සංසාර ගීය – 12 කොටස

author
0 minutes, 10 seconds Read

අතීතය…

සනහස් උදෑසනම සුදානම් වී පාසල වෙත පිටත්ව ගියේ ඊයේ දින අමායව හමු නොවුණු එක ගැන සිතමින්..

“මොකෝ මේ උඹ අවුලින්..”

පාසල ඉදිරි පිට කොට්ටම්බා ගසකට හේත්තු වී හිටපු නවෝද් එලෙස ඇසුවේ ඔහු ඉදිරියේ පා පැදිය නතර කෙරූ සනහස්ගෙන්..

“මූට මේ ලව් සික් බං වෙන මුකුත් නෙමෙයි..”

මිතිලත් ඔහුන් සමී⁣පයෙන් ඔහුගේ පා පැදිය නතර කරේ එලෙස පවසමින්..

“ලව් සික්..”

“ම්..ලව් සික්..ඊයේ මූ මාස දෙකක් විතර පස්සෙන් ගියපු එකට තිත තියලා අමායා නංගිගෙන් කැමත්ත අහන්න කියලා ගියානේ..”

“ඉතිං…ඒ කෙල්ල බෑ කිව්වද..”

“පිස්සුද බං..ඒ කෙල්ල කැමති නෑ කියන්නවත් ඊයේ ආවේ නෑ..මූට මේ අවුල් ගිහින් ඉන්නේ ඒකට..”

“අයියෝ සනහසෝ අවුල් යන්නත් දේවල්ද බං ඕවා..මං හිතුවා මේ ඒ කෙල්ල මූට කැමති නෑ කිව්වා කියලා..”

මිතුරන් කුමක් පැවසුවත් සනහස් දිනය පුරාම හිටියේ ඇයව හමු නොවුණු එක ගැන සිත් තැවුලෙන්..

“සනහස්..මොන ලෝකෙද ළමයෝ ඉන්නේ මං කීපාරක් කතා කරාද කන ඇහෙන්නේ නැද්ද..”

පන්ති කාමරය ඇතුලේ ගුරුතුමිය උගන්වන දේට අවධානය නොදී සනහස් හිටියේ වෙනම කල්පනාවක නිසා ඔහු දිහා විනාඩි කිහිපයක් බලාගෙන හිටපු ගුරුවරිය ඔහුට කතා කරත් නොඇසුණ නිසා සනහස් සමීපයට ඇය පැමිණ මේසයට තට්ටු කරන ගමන් කතා කරේ සනහස් ගැස්සි යද්දියි..

“ඔය ළමයා ඉස්කෝලේ එන්නේ ඉගෙන ගන්නද, එහෙම නැත්තන් කල්පනා කර කර ඉන්නද මං කියපු කිසිම දෙයක් ඔය ළමයා අහගෙන නෙමෙයි නේද හිටියේ යනවා.. යනවා දැම්ම පන්තියෙන් එළියට.. ගිහින් අර අව්වෙන් හිටන් ඉන්නවා..බෙල් එක ගහනකන් එන්නෑ පන්තිය ඇතුළට..”

සනහස් අසුගෙන හිටපු තැනින් නැගිටලා එළියට ඇවිත් අව්වෙන් හිට ගත්තේ හිසත් කසනා ගමන්..

“මටත් හොඳ වැඩේ මනෝ ගහගෙන හිටියට..චික්..වස ලැජ්ජාව මට වුණේ..”

සනහස් එලෙස පවසා ගත්තේ තමන්ටමයි..

විනාඩි දහයක් පමණ වට පිට නොබලා ඔහු බිම බලාගෙන හිටියේ වට පිටේ උදවිය ඔහු දිහා බලන් ඉන්නා බව හැඟුණ නිසා දැණුන ලැජ්ජාශීලී හැඟීම නිසයි..ඔවැනි සිදුවීම් ඔහුට අරුමයක් නොවුණත් පන්ති කාමරය ඇතුලේ සිද්ධ වුණ සිදුවීමක් නිසා පන්ති කාරමරයෙන් පිටතට වී සිටින්න ඔහුට සිද්ධ වුණ පළමු අවස්ථාව මෙය වු නිසා ඔහු හිටියේ ඔහුගේ ප්‍රතිපත්ති බිඳී ගිය එක ගැන පසුතැවෙමින්..සනහස් කොයි තරම් රණ්ඩු සරුවල් වලට පැටලුනත් පාසලේ අධ්‍යාපනය පැත්තෙන් ඔහු දීප්තිමත් සිසුවෙක් වූ නිසයි..

විනාඩි පහළොවක් විතර බිම බලන් ඉදලා හිස ඔසවද්දි සනහස් දැක්කේ ඔහුගේ ආදරී ඔහු දිහා බලමින් විදුහල්පතිතුමිය පසු පසින් පන්තිකාමරයක් වෙත ඇවිඳයන අයුරුයි..

“අමායා මෙහේ..”

ඇයව දුටුව නිසාම මෙතරම් වේලාවක් ඇය අසනීපෙන්දෝ කියා හිතට වඳ දුන්න හැඟීම නැතිවී ගියත්, ඔහුට දැණුනේ මඳ ලැජ්ජාවක් ඇය ඔහුව මෙලෙස දුටුව නිසා..

“ශික්…මට මයි මේවා වෙන්නේ..”

එම මොහොතේ පටන් සනහස්ගේ දෑස් රැදිලා තිබුණේ ඔවුන් ගියපු මඟ දිගේ..තවත් විනාඩි කිහිපයක් ගතව යද්දි විදුහල්පතිතුමිය පමණක් ඇය නොමැතිව තනිව පැමිණෙද්දි ඇය නොමැති නිසා සනහස් පෙළුනේ නොසන්සුන් හැඟීමකින්..

කාලපරිච්ඡේදය නිමා වෙනවත් එක්කම සනහස් ළඟට දුවගෙන පැමිණියේ මිතිල..

“උඹ අපි ළඟක හිටියනම් වැලමිටෙන් හරි අනිනවා කොහෙද උඹ හිටියේ හද්ද ඩොටෙනේ..”

“මිස් දෙතුන් පාරක් උඹ දිහා බලනවා නෝට් වුණ නිසා මං උඹ දිහා බලද්දි උඹ හිටියේ හෙන මනෝ පාරක..මොනවද බං උඹට ඔය තරම් කල්පනා කරන්න තියෙන්නේ..”

මිතිල ඔහුගේ උරහිස වටා දෑතක් යනව ගමන් එලෙස පැවසුවත් සනහස්ගේ අවධානය ඔහු මත නොමැති බව හැගෙද්දි මිතිල උරහිස වටා රැඳුණු දෑස බෙල්ල වටේ දමා බෙල්ල තද කරේ සනහස්ගේ අවධානය ඔහු මතට රැගෙන එන්න හිතාගෙන..

“අතැරපං යකෝ..මගේ බෙල්ල මට හුස්ම ගන්න බෑ..මොන හු##ක්ද බං කරන්නේ..”

“උඹට එක පාරක් කතා කරාම ඇහෙන් නැත්තන් ඕක තමයි මං මීට පස්සේ කරන්නේ..”

“උඹට හැමදේම විහිළු..මං මේ කල්පනා කරේ අමායා මැඩම් එක්ක අර බිල්ඩින් එක⁣ට ගියා ඒත් එළියට ආවේ මැඩම් විතරයි අමායා ඇයි දන්නෑ බං මෙහේ ආවේ..”

“අරකද..ආ..ඒක බං එකොළහ වසරේ බිල්ඩින් එකනේ..නංගි අපේ ඉස්කෝලේ ඇඳුමද ඇඳන් හිටියේ..”

“මට මතක නෑ බං මොකක් ඇඳන් හිටියද කියලා අමායා මගේ දිහා පිටි පස්ස හැරි හැරි බල බල යද්දි මට ඕවා බලන්න මතක් වුණේ නෑ..”

“උඹ ඉතිං හැමදාම මෙලෝ දෙයක් හරියට කරන එකෙක් නෙමෙයිනේ..ෂුවර් එකට නංගි ඉස්කෝලේ මාරු කරන්න ඇති උඹ නිකන් බයවෙලා ඉන්නේ නංගිව මරන තැනකට එක්ක ගියා වගේනේ මචං මේ ඉස්කෝලයක් මේක ඇතුලේ වෙන්නේ ඉගෙන ගන්න එක..

“අනේ මේ..උඹ මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපං..හරි යට වැඩ කරන එකානේ මට උපදෙස් දෙන්නේ..”

“ඔය කතා ඇති..මට කියපං උඹට දැන් නංනි මොකටද ඒකට ගියේ කියලා දැනගන්න නේද ඕන..එහෙනම් වරෙන් මං උඹට හොයලා දෙන්නම් විස්තර..”

සනහස් කිසිවක් පවසන්නටත් කලියේ මිතිල ඔහුවත් ඇඳගෙන දහය, එකොළහ ශ්‍රේණියේ සිසුන්ට පමණක් වෙන් කර ඇති ගොඩනැගිල්ල වෙත ප්‍රවේශ වුණේ ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයෙක් ලෙස කටයුතු කරනා නිසයි..

“ඒ මල්ලි උඹ දහයෙද,එකොළහෙද..”

“එකොළහේ අයියේ..”

“ආ..මේ උඹලෑ පන්තියට අලුතෙන් කෙල්ලෙක් ආවද..”

“ඒ කිව්වේ..”

“ශික් බං..උඹ මේ අවුරුද්දේ ඕලෙවල් නේ..ඒත් මොළේ නම් උඹේ පොඩ්ඩක්වත් හැදිලා නෑ..බුරුවෝ උඹලෑ පන්ති තුනෙන් එකකට මැඩම් ආවද..”

“ආ..අයියා මේ අහන්නේ මැඩම්ගේ දූ ගැනද..එයා ඉන්නේ එකොළහ බී එකේ අපි සී නේ..”

“ම්..පල..පල දැන්..ආ..මේ පොඩ්ඩක් ඉන්නවා..දැන් අවේලාවේ උඹ මොකෝ එළියේ..”

“අයියේ මං මේ..”

කොල්ලා ඇඹරෙන්න ගත්තැයින් මිතිල ඔහුට යන ලෙස පැවසුවේ මඳ සිනහවක් ඇතුවයි..

“තව ඩිංගෙන් උගේ මුත්‍රා බොක්ක පුපුරනෝ අපි නිසා..”

මිතිල උස් හඬින් සිනාසුනේ සනහස් ඔහුට රවද්දියි..

“මොකෝ උඹ මට රවන්නේ..මේ ඒක නෙමෙයි මට පේන්නේ බං මං කලින් කියපු කතාව හරි නංගි ඉස්කෝල මාරු කරලා..දැන් ඉතිං උඹට දවස ගාණේ දකින්න පුළුවන් නේ ඒකත් මරු වැඩේ..”

“ඇයි දන්නෑ නේ මචං හදිස්සියේ එහෙම කරේ..”

“ඒක ඉතිං මං දන්නේ කොහොමද බං..”

“මට අමායත් එක්ක කතා කරන්න ඕන මිතිලයෝ..මට අහන්න ඕන ඊයේ ආවේ නැත්තේ ඇයි කියලා..”

“උඹට පිස්සුද බං..උඹට අමතක වුණාද අපි මේ ඉන්නේ කොහෙද කියලා මැඩම් හරි මිස්කෙනෙක් හරි දැනගත්තොත් උඹ අමායට ට්‍රයි කියලා උඹව ඉස්කෝලෙනුත් අස් කරලා දායි..අමායා කියන්නේ එසේ මෙසේ කෙල්ලෙක් නෙමෙයිනේ මචං ප්‍රිරින්සිපල් මැඩම්ගේ දුව..”

“ඉතිං..”

“ඉතිං නෙමෙයි හරකෝ තව මාස කීයද අපිට එක්ස්සෑම් වලට තියෙන්නේ උඹ මේ කටේ ප්‍රශ්නයක් දා ගත්තොත් නම් පුතේ උඹට එක්ස්සෑම් කරගන්න වෙන්නෙත් නෑ හරියට..
මං කියන්නේ බං උඹලා දෙන්නම එක්ස්සෑම් ඉවර වෙනකං ඉදලා උඹ නංගිගෙන් කැමැත්ත අහපං..”

“මට එච්චර කල් බලන් ඉන්න බෑ මචං..”

“එහෙනම් උඹ ඕන මඟුලක් කර ගනින්..”

සනහස් වට පිට බලමින් කල්පනා කරේ ඇයව හමුවෙන්න අවස්ථාවක් හොයාගන්නේ කොහොමද කියා..

“සස්මි..”

සනහස් වට පිට බල බල ඉද්දි ඔවුන්ගේ සමීප මිතුරියක් වුණ සස්මි ඔවුන් සමීපයෙන් යද්දි සනහස් ඇයට කතා කරේ මිතිල ඔහු දිහා පුදුමයෙන් බලද්දි..

“ඒ ගමන උඹ මොකක්ද කරන්න යන්නේ..”

“පොඩ්ඩක් හිටපං..”

“ඕ..සනහස්..මොකක් හරි වැඩක්ද..”

“සස්මි මට පොඩි උදව්වක් කරලා දෙන්නකෝ..”

“කියන්න සනහස් පුළුවන් උදව්වක් නම් මං කරලා දෙන්නම්..”

“මේ එකොළහ බී එකේ ඉන්නවා අමායා කියලා ගෑණු ළමයෙක් මට පොඩ්ඩක් ඒ ළමයව කතා කරන්න සෙට් කරලා දෙනවකෝ..”

“ආ..ලව් කේස් එකක්ද..”

“ම්..ඔව්..මං අර කොහොඹ ගහ ගාව ඉන්නවා එක්කරන් එන්න පුළුවන් ද..”

“එක්කරන් එන්න නම් බැරි කමක් නෑ සනහස් ඒත් කරන දෙයක් පරිසමින්..දැන් ඒ ගෑණු ළමයා ඔයාට කැමතිද..ඔයාලා අතර සම්බන්ධයක් එහෙම තියෙනවද..”

“දැනට සම්බන්ධයක් නම් නෑ සස්මිතා..ඒත් ඉක්මනටම සම්බන්ධයක් ඇති වෙයි..ඔයා දන්නවනේ මං ඔය ගෑණු ළමයි කේස් වලට අත දාන මනුස්⁣සයෙක් නෙමෙයි කියලා මේක සිරා ලව් එකක්..”

“අම්මේ..ඒක ඉතිං අපි නොදන්නවැයි..ඔයා පස්සෙන් ගෑණු ළමයි කීයක් නම් එනවද ඉතිං ඔයා ඒ එක කෙල්ලෙක්ට වත් කැමති නෑනේ..හැබැයි මේ සීන් එක නම් ඒ කෙල්ලෝ ටික දැනගත්තොත් පපුව පැලිලා මැරෙයි..”

“ආදරයයි ආකර්ශනයයි දෙකක් සස්මි ඔය මට කැමති කියන හැමෝටම මං ගැන තියෙන්නේ ආදරයක් නෙමෙයි ආකර්ශනයක්..”

“ඒක නම් ඇත්ත සනහස්..මං එක්කරන් එන්නම්..”

සස්මි යන දිහා බලාගෙන ඉදලා මිතිල ලං වුණේ සනහස් සමීපයට..

“මේ මමනම් උඹ කරපු වැඩේට කැමති නෑ මචං..”

“ඒ ඇයි..”

“උඹ නොදන්නවා වුණාට සස්මි උඹට කැමැත්තෙන් හිටියා ..”

“උඹට පිස්සුද බං..සස්මි කවදාවත් මං දන්නවා මං ගැන එහෙම හිතුවේ නෑ..”

“අනේ මංදා බං..දැන් සස්මි ඉස්කෝලේ වටේම පැතිරුවොත් උඹ මොකද කරන්නේ උඹ අමායා නංගිට කැමතියි කියලා..”

“සස්මි එහෙම කෙල්ලෙක් නෙමෙයි මචං..”

“උඹ කෙල්ලෝ ගැන දන්න තරම තමයි මචං ඒ..කෙල්ලෝ කියන්නේ අවස්ථාවදී ජාතියක් බං..”

“හැම කෙල්ලම එක වගේ නෑ මචං..අපේ අක්කා ඒකට හොඳම උදාහරණයක්..අක්කා සංඛ අයිය⁣ට කොච්චර ආදරේද බලපං..අක්කා දන්නවා ඒ දෙන්නට අප්පච්චි කවදාවත් කැමති වෙන්නෑ කියලා ඒත් අක්කා වෙනස් වුණේ නෑනේ..ගිය දවස් වල තාත්තා හෙන සල්ලිකාර ආමි එකේ එකෙක් ගැන අක්ක⁣ට යෝජනාවක් ගෙනාවා..ඒත් අක්කා ඇහැක් ඇරලා ෆොටෝ එක දිහාවත් බැලුවේ නෑ..මං වගේ එහෙම කරානම් ආයි සුපිරි කෑමක් කන්නේ අප්පච්චිගෙන්.. අක්කට අප්පච්චි ගහන් නැති නිසා බේරුණා..”

“මාමා කොහොම ඔච්චර සැර වුණාද මංදා බං..අපේ අම්මත් පට්ට බයයි උඹලා විතරක් නෙමෙයි..අපේ අප්පච්චි නම් ශේප් ඒ දෙන්නා ඉතිං බීමෙන් එහෙම තකට තකනේ..ඒ හිංදද කොහෙද ඒ ඩබල සෙට් වෙලා තියෙන්නේ.. මේ..යමං දැන් අර කොහොඹ ගහ හරියට කෝකටත් මමයි සස්මියි උඹලා පේන හරියෙන් ඉන්නම් නැත්තන් කවුරු හරි ආවොත් බොරුවක් වත් කියාගන්න බැරි වෙනවා..”

“තෑන්ක්ස් මචං මගෙත් එක්ක හැමදේටම උඹ ඉන්න එකට..”

“උඹයි මමයි එකම දවසේ ඉපදුනේ අපි සහෝදරයෝ නිසානේ බං..උඹ මගේ මාමගේ පුතානේ ඉතිං මගෙම මල්ලි වගේ තමයි..”

සනහස් මිතිලත් එක්ක කොහොඹ ගහ සමීපයට වී සිටියේ ඔවුන් පැමිණෙන තුරුයි..

“මචං එනෝ නේ..”

“ම්..කෙල්ල බයවෙයිද දන්නෑ මචං..”

“කෙල්ලව ගෙන්න ගත්තට පස්සෙද උඹට ඕවා මතක් වුණේ..දැන් ඉතිං කරන්න දෙයක් නෑ පුතේ ගෙන්න ගත්තා නම් කතා කරලා ඇරපං..”

අමායා ඔවුන් සමීපයට එද්දි ඔහුව දැකලා ඇගේ දෑස් විසල් වෙන දිහා සනහස් බලාගෙන හිටියේ ලෝබ කමකින්..

අමායව සනහස් සමීපයේ තනි කරලා මිතිල වගේම සස්මිතාත් ඔවුන්ගෙන් ඈත් වුණේ සනහස්ට කල්⁣පනාවෙන් කියා පවසමින්..

“සොරි නංගි ඔයාව මෙහෙම ගෙන්න ගත්තට..මට ඕන වුණේ ඔයා එක්ක චුට්ටක් කතා කරන්න..”

“අනේ..මට යන්න ඕන අයියේ අම්මා දැන ගත්තොත් මං ඉවරයි..”

අමායා කුරුළු හඬින් එලෙස මිමිණුවේ ඇය බියෙන් ගැහෙමින් හිටපු නිසයි..

“බය වෙන්න එපා අමා කවුරුත් දැන ගන්නෑ..මෙතන කාටවත් පේන්නෑ..ඇයි ඊයේ ටයිබ්‍ර්රි ආවේ නැත්තේ..මං ඔයා එනකන් හුඟක් වෙලා බලාගෙන හිටියා..”

“අම්මට කවුද කියලා මගේ පස්සෙන් කොල්ලෙක් එනවා කියලා..ඒ හිංදා අම්මා මට මීට පස්සේ ලයිබ්‍රිරි යන්න එපා කිව්වා..”

“ශික්..කවුද කියලා තියෙන්නේ එහෙම..”

“දන්නෑ..”

සනහස් වට පිට බලමින් කිහිප විටක් නලලත පිරිමැද ගත්තේ ඔහු එවැනි දෙයක් සිතා නොතිබුණු නිසයි..

“අම්මා බැන්නද..”

“නෑ..”

“එහෙනම් කමක් නෑ..පිරිස්සමින් ඉන්න මං ටික දවසක් බලන්න එන්නේ නැතුව ඉන්නම්..දැන් යන්න..අම්මට සැක හිතිලා නම් ඔයා ගැන සෙවිල්ලෙන් ඇත්තේ..”

මතුසම්බන්ධයි

පසුගිය සතියේ කොටස මෙතැනින් –

අකුරු ගෙත්තම
අනූපමා කාරියවසම්

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa