සංසාර ගීය – 05 කොටස

author
0 minutes, 10 seconds Read

“අඬන් නැතුව ඉන්නවා ඕයි තමුසේ නිකන් අඬන්නේ මං මැරුණා වගේනේ..”

“මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔයාට හැමදේම විහිළු ද මල්ලී..”

“යනවා යනවා ගිහින් මොනවා හරි කාලා එනවා මං යනවා වොෂ් එකක් දාගෙන එන්න..”

“ඔළුව තෙම්ම ගන්න එපා හොදේ..ඩොක්ට මඟින් මගටම කිව්වා රෑට උණ අල්ලයි ඒ හිංදා පරිස්සම් වෙන්න කියලා නාන්නේ කරන්නේ එහෙම නැතුව..”

“හරි හරි ඕයි මට මතකයි..දැන් යනවකෝ මට නිදහසේ ඇඳුමක් මාරු කරගන්න..”

සනහස් බලෙන් මෙන් රන්දිව කාමරයෙන් එළියට දැම්මේ ඇගේ කන් කරච්චලයේ නිමක් නොමැති නිසයි..

ගතම රිදුම් දෙමින් තිබුණත් සනහස් නා ගත්තේ වෙනදා පුරුද්දට..නාගෙන කරගෙන අහවර වෙලා සනහස් සයනය මතින් වැතිරුණේ සිද්ධ වුණ දේවල් නැවත කල්පනා කරනවට වඩා ඔහුගේ හිත නැවතුණු තරුණිය ගැන සිතීමට ඔහුට බොහෝ දේ තිබුණ නිසයි..

ආදරය ප්‍රකාශ කරමින් ඔහුගේ පසු පසින් බොහෝ තරුණියන් පැමිණියත් මේ ⁣වනතුරු ඔහුට පෙම්වතියක් නොසිටියේ,ආදර සම්බන්ධතාවයක් පවත්වන්න තරම් ඒ කිසිදු තරුණියක් ගැන විශේෂ හැඟීමක් ඔහුට නොදැණුන නිසයි..ගැහැණු ළමුන් මිතුරන් ලෙස කොතෙක් සිටියත් ඒ කිසිදු ගැහැණු ළමයෙකු ගැන නොදැණුන විදිහේ හැඟීමක්
ක්‍රීඩා උත්සවයට පෙර දිනයේ ගතේ ගැටුණු තරුණිය ගැන ඔහුට එම මොහොතේ පටන්ම දැණුන බවනම් ඔහුට විශ්වාසයි..

ඇයව නැවත වතාවක් දකින්න තියෙනවනම් කියා හද වත දවස මුළුල්ලෙම මොර දුන්නත් ඊට අවස්ථාවක් හමුනොවුණු නිසා සනහස් සයනයේ දිගා වී කල්පනා කරමින් හිටියේ හෙට දිනයෙදී කුමක් හෝ උප්පරවැට්ටියක් යොදා ඇයව නැවත වතාවක් දැක ගත යුතු යැයි සිතමින්..

ඇය ගැන සිත සිතම සනහස් දින්දට වැටුණේ හීන වල පවා ඇය සැරි සරද්දියි..

**
“මොකක්ද සුදු මැණිකේ ඇත්තටම ඉස්කෝලෙදි වුණේ..”

“අම්මේ..මේ..”

“මට බොරු කියන්න නම් ලෑස්ති වෙන්න එපා මැණිකේ..ඇත්ත කියන්න මොකද වුණේ..මල්ලි කොහොමද ඔය තරම් තුවාල වුණේ..”

රන්දි මවට සිද්ධ වුණ හැමදේම කිව්වේ තවත් ඒ දේවල් සැඟවීමෙන් පලක් නොමැති නිසයි..

“ඔයා හරිම මුරන්ඩුයි සුදු මැණිකේ..බලන්න ඉතිං ඔයා පොඩ්ඩක් මොළේ කල්පනා කරලා වැඩ කරානම් මල්ලි රන්ඩු වලට පැටලෙන් නෑනේ..”

“ඉතිං අම්මේ මේක උන්ට ගිය රට නෙමෙයිනේ..”

“මේක උන්ට ගිය රට නොවුණ⁣ට මේ රටේ වැඩ සිද්ධ වෙන්නේ උන්ට ඕන විදිහටනේ සුදු මැණිකේ..මීට පස්සේ වත් මොළේ කල්පනා කරලා වැඩ කරන්න මල්ලි ගැන හිතලා හරි..ඔයා හිතනවද මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයි කියලා..උන් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ මෙතනින් නතර කරන්නේ නැති වෙයි..බලන්න ඉතිං ඔයා කරන දේවල්..”

“මට බනින්නේ මං මෙතන වැරැද්දක් කරා වගේනේ..”

රන්දි දන්නවා තමන් උත්සවයට ගියපු මොහොතෙම මලනුවන් සමීපයට ගියානම් මෙවැනි සිදුවීමක් සිදු නොවන බව..

“මූණ එල්ල ගත්තට දැන් වැඩක් නෑ සුදු මැණිකේ ⁣දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරනේ..මල්ලිට බොන්න කිරි එකක් වත් හදලා දෙන්න අප්පච්චි නිදාගන්න ගියාට පස්සේ..පවු කොල්ලා බඩ ගින්නේ ඇත්තේ අද දවසටම හරි කෑමක් නෑනේ..අප්පච්චි ගැන දැන දැනත් ඔයාලා මෙහෙම හැසිරෙද්දි මං හරි අසරණයි දරුවෝ..අප්පච්චිට පිටින් මට යන්න බෑ කියලා ඔයාලා දන්නවනේ.. අඩුම තරමේ ඔයාලට තිබුණා අප්පච්චිගේ වාහනේ දැක්කම වත් ලොකු පුතාට හරි මට හරි කතා කරලා වුණ දේ කියලා පිටි පස්සේ පඩිපෙලෙන් ගෙට එන්න යතුර ඉල්ල ගන්න..එහෙම ආවනම් අප්පච්චි නිදාගන්න කන් ඉදලා මල්ලිට පහලට ඇවිත් කන්න තිබුණා..දැන් ඉතිං මොනවා කරන්නද කිරි එකක් වත් ඔයාගේ කෝප්පෙ⁣ට හදලා ගිහින් දෙන්න..”

“අනේ මංදා අම්මේ ඇයි අප්පච්චි මල්ලිට මේ තරම් අකමැති කියලා..එයා දැන් ඔය රූම් එකේ හිටියට අපි කන්න අරන් යයිද කියලා කල්පනාවෙන් ඇත්තේ..”

“මටත් තේරුම් ගන්න බෑ සුදු මැණිකේ ඇයි අප්පච්චි මල්ලිට එහෙම සලකන්නේ කියලා..”

“අපි කොයි තරම් ඔය දේවල් ගැන කතා කරත් වැඩක් නෑ අම්මේ..අම්මා දැන් ගිහින් නිදා ගන්න මං අප්පච්චිටයි, මල්ලිටයි කිරි එකක් හදලා දෙන්නම්..”

ශිරන්ති ඔවුන්ගේ කාමරේට නොගිහින් සනහස්ගේ කාමරේ ළඟට ඇවිත් හෙමීට දොර ඇරගෙන ඇතුලට ආවේ හරියට ඔහුගේ සුවදුක් විමසන්නට පවා ඒ මොහොතේ ඇයට නොහැකි වුණ නිසයි..

“සුදු පුතේ..”

නිවා තිබූ විදුලි බුබුල නැවත ක්‍රියාත්මක කරමින් ඔහු සමීයට ශිරන්ති ඇවිඳගෙන ආවේ ඔහුට කතා කරන ගමන්..

ඔහු සුව නින්දක බව දුටුව නිසා ඔහුට බාධා නොකරම ශිරන්ති පොරෝණයත් නිසි ආකාරයට සකස් කරලා ඔහුගේ හිසත් මෘදුව විනාඩි කිහිපයක් අතගාමින් හිඳලා නැවතත් විදුලි බුබුල නිවා දාමා දොරත් වසාගෙන කාමරයෙක් පිටතට ආවේ ගතේ අමාරුව අඩු වෙන්න නම් ඔහු⁣ට සුව නින්දක් අත්‍යවශ්‍ය නිසයි..

“මල්ලි නිදිද අම්මේ.”

“ඔය නිදාගෙන ඉන්නේ..කරොත් කරන්නේ එපා කියන වැඩක් මයි..මේ තරම් දෙයක් වෙලා තියෙද්දිත් මේ ළමයා ඒත් මට්ටු නෑනේ..”

“ඒ ගමන මොනවද කරලා තියෙන්නේ..”

“අර ඔලුවෙත් තුවාලයක් තියාගෙන මේ මහ රෑ නාලා..”

“ඩොක්ට මගින් මගටම කිව්වා අම්මේ තුවාලේ තෙම්ම ගන්න එපා කියලා..මේ මෝඩයට නම් කිසිම ගාණක් නෑ..ඉන්නකෝ මං දෙකක් කියලා එන්න..තාම බෙහෙත් ⁣බොන්නෙත් කැතුව ඇති ඔය හිටියට..”

“ගිහින් වැඩක් නෑ සුදු මැණිකේ මල්ලි නිඳි.. දැන් ඔය නිදා ගත්ත පිම්ම නැඟිටින්නේ හෙට උදේට තමයි..”

“බලන්න අම්මේ ඉතිං.. කිසිම වගකීමක් නෑ..ඩොක්ට මඟින් මඟටම කිව්වා තෙමා ගන්න එපා කියලා..”

රන්දි වෛද්‍යතුමා පැවසූ දේවල් ශිරන්තිට පවසන ගමන් ඇයත් සමඟින් ඔවුන්ගේ කුටියට ඇතුල් වුණේ පියාට සෑදුව කිරි වීදුරුව ඔහුට දීමට බලාපොරොත්තු ඇතිවයි..

“අප්ප..ච්චි කිරි එක..”

පොතක් කියවමින් හිටපු ජයදේව සමීපයට රන්දි පැමිණියේ වෙව්ලමින්..

“ඔතනින් තියන්න සුදු නෝනා..”

රන්දි වෙව්ලමින් පැමිණ ඔහු සමීපයෙන් කිරි වීදුරුව තබා පිටත් වෙන්න හදද්දි ඇය එතනම නතර වුණේ පියාගේ ආමන්ත්‍රණය නිසයි..

“දැන් සුදු නෝනා දිගටම ගෙදර ඉන්නද කල්පනාව..”

“අප්.පච්චි..මම..”

“ගොත ගගහා ඉන්නේ නැතුව මට කෙලින් උත්තරයක් දෙන්න..දිගටම ගෙදර ඉන්නද කල්පනාව..”

“මම තාම ඒ ගැන හිතලා නෑ අප්පච්චි..”

“තව ඉදිරියට ඉගෙන ගන්න කැමති නම් ම⁣ට ඒ දේවල් ඒ විදිහට කරලා දෙන්න පුළුවන්, එහෙම නැත්තන් මැරි කරන්න ලෑස්ති වෙන්න..”

“අප්පච්චි මම..”

“ම්..දැන් තමුන්ට යන්න පුළුවන්..”

රන්දිට පියාට පවසන්න ඕන වුණත් ඇය විවාහයකට අකමැති බව ඒත් ඊට ශක්තියක් නොමැති නිසා රන්දි හිසත් බිමට නැඹුරු කරගෙන කාමරයෙන් පිටතට ඇවිත් ඇගේ කාමරේ දිහාවට ඇවිඳගෙන ආවේ හඬමින්..
ඇය වසර කිහිපයක පටන් සාමාන්‍ය පවුලක තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්තුවේ නිවැසියන්ට හොර රහසෙයි.. මලනුවන්ට හා වැඩිමල් සොහොයුරාට මේ ගැන ඉව වැටී තිබුණත් ඔවුන් ඊට මැදිහත් නොවුණු නිසා රන්දි නිවසින් පිටතදි මිතුරිය හමුවීමට යන මුවාවෙන් ඔහුව මූණ ගැසීමට යන්නේ ඇයට නිවසේදි හොර රහසේ ඔහුට ඇමතුම් ලබා දීමට නොහැකි නිසයි..එහෙත් මෙම මොහොතේ රන්දි ඔහුට ඇමතුමක් ගත්තේ හිතේ තිබුණ පීඩනය නිසා හඬමින්මයි..

“කියන්න බාබා..මොකක් හරි ප්‍රශ්නයක්ද..?”

එහා ඉමෙන් ඔහු ඇමතුමට සම්බන්ධ වුණේම එලෙස අසමිනුයි..අන් දිනයන් හිදී ඇය මෙලෙසින් ඇමතුම් නොගන්නා බව දන්නා නිසා ඇයට යම් කරදරයක් දෝ කියා ඔහු සිටියේ ඇගෙන් පිළිතුරක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන්..

“ඔයා අඬනවද රන්දි..මොකද වුණේ අඬන්න තරම්..”

“මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ චමත්..අප්පච්චි ඇයි අපිට අපේ ජීවිතේ තීරණ ගන්න නිදහස දෙන්නැත්තේ..ඇයි එයා අපිට එහෙම කරන්නේ..”

චමත් නිහඬවම ඇමතුමේ රැදුනේ ඇයට ඇති තරම් හඬා සිත සදාගැනීමට අවස්ථාව දෙමින්..විනාඩි කිහිපයක් හඬා අවසන්ව කඳුළු පිස දමමින්ම රන්දි හඬ අවදි කරේ පියා ගැන නොපහන් හැඟීමක් හි⁣ත ඇතුලේ සැරි සරද්දියි..

“දැන් අඬලා ඉවරද..ම්..මං බය වුණා ඔයාට කරදරයක් වෙලා කියලා..”

“සොරි ඔයාව බය කරානම්..මට මේ දේවල් දැන් ඇති වෙලා තියෙන්නේ චමත්..”

“හොඳ ළමයා වගේ සන්සුන් වෙලා.. මට කියන්නකෝ අද අඬන්න තරම් මොකද වුණේ..”

“අප්පච්චි කියනවා මට ඉගෙන ගන්නවනම් එයා උදව් කරන්නම්ලු..එහෙම ඉගෙන ගන්නේ නැත්තම් මැරි කරන්න රෙඩි වෙන්නලු..”

“වට්..”

“අපි දැන් මොකද කරන්නේ චමත්..අපි දෙන්නට වෙන් වෙන්න වෙයිද..”

“පිස්සු කතා කරන්න එපා බාබා..මං එහෙම දෙයක් වෙන්න කීයටවත් ඉඩ තියන්නෑ..ඔයා බය නොවී ඉන්න..”

“ඒත් අප්පච්චි මට බල කරොත්, මට එයා⁣ට පිටින් යන්න බෑ චමත්..”

“මං දුප්පත් බව ඇත්ත රන්දි..අපිට ඔයාලට තරම් සල්ලි භාගේ නැති එකත් ඇත්ත, ඒත් මට ඔයාට කන්න අඳින්න දෙන්න බැරි තරම් අපි හිඟන්නෝ නෙමෙයි..මං එන්නද ඔයාගේ අප්පච්චිව හම්⁣බ වෙන්න..”

“අනේ..ඒ පිස්සු වැඩේ නම් කරන්න හිතන්න වත් එපා චමත්..ඔයා දන්නෑ අපේ අප්පච්චිගේ හැටි..එයා හිතක්, පපුවක් තියෙන මනුස්⁣සයෙක් නෙමෙයි..එයාට මනුස්⁣සයෙක් මරණවා කියන්නේ හරිම ලේසි වැඩක්..මට ඔයාව නැති කරන්න බෑ..චමත්..”

“එහෙනම් ඔයා මට මොනවද රන්දි කරන්න කියන්නේ..අප්පච්චිට කතා කරන්නත් එපාලු…ඔයාට ඕන මං ඔයාව අතඅරින්න ද..”

“අනේ…නෑ..චමත්..මං කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නේ..”

“ඔයා මොනවා හරි ඉගෙන ගත්තොත් අප්පච්චි ඔයාට මැරි කරන්න බල කරන්නේ නැති වෙයි නේද දැම්ම..”

“සමහර විට..බල කරන්නේ නැති වෙයි..ඒත් මට ඒක හරියටම කියන්න බෑ චමත් අප්පච්චි දේවල් කියන්නේ ගොඩක් හිතලා බලලා..එයා කාවම හරි මට මැරි කරන්න දැන්ටමත් හොයාගෙන ඇති ඒකයි එහෙම කතාවක් කියන්න ඇත්තේ..”

“මං ඔයාට මොනවා හරි ඉගෙන ගන්න හොඳ දෙයක් හොයලා බලන්නම්..අපි මුලින්ම කලබල නොවී අප්පච්චි කිව්ව විදිහට කරමු..
සමහර විට ඔයා ඉගෙන ගන්න පටන් ගත්තම මැරේජ් එක අප්පච්චි කල් දාවිනේ..”

“මට බයයි චමත්..”

‘බය නොවී ඉන්න බාබා..ඔයා කැමති නම් මට අද වුණත් ඔයාව එක්කරන් එන එක ප්‍රශ්නයක් නෙමෙයි..ඒත් මං කැමති නෑ ඔයාගේ අම්මට ගින්දරක් දෙන්න..මටත් නංගිලා දෙන්නෙක් ඉන්න නිසා මං දන්නවා අම්මා කෙනෙක් කොච්චර බලාපොරොත්තු ගොඩක් පොදි බැඳන්ද කියලා දුවෙක්ව උස් මහත් කරන්නේ..මට බෑ ඒ ගැන දැන දැනත් ඔයාගේ අම්මට ගින්දරක් දෙන්න..ඒත් අප්පච්චි මැරි කරන්න බලකරොත් මං තීරණයක් ගන්නවා..”

“මං දැන් තියන්නම් චමත්..අද අප්පච්චි ගෙදරනේ..මල්ලිව බලන්න යන්න ඕන ඒ මෝඩයා එපා කියන දේමනේ කරන්නේ..”

“ඒ ගමන මස්සිනාලා කාරයා මොකද කරගත්තේ..”

“අද පුංචි ප්‍රශ්නයක් වුණා ස්පෝට් මීට් එක වෙලාවේ..”

“මටත් ආරංචියි..අවුලක් ගියා කියලනම් මං හිතුවේ නෑ මල්ලි ඒකට සම්බන්ධ ඇති කියලා..ටවුමේ සෙට් එකත් එක්ක නේද වලිය ගියේ..”

රන්දි තමන් ඒ රන්ඩුවට මුල බව නොපවසා සිදුවුණ සිදුවීම පමණක් විස්තර කරේ තමන් සම්බන්ධයි කියා පැවසුවා නම් හොඳටම බැණුම් ඇසීමට වන බව ඇය දන්නා නිසයි..

“ඉතිං අප්පච්චි ගැහුවද..”

“අම්මයි මමයි ගහන්න දුන්නෑ චමත්..ඔලුවත් පැලිලනේ ඒ අස්සේ කොහොමද කියන්නකෝ තවත් ගුටි කන්නේ..”

“පුදුමයි අප්පච්චි මුකුත් නොකර හිටියා..”

“කරානම් හොඳයි නොකර ඉන්නවට වඩා චමත්..”

“ඇයි ඒ..”

“මල්ලි අද දවසෙම නිවාසේ වැඩ කරලා, රේස් එකත් දුවලා, ගුටිත් කාලා ඒ ඔක්කොම මහන්සිය එක්ක බඩගින්නේ ඉන්නේ කොහොමද කියන්නකෝ චමත්..ඉස්සර ඉදන්ම අප්පච්චි හැමදාම එයාගේ කේන්තිය පිට කරගන්න ක්‍රමයක් නැති වුණාම අපිව කාමරේට දාලා දොර වහනවා කන්න දෙන්නේ නැතුව..දැන් අපි ලොකු නිසා කාමරේ දොර ලොක් නොකරට එයාට පිටින් ගිහින් අපි කාටවත් කිසිම දෙයක් කරන්න බෑ..”

“අප්පච්චිට කිය කිය ඉන්න ඕනද ඔයාලට පුළුවන්නේ කෑම එකක් ගිහින් දෙන්න..”

“ඔයා කියන තරම් ඒක ලේසි නෑ චමත්..අප්පච්චි ඇහැ ගහගෙන ඉන්නේ අපි කරන්නේ මොනවද කියලා..”

පසුගිය සතියේ කොටස මෙතැනින් –

අකුරු ගෙත්තම

අනූපමා කාරියවසම්

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa