එහෙම නැත්නම් අලංකාර චිත්‍රයකින් හැඩ කිරීමෙන් ඒ ඇඳුමට වටිනාකමක් වගේම අලංකාරයක් එකතු වෙනවා. මෙවැනි අදහසකින් ඇඳුමකට අගය එකතු කළ ඇයගේ කථාව මේ විදිහට පටන් ගනිමු.

මගේ නම දුල්ශානි ගුණතිලක. ත්‍රිකුණාමලයේ මම උපත ලැබුවත් පසුව අපි පොළොන්නරුවේ පදිංචි වුණා. මට මල්ලි කෙනක් ඉන්නවා. මගේ තාත්තා අපව හැර දමා වෙනත් විවාහයක් කර ගත්තා. ඒ වෙන විට මගේ අම්මා රැකියාවක්වත් කළේ නැහැ. එතැනින් පසුව ඇය හාල් මෝලක වැඩ කරමින අපට ඉගැන්වුවා.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු මම පාසල් අධ්‍යාපනයෙන් පසුව ඇගළුම් කර්මාන්තයට සම්බන්ධ වුණා. මට හොඳට මහන්නත් පුළුවන්. මේ ක්ෂෙත්‍රයට සම්බන්ධ වුන මම එතැනින් පසුව තත්ව පාලිකාවක් විදිහටත් සේවයේ යෙදුනා.
මම පාසල් අධ්‍යාපනයෙන් පසුවත් ඉගෙනීම නැවැත්තුවේ නැහැ. උසස් පෙළ විභාගය පෞද්ගලික අයදුම්කාරියක් විදිහට පෙනී සිට විභාගයෙන් සමත් වුණා. මම පරිගණක පාඨමාලාවක්, ග්‍රෑෆික් නිර්මාණ පාඨමාලා වගේ දේවල් කළා. ඒ අතරෙ මම HNB ආයතනයේ සේවයට සම්බන්ධ වෙලා අවුරුදු දෙකක් පමණ සේවය කළා.
මේ රැකියාව මම සොයන එක නොවෙයි කියල හිතුනා..
ආයතනගතව සේවය කිරීම මම සොයන රැකියාව නොවෙයි කියන බව මටම තේරුණා. මම මුලින්ම රෙසින් ආර්ට් නිරිමාන කරන්න පටන් ගත්තා. රුපියල් 3000 ක වගේ මුදලක් යොදවලා මේ ව්‍යාාපරය පටන් ගත්තා. විසිතුරු ආභරණ ඳ මාල, මුදු, කී ටෑග් , කොණ්ඩ කටු වගේ දේවල් නිර්මාණය කළා. මට ඒ හැකියාවත් තිබුණා.

රෙසින් නැවතුනේ..
මේ ව්‍යාපාරය මම මාස හයක් කර ගෙන ගියා. මට මේ රෙසින් දියරවල රසායනික සංයෝග නිසා ආසාත්මිකතාවයක් ඇති වුණා. මගේ ඇගිලි තුවාල වුණා. ඒ නිසා මට රෙසින් නිර්මාණ නවත්වන්න සිදු වුණා.
මෙහෙම ඉද්දි මට හිතුනා ටී ෂර්ට් ෘඔත් (Direct to Film printing) කරන්න පටන් ගත්තා. මම ඩිසයින් කරන්න පටන් ගත්තා. ටී ෂර්ට් පහකින්. මුදල රුපියල් 5000 කින්. රෙසින් ආර්ට් වලට හැදුවේ Beauty Sprinkle නමින්. මම ටී ෂර්ට් වෙනුවෙන් Missmee කියන නමින් පේජ් එක හැදුවා. මේක ඩිජිටල් ප්‍රින්ටින් ක්‍රමයක්. මෙහිදී නිර්මාණ විශේෂ ෆිල්ම් එකක් මත මුද්‍රණය කරලා තාපය හා පීඩනය භාවිතයෙන් රෙදි මත මුද්‍රණය කරනවා.
කල් පැවැත්ම..
අවම සේදුම් වාර සියයක් බය නැතුව අඳින්න පුළුවනි. වොෂින් මැෂින් භාවිතා කළත් කිසිම ගැටළුවක් නැහැ.
ඇනවුම් ලැබීම…
මුල් මාසයේදීම නම් එකම ඇනවුමක්වත් ආවේ නැහැ. ඒත් මම අධෛර්ය වුනේ නැහැ. සාමාන්‍යයෙන් බිස්නස් එකක් පටන් ගත් සැනින්ම ඇනවුම් ලැබෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි. මමම හිත හදා ගත්තා. මාස හයක් විතර යන විට ඇනවුම් ලැබෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට ඇනවුම් තිබුනේ නැහැ. නමුත් මම මේ page එක කොහොම හරි දියුණු කරනවා කියන ස්ථාවරයේ හිටියා.
මට කවදත් ඕන වුනේ අළුත් දෙයක් කරන්න. වෙන කෙනෙක් නොකරන දෙයක් කරන්න. ඉතින් අදටත් මම ඒ ස්ථාවරයේ ඉන්නවා.

ඔබ සාමාන්‍ය ටී ෂර්ට් එකක් විවිධ විසිතුරු විදිහට අලංකාර කරනවා… මේ වෙනුවෙන් මෝස්තර තෝරා ගැනීම ගැන..
සමහර මෝස්තර මම නිර්මානය කරනවා. සමහර පාරිභෝගිකයෝ ඔවන්ට අවශ්‍ය මෝස්තරය ලබා දෙනවා. මම ටීෂර්ට් එක ඩිසයින් කරලා ගාමන්ට් එකක් හරහා මහලා ගන්නවා.
වැඩි ඉල්ලුමක් තියෙන්නේ..
stich , Losto , Labubu වැනි ඩිසයින් වලට ඉල්ලුම වැඩියි. . දැන් ගොඩක් දෙනා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බිස්නස් කරන නිසා එයාලගේ බිස්නස් ලොගෝ එක මුද්‍රනය කළ ටී ෂර්ට් අඳිනවා. ඒවගේ ඇනවුම් වැඩියෙන් ලැබෙනවා. අලුතින් බිස්නස් එක පටන් ගන්න අයටත් මම කියල දෙනවා. මං නිසාම මේ බිස්නස් එක පටන් ගත්තු අක්කලා දෙන්නෙක් දැනටමත් ඉන්නවා.
ඔබ නිර්මානය කරන අයිටම් ගැනත්..
ලේඩින් ගිෆ්ට් බොක්ස්, පිරිමින්ගේත් තෑගි ඇසුරුම් , ඒ වගේම ගැහැණු ළමයින් වෙනුවෙන් විසිතුරු ඇසුරුම් නිර්මානය කරනවා. අපේ රටේ ඉඳල පිටරටවල වැඩ කරන අයට වගේම පිටරට ඉන්න අපේ රටේ සිටින සම්බන්ධතාවයන් ඇති නෑ හිතවතුන් වෙනුවෙන් තෑගි ඇසුරුම් ඇනවුම් කරනවා.මගේ ඇසුරුම් ක්‍රමයත් ටිකක් වෙනස්. ඒවා සුගන්ධ විදිහට සුව, දියර ඉසිනවා. ඊට අමතරව තවත් අයිටම් මගෙන් එකතු කරනවා. පුංචි දුවෙකුට නම් කොණ්ඩා කටු දෙක තුනක් වගේ දෙයක්. එතකොට මේ ඇසුරුම විවෘත කරන විටම මෘදු සුගන්ධයක් දැනෙනවා. ඒ වගේම විසිතුරු කොණ්ඩ කටු වගේ දකින විටත් ලබන කෙනාගේ ඇසට ප්‍රියමනාප බවක් දැනෙනවා. ඒ අළුත් ඇසුරුම් කලාව මගේ පාරිභෝගිකයන් අත්විඳින අළුත්ම දෙයක්. දැන් මම ටික් ටොක් එකකුත් පටන් ගෙන තියෙනවා. ඒකත් දියුණු කර ගෙන යන අදහස තියෙනවා.

අද මේ තැන ඔබ ඉන්නවා නම් ඒ කීර්තිනාමයේ අයිතිකාරිය කවුද..?
දෙයක් පටන් ගත්තාම අත හරින්න එපා කියන පන්නරය මට අම්මාගෙන් ලැබුණා. මගේ අම්මා තනි ( single mom ) මවක්. එයාගේ තරුණ කාලයේදී බින්දුවටම වැටුනත් එයාගේ ධෛර්ය නැති වුනේ නැහැ. ඇගේ තනි ධෛර්යෙන් සහ කැපවීම නිසා මම සහ මල්ලි අද පොළවේ පය ගහ ගෙන ඉන්නවා. අපේ අම්මා පුදුමාකාර ශක්තියකින් අපි දෙන්නාම උස් මහත් කරලා ලෝකයට බරක් නැති ස්වාධීනව ජීවත් වෙන හයිය ලබා දුන්නා. අපේ අම්මා අපිව රැක ගත්තා වගේ මම දැන් ඇයව රැක ගන්නවා. අපේ අම්මා රැජිනක්. අම්මාගේ හයිය නැති වෙන්න අද මම මෙතැන නැහැ.
දැන් මම විවාහකයි. මගේ සැමියත් එයාගේ පවුලේ අයත් මට ලොකු ශක්තියක් වගේම සහයෝගයක් ලබා දෙනවා. . අපි සතුටින් ජීවිතය ගෙවනවා.
සටහන
සිල්වා , සී
