සංසාර ගීය – 08 කොටස

author
0 minutes, 12 seconds Read

වර්තමානය..

සනහස් සජීවි වැඩසටහන නිමාවනවත් එක්කම මැදිරියෙන් නික්මයන්නට උත්සහ කරත් ඔහුට ඊට අවස්ථාවක් නොලැබුණ තරම්..

“ප්ලීස් සනහස් ඔයාව ඉතිං අල්ල ගන්න ලේසියෙන් බෑනේ අපි කොෆි එකක් බීලම චුට්ටක් කතා කරමු මට ඔයාව අපේ තව ප්‍රෝග්‍රෑම් දෙක තුනකටත් ගෙන්න ගන්න ඕන කමකුත් තියෙනවා අපි චුට්ටක් ඒ ගැන කතා කරමුද..”

වැඩසටහන් අධ්‍යක්ෂක කෙනෙක් වුණ කමල් යුහුසුළුව සනහස්ව ඔහුගේ කාර්යාලය වෙත රැගෙන ගියේ එලෙස පවසමින්..

“මට ඇත්තටම මේ දවස් වල නම් ටයිම් එක හරිම අඩුයි මිස්ට කමල්..”

“එහෙම වෙන්න එපැයි ඉතිං සනහස් කියන්නේ රටක් ආදරේ කරන තරුවක්නේ..
මං මෙහෙම ඇහුවට වරදවා හිතන්න එපා සනහස් කෝ ගෑණු ළමයා ගැන කියනවා කිව්වට ඒ කතාව හරි ලස්සනට මඟ ඇරියනේ හැඩ හුරුව විතරක් කියලා..අපි නම් බලාගෙන හිටියේ සනහස් නම්, ගම් එක්ක විස්තර ටිකක් කියනකන්..අඩුම තරමේ ලව්ස්ටෝරිය වත් කිව්වේ නෑනේ..”

“මං වැඩිය මගේ පෞද්ගලික ජීවිතේ මාධ්‍ය ඉස්සරහට ගේන්න කැමති නෑ මිස්ට කමල්..
මං අද වුණත් ඒ ගැන කතා කරන්න හිතුවේ මේ බොරු මීඩියා චැනල් වලින් මාව මාකට් කරලා අහිංසක ප්‍රේක්ෂකයන්ව නොමග අරින නිසා..ඒත් මට හිතට එකඟව මගේ පවුලේ අයව මාකට් කරන්න අවස්ථාවක් දෙන්න මට හිතුණේ නෑ..ඒකයි මං ඒ දේවල් ප්‍රෝග්‍රෑම් එකේ නොකිව්වේ..”

“ඒත් සනහස් ඔයාට ලැබුණු චාන්ස් එක මහ අපරාදේ..ඔයා අද මේ ප්‍රෝග්‍රෑම් එකේදි කිව්වනම් අද දවසේ තරුව වෙන්නේ ඔයා..එහෙනම් අපිට ඔයාට නියම පබ්ලිසිටි එකක් දෙන්න තිබුණා අපේ පැත්තෙන්..”

“මට මේ තියෙන පබ්ලිසිටි එක ඇති මිස්ට කමල් මං කැමති නෑ මගේ පවුල විකුණලා ඉස්සරහට යන්න..”

“ඒ වුණාට සනහස් දැන් කාළේ තියෙන තරඟ කාරීත්වය එක්ක අපි කුණු වුණත් මාකට් කරන්න ඕන, නැත්තන් කොහොමද මේ ෆීල්ඩ් එකේ රැදෙන්නේ..”

“ඒ වුණාට මිස්ට කමල් මං ඔය දේවල් වලට කැමති නෑ..”

“මේකයි කොල්ලෝ ඔය වයසට ඔහොම හිතෙනවා තමයි ඒත් ඉතිං දැන් කාළේ මිනිස්සු කැමති දේ ඕන අපි එළියට දෙන්න.. දැන් බලන්න අද ප්‍රෝග්‍රෑම් එක මාර විදිහට දැන්ටම රිච් වෙලා තියෙන්නේ youtube live එක විතරක් දැනට ලක්ෂ තුනක් බලලා..අද දවස ඇතුළත ෂූවර් ටූ මිලියන් වත් ගහනවා..සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්..ඉතිං ඒකෙන්ම තේරෙනවනේ අද මිනිස්සු කට මැඳගෙන හිටියේ මොකටද කියලා..අපිත් කොල්ලෝ කරන්නේ රස්සාවක්නේ ඉතිං රස්සාවේ හැටියට අපි හැඩ ගැහෙන්න ඕන..මං මේ කියන්නේ…”

“මිස්ට කමල්ට කතා කරන්න ඕන කිව්වා නේද ප්‍රෝග්‍රෑම් එකක් ගැන..”

“ඔව්..ඔව්..සනහස්..”

“අපි ඒක ගැන කතා කරලා ඉමුද මිස්ට කමල්..මට හදිස්සි වැඩකට යන්නත් තියෙනවා ඒකයි..”

“හරි..හරි..මේකයි සනහස් මේ අලුත් වැඩේ ලංකාවේ ෆස්ට් ටයිම් තමයි අපේ චැනල් එක කරන්නේ, ඉතිං මේක ලොකු වැඩක්..ඔයාට හොඳ ගාණක් අපි ගෙවනවා..ඔයාට මේ වෙනුවෙන් ⁣අපි ගෙවන ගාණ මදී වගේ නම්
ඔයා කැමති ගාණක් වුණත් අපිට දෙන්න පුළුවන්..”

“බජට් එක ගැන අපි පස්සේ කතා කරමු මිස්ට කමල්, ඊට කලින් මට කියන්න ඔය ප්‍රෝග්‍රෑම් එකේ මට මොනවද කරන්න තියෙන්නේ..

“සනහස්ට කරන්න තියෙන්නේ පුංචි වැඩයි..
අපි කැමතියි ඔයා අපේ ජජ් බෝඩ් එකේ ඉන්නවා නම්..”

“බැණුම් අහන්න වෙන වැඩක් එහෙම නෙමෙයි නේද මිස්ට කමල්..”

“පිස්සුද සනහස්..මේක මේ එහෙම වැඩක් නෙමෙයි..කලින් තිබ්බ රියැලිටියේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් වුණා නම් තමයි..ඒත් ඉතිං ඒ ප්‍රශ්න ටික අපි විසඳුවනේ සනහස්..මේක මේ අපි ලංකාවේ කරන පළවෙනි පාර..මේක ආයි අපි සුපිරියටම කරගෙන යන්න තමයි දැකටමත් ප්ලෑන් කරලා තියෙන්නේ.. සනහස්ටත් හොඳ ජනජනප්‍රියත්වයක් මේකෙන් ගන්න පුළුවන්..”

“මට එන්න බැරි කමක් නම් නෑ මිස්ට කමල්..ඒත් මට ෂෙඩූල් එක කලින් එවන්න ඕන..මං දැනට බාර අරගෙන තියෙන වැඩ ටික මැනේජ් කරගන්න නම් මට පුළුවන්..”

“එහෙනම් ඉතිං ඒච්චරයි වෙන්න ඕන..අපි සේරම ඉතුරු වැඩ ටික බලාගන්නම් සනහස්ට තියෙන්නේ අපි කියන දවසට ඇවිත් අනිත් ජජ්ලත් එක්ක අපි කියන විදිහට ඇක්ට් කරන්න විතරයි..”

“මිස්ට කමල් හැබැයි මට ඔය බොරු තීන්දු තීරණ නම් දෙන්න බෑ..මං රියැලිටියට එන්න නම් මට සම්පූර්ණයෙන්ම බලතල තියෙන්න ඕන තරඟකරුවන්ගේ තීරණ ගද්දි..මට බෑ මිස්ට කමල් බොරුවට රඟපාන්න.. රියැලිටියක් වුණත් සාධාරණව කෙරෙන්න ඕන..”

“ඒක..ඇත්ත..ඒක ඇත්ත..ඒත් මෙහෙමයි කොල්ලෝ අපි චුට්ටක් නේ..දන්නැද්ද..පොඩි රසයක් බලන් ඉන්න මිනිස්සුන්ට දෙන්නත් ඕනනේ..ඉතිං පොඩ්ඩක් විතර පිටපතක් නම් තියෙනවා..හැබැයි ඉතිං ඒක මහ ලොකු එකක් නෙවෙයි..සනහස්⁣ට තියෙන්නේ චුට්ටක් විතර ඒකේ විදිහට වැඩ කරන්න විතරයි..”

“සොරි මිස්ට කමල්..මං එහෙම පිටපත් වලට වැඩ කරන මනුස්⁣සයෙක් නෙමෙයි..”

සනහස් අසුන්ගෙන හිටපු තැනින් නැගිට්ටේ තවත් ඔහුත් සමඟ මේ ගැන කතිකා කර පලක් නොමැති නිසයි..

“ඕ..ඔය යන්නද සනහස්..ඔහොම ඉන්න ඔහොම ඉන්න..අපි මේ ගැන කතා කරලා ඉවර නෑනේ..කෝ..මෙනින් වාඩි ගෙන ඉන්නකෝ සේරටම කලින්..”

කමල් නැවත වතාවක් බලෙන්ම වගේ සනහස්ව ඔහු අසුන්ගෙන හිටපු තැනින්ම වාඩි කෙරෙව්වේ කෙසේ හෝ ඔහුගේ අභිප්‍රාය සපල කරගැනීමේ අරමුණින්..

“සනහස් ඒ වැඩේට අකමැති නම් කමක් නෑ..මං ඒක බැලන්ස් කර ගන්නම්කෝ.. මොකද කියන්නේ සනහස් අපි දැම්ම ඇග්රිමන්ට් එක ගහලා වැඩේ ක්ලෝස් කරමුද..”

“එහෙම ආවට ගියාට වැඩ කරන්න බෑනේ මිස්ට කමල්..මං ඇග්රිමන්ට් එකකට සයින් කරන්න කලින් මගේ ලෝයර්ට ඒ ඩොකියූමන්ට් අරින්න ඕන..ඊට පස්සේ තමයි මං ඒවා සයින් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ..”

“කමක් නෑ..කමක් නෑ..අපි ඒ වැඩේ හෙමීට කරගමුකෝ..මං එහෙනම් දිනෙයි තැනයි සනහස්ට ටෙක්ස්ට් එකක් දාන්නම්..”

“මං එහෙනම් යන්නම් මිස්ට කමල්..”

සනහස් ඔහුට අතට අත දී රූපවාහිනී නාළිකාවෙන් පිටතට ඇවිඳගෙන ආවේ බොහෝ තරුණ,තරුණියන් සමඟ සේයාරූ විස්සකට, තිහකට වඩා පෙනී සිට අවසන් වුණාට පසුවයි..

“උඹ මොකෝ පරක්කු..”

සනහස් පැමිණෙන තුරු ඔහුගේ රථයට වී කාලය කා දමමින් හිටපු මිතිල ඔහුගෙන් එලෙස ඇසුවේ ඔහුව හමුවීමට පැමිණ බොහෝ වේලාවක් රථයට වී ඔහුට සිටින්නට වුණ නිසයි..

“උඹ දන්නවනේ මචං අර කමල් කියලා මනුස්සයෙක් විසිර ටිවී එකේ ඉන්නේ..”

“ඔව්..ඕව් මං දන්නවා..ඉතිං..”

“අන්න ඒ මනුස්සයා රියැලිටියක් පටන් ගන්නවලු ළඟදී..මටත් එන්නලු ඒකේ ජජ් බෝඩ් එකට..”

“ඉතිං උඹ මොකද කිව්වේ..”

“වැඩේ නම් ඉතිං හොඳයි..ඒත් බං ඔය මනුස්සයා පටන් ගන්න ප්‍රෝග්‍රෑම් හැමදාම ඉවර වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන.. මේකත් අන්තිමට මොනවා වෙලා ඉවර වෙයිද දන්නෑ…”

“කොහොම අන්තිමට ඉවර වුණත් මචං උඹට තියෙන ෆෑන් බේස් එක තව වැඩිවෙයි එහෙම වැඩකට උඹ සෙට් වුණොත්..”

“බලමු බං..මං තාම හිතලා නෑ..මොනවා කරනවද කියලා..ඕවට මං එච්චර යන්න අකමැති වචනයක් වැරදුණත් ඕවා පස්සට ලෙඩ වෙන නිසා බං..ඒක නෙමෙයි උඹ අදම කුරුණෑගල යන්නෑනේ..”

“නෑ..නෑ..මචං..මං ආවේ මේ බිස්නස් එකේ පොඩි වැඩ දෙක තුනක් කරගන්නත් එක්ක..”

“එහෙනම් ඉතිං සතියක් දෙකක් විතර අපේ ගෙදර ඉදලා හෙමීට වැඩ ටිකත් කරගෙන යන්න බැරියෑයි..අම්මා හරි සතුටුවෙයි උඹව දැකලා..”

“දැන් මාමට කොහොමද සනහසෝ..”

“අවුලක් නෑ ඉතිං හිටපු විදිහයම තමා..”

“උඹ තාමත් මාමා එක්ක තරහද මචං..”

“තරහ වෙනවත් යාළු වෙන්නවත් අපි අතර මහ ලොකු සම්බන්ධයක් ඉස්සර ඉඳන්ම තිබුණේ නෑනේ මචං..”

“ඒක නෙමෙයි මං live බලාගෙන හිටියේ ප්‍රෝග්‍රෑම් එක..ඇයි බං උඹ තාම ඉස්සර දේවල් අමතක නොකර ඉන්නේ..දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයිනේ..උඹව පුංචි කාළේ ඉදන් දන්න එකා විදිහට මට තේරෙනවා උඹට වුණ දේවල් අමතක කරන එක ලේසි නෑ කියලා..ඒත් බං දැන් අවුරුදු පහක් ගෙවිලා ඉවරයි..මේ කාලේ උඹට හිත හදාගන්න හොඳටම ඇති..”

“එහෙම මේ කැඩුණු බිඳුණු හිත හදාගන්න ලේසි නෑ මචං..තාමත් මට නින්ද යන්නෑ මචං, රෑ දෙගොඩ හරියේ මේ අවුරුදු පහ පුරාම හැමදාම මං ඉන්නේ ඇහැරිලා..ඇස් පියවෙන වාරයක් ගාණේ මට මැවිලා පේන්නේ ලේ ගොඩක් මැද මේ අත් දෙක උඩ පණ අඳින මගේ කෙල්ලව මිතිල..මට තාම එදා දවසවත් අමතක කරගන්න බැරුව මං කොහොමද බං ඉස්සරහට යන්නේ..”

“මටත් තාම එදා වුණ දේ හීනයක් වගේ මචං..”

“එහෙම දෙයක් නොවුණනම් අදත් මගේ ළඟින් මගේ කෙල්ලට ඉන්න තිබුණා මිතිල..
මං එයාට ආදරේ කරන්න පටන් අරන් මාස දෙක තුනක් වුණත් මං එයාට මහ ගොඩක් ආදරේ කරා..”

“අපි ඒක දන්නවනේ මචං..උඹ දවස් කීයක් නංගි පස්සෙන් ගියාද..උඹ නංගිට කරපු ආදරේ අපි ඇස් දෙකෙන් දැක්කා..ඔය ඔක්කොම හරි කියමුකෝ..ඒත් බං..දැන් නංගි මේලෝකේ නෑනේ..අපි යථාර්ථය තේරුම් ගන්න ඕන..”

“දැන් ඔය කතාව ඇති මිතිලයෝ..උඹේ වාහනේ ගෙදර ඇරියා නේද..”

“ඔව් මචං..මං ඩ්‍රයිවර් අතේ උඹලහට ඇරියා..මෙලහකට නැන්දා දන්නවත් ඇති මං උඹ එක්ක එන විත්තිය..”

මිතුරන් දෙදෙනා පැයකට පමණ පසු අතුරුගිරිය ප්‍රදේශයේ තනා ඇති සනහස්ගේ නිවසට ගොඩ වුණේ පාසල් කාලයේ මතකත් මතක් කරමින්..

“ඇත්තමයි මචං අපි ඒ කාලේ කීයටවත් හිතුවේ නෑ උඹ තරුවක් වෙයි කියලා..”

“එහෙම තමයි බං ඉතිං ජීවිතේ වෙනස් වෙන්න මහ කාලයක් යන්නෑ..”

“උඹ අර සිද්ධියෙන් පස්සේ ඒ පැත්තේ ආවෙම නෑනේ..අරුන් ටික හරි කැමතියි උඹ අපේ නවෝද්ගේ වෙඩිමට එනවනම්..මොකෝ කියන්නේ උඹ එනවද..”

“උඹ දන්නවනේ මචං..මට ඒ පැත්තේ යන්නැති ⁣හේතුව..”

“දැන් ඔය දේවල් උඹට මතක තිබුණට බං අනිත් මිනිස්සුන්ට මතක නෑ..අනිත් එක උඹ කවදා වෙනකං මෙහෙම හැංඟිලා ඉන්නද මචං..වෙච්ච දේවල් වුණා..ඒවට උඹ මොනවා කරන්නද..”

“ඒ වුණාට මචං මං එදා අමායා නංගිගෙන් කැමැත්ත අහන්න නොගියනම්..මේ කිසිම දෙයක් මෙහෙම වෙන්නෑ..අදටත් එහෙනම් අමායා ජීවතුන් අතර..”

“මචං..මචං..මං උඹට හැමදාම කියනවා බං..එදා වු⁣ණ දේ වුණේ උඹ නිසා නෙමෙයි..ඒක නංගිගේ දෛවය.. මනුස්⁣සයෙක්ගේ දෛවය අපිට එහෙම වෙනස් කරන්න බෑ බං..”

පෝටිපෝවෙන් රථය නතර කරනවත් එක්කම නිවසින් පිටතට ආවේ රන්දි එක්ක ශිරන්ති..

“අපි මේ බල බල හිටියේ දෙන්නා එනකන්..උදේමද මිතිල කුරුණෑගලින් පිටත් වුණේ..”

“ඔව් නැන්දේ පාන්දර හතරට විතර එහෙන් ආවේ..බිස්නස් එකේ පොඩි වැඩ වගයක් කරගන්න තිබුණා කොළඹින් ඒ නිසා උදේම ආවා..”

“මනහසිත් ඇති එහෙනම්..යමු කෑම ටිකක් කන්න..මහේෂ් ආපු ගමන් මං කෑම ලෑස්ති කරා..කොහෙද ඔයාලා නිකමට එන්න කලින් කියලා එන්නෑනේ..ගේ ඉස්සරහට එනකන් අපි දන්නෑ..යාළුවා ඔක්කොටම හපං හැමදේම කරන්නේ හීන් නූලෙන්..”

“අපෝ නැන්දේ..ඔයා තාමත් ඉස්සර වගේමයි අනේ..බණ දේශනා කරන්න නම් හරි දක්ෂයි..”

“ඔව්..ඔව්..දැන් මේ ඉලන්දාරියොන්ට අපි කියන දේවල් ඇහෙන්න බණ වගේ කියලා මටත් තේරිලා තියෙන්නේ..අ⁣පි මේ කට කැඩෙනකන් කියන බණ අහලා හරි හැදෙන්න බලනවලා..එක්කෙනෙක් තව පොඩ්ඩෙන් අපිට ප්‍රෙෂර් හදවනවා ප්‍රෝග්‍රෑම් එකට ගිහින් විකාර කියවලා..ඇත්තටම ඔයාට මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද සුදු පුතේ..”

“හරි..හරි..නැන්දේ..කේන්ති නොගෙන ඉන්නකෝ මූ ඉතිං මොනවත් කිව්වේ නෑනේ..මාත් මේ එන මග දිගට මූට බැණ බැණ ආවේ..මූ ආයි ඔය වගේ වැඩ කරන්නේ නැති වෙයි අපි යමුද ඇතුළට යකෙක් කන්න බඩගිනියි..”

සනහස් දිහාවට රැව්මක් පා කරන ගමන් මිතිල ශිරන්තිව එක්කරගෙන නිවස ඇතුළට ගියේ තවත් මෙතන රැදුණොත් පැයක් පමණ මිතුරාට නැන්දනියගෙන් ගැලවීමට නොහැකි වන බව දන්නා නිසයි..

පසුගිය සතියේ කොටස මෙතැනින් –

අකුරු ගෙත්තම –

අනූපමා කාරියවසම්

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa