මැටි නිෂ්පාදනයෙන් ජීවිතය දිනන්නට වෙර දරන ඇගේ කතාව

author
0 minutes, 3 seconds Read

ජීවිතය හරිම පුදුමාකාරයි. දුක හා සැප කරත්ත රෝදය වගේ කැරකෙනවා. ඒ අතරින් සමහර වෙලාවක අපිට ජීවිතයේ වැඩියෙන්ම ලැබෙන්නේ කටුක අත්දැකීම් කියල හිතන අවස්ථාවන් බොහොමයි. නමුත් ඒ සියල්ල දරා ගෙන ඉදිරියට යන්න පුළුවන්නම් සැබැවින්ම ජීවිතය තිබෙන්නේ එතැන කිව්වොත් නිවරැදියි.

ගාල්ල , නාගොඩ පදිංචි තුශානි කාවින්ද්‍යා කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ තරුණියක්. ඇගේ පියා අසනීප තත්වයෙන් පසුවුන නිසා මව ඇගළුම් කර්මාන්තශාලාවක සේවයට සම්බන්ධ වුණා. පියාගේ අසනීප තත්වය සමග පවුලේ නඩත්තුව අම්මාගේ කරට වැටුණා.

තුෂානිත් අම්මාට විශාල ශක්තියක් වුණා. නිතර රෝගී තත්වයට පත් තාත්තා විටින් විට රෝහල්ගත කරනවා. නැවත නිවසට එනවා. මේ විදිහට පියා රෝහල්ගත කළාම ඔහුගේ සුව දුක් බැලීම තුෂානි බාර ගත්තා. අම්මා සේවයට නොගියොත් ලැබෙන ආදායම අඩු වෙනවා. දැන් උසස් පෙළ විභාගයටත් තව මාසයයි. පියා රෝගාතුරයි. තුෂානි තාත්තා බලන්න රෝහලට ගියාම උදේ 4. 30 ට රෝහලට යනවා. තාත්තා බලලා නැවත දවල්ට බලන්න ගෙදර එන්නේ නැහැ. රෝහලේම කාලය ගෙවලා හැන්දෑවේ රෝගීන් බලන වෙලාවට තාත්තා බලලා ගෙදර එනවා. ඒ වගේම තාත්තාගේ බෙහෙත් වලට එක ෂතියට රුපියල් 7000 ක් විතර ඕන වෙනවා.

ආදායමක් ලබන්න… තාත්තා වෙනුවෙන් මුදල් හොයන මාර්ගයක් ගැන තුෂානි හිතුවා. ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තොත්….. ඇය හිතුවා. ඒ නිසා හා පුරා කියල fashion එකක් පටන් ගත්තා. එය “ කවි පැෂන් ” යනුවෙන් නම් කළා.
ඇය මාතර ගිහින් තොග කඩයකින් ගවුම් තුනක් අරගෙන ආවා. ඒවා ඇඳලා පොටෝ ගහලා fashion එකට දැම්මා.නමුත් එකක්වත් විකුණුනේ නැහැ.

දැන් උසස් පෙළ විභාගයත් ළග නිසා මේ බිස්නස් එක නැවතුනා. උසස් පෙළ අවසානයේ නැවතත් මොනවා හෝ දෙයක් කරන්න ඕන කියල මට හිතුනා. පාඨමාලා කරන්නත් මුදල් ඕන. මං පුංචි කාලයේ අම්මලා බැංකු පොත්වල දාපු සල්ලියි මගේ කරේ තිබුන මාලය උගස් කරලා ගත්තු සල්ලි වලින් “ ඉන්ටර්නැෂනල් ටීචර් ටේ්‍රනින් ඇකඩමි එකේ “ ප්‍රයිමරි ඇන්ඩ් ෆ්‍රී ස්කූල් ඩිප්ලෝමාවක් කළා. එහි කොටසක් විදිහට රජයේ පාසලක මාස හයක ප්‍රායෝගික පුහුණුව වෙනුවෙනුත් මම සම්බන්ධ වුණා. ඒ ්සවේච්ඡා ගුරුවරියක් විදිහටයි.

