සංවර්ධනය වන රටවල උගත්කමෙන් හා බුද්ධිමය හැකියාවන්ගෙන් ඉහළ දක්ෂ පුද්ගලයින් මහා පරිමාණයෙන් සංවර්ධිත රටවලට සංක්‍රමණය වීම බුද්ධිගලන ලෙස හදුන්වනු ලබයි.

ලංකාවේ සිටි එවැන්නන් දිගටම ලොව දියුණු රටවලට සංක්‍රමණය වුවත් 2022 වසරේ දී ලංකාවේ බුද්ධිගලනය 300% කින් පමණ ඉහළ ගොස් ඇති බවට බොහෝ වාර්තාවන්හි සදහන් වේ. ඔස්ට්‍රේලියාව චීනය වැනි රටවල් ඉහළ බුද්ධිමය හා නවෝත්පාදන හැකියාවෙන් යුතු අය තම රටවලට ගෙන්වාගැනීමට ඉතා විශාල මුදලක් වැය කරන දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින මෙවන් යුගයක රටක් සතු විශාලතම ප්රාග්ධනය හා වත්කම වන මානව සම්පත රට හැර යෑම රටක ස්ථාවරත්වය සඳහා සෘජුවම බලපෑම් කරනු ලබයි. එබැවින් බුද්ධිගලනය වැඩිවීමට හේතු අනාවරණය කර ගනිමින් බුද්ධි සම්ප්රාප්ති වැඩි කරගැනීම කෙරෙහි වන උපායමාර්ග සංවර්ධනය කළ යුතුය.
ශ්‍රී ලංකාවේ බුද්ධිගලනයට හේතු කිහිපයකි.
ලංකාව ආර්ථික අතින් බංකොලොත් වීම දක්ෂතාවයන්ට හැකියාවන්ට තැනක් නොදීම එවැන්නන්ගෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම වෘත්තියට සරිලන වැටුපක් ලබා නොදීම නිදහසේ වැඩ කරගෙන යෑමට ඉඩ ලබානොදීම වැඩ කරන්නන්ට හිරිහැර සිදු කිරීම හා පර්යේෂණයන්ට සහය නොදීම ඒඅතර ප්‍රධාන තැනක් ගනියි. 92.2%ක ඉහළ සාක්ෂරතාවයකින් හෙබි ශ්‍රී ලාංකීය බුද්ධිමතුන්ගෙන් මෙලෙස රට හැර යන පිරිස අතර ඉහළින්ම සිටින්නේ වෘත්තිකයන් ය. දෙවැන්නත් කුසලතා හා නිපුණතා වලින් සපිරි පිරිසය ලිපිකරුවන් වැනි වෘත්තීන්හි නියැලෙන්නන් ය.මෙයින් විශාලතම බලපෑම නම් නවෝත්පාදන හැකියාවන්ගෙන් පොහොසත් වෘත්තිකයින් මහා පරිමාණයෙන් තම පවුල් පිටින්ම රට හැර යාමයි. එබැවින් බුද්ධි ගලනය අඩු කර ගැනීමේ දී ඉහත හේතු වලට ධනාත්මකව ප්‍රතිචාර දැක්විය යුතුය.
ගතානුගතික නොවන ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය කිරීම ආර්ථික හා දේශපාලන අස්ථාවර බව නැති කිරීමට දේශපාලනඥයින් හා පරිපාලකයන් එක්ව කටයුතු කිරීම පර්යේෂණ හා නවෝත්පාදන දිරිගැන්වීම හා ඒ සඳහා අවශ්‍ය සම්පත් සහයෝගය ලබාදීම ඒ අතර ප්රමුඛ වේ.ඊට අමතරව ඉහළ පරිපාලන තනතුරු වලට දක්ෂ තරුණ තරුණියන් පත්කර ගැනීම ඉහළ යන උද්ධමනය පාලනයට ජාතික ඵලදායිතාවය ඉහළ නැංවීමට අවශ්‍ය උපාය මාර්ග සකස් කිරීම ලාංකිකයන්ට ලංකාවේ සිටම ඩොලර්වලින් වැටුප් ලැබිය හැකි හැකි ජාත්‍යන්තර මට්ටමේ වූ රැකියාවන්හි ආආයෝජනයට ප්‍රවර්ධනය කිරීමද විදෙස්ගත ලාංකික වෘත්තිකයන්ට සුදුසු තනතුරු හා තරගකාරී වැටුප් පිරිනමා ඔවුන් ලංකාවට කැඳවා ගැනීමත් කළ යුතුමය.
ඉහත උපාය මාර්ග තුළින් වෘත්තිකයන් හා රට හැරයන්නන් තුළ ධනාත්මක ආකල්ප ඇති කළ යුතු අතර මෙරට ජනතාවගේ බදු මුදලින් ම ඉගෙන ගෙන පෙරළා මෙරට ජනතාවටම සේවය කළ යුතු බවටත් ලංකාව පිළිබඳ ආත්ම අභිමානයක් ඇති කිරීමත් කළ යුතුය. එවිට තම යුතුකම් ඉටු කරමින් බුද්ධිගලනය වෙනුවට බුද්ධි සම්ප්‍රාප්තිය සිදු වනු ඇත. එය රටක් ලෙස නැවත නැගී සිටීමට යෝධ ශක්තියක් වනු නොඅනුමානය.
සටහන –
සකුන්තලා රැටියල
