිලිබද පර්යේෂකයෙක් වගේම ජනසන්නිවේදනය පිළිබද ගුරුවරයෙක් අපිට මුණ ගැහුනා.
එසේනම් වත්මන් ජනමාධ්‍ය තුලින් සමාජයට කෙබඳු බලපෑමක් සිදු වනවාද ?” කියන කාරණය ගැන කතා කිරීම සදහා අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා පුවත්පත් කොමසාරිස් නිරෝශන තඹවිට මහතා.
ඔබතුමා කවුද?
මම නිරෝෂන තඹවිට. ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලේ පුවත්පත් කොමසාරිස් විදියට සේවය කරනවා.පුවත්පත් මණ්ඩල පනත අනුව පුවත්පත් කොමසාරිස් කියන්නෙ ප්‍රධාන පරිපාලන භූමීකාව.පනත අනුව ජනාධිපතිතුමා විසින් අධ්යක්ෂ මණ්ඩලය පත් කරනවා. එහි සාමාජිකයන් හත් දෙනයි.අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ සදහන් කාරණා ආදිය ක්‍රියාත්මක කිරිමේ පරිපාලන ධූරය දරන්නෙ පුවත්පත් කොමසාරිස් තුමා.

වත්මන් පුවත්පත් කොමසාරිස් තුමා විදියට ඔබගෙ වෘත්තීය ගමන්මග සිදු වුනේ කොහොමද?
මම මුලින් ම සම්බන්ධ වෙන්නෙ පුවත්පත් මණ්ඩලයට ඒ සහකාර කොමසාරිස් වරයෙක් විදියට.මම පුවත්පත් මණ්ඩලයට සම්බන්ධ වන කාලය තුල පුවත්පත් මණ්ඩලය බොහොම අභියෝග කාරි තත්වයක තිබුනෙ.එ කියන්නෙ පුවත්පත් මණ්ඩලය කලක් ප්‍රතිපත්තිමය වශයෙන් අහෝසි කරල වසා දමලා වසර 7 ක් ගිය තැන නැවත සක්‍රීය කරනකොට තමයි මට එ රාජකාරිය භාරගන්න වුනේ.පුවත්පත් මණ්ඩලය කියන්නෙ බොහොම ආන්දෝලනාත්මක ජනමාධ්‍ය නියාමය සම්බන්ධව ක්‍රියාකරන රටේ තියෙන සංවේදී ආයතනයක්.ජනමාධ්‍ය නියාමනය සහ මේ ආයතනයේ ස්වභාවය නිසාම තමයි ආයතනයේ පරමාර්ථ වල තියෙන කරුණු නිසාම විවිධ පාර්ශවයන්ගේ මත දැක්වීම නිසා පුවත්පත් මණ්ඩලය අක්‍රීය කරන්නේ ඒ 2002-2009 දක්වා කාලය තුල.නැවත සක්‍රීය කරපු පුවත්පත් මණ්ඩලේ කාර්යභාරය ජනමාධ්‍ය නියාමනය සම්බන්ධ විශේෂයෙන් පුවත්පත් සම්බන්ධ කාරණා නිසා බොහොම අභියෝගාත්මක වුනා.කාලයක් මම සහකාර කොමසාරිස් ධූරයේ හිටියා.ඊටපස්සේ පුවත්පත් මණ්ඩලේ වැඩබලන කොමසාරිස් වරයා විදියට කටයුතු කරා.ඉන් පසුව 2017 වසරේ ඉදලා පුර්ණ වශයෙන් පුවත්පත් කොමසාරිස් වරයා විදියට කටයුතු කරනවා.ඒ කාලයේ තිබ්බ වෘත්තීයමය අභියෝගය තමයි පුවත්පත් ලියාපදිංචි කිරීමෙ අභියෝගය.
පුවත්පත් කොමසාරිස් තුමා විදියට වත්මන් ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය ගැන ඔබ තුමාට මොකද හිතෙන්නෙ?
ජනමාධ්‍යයේ ක්‍රියාකාරිත්වය ගැන විශාල සාධනීය හැගීමක් මා තුල නැහැ.මාධ්‍ය විතරක් නෙවෙයි ලෝකයේ තියෙන අනිකුත් ක්ෂෙත්රයන් සම්බන්ධව ද සමාජ ප්රතිමානාත්මකව බලනකොට මම දකින්නෙ අනිකුත් ක්ෂේත්රයන් හා සමානව ජනමාධ්‍ය ක්ෂේත්රය තුළත් යම් යම් පරිණාමීය තත්වයන් තිබෙන බවයි. ඒකෙන් අදහස් වෙන් නෑ කිසිසේත්ම ජනමාධ්‍යයේ අරමුණු ඉටුවෙන්නෙ නෑ කියන එක. නමුත් ජනමාධ්‍ය මේ යන ප්රවණතා එක්ක මානවයාගේ සුභ සිද්ධිය සහ මානවයාගේ මානවීය ගති ලක්ෂණ ප්‍රවර්ධනය කිරීමට, මනුෂ්යයාගෙ පැවැත්මට මේ යන ජනමාධ්‍ය ස්වභාවයේ හැසිරීම අනාගතයේ යම් තර්ජනයක් වේවි කියන ස්ථාවරයේ මම ඉන්නෙ. මොකද මම ඒක කියන්නෙ අපි සන්නිවේදනය අධ්‍යනය කරනකොට ඉගෙන ගන්නවා සන්නිවේදනයේ අරමුණු වන අධ්‍යාපනය,තොරතුරු හුවමාරුව, අභිප්‍රේරණය හා විනෝදාස්වාදය යන මේ කාරණා අපි පොත පතින් ඉගෙන ගත්තෙ. මම විශ්වාස කරනවා මාධ්‍යක මම මේ කියන්නෙ ජනමාධ්‍ය ගැන නෙවේ යම් මාධ්‍යක ප්‍රාථමික ලක්ෂණය තමයි විවිධ පුද්ගලයන්, ඒකරාශී වි සිටින ජන කණ්ඩායම් හෝ යම් යම් ස්ථාන වල සිටින ජන කණ්ඩායම් වේවා ඔවුන් අතර සහයෝගය, සහජීවනය සහ ඒකබද්ධතාවය ඇති කිරීම තමයි මාධ්‍යකින් විය යුතු මූලික ප්‍රාථමික ලක්ෂණය විදියට මම දකින්නෙ.එතකොට අද වෙනකොට ජනමාධ්‍ය තමයි මේ කාර්යයේ නූතන යාන්ත්‍රණය.
අපි මාධ්‍යකින් අදහස් කරනවා පුද්ගල සහයෝගිතාවය, සහජීවනය තහවුරු කිරිම සහ එය ඉදිරියට පවත්වාගෙන යාම එය මාධ්‍යකින් විය යුතුයි. අපි නිතර දකින්නෙ පුද්ගලයන් අතර අසමගිය ඇතිවන ,අසහනකාරි තත්වයන් ඇතිවන සහ පුද්ගලයන්ට යම් ආතතික තත්වයන් ඇතිකරන ස්වභාවයකින් තමයි අද මාධ්‍ය හැසිරෙන්නෙ.සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍ය වේවා අපිට යම් කාල සීමාවක මෙය නිරීක්ෂණය කරොත් අපි කියමු උදෑසන 6- රාත්‍රි 10 දක්වා කාල පරාසය තුල අපි විමර්ශනය කරොත් අපිට දැනගන්න පුලුවන් ඇත්තටම පුද්ගලයන් සතුටින්,සහයෝගෙන් ,සහජීවනයෙන් තියන්න පුලුවන් සන්නිවේදනයන් ඒ කාලය තුල ජනමාධ්‍ය තුලින් ප්‍රචාරය වෙනවද කියලා. මේ යන ක්‍රමය තුල අපිට දකින්න ලැබෙන්නෙ වෙනස් වූ අසහනකාරි ආතතික තත්වයන්. ඒකට අපි දැන් ම ඉදන් ක්‍රම උපායන් යෙදිය යුතුයි. යහපත් සමාජයක් උදෙසා යහපත් මාධ්‍යක් සකක් කිරීමට දැන් කාලය උදා වෙලා කියලා මට හිතෙන්නෙ.
සමාජ මාධ්‍ය ගැන මොකක්ද ඔබතුමාගෙ අදහස?
මම නම් පෞද්ගලිකව සමාජ මාධ්‍ය මාධ්‍යක් විදියට දකින්නෙ නැහැ. සමාජ මාධ්‍ය මම දකින්නෙ පුද්ගලයන් තොරතුරු හුවමාරු කරන හුදු එක් වේදිකාවක් කියලා විතරයි. අතිශය සමාජ බලපැමක් මේ සමාජ මාධ්‍ය හරහා වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඇත්තටම බොහොම දියුණු තාක්ෂණික සහ සංවර්ධනාත්මක ප්රවණතා එක්ක දියුණු වන ලෝකයට උචිත මාධ්‍යයක්. විශේෂයෙන් මෙහි ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය හොද තත්වයක තියෙනවා.නමුත් කණගාටුවට කරුණ තමයි මේ සමාජ මාධ්‍ය තුල අපි කියන අර ශාන්තුවරයන් සහ සැගවුණු අපරාධකරුවන් ඉන්නවා. ඒ නිසා සමාජ මාධ්‍ය අපි පිහියක් ලෙස හැදින් වුවොත් අපිට ඒ පිහියෙන් එලවලු කපන්න පුලුවන්.ඒ වගේම අපිට හානි කරගන්නත් පුලුවන් සහ අපේ ගෙදර අයට වගේම අපේ අවට සියලු දෙනාටමත් හානි කරන්න පුලුවන්.සමාජ මාධ්‍ය තුල නිතරම අපිට දකින්න ලැබෙන්න සාධනීය තත්වයන්ට වඩා අයහපත් තත්වයන්.සමාජ මාධ්‍ය අතිශය වැදගත් සහ දියුණු මෙවලමක් නමුත් මේ තුල වගකිවයුතු පාර්ශවයක් නැ.මේ තුලින් සමාජයට ඔනෑම පණිවිඩයක් මුදාහරින්න පුලුවන්.නිසි ක්‍රමවේදයක් සමාජ මාධ්‍ය තුල නැහැ කියලා තමයි මගේ අදහස.

ඇත්තටම ජනමාධ්‍ය සතු කාර්යභාරය මොනවගේ ද?
යම් ක්ෂේත්රයක් නිර්මාණය වෙනකොට ඒ ක්ෂේත්රය තුල පැවති අරමුණු පසුකාලීනව වෙනස් වෙනවා.ඇතම් විෂයන් කිහිපයක් හැරුණු කොට අනිත් ඕනෑම විෂයක ආරම්භක අරමුණු හා කාර්යභාරයන් කාලිනව වෙනස් වෙන්න පුලුවන්.නමුත් අපි සන්නිවේදනයෙ ඉගනගත් අරමුණු ගත්තම මුල් කාලිනව තිබුනු අරමුණු අද වෙද්දි වෙනස් වෙලා.උදාහරණයක් ලෙස සුනාමි,නායයෑම්,ගංවතුර,ආර්ථික අපහසුතා,කොරොනා වසංගතය ආදි තත්වයන් තුළදි ජනමාධ්‍ය නාළිකා යම් විදියක මධ්‍යස්ථ පාර්ශවයක් විදියට ඒවාට මානූශීය සුභසාධන නම් වලින් පෙනී ඉදලා උදව් කරා.ඒක ඇත්තටම හොද තත්වයක්.නමුත් මගේ ස්ථාවරයේ මම ඉන්නෙ මාධ්‍යකින් විය යුතු ප්‍රාථමික හා මූලික කරුණ වන පුද්ගල සහයෝගය සහ සහජීවනය ඇති කිරිම සහ එය පවත්වාගෙන යාම යන කාරණය මාධ්‍ය තුලින් සිදුවෙන් නෑ.
ජනමාධ්‍ය තුලින් වර්තමානයේ තම වගකීම නිසියාකාරව ඉටුවෙනවා ද?
ප්‍රමාණවත් නෑ කියන එකයි මගේ අදහස.ජනමාධ්‍ය අපි හදුන්වන්නෙ සමාජයේ පෙරගමන්කරුවෙක් විදියට නෙ.අද අපි ජනමාධ්‍ය තුලින් අසන දකින වැඩසටහන්ම ද අපිට අවශ්‍යම දේවල් වෙන්නෙ..?හුදු සරල දේවල් තමයි අද ජනමාධ්‍ය තුලින් යන්නෙ මම් හිතන්නෙ මීට වඩා දෙයක් ජනමාධ්‍ය තුලින් කරන්න පුලුවන්.

වත්මන් ජනමාධ්‍ය තුලින් සමාජයට මොන වගේ බලපෑමක් ද වෙන්නෙ යහපත් සහ අයහපත් දෙයාකාරයෙන් ම ගත්තොත්?
ඔව් ඇත්තටම.තොරතුරු සම්පාදනය කියන දේ මානවයාට අත්‍යාවශ්‍ය ම දෙයක් වෙලා තියෙනවා.මාධ්‍ය යහපත් විදියට ක්‍රියාකරොත් සමාජයට යහපත් ප්‍රතිඵල ලැබෙයි.මාධ්‍ය අයහපත් ලෙස ක්‍රියා කරොත් සමාජයට අයහපත් ප්‍රතිඵල ලැබෙයි.අපේ රටේ යම් සිදුවීමක් වුනොත් මාධ්‍ය මගින් අපි දකින්නෙ ඒ සිදුවීම පිළිබද සාධනීය කාරණා නෙවෙයි නෙ.උදාහරණයක් ගත්තොත් සියදිවි නසාගැනිමක් වාර්තා කරනකොට ඒකට අදාල සියලු ජායාරූප ඒ අයුරින් ම ඉදිරිපත් කරනවා,ලොකු අකුරින් අතිශයෝක්තියක් ඇති කරමින් ඒවා ඉදිරිපත් කරනවා,ඒත් එයට හේතුව මොකක්ද?සමාජමය අසාධාරණයක් ද ඒ පුද්ගලයාට වුණාද?එසේ නොවෙන්න සමාජයක් හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබද කරුණු දක්වන්නෙ නැහැ.පිටරටවල මෙවැනි කාරණා වලට පොඩි ඉඩ ප්‍රමාණයක් දී මෙවැනි කාරණා වැලැක්වීමට සමාජයට කරුණු දැක්වීමට වැඩි ඉඩක් දෙනවා ඒත් ලංකාවේ මාධ්‍ය තුල ඒසේ වෙන් නැ.මේ කාරණා විශාල වශයෙන් සාකච්චා කල යුතු කාරණා කියලා තමයි මම දකින්නෙ.
S.K.A.චරිතා ලක්මිණි සමරවික්‍රම.
ජනසන්නිවේදන (ගෞරව)
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