දැන් කලවයස හරි නිසා මට විවාහ වෙන්න කියන ඉල්ලීම ගෙදරින් ආවා. ගෙදරත් ප්‍රශ්න නිසා මම විවාහ වුණා. විවාහයෙන් පසුවත් මම ඉගැන්වුවා. ඒත් දරුවා ලැබුනාට පසුව මට රැකියාවෙන් අයින් වෙන්න සිදු වුණා.
මගේ සැමියා යුධ හමුදාවේ සේවය කළේ. එයත් නිතයානුකුලව රැකියාවෙන් ඉවත් වුණා. මගේ සැමියා ෆිනෑන්ස් ක්‍රමයට වාහනයක් අරගෙන වලං බිස්නස් එකක් පටන් ගත්තා. මම ගෙදර හිටියත් මගේ දුවට පපුවේ හතිය නිසා මහත්තයාට උදව් කරන්න විදිහකුත් නැහැ.

වෙළඳ පොළ හොයන්න ඕන නිසා මගේ මුලින් “ කවි පේජ් ” කියන පිටුවේ නම “්A.S ceramic creations  ” විදිහට වෙනස් කළා. මම ලස්සන පිගන් , කෝප්ප Photo ගහලා මගේ මිතුරු කණ්ඩායම් අතර බෙදා ගත්තා. සැමියාත් මගේ අදහසට එකග වුණා. මැටි නිෂ්පාදන බෙදා හරින්න කුරියර් සමාගමකුත් කැමැති වුණා.

මම මුලින්ම ඇනවුමක් විදිහට නිෂ්පාදන පහක් යැව්වා. ඒත් මේ යවපු ඇසුරුමේ තිබුන නිෂ්පාදන පහෙන් හතරක්ම කැඩිලා තිබුන නිසා මට නැවත කුරියර් ගාස්තු ගෙවලා තවත් නිෂ්පාදන හතරක් යවන්න වුණා. එදා නම් මට හරිම පසුතැවිල්ලක් ඇති වුණා. ව්‍යාපාරය නවත්වන්න හිතුනත් මට මගේ සැමියා මාව ධෛර්ය කළා.

අපි වැටෙන්නේ නතුව මේ බිස්නස් එක දිගටම කර ගෙන යමු… ඔහු කිව්වා. ඒ වචන මට ශක්තියක් වුණා. දැන් මට ඇනවුම් ලැබෙනවා. ඒ අතරේ ලොකු ඇනවුම් වලට ඉල්ලුම් කරල ඒවා එපා කියලා එන ඇනවුම් වුනත් ලැබෙනවා. ඒ වගේ අවස්ථාවක අපට බොහොම ගැටළු ඇති වෙනවා. කුරියර් ගාස්තු ගෙවලා අපි මේවා යවන්නේ.. ඒක අපට ගැටළුවක්.
දැන් මට සතුටුයි. වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකදීම මම නිවසේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙනවා. මගේ සැමියා තමයි මැටි නිෂ්පාදන ගෙනත් ඇසුරුම් කරන්නේ..

ඒ වගේම ඇලුමිනයම් , ප්ලාස්ටික් භාජන පාරිභෝගිකයාට සුදුසු නැහැ කියන අදහස සමාජගත වෙලා. ඒ නිසාම බොහෝ දෙනා දැන් මැටි නිෂ්පාදන සොයනවා. ඒකත් මගේ ඉල්ලුම වැඩි වෙන්න තවත් හේතුවක්.
ඔන්න ඔය විදිහට පටන් ගත්තු මගේ “්A.S ceramic creations  ” පිටුව දැන් හරිම ජනප්‍රියයි. විදේශගතව සිටි අය අපේ රටේ ආරම්භ කරන මැටි නිෂ්පාදන වෙනුවෙන් අපි මැටි භාණ්ඩ ලබා දෙනවා.

එහෙමනම් මගේ මේ පුංචි ව්‍යාපාරයට ඉඩක් ලබා දුන් Colombo journal ,, පිටුවටත් ස්තුතියි
සිල්වා, සී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa