සීතල කාලගුණයක නිවාඩුවක් ගත කිරීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වයි. ඒ අනුව බොහෝ දෙනාගේ සාමාන්‍යයෙන් මතකයට එකවර නැගෙන්නේ නුවරඑළියයි. එහෙත් යම් තරමක් සිසිල් කාලගුණයකට උරුමකම් කියන ලංකාව තුල නිවාඩුවක් ගත කිරීමට හැකි තවත් ස්ථාන බොහෝමයක් තිබේ. එවැනි ස්ථාන බොහෝමයක් සැඟවී තිබෙන අතර මම ඔබට අද කියන්නේ නිදහසේ නිවාඩුව ගත කරමින් සංචාරය කිරීමට හැකි ස්ථානයක් පිළිබඳවයි.

සුන්දර හරිත පරිසරයකට උරුමකම් කියන පරාදීසයක් තමයි බෙලිහුල්ඔය. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කුඩා ගම් පියසක් වන අතරම සිසිල් කාලගුණයකට උරුමකම් කියයි. කාර්යබහුල නගර තදබදයෙන් මිදී නිදහසේ නිවාඩුවක් ගත කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස දැක්වීමට හැකිය.

කොළඹ සිට කිලෝමීටර් 150 ක් පමණ ගිණිකොන දෙසින් පිහිටා ඇති මනරම් ගම්පියසකි.නගරය මුහුදු මට්ටමේ සිට මීටර් 616ක උසකින් පිහිටා ඇති අතර හරිත වනාන්තර, දියඇලි සහ කදුවලින් සමන්විත වේ.සමනල වැව ජලාශයේ අතු ගංඟාවක් වන බෙලිහුල්ඔය නගරය හරහා ගලා බසින අතර එහි ඔරු පැදීම වැනි ක්‍රියාකාරකම් කිරීමට ජනප්‍රිය ස්ථානයකි. කුඩා ගම් පියසවල් බෙලිහුල්ඔය නගරය තුල පිහිටා ඇති අතර ගමෙහි ඇති පරිසර සුන්දරත්වය විදීමට තරම් වාසනාවක් මේ රටෙහි ජීවත් වන සෑම කෙනෙකුම ලබා ගත යුතුය. හරිත වනාන්තර බොහෝ සෙයින් තිබෙන අතර ඒ වටිනා හරිත පරාදීසය වෙනස් වූ අලංකාරයක් ගමට ලබා දෙයි.

මෙම මනරම් ගමට පොහොසත් ඉතිහාසයක් තිබේ. බෙලිහුල්ඔය යන නාමය ප්‍රචලිත වී තිබෙන්නේ ද “ බෙලිහුල්ඔය තානාමය” නිසාය. වරස දහස් ගණනක සිට ජනාවාස තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ. ඒ අනුව මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ බුද්ධාගම පිළිබඳව වැදගත් මධ්‍යස්ථානයක් වූ අතර නගරයේ සහ ඒ අවට පෞරාණික විහාරස්ථාන සහ නටඹුන් කිහිපයක්ද සංචාරය තුල දී දැක ගැනීමට හැකිය. ඓතිහාසික ස්ථාන රාශියකින් සමන්විතව ඇති මේ ප්‍රදේශයේ කැපී පෙනෙන දෙයක් වන්නේ මීට වසර 400කට පෙර උඩරට රාජධානි සමයේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන බෝගොඩ ලී පාලමයි. පාලම සම්පූර්ණයෙන්ම ලී වලින් සාදා ඇති අතර , එහි ඉදි කිරීම් සඳහා ඇණ හෝ බෝල්ට් භාවිතා කර නොමැත.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී බෙලිහුල්ඔය තේ වැවිලිකරුවන් සඳහා ජනප්‍රිය ගමනාන්තයක් වූ අතර , ඔවුන් ගේ සිත් නගරයේ සීතල දේශගුණයට සහ ස්භාවික සුන්දරත්වයට ඇඳී ගිය බවට කටකතාද ඇත. නමුත් එය නම් සත්‍ය කරුණක් යන්න මේ ගම් පියස දිකිනා මේ සුන්දරත්වය විදිනා ඕනෑම කෙනෙකුට දැනේ. යටත් විජිත යුගයේ බංගලා සහ වතු බොහොමයක් නගරයේ තවමත් පවතින අතර ඒවා අමුත්තන් සඳහා අමුත්තන්ගේ නිවාස, හෝටල් බවට පත්කොට ඇත.
මෙහි සංචාරය කිරීමට ආකර්ෂණය දිනා ගත් බොහෝ ස්ථාන තිබේ . ඒ අතරින් මෑත කාලයේදී බෙහෙවින් ප්‍රසිද්ධ වූ ස්ථානයක් ලෙස පහන්තුඩා ඇල්ල හඳුන්වා දීමට හැකිය. පන්තුඩාව යනුවෙන් ව්‍යවාහාර වන්නේ පහනක හැඩය නිසාවෙනි. මෙහි ඇති ස්භාවික සුන්දරත්වය නිසාම නෙත් සිත් උදුරා ගනී. හාවාගල කදු මුදුනින් ආරම්භ වන්නා වූ මේ දිය ඇල්ල එතරම් උස දිය ඇල්ලක් නොවේ. මෙම ඇල්ලේ වතුර සමනල වැවට එකතු වන අතර වර්ෂාව කාලයට නම් වතුර වැඩි වීමක් ඇති බවත් එවිට මෙහි නෑම අවධානම් බවත් ප්‍රදේශවාසීන් පවසයි.
බේකස් වංගුව ලෙස තවත් සුවිශේෂී ස්ථානයක් ඇත. එය බෙලිහුල්ඔය සහ නාගරක් බංගලාව යා කරන නොන්පරෙයිල් වතුයායේ 23 වැනි වංගුවේ පිහිටා ඇති අශ්වාරෝහක හැඩැති වංගුවකි. බේකර්ස් වංගුව ආසන්න වශයෙන් මීටර් 1530 ක උසකින් පිහිටා ඇත. මෙම වංගුව බලතුඩුව, ගොම්මොලිකන්ද, ආදර කන්ද කඳුවැටිය, උඩවලව ජලාශය සහ සමනලව ජලාශය ඇතුළු අවට ප්‍රදේශ වල විශ්මයජනක දසුන් සපයයි. පුරාවෘත්තයට අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර බේකර් වංගුව ඇති ප්‍රදේශයෙන් ගමන් කර ඇති අතර ආණ්ඩුකාරවරයා දිවි ගලවා ගත්තේ ඔහු පිට නැගී සිටි අශ්වයා ලිස්සා ගොස් ගල් පර්වතයෙන් වැටීමෙන් බව සඳහන් වේ. ආණ්ඩුකාරවරයා මෙම වංගුව අශ්වාරෝහක හැඩයෙන් ඉදිකළේ තම අශ්වයාගේ සහ ගමන් සගයාගේ වියෝව සිහි කිරීමට බව ජනප්රවාදයේ සඳහන් වේ.
තවත් මෙහි හරිත ස්භාවය පෙන්නන්නා වූ තැනක් වන්නේ නෝන්පරෙයිල් වතුයායයි. මෙය හෝටන් තැන්න දක්වා දිවෙන නෝන්පරෙයිල් පාරේ පිහිටා ඇති මනරම් වතුයායකි. සුප්‍රසිද්ධ හා විශ්මයජනක නොන්පරේල් වතුයාය ඇල්ල පසුකර යන විට දිය ඇලි සහ ගංගා වැනි බොහෝ ස්වභාවික සම්පත් වලින් සමන්විත දර්ශන දැකීමට ඇති අතර එහි ඇති සුන්දරත්වය නිසාම එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර් 1597 ක පමණ උසකින් යුතු භූමි ප්‍රදේශයක පිහිටා ඇති නෝන්පරෙයිල් වතුයාය අවට ප්‍රදේශ වල විශ්මයජනක දසුන් සපයයි.
තවත් මේ පරාදීසයට අයත් ප්‍රධානම දෙයක් වන්නේ බෙලිහුල් ඔයයි. මෙය සමනලවැව ජලාශයට එක්වීමට පෙර ප්‍රදේශයේ කුඩා දිය ඇලි මාලාවක් සාදන අතර ඉන් එක් ඇල්ලක් ලෙස නෝන්පරෙයිල් තේ වතුයාය තුළ පිහිටා ඇති සාපේක්ෂ වශයෙන් සැලකිය යුතු පියවර තුනකින් යුත් කඳුරැල්ලක් ලෙස වැටෙන්නා වු නෝන්පරෙයිල් වතු දිය ඇල්ල දැක්වීමට හැකිය. මෙය ජලධාරා වැටෙන ආකාර කොටස් දෙකක් තිබෙන අතර පහළ කොටසෙහි, ආරක්ෂිතව ස්නානය කළ හැකි කුඩා පාදක තටාකයක් ද ඇත.

මෙම පළාතේ හරිත පැහැයෙන් ම දිස් වන්නා වූ ස්භාවික පරාදීසයක් වගේම කඳු පේළි ද අඩුවක් නැතුව දක්නට තිබේ. ඒ අතර හාවාගල විශේෂිත වන අතර එය බෙලිහුල්ඔයට ආසන්න සුන්දර කන්දකි. හවාගල කඳු මුදුනේ උස මීටර් 1400 වේ. එය ආදර කන්ද, නොන්පරේල් වතුයාය සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය වැනි ප්‍රසිද්ධ දේශීය බිම් සලකුණු වලින් වටවී ඇත. හාවාගල දක්වා නැගීම තරමක් උපක්‍රමශීලී විය යුතු අතර ම කඳු මුදුනටම ගොස් දර්ශනය නැරඹීමට උත්සාහය ගත යුතු වේ. හාවාගල කන්ද තරණය කිරීමෙන් සබරගමුව පළාතේ සශ්‍රීක හරිත පරිසරයේ විශ්මයජනක දසුන් භුක්ති විඳිය හැකිය.
මෙම සංචාරක පාරාදීසයේ දෙස් විදෙස් ආකර්ශණය හිමි වන්නට මෙහි ජීවත් වන්නා වූ ජනයාද හේතුවක් වේ. ඔවුන්ගේ සුහදශීලීභාවයම තුලින්ම තවත් ගමෙහි අලංකාරාත්වය වැඩි වේ. ගමක සුන්දරත්වය විදීමට ස්භා සෞන්දර්ය නිස්කලංකව විදීමට හැකි සුන්දර බෙලිහුල්ඔය අප පමනක් නොවේ විදේශිකයන් ද නොමඳ ව සොයා පැමිණේ ඒ නිසාමය. එයින් හමනා සුළඟ වුවද ගමක ස්භාවික පරිසරයක මුසු වී පිරිසිදුව හමනා සුළඟකි. ඒ නිසාම නගරයක ජීවත් වන ඕනෑම කෙනෙක්ට පමණක් නොව වෙන රටක ජීවත් වන්නා වූ කෙනෙකුට වුවද මේ පරිසරය දාලා යාමට ලෝබ කමක් හිතෙන බව නම් නොවනුමානයි. නිවාඩු සමයේ මෙහි පැමිණ මේ සුන්දරත්වය විදිනවා වගේ ම අප රටට ස්භාදහමෙන් ලබා දී ඇති වටිනා දායාදය ද ආරක්ෂා කර ගනිමින් අපවිත්‍ර නොකර සිත් ඇද බැඳ ගන්නා මෙම පරාදීසය විදීමට වග බලා ගත යුතුය.
සටහන –

සඳුපමා ගමගේ
