හැමදාම කඩෙන් බිස්කට් ගන්න එකේ අපි හදමුද රසම රස බිස්කට් එකක් ගෙදරදිම….
ලොකු වෙලාවක් යන්නෙට් නෑ…. ලොකු මුදලක් යන්නෙත් නෑ…. චූටි බබාලත් ගොඩක් ආස වෙයි…
එහෙනම් අපි අද හදමු බටර් කුකීස්
බටර් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 2 (250g)
- බටර් කප් 1 (220g)
- සීනී කප් 3/4 (100) (පවුඩර් කරගත් සීනී හෝ අයිසින් ශුගර් )
- වැනිලා ස්වල්පයක්
- බිත්තර 1
දැන් බලමු කොහොමද හදන්නෙ කියලා…
බටර් ටික හොදින් හෑන්ඩ් බීට් කරගන්න. එයට සීනී ටික එකතු කර සිනි දියවන පරිදි හොදින් බීට් කර ගන්න.
බිත්තර එකතු කර නැවත බීට් කරගන්න. වැනිලා ස්වල්පයක් එකතු කර මිශ්‍ර කර එයට පාන් පිටි ටිකෙන් ටික එකතු කර හැන්දකින් හොදින් මිශ්‍ර කර ගන්න.
සාදාගත් කුකීස් මිශ්‍රණය පයිපින් කවරයකට දමා ( ඔබ කැමති නොසෙල් එකක් මේ සදහා භාවිතා කල හැක.) බටර් තැවරූ බේකින් තැටියකට පයිප් කර ගන්න. 180c විනාඩි 12 බේක් කරගන්න. නිවෙන්නට හරින්න… හොදට වේලුනු බෝතලයක සුලං නොවදින පරිදි අසුරා තබන්න….

එහෙනම් හදලා බලලා රස කියන්නකො..

මම දිලීකා…
ප්‍රවීන කේක් නිර්මාන ශිල්පිනී …
0703384782 ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න අමතක කරන්නත් එපා…
හැමෝටම සුබ දවසක්..
