පිවිසුම
ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සහ නවෝත්පාදකයන්ට අත්වැලක් සැපයීම සඳහාම සැකසුනු INCUBATOR නම් වූ ලිපි මාලාව මෙතැන් පටන් අප ඔබට ගෙන එන්නෙමු.
මෙරට තුල අලුතෙන් ආරම්භ කරන ආයතන, අලුත් ව්‍යාපෘතින්ගෙන් විශාල ප්‍රමාණයක් නොමේරූ අවධියේ ඉඳලා ඊළඟට හොඳට වර්ධනය වුණ දරුවෙක් දක්වා සාදා ලෝකෙට ගෙනියන්න පුළුවන් ව්‍යාපෘති. එහෙම නැතිනම් සමාගම්, නිපැයුම් හෝ මෘදුකාංග. මේවා තමයි අපි මෙම INCUBATOR ගැන කතා කරද්දි අපිට තියෙන මාතෘකා වන්නේ.
ඉතින් ලංකාව කිව්වහම ලෝකෙට අපේ අනන්‍යතාව ගෙනියන්න නම් අපිට ඩොලර් හොයන්න තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ඇති කරන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන INCUBATOR කියන මේ වැඩසටහන තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ වනවිට සිදු කරන ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීමේදී අපිට තේරෙන දෙයක් තමයි අපි ලෝකයේ ලංකාවේ හෝ වේවා මූලික අවධියේ ප්‍රාථමික අවධියේ ඉඳලා පටන් ගන්න ව්‍යාපාර බොහෝමයක් සමහරක්විට නොමේරු අවදියේම යටපත් වෙනවා. දියුණුවක් නැහැ. වර්ධනයක් වෙන්නේ නැහැ. අපි ආරම්භ කරන බොහෝ ව්‍යාපෘති සමාගම් ටික දවසක් යනකොට වැසී යනවා. ඉතින් මේවා ඇත්තටම අපි කොහොමද විසඳගන්නේ? හරි ක්‍රමයකට හරි මග පෙන්වීමක් යටතේ කොහොමද කරන්නේ? දැන් ඇමරිකාව වගේ දියුණු රටවල් ගත්තොත් ඒ වගේ රටවල ක්‍රමවේද තියෙනවා. එම ක්‍රමවේද මොනවද ව්‍යවසායකයින් ගැන අපි ගොඩක් කතා කරනවා. විවිධ ව්‍යාපාරිකයෝ මේ ව්‍යවසායකයින් නම් දාගෙන ඔවුන් මේ දවස්වල යම් යම් ජාතික මෙහෙවර වගේ සම්බන්ධ වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් යටතේ මේ ව්‍යවසායකත්වය කියන එක නවෝත්පාදනය කියන එක ඇත්තටම අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන්න පුළුවන් අංශ.
ව්‍යාවසායකින් යටතේ මහා පරිමාණ ව්‍යවසායකයන් හෝ මධ්‍ය ප්‍රමාණය ව්‍යවසායකයන්ට අත දෙන්න ක්‍රමවේද ගොඩක් තියෙනවා. නමුත් සුළු ව්‍යවසායකයින් එහෙමත් නැත්නම් විශ්ව විද්‍යාල හා පාසල් පද්ධතියෙන් පිටවෙන දරුවන් හෝ මූලික අවදියෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන කුඩා කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්ට තාක්ෂණය කොහොමද භාවිත කරන්නේ යන කරුණු කිහිපය තමයි මේ වැඩසටහන තුළින් පියවරෙන් පියවරෙන් සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ. INCUBATOR හි අරමුණ වන්නේ මෙකී කාරුණ කාරණා කිහිපයයි.
පළමුවෙන් අවධානය යොමු කරමු තොරතුරු තාක්ෂණය පිළිබඳව.
දැන් ලෝකය හඳුන්වන්නේ විශ්ව ගම්මානය නමින්. මේ සංකල්පය හා තාක්ෂණය අතර පවත්නා සම්බන්ධය කුමක්ද? අපි ඒ ගැන හිතන්න ඕනේ. අපි ඒක දිහා බලන්න ඕනේ කොහොමද? ඒක ගැන තමයි අද අපි පළමුවෙන්ම කතා කරන්නේ.
මෙහිදී උදාහරණ කිහිපයක් නම්,

ලෝකය තියෙන ලොකුම ටැක්සි සමාගමක කිසිම කාරයක් නෑ. කිසිම වාහනයක් නෑ. ඔවුන් පවත්වාගෙන යන ව්‍යාපාර රටවල් විශාල ප්‍රමාණයක පවතිනවා. දැනට ටැක්සි කුලී ගමන් සඳහා ලෝකයේ තියෙන අංක එකේ සමාගමක්. මොකක්ද මේ සමාගමේ නම uber. මේ සමාගම විසින් මුදා හරින ලද මොබයිල් ඇප් එකකින් තමයි වාහනේ ටැක්සි ගමන් බිමන් ගාස්තු පිළිබඳ තීරණය කරන්නේ.
ඊළඟට ලෝකෙ තියෙන ලොකුම මාධ්‍ය සමාගම. ඒ සමගමට කිසිම ජනමාධ්‍යවේදියෙක් නැහැ. ඒ සමාගමේ තියෙන මාධ්‍ය වාර්තාකරණය කොච්චර ප්‍රබලද කියල කියනවනම් අල්ලපු ගෙදර අය අද කාපු දේ සමහරවිට ඒ මාධ්‍ය ඔබට දැනගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ කවුරුන් හෝ විසින් පල කරන ලද ප්‍රවෘත්තියක් හරහා. මොකක්ද මේ මාධ්‍ය සමාගමේ නම තමයි Facebook. මෙය ලෝකෙ තියෙන ලොකුම මාධ්‍ය සමාගම. මෙම සමාගමට කිසිදු මාධ්‍යවේදියෙක් හෝ කිසිදු කැමරාවක් ස්ටුඩියෝ එකක්වත් නැහැ. හැබැයි මෙම මාධ්‍ය ආයතනය මගින් ලෝකයේ හැමතැනම වෙන දේ අපිට බලාගන්න පුළුවන්.
ඊළඟට ලෝකෙ තියෙන ලොකුම සේවා සපයන්නා. මෙයාලට කිසිම හෝටලයක් අයිති නෑ. මොවුන්ට කිසිදු හෝටල් කාමරයක් නැහැ. හැබැයි ඕනම රටක විශාල කාමර ප්‍රමාණයක්, විශාල හෝටල් ප්‍රමාණයක් මෙය හරහා අපට වෙන් කරවා ගන්න පුළුවන්. ඉතාම සහනදායි මිලකට. මෙම සමාගම තමයි Airbnb කියන සමාගම.
ලෝකෙ තියෙන ලොකුම වෙළඳ ආයතනය එහෙම නැත්නම් අපිට යම්කිසි දෙයක් මිලදී ගන්න පුළුවන් වෙළඳ ආයතනයක් තිබෙනවා . මෙයාලට අයිති කිසිම භාණ්ඩයක් හෝ නිෂ්පාදනයක් නැහැ. නමුත් ඕනම භාණ්ඩයක් අපට මෙම වෙළඳ ආයතනය ඔස්සේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එය තමයි Ali express කියන online platform එක.
ලෝකයේ මෙන්ම ලංකාව තුළ ගත්තොත් ෆේස්බුක්, Pick me, Daraz ,කප්රුක වගේ ආයතන කිහිපයක් තියෙනවා. මේ හැම ආයතනයකම ඇති විශේෂත්වය මොකක්ද? මේ කිසිම එකක් භෞතික ලෝකයේ පවතින ආයතන නෙමෙයි. සෑම ආයතනයක්ම තොරතුරු තාක්ෂණය සඳහා අන්තර්ජාලය භාවිත කරමින් ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ.
එතකොට මොවුන් භාවිත කරනවා තාක්ෂණය. ඊට අමතරව Resource Sharing කියන Module එකට තමයි මොවුන් කටයුතු සිදු කරන්නේ.
Resources Sharing යනු කුමක්ද?

සේවා සපයන ආයතන එක තැනකට එකතු කරලා එක් ඒක හරහා විශාල ප්‍රමාණයේ සේවාවන් එක තැනකින් පාරිභෝගිකයන්ට ලබා දෙන අවස්ථාවක් හදලා තියෙනවා. මේවත් එක්ක අපි තේරුම් ගත යුතු දෙයක් තමයි කියන මේ ලෝකේ තාක්ෂණය කියන එක විශ්ව ගම්මානය කියන සංකල්පයත් එක්ක ගිහිල්ලා අද වෙනකොට ව්‍යාපාර කියන ඒවා නව මුහුණුවරකින් එළියට ඇවිල්ලා තියෙනවා.
අතීතයේ ව්‍යාපාරවලට අපි සාමාන්‍යයෙන් භාවිත කළේ Brick and motor. එනම් සාමාන්‍ය භාණ්ඩ භෞතික ලෝකයේ තියෙන දේවල්.

වර්තමානය වන විට Brick නෙමෙයි Click කරලා තමයි බඩු භාණ්ඩ මිලදී ගන්නේ. ඔන්න ඔය ව්‍යාපාර ව්‍යුහය එකත් තමයි ලෝකයේ බොහෝ ව්‍යාපාර ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත කරන්න, නව වෙළඳ මාර්ගවලට, අලුත් සේවාවන් වලට සැලසුම් කරන්නේ. ඉතින් ඒක තමයි අපිත් බලන්න ඕන ලංකාව වගේ පොඩි දූපතක් වුණ අපේ රටේ වෙසෙන පාරිභෝගිකයන් ප්‍රමාණය තමයි අපේ මුළු ජනගහනය.
එතනින් එහාට ගිහිල්ලා අපි බලන්න ඕනේ මුළු ලෝකයේ වෙසෙන මුළු ජනගහනයෙන් බිලියන 08ක් ජනගහනය අල්ලන්න පුළුවන් ක්‍රමය මොකක්ද? ඒක තමයි තාක්ෂණය.තොරතුරු තාක්ෂණය තමයි මෙතන තියෙන හොඳම ක්‍රමය. ඕක තමයි පළවෙනි වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

දැන් ලෝකය ගත්තොත් බිලියන 8.08ක් ඉන්නවා 2024 ජනවාරි මාසය වෙනකොට ලෝකයේ ජනගහනය. ඉන් බිලියන 8.65 ක් ජංගම දුරකථන භාවිත කරනවා. ඒ කියන්නේ ලෝකයේ ජනගනහයට වඩා ජංගම දුරකථන ප්‍රමාණයක් ලෝකයේ තියෙනවා. එතකොට ලෝකයේ ජනගහනයෙන් බිලියන 5.35ක් ඒ කියන්නේ 66% කට අධික ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිත කරනවා. අන්තර්ජාලය භාවිත කරන තනි පුද්ගල ප්‍රමාණය බිලියන 5.35 ඒ කියන්නේ ලෝකේ ජනගහනයට 62%ක්. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙය තමයි අපි හරියට සමාජ මාධ්‍ය තොරතුරු තාක්ෂණය අන්තර්ජාලය භාවිතා කරන්න පුරුදු වුණොත් එහි තියෙන බලය හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් ලෝකයේ බිලියන 8.08ක් වන ජනගහනය අපේ රටෙන් එළියට ගිහිල්ලා අපේ ව්‍යාපාර භාණ්ඩ හෝ සේවා අලෙවි කරන්න.
ඉතින් මේක තමයි ලෝකෙ තියෙන්නෙ හැම ආයතනයක්ම සිදු කරන්නේ. ඉතින් ඒක තමයි අපිත් බලන්න ඕනේ ලංකාවේ කොහොමද ඒක කරන්නේ.
ලංකාවේ ජනගහනය 2024 ජනවාරි මාසයේ ලබාගත් සංඛ්‍යා ලේඛන අනුව මිලියන 28.92 යි. අපි ලංකාව ගත්තොත් ජංගම දුරකථන තියෙනවා මිලියන 32.49ක්. ඒ කියන්නේ 148% වඩා වැඩී අපේ රටේ ජංගම දුරකථන ප්‍රමාණය ජනගහනයත් එක්ක ගත්තම. ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ට ජංගම දුරකථන දෙකක්වත් තියෙන මට්ටමකට සශ්‍රීක වෙලා තියෙනවා.
ඊළඟට ගත්තොත් අන්තර්ජාල භාවිත කරන ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ මිලියන 12.34ක් අන්තර්ජාලය භාවිත කරනවා. එතකොට සමාජ මාධ්‍යගත්තොත් මිලියන 7.5. ඒ කියන්නේ සමස්ත ජනගහනයෙන් ලංකාවේ 34.02% සමාජ මාධ්‍ය භාවිත කරනවා.

එතකොට අපි ලංකා විදියට ගත්තොත් අපේ මිලියන 22 ජනගහනයට 50% පොඩ්ඩක් වැඩි ප්‍රමාණයකට තමයි අන්තර්ජාලය භාවිත කරන්නේ. ඒ වගේම 34%කට වඩා පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් තමයි සමාජ මාධ්‍ය භාවිත කරන්නේ.
ලංකාවේ තියෙන මේ ප්‍රමාණය මාර්කට් එකක් විදියට ගත්තොත් මෙය ඉතාමත් සුළු ප්‍රමාණයක්. හැබැයි ලෝක ජයග්‍රහණය ගත්තොත් අපිට ලෝකෙට යන්න පුළුවන් නම් අපේ ව්‍යාපාරය සිය දහස් ගුණයකින් විශාල කරගන්න පුළුවන්.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ
Incubator E01 : විශ්ව ගම්මානයේ ව්‍යවසායකයා සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය
Link –
