සියදිවි නසා ගැනීම් පිළිබඳව කතා කරන විට බොහෝ පුද්ගලයන් වයස් සීමාවකින් තොරව සියදිවි නසා ගැනීම් සිදු කරයි. තමන්ගේ ජීවිතය හිතා මතාම තමන් විසින්ම නැති කර ගැනීමේ ක්‍රියාව සියදිවි නසා ගැනීමක් ලෙස හඳුනාගත හැකිය. මෙය සිදුකර ගනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැති වූ අවස්ථාවල මානසික ආතතිය මානසික රෝග වලට ගොදුරු වී ඇති අවස්ථාවලදී අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදී හා ඖෂධ අනිසි ලෙස භාවිතා කරන අවස්ථා වලදීය. ඒ වගේම ආර්ථික දුෂ්කරතා අන්තර් පුද්ගල සබඳතා බිඳවැටීම් නිසාද සියදිවි නසා ගැනීම් සිදුවන බව හඳුනාගත හැක.
ඒ අනුව සියදිවි නසා ගැනීම් වලින් වැඩි ප්‍රමාණයක් විශ්ව විද්‍යාල තුළින් වාර්තාවේ. විශ්ව විද්‍යාල සිසුන් ඉහත කී ඕනෑම කාරණාවක් හේතුවෙන් සියදිවි නසාගත් අවස්ථා බොහොමයක් වාර්තා වී ඇත. සමාජයක ජීවත් වන පිරිස් විවිධාකාරය .සිතුම් පැතුම් විවිධය. අතිශයින්ම විභාග වලින් අසමත් වීම, පැවරුම් ගොඩ ගැසීම නිසා කිරීමට කාලයක් නොමැති වීම, මානසික ආතතිය, ආර්ථික ප්‍රශ්න, සබඳතා බිඳ වැටීම්,නවක වදය වැනි තවත් බොහෝ හේතු නිසා විශ්ව විද්‍යාල සිසුන් සියදිවි නසා ගනියි. අප රටේ මනෝ උපදේශනා විෂය පවතින්නේ ඉතා දුර්වල තත්ත්වයකය. එබැවින් මෙම තත්ත්වය ඇතිවීමට එයද බලපා ඇත. අද වන විට තරුණ පිරිස් පවසන්නේ ඔවුන් ලස්සනට කාලය කාලකන්නි කර ඇති බවය. අනුන්ගේ වැරදි වලට තමන්ගේ ජීවිතයෙන් අනාගතයෙන් වන්දි ගෙවීමට සිදුවී තිබෙන බව තරුණයා සිතයි.

ඒවගේම වර්තමානයේ සරසවි ශිෂ්‍ය ප්‍රජාවේ සියදිවි නසා ගැනීම් පෙන්වන හොඳම කැඩපත වන්නේ නවක වදයයි. නවක වදය ඇති වූයේ අලුතින් පැමිණෙන ශිෂ්‍යයන් සහ පරණ ශිෂ්‍යයන් අතරේ සහෝදර හැඳින්වීමක් ඇති කර ගැනීම අරමුණු කරගෙනය. නවක වදය දේශපාලනික හස්තයක් වශයෙන් පාවිච්චි කරන්නට විය. අලුතෙන් පැමිණෙන ශිෂ්‍යයන් පැරැන්නන්ගේ දෘෂ්ටිවාදී දේශපාලනයට නම්මවා ගැනීම සඳහා එය පාවිච්චි විය. නවක වදය තුළ සහෝදරාත්මක ස්වරූපයක් තිබිය යුතුය. 1975 වන විට නවක වදය නිසා ජීවිතක්ෂයට පත්වීම් හා සිය දිවි නසා ගැනීම් රාශියක් වාර්තා වී තිබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල තුළ නොව නවක වදය සිදුවන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලය තුළයි. නවක වදය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වී තිබෙන හඳුනාගත හැකිය. අද වන විට විශ්ව විද්‍යාල තුළ නවක වදය නිසාවෙන් බොහෝ සිසුන් පිරිසක් සියදිවි නසාගත් බව හඳුනාගැනීමට පුළුවනි. විශ්ව විද්‍යාල බොහෝමයක මෙම නවක වදය තහනම් කර ඇති බැවින් ඉතාමත් සුළු විශ්ව විද්‍යාල කිහිපයක පමණක් මෙම නවක වදය තවමත් ක්‍රියාත්මක වේ. එබැවින් රජය විසින් අද වන විට සියලුම විශ්ව විද්‍යාල තුළ නවක වදය තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් නවක වදය සිදු කරන සිසුන්ට වසර කිහිපයක සිර දඬුවම්ද හිමිවන බව රජය විසින් දන්වා ඇත.
එබැවින් විශ්ව විද්‍යාල තුළ සිදුවන මෙකී සියදිවි නසා ගැනීම් වලට තිත තැබිය යුතුය.
මානසික ආතති තත්ත්වයන් ඇති වූ විට මනෝ උපදේශකවරුන්ගේ සහාය ගැනීමට වග බලා ගත යුතුයි. තමාට ප්‍රශ්නයක් වූ විට තම යහළුවන් හෝ හොඳම යහළුවා සමග එය බෙදා හදා ගැනීම කළ යුතුය. එබැවින් විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් ඕනෙම ප්‍රශ්නයකට නොබියව මුහුණදීම කළ යුතුයි.
ඒ වගේම ආර්ථික ප්‍රශ්නද විශ්ව විද්‍යාල සිසුන් වැඩි දෙනෙක් සියදිවි නසා ගැනීමට හේතු වී තිබේ.ආර්ථික ප්‍රශ්නවලින් පෙළෙන සිසුන්ට උදව් උපකාර කිරීම, ඔවුන්ට තනි වීමට ඉඩ නොදී ඔවුන් කොන් නොකිරීම ආදිය සිදු කළ යුතුයි.
ඒ වගේම ආදර සබඳතා බිඳ වැටීම්වලදී පවාද විශ්ව විද්‍යාල සිසුන් සියදිවි නසාගැනීම් සිදු කරගත් අවස්ථා වාර්තා වී තිබේ. තම හිත තුළ තිබෙන දුක් තවත් කෙනෙකුට පවසා හිත හදා ගැනීම ආදිය කිරීමෙන් මෙවැනි ගැටලු වළකා ගත හැකිය.
ඒ වගේම අනෙකුත් බොහෝ ප්‍රශ්න වලට විසඳුම් සපයා ගැනීම සඳහා එකම උපක්‍රමය සියදිවි නසා ගැනීම නොවේ. ප්‍රශ්න මිනිසුන්ට පැමිණෙ. එම ප්‍රශ්න වලට නොබියව මුහුණ දීම කළ යුතුයි.
හිරුමි තාරකා
කැලණිය විශ්ව විද්‍යාලය
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
