සංසාර ගීය – 11 කොටස

author
0 minutes, 11 seconds Read

“අද යන්නෑ මචං හෙට උදේට වගේ තමයි යන්න හිතුවේ..”

“ආන්ටිලා එහෙම හොඳින් ඉන්නවද බං අංකල් පැරලයිස් වුණා කියලා ආරංචියි..”

“ඔව් දනුක දැන් අවුරුදු තුනක් විතර වෙනවා තාම අඩු නෑ..”

“කොහොම හිටපු මනුස්⁣සයෙක් ද අංකල් කියන්නේ..ඉස්සර අපි පණ බයයි නේ..ඒක නෙමෙයි දැන් උඹලෑ අයියා පොලිස්සියේ ඉහළ පෝස්ට් එකක ඇති නේ..”

“ම්..ඔව් දැන් DIJ කෙනෙක්..”

“ශා..මරුණේ..අපි⁣ටත් වැඩක් කරගන්න පුළුවන් වෙයි නේ..ඒක නෙමෙයි ආරංචි වුණා අපි⁣ට අක්කා අර ඒ කාලේ හැංගි හොරා කරපු ලව් එකම මැරි කරා කියලා..”

“ඔව්..ඔව්..අප්පච්චිට බයේනේ ඒ කාලේ හිටියේ..අප්පච්චි පැරලයිස් වුණාට පස්සේ අම්මා කැමති නිසා අක්කා අයියව මැරි කරා දැන් අවුරුදු තුනක් විතර වෙනෝ..”

“උඹ ළඟදි සිංදුවක් එහෙම හදන්නැද්ද..”

“දනුකයෝ උඹට තියෙන්නේ පුදුම ප්‍රශ්ණ තොගයක්නේ බං..පොඩ්ඩක් මූට හුස්මක් කටක් ගන්න දීපං..”

“එහෙම තමයි උඹට දවස ගාණේ මූව හම්බුණාට අපිට හම්බෙන්නේ අවුරුදු ගාණකට වරක් නේ..”

“මචං දැන්නම් උඹේ කටහඬින් සිංදුවක් අහන්නම ඕන බං..”

“මං සිංදු බලන් ආවේ නෑ බං අද..අනිත් එක මං කියන ටයිප් ඒවා වෙඩින් එකකට ගැලපෙන්නෑ උඹලා දන්නවනේ..”

සනහස් එලෙස පැවසුවේ ඔහු ගයන්නේ විරහ ගීත නිසයි..

“ඔන්න ඔය වෙඩිමකට ගැලපෙන එකක් කියලා පස්සේ අපි අර ආසම සිංදුව කියපං බං..ප්ලීස් බං..”

“මං මේ අපේ ගෑණිගේ කන්කෙදිරිය ඉවසගෙන ඉන්න බැරුව මූට මේ කියන්න ආවේ සිංදුවක් කියපංකෝ කියලා..උඹලා දැන්ටම වැඩේ පටන් අරන් නේ..”

නවෝද් එලෙස පවසමින් ඔවුන් සමීපයට පැමිණියේ අලුත විවාහ වුණ සිය බිරියගේ කන්කෙදිරිය ඉවසා සිටිය නොහැකි නිසයි..

“මචං..මං කියන ඒවා මෙතනට ගැලපෙන්නෑ බං..”

“අනේ..මේ විකාර නොකියා ඔතනින් නැගිටලා මෙහේ වරෙන් බං..මේ ෆේමස් ගායකයා සිංදුවක් කියන්න කිව්වම නහයෙන් අඬනවා කියලා දැන ගත්තොත් උඹේ ප්‍රේක්ෂකයෝ ටික උඩ බිම බලයි..යමන්..යමන්..”

නවෝද් සනහස්ව රැගෙන ගියේ කුඩා සංගීත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කර ඇති වේදිකාව සමීපයට..

“ඔන්න ඔයාලා වෙනුවෙන් මං අද එක්කරන් ආවා ලංකාවේ ජනප්‍රියම ගායකයා..අපේ හදවතේ ගායකයා සනහස් රවිහංස දිසානායකව මේ තමයි මගේ පාසල් කාලයේ පටන් මිත්‍රයා..මං වැඩිය කියවන්නේ නැතුව වේදිකාව බාර දෙනවා අපේ ගායක මහත්තයට..

