ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම වසර ගණනාවක් තිස්සේ පවතින සීග්‍රයෙන් උග්‍ර වන පරිසරීය හා සමාජීය ගැටලුවකි. වාසස්ථාන විනාශය, නිසි භූමි කලමණාකරණය නොවීම, ජලාශ ඉදිකිරීම්, සහ කසල කළමණාකරණ අපහසුතා හරහා මේ ගැටුම උත්සන්න වේ. මේ ලිපිය තුළ අලි-මිනිස් ගැටුම පිළිබඳ විශ්ලේෂණයක්, එයට හේතු වන සාධක, සත්ව හා මිනිස් ජීවිතයට එයින් ඇතිවන බලපෑම්, රජයේ මැදිහත් වීම, සහ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විමර්ශනය කෙරේ.
අලි-මිනිස් ගැටුම යනු කුමක්ද?
අලි-මිනිස් ගැටුම යනු මිනිසුන් හා වන අලි ඇතුන් අතර වාසස්ථාන, ආහාර, ජලය, සහ භූමිය වැනි සම්පත් සදහා ඇතිවන ඍණාත්මක අන්තර්ක්‍රියා මත ඇතිවෙන දිගු කාලීන ගැටුමකි. මේවා නිරතුරුවම මිනිස් හා සතුන් දෙපාර්ශ්වයම ජීවිත හා දේපල අලාභයට පත් කරමින්, විශාල සමාජීය හා පාරිසරික බලපෑම් වලට හේතු වේ.

අලි-මිනිස් ගැටුමට හේතු වන මූලික සාධක පහත පරිදි වේ:
- වාසස්ථාන විනාශය සහ කැලෑ කලාප විවෘත කිරීම
- වනාන්තර භූමිය කෘෂිකර්මාන්තයට සහ ජන වාසය සඳහා භාවිතා කිරීම
- ජලාශ, මාර්ග, සහ ආයතන ව්‍යාපෘති හරහා වාසස්ථාන විභාජනය
- කසල කළමණාකරණ අසමත්කම්
- මංකඩ සීමා කිරීම් සහ සංචරණ මාර්ග අවහිරවීම
- දේශගුණික විපර්යාස
වාර්ෂිකව අලි ඇතුන් 400කට වැඩි සංඛ්‍යාවක් මියයන අතරින් බොහෝදෙනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. වෙඩි තැබීම්, විදුලි සැර වැටවල්, දුම්රිය අනතුරු, හාක්කපටස් වැනි ක්‍රම භාවිතා කරමින් අලි ඇතුන් මරා දැමීම, සංචරණ මාර්ග වල අවහිරවීම් නිසා සමාජ හැසිරීම් විකෘති වීම, පැටව් අනාථ වීම, ආතතිය, හා සංවිධානාත්මක හැසිරීම් විකෘතිවීම.
2010-2018 අතර 2400km ක් විදුලි සැර වැටවල් ඉදිවී ඇත. 2025 වන විට 5500km ඉදිකිරීමේ අරමුණ ඇත. නමුත් මෙම වැටවල් රඳා පවතින කාලය අඩු වන අතර, නඩත්තු වියදම් විශාල වේ. අලි මංකඩ 17ක් හඳුනාගෙන ඇතත්, ගැසට් කළාය කියා සටහන් වූ ප්‍රමාණය ඉතා අඩුය. ජාතික සැලැස්මක් තිබුණත් එය නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා, ප්‍රායෝගික වාසියක් දක්නට නැත.
2010-2024 කාලය තුළ අලි මිනිස් ගැටුම නිසා 3400කට වඩා වැඩි අලි සංඛ්‍යාවක් මිය ගොස් ඇත. 2024 වසර තුළ පමණක් 386ක් මිය ගියා. 1991-2024 අතර අලි මරණ 6000කට, සහ මිනිස් මරණ 2000කට ආසන්නව වාර්තා වී ඇත.
දෙපාර්ශවයටම හානි වුවද, සංඛ්‍යානමය දත්ත පෙන්වන්නේ වැඩි පරිමාණයට අලි ඇතුන් මෙම ගැටුමෙන් විනාශ වන බවය. අලි ඇතුන්ගේ සන්චාරය, සමාජ හැසිරීම්, හා වර්ධනයට මෙය බරපතළ බලපෑමක් සපයයි.
මෙකී අලි මිනිස් ගැටුම අව කිරීම සදහා විසඳුම් සහ යෝජනා ලෙස,
ගම්වලට යාබදව කාර්යක්ෂම විදුලි වැට පද්ධති
තාවකාලික සංචාරණ මාර්ග ආරක්ෂණය
අවදානම් ප්‍රදේශවල මිනිස් ජනතාවට සීඝ්‍ර දැනුම්දීමේ පද්ධති
අලි මංකඩ වාසස්ථාන ගැසට් කිරීම
වාසස්ථාන නැවත ප්‍රතිෂ්ඨාපනය
නිවැරදි භූමි භාවිතා ප්‍රතිපත්තියක්
පරිසර අධ්‍යාපනය හා දැනුවත් කිරීම
අනාගත භූමි සැලසුම් ක්‍රමවේදය තුළ වනජීවීවල සංරක්ෂණය ඇතුළත් කිරීම
සිවිල් සමාජය, පරිසරවේදීන්, ජනතාව සහභාගීවූ ක්‍රියාමාර්ග
අලි-මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණයට මෙන්ම සමාජ විමර්ශනයකටත් අභියෝගයකි. මේ ගැටලුවට සාර්ථක විසඳුමක් සෙවිය යුත්තේ එක් අංශයකින් නොව, සමස්ථ සමාජයම සහභාගී වන සම්මුතික, දැනුමෙන් සහ තාක්ෂණයෙන් පදනම් වූ ක්‍රියාදාමයක් හරහාය.
සාකච්ජාව – සෙතිල් මුහන්දිරම්
සටහන – බී.රාජපක්ෂ
