පුරාතන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ලද සමාජ ක්‍රමය පිළිබඳ අධ්‍යයනයක් යටතේ අද අප ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ විඥානය තුළ ඉතිරි ව ඇති ආසියාතික නිෂ්පාදන මාදිලියේ නෂ්ඨාවෂේශ පිළිබදවයි.
ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ විඥානය තුළ ඉතිරි ව ඇති ආසියාතික නිෂ්පාදන මාදිලියේ නෂ්ඨාවෂේශ පිළිබද සදහන් කිරීමේදී සාමූහිකත්වය ආසියාතික නිෂ්පාදන මාදිලිය තුළ කෘෂිකර්මාන්තයට ශ්‍රමය ඒකරාශී කිරීමක් අවශ්‍ය වීම ද විශේෂයෙන් ම වාරිමාර්ග නිර්මාණය වැනි කර්මාන්ත වෙනුවෙන් විශාල ශ්‍රමයක් අවශ්‍ය වීම ද සාමූහික ශ්‍රම කටයුතු සංවිධානය වීම දැකගත හැකි විය.

ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි.
රාජකාරි ක්‍රමය
වැව් තැනීම, වාරිමාර්ග සැකසීම ඒවා නඩත්තු කිරීම ආදි එවකට පැවති නිෂ්පාදන උපකරණවල සංවර්ධනයේ මට්ටමට අනුව විශාල ශ්‍රමයක් අවශ්‍ය විය. දාගැබ්, ප්‍රතිමා විහාරස්ථාන ඉදි කිරීම නගර අලංකර්ණය, රජ මාළිගා ඉදි කරන්නට ද ශ්‍රමය අවශ්‍ය විය. ඒ සඳහා පැවතුන ක්‍රමය වූයේ රජු අණ කරණ විට සියලු දෙනා අදාළ කටයුත්ත සඳහා සම්බන්ධ වීම අනිවාර්ය විය. මෙය සිදු කරන ලද්දේ රජු සතු ජලාශ සහ ඉඩම් පරිහරණය කිරීමට ගෙවන බද්දක ආකෘතියකිනි.
කයිය
මෙය පැරණි ගම්වල පැවතුනේ දුබලයෙකුගේ කුඹුර වගා කිරීමට අනෙක් සියලු දෙනාගේ ශ්‍රමය ලබා දෙන ක්‍රමයක් වශයෙනි. මෙය සමාජමය වශයෙන් සාමූහිල ලක්ෂණ නියෝජනය කළ ද කයිය සීමා වූයේ තමගේ අයට ය. එනම් ස්වයං රක්ෂිත ගම්මානවල සම කුල ඥාති සම්බන්ධතා සහිත පිරිස් අතර ය. එමෙන් ම තම කුලයට බාහිර අය ව සලකන ලද්දේ ”පිට උන්” ලෙස ය. වර්තමානයේ ද ලාංකීය ග්‍රාමීය ප්‍රදේශවල ගමට පිටින් පදිංචියට එන අය ව පිට ගම්කාරයන් ලෙස සලකනු දක්නට ලැබේ.
අත්තම
වෙනත් අයෙකුගේ කුඹුරේ ශ්‍රම කටයුතු සඳහා නිශ්චිත දින ගණනක් මැදිහත් වීම මින් අදහස් කෙරේ. කෘෂිකර්මයේ දී එකවර විශාල ශ්‍රමයක් අවශ්‍ය කටයුතු සඳහා මෙම ක්‍රමය භාවිතා විය. නමුත් මෙම උපකාරය කළ කෙනා වෙනුවෙන් ද උපකාරය ලද කෙන සමාන දින ගණනක් තම ශ්‍රමය ලබා දිය යුතු ය. ඒ නිසා මෙය සමූපකාර ක්‍රමයකට යම් ද්රකට සමාන ය.
නමුත් මෙම සමාජ ක්රමයේ පැවති සාමූහිකත්වය එම සමාජ ක්රමයේ පැවැත්මට සාපේක්ෂ යග එම සාමූහික සංස්කෘතිය තත්කාලීන නිෂ්පාදන සබඳතා පද්ධතියට අනුරූප යග ඒ නිසා ම එහි සීමාකම් සහිත යග එම සීමාකම් පහත පරිදි හඳුනාගත හැකග
1. සාමූහික ක්‍රියාකාරීත්වය සඳහා බලහත්කාරය අවශ්‍ය වීම.
2. සාමූහික හැඟීම සමකුලල ඥාතී ආදී ලෙස තමන්ගේ පිරිසට පටු වීම.
3. සාමූහික ක්‍රියාකාරකම්වලින් ද ප්රතිලාභ අපේක්ෂා කිරීම.
පීඩක පීඩිත මනෝභාවයන්
ලංකාවට කුල සංකල්පය පැමිණෙන්නේ ඉන්දියාවෙන් වුව ද ලංකාවේ කුල ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවට වඩා වෙනස් ආකාරයකිනි. ඉන්දියාවේ ඉහළ වර්ණවලට අයත් පිරිස් සිටින්නේ සීමිත ව ය. නමුත් ලංකාවේ සාපේක්ෂව වඩා වැඩි ප්‍රමාණයක් සිටින්නේ ඉහළ කුලවලට අයත් පිරිස් ය.

ඉහත ලේඛනයට අනුව පැහැදිළි වන්නේ ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිසක් අයත් වන්නේ ඉහල කුලවලට බව ය. එහෙයින් ඔවුන් පීඩක මනෝභාවයක් දැරීමේ සම්භාවිතාව ද එහළ යයි. මන්දයත් බහුතරය විසින් සුළුතර පිරිසට එරෙහිව පීඩනය ඇති කිරීම සාමන්‍ය බැවිනි. ඉන්දියානු සන්දර්ඹ්හය තුළ පීඩිතයන් වැඩි වන අතර ලංකාවෙහි සිටින්නේ පීඩක බහුතරයකි.
සාරාංශය
පුරාතන ලංකාවේ ක්‍රියාත්මක වූ සමාජ ක්‍රමය ලෙස කාල් විට්ෆෝගල් විසින් හඳුන්වා දුන් ,ජල පාලක සමාජ,වල ලක්ෂන දරන සමාජයක් බව හඳුනාගත හැකි ය. එනම් ශ්‍රී ලංකාව ශිෂ්ටාචාරගත වන්නේම ජලය පදනම් කරගනිමිනි. අනෙක් අතට පුරාන ලංකාවේ ජල බදු ආදිය අය කරමින් රජු විසින් ජල පද්ධතිය පාලනය කළ බව ද හඳුනාගත හැක. උදාහරණයක් ලෙස වසභ රජුගේ පෙරිමියන්කුලම ලිපියේ ”පලොනකර වවිය දකපති ම තෙර මජිබක” (පලොනකර වැවේ ජල බද්ද ද මත්ස්‍ය බද්ද ද) වශයෙන් දක්වා ඇත්තේ වැවේ ජල බද්ද සුදර්ශන නම් පධානඝරයේ අලුත්වැඩියාවන් සඳහා දෙන ලද බවයි(අමරවංශ හිමි.1969) තවදුරටත් මහාකුමරතස රජු විසින් (ක්‍රි.ව. 512 – 520) පිහිටුවන ලද නාගරිකන්ද ශිලා ලේඛනයේ ”වෙව චෙ ව චතර වෙවසර දකපෙත කඩය බෙජිපෙත” (වැව ද මේ වැව් සතර ද, කුඹුරු ද, දිය බද්ද ද) යනුවෙන් සඳහන්ය. මෙහි දකපෙත වශයෙන් දක්වන්නේ දිය බද්දයි. ඒ අනුව පුරාතන ලංකාවේ ක්‍රියාත්මක වූයේ ආසියාතික නිෂ්පාදන මාදිලියේ සුවිෂේශී සංස්කරණයක් ලෙස ද එය මෙසපොතේමියාවල මිසරය වැනි ශිෂ්ටාචාරවල මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වූ ,ජල පාලක සමාජ ක්‍රම, සහ ,ජල පාලක රාන්යයන්,ගේ ආකෘතියට සමානකම් දක්වන ,ක්ෂුද්‍ර ජල පාලක සමාජයක්, සහ ,ක්ෂුද්‍ර ජල පාලක රාජ්‍යයක්, ලෙස හැඳින්විය හැකි බව ද නිගමනය කළ හැක
ලබන සතියේදීත් තවත් මෙවැනි ම අධ්‍යයනයක් සමගින් අප මුණගැසෙමු.
සටහන –

Lakmal Dharmasena
Independent Researcher
BA Honours in History (Kelaniya)
Mphil Reading