සනහස් හිටියේ උදෑසන පටන් අතීත මතයන් නිසාවෙන් හොදටෝම නොසන්සුන් වුණ මනසකින්..අතීත සිදුවීම් සිතුවමක් ලෙස ඇස් ඉදිරි පිට ඇඳී මැකී යද්දි බොහොම අමාරුවෙන් සිතුවිලි පාලනය කරගෙන සනහස් සංගීත කණ්ඩායම දිහාවට හැරිලා ඔහු ගයන ගීත කිහිපය පවසලා සුදානම් වුණේ වේදනාවන්⁣ මොරදෙන හදවත පැත්තකට දමා ගීතය ගයන්න..

“මං මුලින්ම කියන්න ඕන අද මං ආවේ මගේ මිත්‍රයගේ ජීවිතේ වැදගත්ම දවසට සහභාගී වෙන්ව හිතාගෙන මිසක්කා ගීත ගයන්න හිතාගෙන නම් නෙමෙයි..කොහොම වුණත් මගේ ගීත විරහ ගීත නිසා මං මුලින්ම මේ අවස්ථාවට ගැලපෙන ගීතයකින්ම පටන් ගන්නම්..

සනහස් විවාහ උත්සවයකට උචිත ලෙස ගීතක් ගායනා කර අවසන් වෙලා ඔහුගේ ගීතයක් වෙනුවට ජනප්‍රිය ගායකයෙක්ගේ ගීතයක් ගායනා කරන්න සුදානම් වුණේ ඔහුට හිත සදා ගැනීමට නොහැකි වුණ නිසයි සුභ දිනයක විරහ ගීත ගයන්න..

ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිට බලා සිටිනවා

මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
යෙයි යෙයි යෙයි යෙයි යෙයි….
අඳුර මැදින් එන්න සදලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා

සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙට වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා

ඔහු කසුන් කල්හාර ගැයූ ගීතයකුත් ගයා අවසන් කර ඔහුගේ ගීත ත්‍රිත්වයකුත් ගායනා කරේ ⁣විවාහයට පැමිණ සිටින බොහෝ දෙනාගේ නොනවතින ඉල්ලීම් නිසයි..

“වාව් මචං..උඹේ වොස් එක නම් පට්ට හොදේ..ඉස්කෝලේ කාලේ උඹ එච්චර සිංදු කිව්වෙම නෑනේ අපරාදේ මේ හැකියාව ඒ කාලේ එළියට නොදැම්මේ..”

නවෝද් එලෙස පැවසුවේ සනහස් සමීපයට පැමිණ ඔහුගේ පිටට තට්ටුවකුත් දමන ගමන්..

“වෙච්ච දේවල් එක්ක හිත හදාගන්න ක්‍රමයක් නැති කාලේ හොයාගත්ත බෙහෙත මේක මචං..⁣මං හිතුවේ නෑ මේ බෙහෙත මට වැඩ කරයි කියලා..”

“ඔය ෂෝක් එකට වැඩ කරලා තියෙන්නේ උඹ ඉන්න තැන ගැන මට මාර සතුටක් තියෙන්නේ මචං..උඹට වුණ දේ මට වුණානම් මං අනිවාර්යයෙන්ම සූසයිට් කරගෙන මේ වෙනකොට..නොකරපු වරදකට මුළු ලෝකෙම උඹට ඇඟිල්ල දික් කරද්දි උඹ ඒක දරාගත්ත විදිහට මං පට්ට කැමතියි කොල්ලෝ..මං චුට්ටක් අරහෙට ගිහින් එන්නම් උඹ මිතිලත් එක්ක කන්න පලයන්..”

“මේ එක නෙමෙයි අර අතක ඉදන් උඹ දිහා බලාගෙන ඉන්නේ මැඩම් නේද..”

විනෝද් යන දිහා බලාගෙන හිටපු සනහස්ගේ කනට කර මිතිල පැවසුවේ ඔවුන් දිහා ඈත ඉදන් බලාගෙන ඉන්න වසර කිහිපයකට කලින් පාසලේ විදුහල්පතිතුමිය වගේම අමායගේ මෑණියන්ව පෙන්වමින්..

“මූව මරන්න එපැයි බං නිකමටවත් අපිට කිව්වේ නෑනේ මූ මැඩම්ට ඉන්විටේෂන් දුන්න කතාවක් එහෙනම් මං උඹව එක්කරන් එන්නෑනේ..”

“ඌට අමතක වෙන්නැති මචං..”

“මේ මෙහේ වරෙන් උඹ අපිට කිව්වේ නෑනේ උඹ මැඩම්ට ඉන්විටේෂන් දුන්න කතාවක්..
උඹ කලින් අපිට කිව්වනම් මං මූව එක්කරන් එන්නෑනේ..උඹ දන්නවනේ මැඩම් මූ එක්ක නයි වයිරයි විත්තිය..”

“අනේ සොරි සනහසෝ මාත් මේ මැඩම්ව දැක්ක ගමන් දුවගෙන ආවේ උඹලව හොයාගෙන..මගේ රතු කට්ට පැනලා තියෙන්නේ මචං මගේ ගෑණිත් එක්ක..ඒකී මට නොකියා ගිහින් මැඩම්ට ඉන්වයිට් කරලා..මං දන්නෙත් දැන් මචං..මට සමාවෙයන් බං මං දන්නවනම් ඔය ගොන් වැඩේ ඒකීට කරන්න දෙන්නෑ..අපි මොකක්ද බං දැන් කරන්නේ..”

“මොනවා කරන්නද මං මූව එක්කරන් යනවා මෙතන ඉදලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් හෙට වෙද්දි මූට ලංකාවේ වසන්න වෙන්නෑ..”

“අනේ මට සමාවෙයන් සනහස්..”

“ඒකට කමක් නෑ බං..මගේ වැරදි වලට උඹලා මොනවා කරන්නද..නංගිට බනින්න එපා මචං ඒ කෙල්ල මේවා දන්නෑනේ උඹලගේ සතුටුම දවසේ මං නිසා මූණ එල්ලගෙන ඉන්නේ නැතුව හිනාවෙලා හිටපං..”

සනහස් නවෝද්ට සමුදීලා උත්සව ශාලාවෙන් පිටතට මිතිලත් එක්ක ඇවිඳගෙන ආවේ විදුහල්පතිතුමියව මඟ අරින්න හිතාගෙන වුණත් ඉස්සරහට ගත්ත අඩිය සනහස් නැවත වතාවක් පිටු පසට තිබ්බේ විදුහල්පතිනිය ඔහු පසු පසින් පැමිණ ඔහුට කතා කෙරූ නිසයි..

බර හුස්මක් හෙළන ගමන් සනහස් විදුහල්පතිතුමිය දිහාවට හැරුණේ තවත් මග අරින්න දෙයක් ඉතුරු නොමැති නිසයි.. විදුහල්පතිතුමිය හිටියේ ගිණි පුපුරු පිටවෙන දෑස් වලින් ඔහු දිහා බලාගෙන..

“මැඩම් ප්ලීස් මෙතන කෑ ගහලා ප්‍රශ්න විතරක් ඇති කරන්න ලෑස්ති වෙන්න එපා මැඩම්ට සනහස් එක්ක කතා කරන්න දෙයක් තියෙනවනම් ප්ලීස් අපි එළියට ගිහින් කතා කරමු..”

මිතිල කාටත් කලින් ඉස්සර වී විදුහල්පතිතුමිය සමීපයට පැමිණ එලෙස පැවසුවේ සනහස් දැන් ඉස්සර හිටපු කොළු ගැටයා නොවන නිසයි..ඔහු දැන් රටක් ආදරය කරන තරුවක් ඔහුගේ චරිතයට කැලලක් ඇති වෙන අයුරින් දේවල් සිද්ධ වෙන්න කලියෙන් විදුහල්පතිතුමිය සමඟින් සුහඳව කතා බහ කරන අරමුණින්..”

“ඇයි තමුන්ගේ යාළුවගේ කැරැට්ටුව රටේ ලෝකේ මිනිස්සු දැන ගත්තොත් කියලා බයද..”

