වත්මන් ව්‍යාපාරික ලෝකය තුළ විවිධ අංශයන් ඔස්සේ සිදු කරනු ලබන විවිධ ව්‍යාපාරික අවස්ථා ඇති බව අපට දක්නට පුළුවනි. ඉන් සමහරක් වෙළඳ භාණ්ඩ හෝ ආයිත්තම් ඔස්සේ සිදු වුවද තවත් සමහරක් විවිධ ක්‍රියාකාරකම් මත සිදු වන ව්‍යාපාර වේ.
එලෙස සිදුවන ව්‍යාපාර අතරින් ක්‍රීඩාවට මුල්තැන දෙමින් සිදුකරනු ලබන ජල ක්‍රීඩා ආයතනයක් පිළිබඳවයි BIZ REVIEWS තුළින් අද අපේ කතාබහ.
“මට ඕන වුණා සාම්ප්‍රදායක ජල ක්‍රීඩාව වෙනුවට විවිධත්වයක් මුසු වෙච්ච ජල ක්‍රීඩා සංකල්පයක් රට තුළ ඇති කරන්න”නිරෝෂන් ප්‍රනාන්දු
කුඩා අවදියේ පටන්ම ජල ක්‍රීඩා කෙරෙහි දැඩි ඇල්මක් දැක්වු ඔහු අද Diyakawa Water Sports Center හි ප්‍රධානී නිරෝෂන් ප්‍රනාන්දු. ජල ක්‍රීඩාවේ සුන්දරත්වය ලෝකයට ගෙන යමින් දැවැන්ත කටයුත්තක නියැලන ඔහු සිය ව්‍යාපාරය ඉතා සාර්ථකව ගොඩනගා ගත්තේ කෙසේද?
මේ ඒ පිළිබඳවයි..

කොහොම ද Diyakawa Sports Sri Lanka කියන වෙළඳ නාමයකින් මෙවැනි ආයතනයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,
මගේම කියලා ක්‍රීඩා ආයතනයක් පටන් ගන්න මම කල්පනා කරනකොට මුලින්ම මට අවශ්‍ය වුණා මේ සඳහා නමක් තෝරා ගන්න. එම නම තෝරා ගැනීමේදී මම කරුණු කිහිපයක් සැලකිල්ලට ගත්තා. ඉන් එකක් තමයි ජල ක්‍රීඩාවට උචිත සහ ජලය ආශ්‍රිතව භාවිතා වන නමක් තෝරගන්න ඕන කියන එක. අනිත් එක මම කැමති වුණේ නැහැ ඉංග්‍රීසි නමක් භාවිත කරන්න. මට ඕන වුනේ දේශීය නමක් ඒ කියන්නෙ සිංහල නමක් පාවිච්චි කරන්න.
ඉතින් එතැනදී තමයි මම තීරණය කළේ මගේ ව්‍යාපාරය සඳහා දියකාවා කියන නම භාවිත කරන්න. ඒකටත් කරුණු කිහිපයක් බලපෑවා. ඉන් එකක් තමයි මම පුංචි කාලෙ ඉඳලා මගේ දෙමාපියෝ විශේෂයෙන්ම මගේ අම්මා දියකාවා කියලා තමයි මට ආමන්ත්‍රණය කලේ . මොකද මම පුංචි කාලෙ ඉඳලා ගොඩක් ජලයට ආස කරන කෙනෙක් නිසාත් වතුරෙ වැඩිපුර ඉන්න කෙනෙක්ට කියන අනුවර්ත නමක තමයි දියකාවා කියන්නේ . ඒ වගේම මම ගොඩක් කල්පනා කර කර ඉන්නකොට මම හැමවෙලේම දැක්කේ ගඟේ හිටපු දියකාවා කියන පක්ෂියාව. ඒ පක්ෂයාගේ දින චර්යාව, හැසිරීම් රටාව ඒ හැමදේම එකතු කරල තමයි මම මගේ ආයතනයට දියකාවා කියන නම තැබුවේ..

දැනට කොපමණ කාලයක් වෙනවද මේ ආයතනය ආරම්භ කරල,
මේ වන විට වසර දහයකට වැඩි කාලයක් මම මේ ක්‍රීඩා ආයතනය පවත්වාගෙන යනවා.
මෙවැනි ආයතනයක් පටන් ගැනීමේ අරමුණ කුමක්ද?
ඇත්තෙන්ම මගේ මූලික අරමුණ වුණේ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. මගේ දැනුම සහ අත්දැකීම් එක්ක තමයි මං මේ ව්‍යාපාරය පටන් ගන්නේ. ඊට අමතරව මට ඕන වුණා සාම්ප්‍රදායක ජල ක්‍රීඩාව වෙනුවට විවිධත්වයක් මුසු වෙච්ච ජල ක්‍රීඩා සංකල්පයක් රට තුළ ඇති කරන්න. ඉතින් ඒක හින්දා මම ශ්‍රී ලංකාවේ adventure tourism දියුණු කරන්න අවශ්‍ය විදිහෙ ජල ක්‍රීඩායතනයක් පවත්වාගෙන යන්න තමයි මගේ අරමුණ වුණේ.
ඔබේ ආයතනය මගින් සපයන සේවාවන් මොනවාද? එම සේවාවන්වලට අදාළ Package පිළිබඳවත් අපි දැනුවත් කරමු.
අපේ ආයතනය විසින් දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා සේවාවන් කිහිපයක් සපයනවා.
ඒ අතරින් ජල ක්‍රිඩාව සහ air base ක්‍රීඩාව.
ජල ක්‍රීඩාව ගත්තොතින් හුඟක් මුහුද ආශ්‍රිතව Jet ski, Diving , Deep Sea Fishing, Canoeing Banana ride , Sofa ride , Tube ride, laydown , flyfish ඒ වගේම එයා බේස් ක්‍රීඩාව ගත්තොතින් Para mortoring වගේම යන ක්‍රීඩාවන් අප සිදු කරගෙන යනවා.


මෙම සේවාවන්වලට අමතරව ඉදිරියේදී නව සේවාවන් හඳුන්වාදීමක් සිදු කරනවද?
ඇත්තෙන්ම ඉදිරියේදී ගොඩක් බලාපොරොත්තු වෙනවා තවත් අලුත් ක්‍රීඩාවන් මෙරට හඳුන්වා දෙන්න. සංචාරක කර්මාන්තය දියුණුවට ඒවා භාවිතා කරගන්න විශේෂයෙන්ම දැනට ලොව තුළ ප්‍රචලිත වන බටහිර රටවල් ආශ්‍රිතව සිදු කරන ක්‍රීඩාවන් හඳුන්වල දීල ඒවා ලංකාවේ සංචාරක කර්මාන්තයට යොදාගන්න තමයි ලොකුම බලාපොරොත්තුව.
මෙම ආයතනය මගින් ලබාදෙන සේවාවන් වල ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද?
මේ සියලුම ක්‍රීඩාවන් සිදු කරන්නේ සම්පූර්ණ ආරක්ෂාව යටතේ. විශේෂයෙන්ම සිටිනවා දැනුමෙන් සහ ප්‍රායෝගිකව සම්පූර්ණ කාර්ය මණ්ඩලයක්. මොවුන් තමන්ගේ උපරිමය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂා වෙනුවෙන් යොදවනවා. ඒ ආරක්ෂක උපායන් සියල්ල භාවිතයට ගනිමින් තමයි අපි මේ ක්‍රීඩා පවත්වාගෙන යන්නේ.
වර්තමාන වෙළඳපොළ තුළ ඔබේ ආයතනය මගින් ලබා දෙන සේවාවන්ට ඇති ලොකුම අභියෝග මොකක්ද?
වර්තමාන වෙළඳපොළ තුළ අපේ ආයතනයට මෙම සේවාවන් ලබාදීමේදී ලොකුම ගැටලුව තමයි ක්‍රීඩාව ආශ්‍රිත සියලුම භාණ්ඩ පිටරටවල් වලින් ගෙන්වීමට සිදුවීම. එලෙස භාණ්ඩ ගෙන්වීමේදී අධික මුදලක් අපට වැය වෙනවා. ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරය යටතේ ගොඩක් ප්‍රශ්න පැන නගිනවා. ඒවා එතනින් Clear කරන්න ගියාම අපට තවත් අධිකබදු මුදලක් ගෙවීමට සිදුවෙලා තියෙනවා. ඒ වගේම මෙම මෙරටදී එම ක්‍රීඩා භාණ්ඩ සඳහා නිර්දේශ ලබා ගැනීමේදී අදාළ ආයතනවලින් ඒවා ලබාගෙන විශාල කාලයක් වැය වෙනවා.
අනිත් ප්‍රධාන කරුණ තමයි මෙරට සංචාරක කර්මාන්තය තුල adventure tourism සඳහා නිශ්චිත රක්ෂාවරණයක් ක්‍රමවේදයක් තවමත් රට තුළ නොමැති වීම සහ මෙම ක්‍රීඩාවන්රැකගැනීමට වගකිවයුත්තන් කිසිම සාධාරණීය ක්‍රියා නොකිරීම ඉතාමත් කණගාටුදායකයට කරුණක්. ඉතින් මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්, අභියෝග මැද තමයි මෙම ජල ක්‍රීඩාව සහ adventure tourism sports ලංකාව තුළ කරගෙන යන්නේ.
මේ දක්වා ඔබේ ආයතනය ලැබූ සාර්ථකත්වය ඔබ විස්තර කරන්නේ කොහොමද?
ඇත්තෙන්ම වසර දහයක් තුළදී ලංකාවේ දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය තුල ඉතා ප්‍රසිද්ධියට පත් ලංකාවේ ප්‍රසිද්ධම ජල ක්‍රීඩා ආයතනය බවට පත්වෙන්න අපට හැකියාව ලැබිලා තියෙනවා.
ඒ වගේම සංචාරක කර්මාන්තය තුළ නව ක්‍රීඩාවන් හඳුන්වා දෙමින් සංචාරක කර්මාන්තය දියුණුවට ප්‍රවර්ධනයට සහ සංවර්ධනයට පිටුවහලක් වෙන්නට අපට හැකියාව ලැබී තියෙනවා.
සාර්ථකත්වය ගැන කතා කරනවනම් දේශීය සංචාර කර්මාන්තය තුළ නව රැකියා බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම නව ක්‍රීඩාවන් හඳුන්වලා දීලා විදේශ විනිමය ගෙන එන ඒමට අපට හැකියාව ලැබිල තියෙනවා. ජල ක්‍රීඩකයන් පුහුණු කරලා ඔවුන්ට විදේශීය රැකියා ලබාදීමටත් අපිට අවස්ථාව ලැබී තියෙනවා. ඉතින් මම හිතනවා ඒක තමයි අපි ලබා ඇති සාර්ථකත්වය. මේ සාර්ථකත්වයත් සමඟ ඉදිරියට යන්න තමයි අපේ එකම බලාපොරොත්තුව.
Diyakawa Sports වෙතින් සේවාවන් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ පාරිභෝගිකයන්ට දෙන පණිවුඩය
අපේ සේවාව ලබාගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් සහ අදසක් තියෙනවා අපට දෙන්න පුලුවන් පණිවිඩය වන්නේ දියකාවා ජල ක්‍රීඩා ආයතනනය කියන්නේ ජල ක්‍රීඩා සහ air base ක්‍රීඩා ඇතුළු ආරක්ෂිත ක්‍රීඩාවන් රැසකින් යුක්ත ක්‍රීඩා ආයතනයක්. ඉතින් අපි අපේ ක්‍රීඩා ආයතනයට පැමිණෙන සියලුම දෙනාගේ ආරක්ෂාව 100% සහතික කරනවා. ජල ක්‍රීඩාව කියන්නේ බය විය යුතු ක්‍රීඩාවක් නෙමෙයි. දරුවෙක්ට, තරුණ කෙනෙක්ට, වයසක කෙනෙක්ට යන ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ජල ක්‍රීඩාවන් අපි ගාව තියෙනවා. .ඒ හින්දා ඕනම කෙනෙක්ට ඇවිල්ලා මේ ජල ක්‍රීඩාවේ සුන්දරත්වය දකින්න පුළුවන්. ඒ හින්ද කිසිම බයක් නැතුව අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.

විශේෂයෙන්ම ඔන්ලයින් හරහා සේවාවන් පිළිබඳව දැන ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට ඔබව සම්බන්ධ කර ගත හැකි වන්නේ කොහොමද?
යම්කිසි කෙනෙකුට අපේ ආයතනය සම්බන්ධ කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් අපේ ෆේස්බුක් ගිණුම හරහා diyakawa adventures center water sports center , Diyakawa water sports center සහ Sri Lanka para motoring dyakawa යන ඕනම ෆේස්බුක් ගිණුම හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි පිළිබඳ තවත් කරුණු මේ ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔබට දැක ගන්නට පුළුවන්. ඒවගේම අපගේ diyakawa water sports යූටියුබ් චැනලය හරහාත් සම්බන්ධ වෙලා අවශ්‍ය කරුණු දැනගැනීමට ඔබට හැකියාව තියෙනවා.

ආයතනයේ ඉදිරි සැලසු
අපේ ඉදිරි සැලසුම් තමයි තව අලුත් ක්‍රීඩාවන් මෙරටට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම adventure sports විදේශිකයන් තුළ ප්‍රවර්ධනය කිරීම සහ නව රැකියා නිර්මාණය කරමින් විශේෂයෙන්ම රැකියා විරහිත තරුණ පිරිසට රැකියා ලබාදීම තමයි මගේ ඊළඟ ඉලක්කය.
සටහන –
බිනාලි රාජපක්ෂ
