සේවක අර්ථසාධක අරමුදල (E.P.F.) 1958 අංක 15 දරණ පනත මගින් පිහිටුවන ලදි. දායක මුදල් මෙම අරමුදලට නිතිපතා බැර කරනු ලැබේ. එහි අරමුණ වන්නේ සෑම මසකම වැටුපෙන් කොටසක් ඉතිරි කර ගැනීමට සේවකයින්ට උපකාර කිරීමයි. සේවකයාට තවදුරටත් වැඩ කිරීමට ශක්තිය නොමැති විට හෝ විශ්‍රාම යන අවස්ථාවකදී මෙම අරමුදල භාවිතා කළ හැක.

සේවා යෝජකයින් විසින් සෑම මාසයකම මහ බැංකුවට, සේවකයාගේ මුළු ඉපැයීම්වලින් 20% කට සමාන අරමුදලක් බැර කළ යුතුය. සේවකයාගේ දායකත්වය 8% ක් වන අතර සේවකයාගේ මුළු ඉපැයීම්වලින් 12% ට සමාන මුදලක් සේවායෝජකයා විසින් ලබා දිය යුතුය. සේවකයාගේ මුළු ඉපැයීම් සඳහා දායක මුදල් ගෙවිය යුතුය. මුළු ඉපැයීම්වලට වැටුප්, වේතන හෝ ගාස්තු, ජීවන වියදම් දීමනා, නිවාඩු ගෙවීම්, ආහාර දීමනා, ඒ හා සමාන දීමනා, සේවායෝජකයා විසින් සපයනු ලබන ආහාරවල මුදල් වටිනාකම යනාදිය ඇතුළත් වේ.
නමුත් අතිකාල ගෙවීම් එයට ඇතුළත් නොවේ. සාමාන්‍ය රාජකාරී කාලවල් වලදී, සති අන්ත නිවාඩු දිනයන්හීදී සිදුකරන වැඩ සහ පෝය දින හෝ රජයේ නිවාඩු දිනවල සිදුකරන වැඩ සඳහා කරන ගෙවීම්ද සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල ගණනය කිරීමේදී ඉපැයීම් ලෙස සැලකිය යුතුය. සේවකයෙකුට තම රැකියාවේ පළමු දිනයේ සිටම සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකත්වය සඳහා හිමිකමක් ඇත. සේවකයා සේවක අර්ථසාධක අරමුදල වෙත ඇතුළත් කිරීම සේවායෝජකයාගේ වගකීමයි. රැකියාවේ ස්වභාවය අදාළ නොවේ. ස්ථිර, තාවකාලික, අනියම්, වැඩ මුර සේවකයින් හෝ ආධුනිකයන් ආදී සියලුම සේවකයින් ලියාපදිංචි කළ යුතුය. කෑලි මත ගෙවීම් පදනම, කොන්ත්‍රාත් පදනම, කොමිස් පදනම, නිම කරන ලද වැඩ පදනම හෝ කුමන පදනමක වුවද, ඕනෑම ආකාරයකින් සේවය කරන සේවකයින් සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබයි. එක් සේවකයෙකු පමණක් සිටින සේවා යෝජකයෙකු පවා රැකියාවේ පළමු දිනයේ සිට අරමුදලට දායක මුදල් ගෙවීමට නීත්‍යානුකූලව බැඳී සිටී. සියලුම සේවකයින්, ස්ථිර, තාවකාලික, ආධුනිකයින්, අනියම් හෝ මාරුවීම් සේවකයින් වුවද A’, ‘B’, ‘H’ නම්වූ අදාළ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍ර ඉදිරිපත් කිරීමෙන් ලියාපදිංචි කළ යුතුය. සේවක අර්ථසාධක අරමුදල සමඟ ලියාපදිංචි වීමට පහත පියවරයන් අනුගමනය කිරීමට අවශ්‍ය වේ. පළමු සේවකයා බඳවා ගැනීමේ දින සිට දින 14 ක් අවසන් වීමට පෙර සේවායෝජකයා විසින් “ඩී” ආකෘති පත්‍රය පිටපතක් සහිතව සම්පූර්ණ කර ලියාපදිංචි තැපැල් සේවය ඔස්සේ තැපැල් කළ යුතුය. මෙම පෝරමය ව්‍යාපාරික පරිශ්‍රයට ආසන්නම පිහිටි කම්කරු කාර්යාලයට තැපැල් කළ යුතුය. කම්කරු කොමසාරිස් විසින් නොපමවාම සේවායෝජකයා වෙත ලියාපදිංචි අංකයක් එවනු ඇත.
සේවායෝජකයා විසින් නඩත්තු කළ යුතු ලේඛන වැටුප් තොරතුරු, අමතර දීමනා තොරතුරු, කම්කරු ලේඛනය පැමිණීමේ තොරතුරු ප්‍රතිලාභ ගෙවීමේ සාක්ෂි (මහ බැංකු ලදු පත්, චෙක්පත් අංක, ලියාපදිංචි තැපැල් ලදු පත් යනාදිය) “සී” සහතිකයේ තුන්වන පිටපත සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් කිරීමට අනුගමනය කළ යුතු පියවර සංඛ්‍යාත්මක අනුපිලිවෙලට සේවකයින් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික අංක ලබා දිය යුතුය. එක් එක් සේවකයාගේ දායකත්වය (අවම වශයෙන් සේවකයාගෙන් 8% සහ සේවා යෝජකයාගෙන් 12% එම මාසය සඳහා ඔවුන්ගේ මුළු ඉපැයීම් අනුව ගණනය කළ යුතුය. සම්පූර්ණ මාසික දායක මුදල් සඳහා, “සී” වාර්තාව නම්වූ ආකෘති පත්‍රයේ පිටපත් ත්‍රිත්වයක් පුරවා තිබිය යුතු අතර, මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් චෙක්පතක් හෝ මුදල් ඇණවුමක් සහිතව අධිකාරී, සේවක අර්ථසාධක අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුය. සලකා බැලිය යුතු වැදගත් කරුණු නව සේවකයෙකු (සාමාජිකයෙකු) බඳවා ගන්නා විට, එම මාසයේ “සී” වාර්තා විස්තර ඇතුළත් කළ යුතුය. “සී” ආකෘති පත්‍රය නොමැතිව යවන ලද දායක මුදල් සේවකයාගේ ගිණුමට බැර නොකෙරෙන අතර එය සංකීර්ණතාවයන්ට සහ දඩ වලට යටත් වනු ඇත. යම් මාසයක් සඳහා කරනු ලබන දායක මුදල්, එම මාසයට පසු මාසයේ අවසාන වැඩ කරන දිනය ඉකුත්වීමට පෙර, අදාළ මාසික දායක මුදල් සේවක අර්ථසාධක අරමුදල වෙත ළඟා විය යුතුය. එසේ නොවුවහොත්, ප්‍රමාදය අනුව සේවා යෝජකයාට අධිභාරයක් පැනවෙනු ඇ
එබැවින් ආයතනයෙන් ලැබෙන E කාඩ්පත සුරැකිව ළඟ තබා ගන්න. යම් ලෙසකින් E කාඩ්පත ලියාපදිංචි කර නොතිබුණහොත් E.P.F. මුදල් ගැනීමට අදාළ ආයතනයේ සේවය කළ බවට පිළිගත් ලිඛිත සාක්ෂියක් කම්කරු කාර්යාලයට ලබාදීමට ඔබට සිදුවේ.
1980 අංක 46 දරණ පාර්ලිමේන්තු පනත යටතේ මෙරට සියලුම රජයේ ලියාපදිංචි සේව්‍ය ආයතන තුළ සේවයේ නියුතු සේවා නියුක්තිකයන්ගේ මාසික වැටුපෙන් 3% ක මුදලක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැර කළ යුතුය. ඒ අනුව දැනට ශ්‍රී ලාංකිකයන් මිලියන 3.55ක පමණ පිරිසක් මෙම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් කියතී. දැනට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තුළ සාමාජික ගිණුම් 99 ලක්ෂයක් ඇති අතර, ඉන් සක්‍රීය සාමාජිකයන් ලෙස විසි දෙලක්ෂයක පිරිසක් සිටිතී. මෙහිදී සාමාජික ගිණුම් යනු ඔබ යම් ආයතනයක දින තුනක් සේවය කළද, ඉන් ලබන තෙදින වැටුපෙන් 3% ක මුදලක් මෙම අරමුදලට බැර වී සැකසෙන ගිණුමයි.
සක්‍රීය සාමාජිකයන් ලෙස හඳුන්වන්නේ දැනට කලක පටන් සේවය කරමින් වැටුපෙන් 3% ක මුදලක් මෙම අරමුදලට බැරවෙමින් තිබෙන සාමාජිකයන්ය. මෙම සාමාජිකත්වය ලැබීමත් සමගම ඔබෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැර වන මෙම මුදල නිසා වසර අවසානයේ පොලී මුදලක්ද, ලාභාංශයක්ද ගිණුමට එකතු වේ. ඊට අමතරව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා ඔබට තවත් ප්‍රතිලාභ 10 ක් ලබාගත හැකි වේ.
ස්වයංක්‍රීය ජීවිත රක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (රු.100,000.00)
නිත්‍ය දුබලතා රක්ෂණ වන්දි ප්‍රතිලාභ (රු. 200,000.00)
හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර ලබාදීම (රු. 150,000.00)
වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා මූල්‍යාධාර ලබාදීම (රු. 150,000.00)
අක්ෂි කාච පැළඳීම සඳහා මූල්‍යධාර ලබාදීම (රු. 180,000.00)
පහ වසර ශීෂ්‍යත්ව සමත්වන දූ දරුවන් 7,000 කට රු. 150,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීම
රෝහල්ගත වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණය කිරීම (රු. 25,000.00)
වියන නිවාස ණය යෝජනා ක්‍රමය (රු. 100,000.00 සිට රු. 1,500,000.00 දක්වා)
උසස් පෙළ සමත් දූ දරුවන් 5,000 කට ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රු. 12,000.00 බැගින් මූල්‍යාධාර ලබා දීම.
නිත්‍ය දුබලතාවට පත්වන සාමාජිකයන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත්වන දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.
යමෙකුට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ලබා ගැනීමට අවශ්‍ය නම් අදාළ කාර්යාලය වෙත පැමිණ මුදල් ලබාගැනීමට පහසුකම් සලසා ඇති අංශයෙන් ඉල්ලුම්පතක් ඉල්ලා එය ඉතාම පැහැදිලිවත්, නිවැරදිවත් (නිවැරදි අක්ෂර හා දත්ත සමගින්) පුරවා එම අංශය වෙත භාර දිය යුතුය. දත්ත නිවැරදිව පුරවා ඇත්නම් උපරිම සති තුනක කාලයක් ඇතුළත අදාළ මුදල ලබාගත හැකිය. එසේත් නැතිනම් නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අදාළ අංශය වෙත රුපියල් 1,000 ක මුදලක් ගෙවා එක් දිනක් ඇතුළත අදාළ මුදල ලබාගැනීමටද පහසුකම් ඇත. යම් ලෙසකින් මුදල් දත්ත වල අක්ෂරවලින් හෝ විස්තර ලෙසත් නිවැරදි විය යුත්තක් ඇතොත් ඒ වෙනුවෙන් යම් කාලයක් කැපකිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස නිශාන්ත ලෙසින් සඳහන් නම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ නිශ්ශංක ලෙසින් හෝ නිසාන්ත ලෙසින් එක් අක්ශරයකින් හෝ සදොස් වී ඇති නම් එය නිදොස් කර ගැනීමට දිවුරුම් ප්‍රකාශයක් රැගෙන යා යුතුය. එවිට අදාළ කටයුතු නැවත පැමිණිමකින් තොරව සිදු කරගත හැකිය.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ලබා ගත හැකි අවම කාලසීමාව වන්නේ වසර පහකි. වසර පහක්වත් ආයතනයක සේවය කර ඉන් ඉවත්ව ඇත්නම් එම මුදල අවශ්‍ය නම් නැවත ලබාගත හැකිය. නමුත් එම මුදල ලබා නොගනී නම් අරමුදලේ තිබෙන තුරු පොලී මුදලක් එකතු වීම අවාසිදායක තත්වයක් විය හැකිය. වසර පහක් එක් ආයතනයක සේවය කර ඉන් එකතු වූ අරමුදල නැවත ලබාගත්තද, මීළගට සේවය කිරීමට යන නව රැකියාව තුළින්ද සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට මාස්පතා 3% ක මුදල් ලෙසින් එකතු වී නැවත අරමුදල අලුතින් සැකසීම සිදුවේ.
මෙම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනත හා සේවක අර්ථ සාධක අරමුදල් පනත සංසන්ධනාත්මකව බැලූ කළ මෙවැනි කරුණු දැක්විය හැකිය.
සේවක අර්ථ සාධක අරමුදල් කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයතනයකි. මහ බැංකුව මගින් මෙම අරමුදල් පාලනය සිදුවේ. 1958 අංක 15 දරණ පනතෙන් ස්ථාපිත කළ ආයතනයකි. මෙහිදී ස්ත්‍රී පාර්ෂවයට අවුරුදු පනහක්ද පුරුෂ පාර්ෂවයට අවුරුදු පනස් පහේදීද සේවයෙන් විශ්‍රාම ගිය කල්හි මෙම ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව පවතී. සෑම සේවායෝජකයෙක්ම 12% ක සේවායෝජක දායකත්වයකින් 8% ක සේවා නියුක්තිකයාගේ හෙවත් සේවකයාගේ ආයකත්වයත් මත අවමය 20% ක දායකත්වයක් මත මෙම අර මුදල ගොඩනැගේ. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තුළ සේවා යෝජක 3% ක දායකත්වය දැක්වීමක් සිදුකරයි. එනම් සේවකයාගේ දායකත්වයකින් තොරව මෙම අරමුදල ගොඩනැගී ඇත.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තුළ ඇති විශේෂම ලක්ෂණය වන්නේ ඒම අරමුදල ලබා ගැනීමට අවුරුදු පනස් පහක් හෝ අවුරුදු 60 ක් වන තෙක් සිටීම අනිවාර්ය නොවේ. යම් රැකියාවක නියුක්තව සිට එම රැකියාවෙන් ඉවත්ව තවත් රැකියාවකට යන අතරතුර මෙම වයස සම්පූර්ණවීමට පෙර මෙම අරමුදල ලබා ගැනීමේ හැකියාවක් පවතී. නමුත් එක් අවස්ථාවක් මුදල් ලබා ගනිමින් අනතුරුව දෙවන අවස්ථාවකදීද රැකියාවකින් ඉවත්ව මුදල් ලබාගන්නේ නම් ඒ අතර කාල පරතරය අවුරුදු පහක් තිබිය යුතුය. ඒ හැරුණු කොට අවුරුදු හැටක් සම්පූර්ණ වූ පසු සේවා නියුක්තිය අවසන් වුවහොත් මෙම අරමුදල ලබා ගත හැකිය.
සටහන –

H.M.N.D හේරත්
දර්ශනය විශේෂවේදී උපාධිධාරී කැලණිය විශ්ව විද්‍යාල