“එහෙම බය වෙන්න දෙයක් නම් නෑ මැඩම් මොකද අපේ එකා වැරැද්දක් කරලා නෑනේ..”

“තමුන්ගේ යාළුවා නිසා තමයි මට මගේ කෙල්ලව නැති වුණේ තමුන් කියන්නේ ඒක වැරැද්දක් නෙමෙයි කියලද..”

“මැඩම් ඔයාට අපේ හිතේ තියෙන ගෞරවය නැති කරගන්න එපා බොරු දේවල් මෙතන කියවලා..”

“මං මොනවද කියපු බොරු..මං කියන්නේ ඇත්ත තමුන්ගේ මේ යාළුවා නිසා තමයි මගේ පුංචි කෙල්ලව මට නැති වුණේ..තමුන් නිසා තමයි සනහස් මගේ කෙල්ලව මට නැති වුණේ..තමුන් අද බැබලෙන්නේ මගේ කෙල්ලගේ මිනිය උඩින් ගිහින් කියලා මතක තියා ගන්නවා..තමුන්⁣ට සාප වෙන්න ඕන මගේ කෙල්ලට කරපු අපරාදෙට..සාප වෙන්න ඕන..”

වට පිටේ එකා දෙන්නා ඔවුන් වටා එක් රොක් වුණේ අසුරු සැනින්..

“මේ ඇයි මේ ගෑණු කෙනා අර ෆේමස් සිගර්ට කෑ ගහන්නේ..”

“ඇයි ඔයා දන්නැද්ද ඔය ගෑණු කෙනාගේ දුව එක්ක ඔය සිගර්ට සම්බන්ධයක් තිබුණනේ අවුරුදු පහකට විතර කලින්..ඔය ගෑණු කෙනා තමයි ඉස්සර ධර්මතිලක ඉස්කෝලේ ප්‍රිරින්සිපල් මැඩම්..පවු ඒ ගෑණු ළමයා නැති වුණා එක්සිඩන්ඩ් ⁣එකක් වෙලා..”

“ඉතිං ඒකට සනහස්ගේ තියෙන සම්බන්ධේ මොකක්ද..”

බොහෝ දෙනා දුරකථනයෙන් මෙම සිදුවීම පටිගත කරන බව දකිද්දි මිතිල වහාම ක්‍රියාත්මක වෙලා සනහස්ව පිටතට රැගෙන ආවේ ඔහු තවත් එතෙන රැඳෙන එක සුදුසු නැති නිසයි..

“ශික්..බලපං වෙච්ච වැඩේ..”

“වෙන්න තියෙන දේවල් අපිට නවත්තන්න බෑ බං..වෙන්න තියෙන දේ තමයි වුණේ..මට මැඩම් එක්ක කතා කරන්න ඕන බං.. පුළුවන් නම් හෙමීට මැඩම්ව මෙතනට එක්කරන් වරෙන්..”

“උඹ මැඩම් එක්ක මොනවා කතා කරන්නද මෙන්න මෙහෙට වෙලා හිටපං තවත් ප්‍රශ්න දාගන්නේ නැතුව..එදා ⁣උසාවියේදි මැඩම්ට පැහැදිලි කරලා කිව්වනේ ඒ ඇක්සිඩන්ට් එකට උඹ සම්බන්ධ නෑ කියලා CCTV ෆුටේජ් පවා පෙන්නුවනේ එහෙම තියාගෙන අර මැඩම් මොන මඟුලටද උඹට දෙස් තියන්නේ..”

“මැඩම් එළියට දාන්නේ මැඩම්ගේ හිතේ තියෙන වේදනාව මචං..ඒ අම්මා කෙනෙක්ගේ වේදනාවට අනිත් හැමදේම යටයි..”

“අනේ..මේ විකාර නොකියා හිටපං බං..මැඩම්ට දුක වුණයි කියලා එයා උඹේ ජිවිතේ විනාස කරලා හරියන්නෑනේ එක පාරකුත් කරේ ඒකනේ.. දැන් ආපහු පාරක් කරන්න හදන්නෙත් ඒක….උඹට මේ ගමේවත් ඉන්න බැරි වුණා කියලා උඹට මතක නැද්ද එයා නිසා..ඔය වගේ මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නෑ මචං..දැන් අවුරුදු පහක් තිස්සේ උඹ විඳවනවා මඳිද..දැන්වත් මේ දේවල් අමතක කරලා ඉස්සරහට යමං මචං..දැන් යමං අපේ අහ අම්මා බලන් ඉන්නේ උඹ එනකන්..”

“මට ගෙදර යන්න කලින් වෙන තැනක⁣ට යන්න ඕන මචං..”

“ඒ කොහාටද..”

වසර පහකට පස්සේ සනහස්ට ඕන වුණේ ඇයව දකින්න යන්න..ගෙවුණු වසර වල සනහස්ට ඇයව දකින්න යන්න තරම් ශක්තියක් හිතට නොතිබුණ නිසා ඔහු ඇයව දකින්න නොගියත් ඔහුට හදිස්සියේම ඕන වුණේ ඇයව දකින්න..

“උඹට හොඳටම ෂුවර්ද උඹට එයාව බලන්න යන්න ඕන කියලා..”

පොදු සුසාන භූමිය අසලින් නතර කෙරූ රථයෙන් සනහස් පිටතට පැමිණියේ සුදු රෝස මල් පොකුරක් දෑත දරාගෙන..

ජිවිතේ කියන්නේ අනිත්‍ය දෙයක් බව දන්නවා වුණත් හිතට සමීප බැඳීමක නික්මයාම මේ ලෝකේ ජීවත්වෙන සෑම මනුස්⁣සයෙක්ටම මහත් වේදනාවක්..වසර කිහිපයකට කලින් මතක දිගේ සනහස් ඇවිඳගියේ ඇගේ සොහොන් කොත සමීපයට..

සුදු රෝස මල් පොකුර ඇගේ සොහොන් කොත මතින් තියලා සනහස් දණ තියාගෙන විනාඩි කිහිපයක් බලාගෙන හිටියේ දුර්වර්ණ වී ගිය ඇගේ සේයාරුව දිහා..

“ඔයා දැන් හිටියනම් ඉස්සරහට වඩා තවත් ලස්සන වෙයි නේද..මං අහලා තියෙන්නේ ගෑණු ළමයි ලස්සන වෙන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වුණාම කියලා..”

“මං ඔයාව බලන්න නාවට ඔයා මගෙත් එක්ක තරහද අමා..මං හරි නරකයි නේද..”

“මං ඔයාට ඇහෙන්න සිංදුවක් කියන්නද..”

පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගේ ඔයා මැරුනත් කමක් නෑ ඔබේ සෙනෙහේ නොලද මා සසරේ කොතැන හෝ හිමි වුණොත් මට ඔයා
සත්තයි රත්තරං පණ උනත් දෙනවා මා

හමු වී වෙන් වීමත්
දෛවයෙ තීරණයක්
අපි ආදරෙ කෙරුවත්
එක් වෙන්නෑ කවදාවත්

සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා
කඳුලින් කඳුල අමුණා ජීවිතේ ගෙවනවා
පපුවේ ඔබේ රූපේ නිදන් වී තියෙනවා
මතකේ මතක නැතිවී යන්නේ නෑ කිසිම දා
ආදරෙයි ඔබට මං මහ සයුරටත් වඩා

හමු වී වෙන් වීමත්
දෛවයෙ තීරණයක්
අපි ආදරෙ කෙරුවත්
එක් වෙන්නෑ කවදාවත්

වචනෙන් වචනේ ගලපා භාවනාවක් වගේ
කවියක් ලියනවා මං වේදනාවට මගේ
අහසේ සඳට හැකි නම් තනිව ඉන්නට ලොවේ
මට ඇයි නොහැකි වෙන්නෙ තනිව නම් ඉපදුනේ
ආදරෙයි ඔබට මං මහ සයුරටත් වඩා

හමු වී වෙන් වීමත්
දෛවයෙ තීරණයක්
අපි ආදරෙ කෙරුවත්
එක් වෙන්නෑ කවදාවත්..

මතුසම්බන්ධයි..

පසුගිය සතියේ කොටස මෙතැනින් –

අකුරු ගෙත්තම
අනූපමා කාරියවසම්

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa