“මං හරි කැමතියි ආදරය ගැන පාඨකයන්ට දැනෙන්න ලියන්න.”අනුපමා කාරියවසම්

author
0 minutes, 2 seconds Read

සිංහල ලේඛන කලාව තුළ හෙළ බස මැනවින් හසුරවමින් අපූර්ව නිර්මාණ සිය පාඨකයන්ට ලබා දෙමින් ග්‍රන්ථ රචනයේ යෙදෙන ලේඛිකාවන් අතරින් ඇය තවත් එක් සුවිශේෂි ලේඛිකාවකි.

සිය පාඨකයන්ට අලුත් බලාපොරොත්තුවක්ද ලබා දෙමින් ස්වතන්ත්‍ර ආදී වූ කෘති රචනා කිරීම කෙරෙහි වැඩි ඇල්මක් දක්වන ඇය මේ වන විට සූදානමින් සිටින්නේ ඇයගේ තවත් එක් නිර්මාණයක් එළිදැක්වීමටයි.

නමින් ඇය අනුපමා කාරියවසම්.

මොනවද අලුත් තොරතුරු

මේ දවස් වල මගේ පළවෙනි මුද්‍රිත නවකතාවේ වැඩකටයුතු එක්ක ටිකක් මං කාර්‍යබහුල වෙලා ඉන්නේ, ඊට අමතරව Storyflix යෙදවුම එක්කත් සම්බන්ධ වෙලා නවකතාවක් ලියනවා..

කලාවක් විදියට ඔබ ලේඛන කලාව තෝරා ගත්තේ ඇයි?

ඒක ටිකක් විතර දිග කතාවක්,කෙටියෙන් කිව්වොත් මං ඇත්තටම ලේඛනය කියන කලාවට පුංචි කාලේ කැමති කෙනෙක් නෙවෙයි,රචනාවක් වුණත් එහෙම කැමැත්තෙන් ලියපු කෙනෙක් නෙවෙයි.

පොතක් අතට අරගෙන පිටු දෙකක් කියවද්දි නින්ද යන තරමටම කම්මැලි දෙයක් විදිහට තමයි මං මේ දේවල් දිහා බැලුවේ..
හැබැයි මට වයස අවුරුදු දාසයක් විතර වෙද්දි මගේ තුන්වෙනි අක්කා නිසා මං නවකතා කියවන්න පෙළඹෙනවා, ඇබ්බැහියක් වෙන තරමටම..එතනින් පටන් අරගෙන මීට අවුරුදු දෙකක් වෙනකන්ම මං කියවීමට ඇබ්බැහි වුණ කෙනෙක්,තාමත් එහෙමයි. උසස්පෙළ ඉවර වෙලා ගෙදරට වෙලා හිටපු කාලයේ තමයි මට ආසාවක් ඇති වෙන්නේ නවකතාවක් ලියන්න ඕන කියලා එහෙම තමයි මං ලේඛන කලාවට පිවිසෙන්නේ..ඒක හරි අහම්බයක්..

දැනට ඔබ විසින් නවකතා කොපමණ ප්‍රමාණයක් රචනා කරලා තියනවද?

මේ වෙනකොට මං රචනා කරලා තියෙනවා නවකතා හතක් පමණ,මෙතනින් නවකතා දෙකක් ඊ ග්‍රන්ථයන් විදිහට මිළදී ගන්න පුළුවන් Storyflix යෙදවුම හරහා ඒවගේම ළඟදීම මුද්‍රිත ග්‍රන්ථයත් පාඨකයින්ට දිගහැරෙනවා..ඊට අමතරව මේ දවස් වල මුහුණුපොතේ තවත් නවකතා කිහිපයක් ලියමින් පවතිනවා..

ඒ වගේම ඔබේ පළමු ග්‍රන්ථය කුමක්ද?

මගේ පළමු ග්‍රන්ථය තමයි “හන්තාන සුළඟ” e ග්‍රන්ථයක් විදිහට තමයි පසුගිය වසරේ එළිදැක්වුවේ..

ඒ නවකතාව ගැන කතා කරොත් පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨය මූලික කරගෙන දමිළ තරුණියක් වටා තමයි මේ නවකතාව ලියවෙන්නේ..මේ කතාව ලියන්න මට මුලින්ම අදහසක් ආවේ “සන්තාන සුසුම්” ගීතය නිසා..මේක ඒකපාර්ශවීය ආදරයක් වටා ලියවුණු නවකතාවක්. Storyflix යෙදවුම හරහා තමයි කොටස් වශයෙන් මේ නවකතාව ඊ ග්‍රන්ථයක් විදිහට එළිදැක්වීමට කලින් පාඨකයන් අතරට අරගෙන ආවේ..

වර්තමාන බිහිවන නවකතා පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

“වර්තමානයේ බිහිවෙන නවකතා” ඒ මාතෘකාව ටිකක් සංකීර්ණ මාතෘකාවක්..අපි ඉස්සර කියවපු නවකතා වලට වඩා වර්තමානයේ නවකතා වල මං දකින විදිහට ගොඩක් ලොකු වෙනසක් තියෙනවා..මගේ අතින් නිර්මාණය වෙන නවකතාත් එහෙමයි. වර්තමාන සමාජයත් හරි වෙනස්, පාඨකයොත් ඒ ව⁣ගේමයි..වර්තමානයේ නවකතා බහුතරයක් ලියවෙන්නේ දැන් දියුණු සමාජයේ සිදුවෙන කාලීන තොරතුරු පදනම්ව හා ෆැන්ටසිය මුසුවෙලා..මං පෞද්ගලිකව නම් තාමත් කැමති චන්දි කොඩිකාර මහත්මියගේ,සුරංගි අතුකෝරළ මහත්මිය⁣ගේ,රමණි බුලත්සිංහල මහත්මිය වගේ ප්‍රවීණ ලේඛිකාවන් ලියූ නවකතා රසවිඳින්න මොකද ඒ නවකතා වල දැන් අපි ජීවත් වෙන දියුණු,පිරිහීමකට ලක්වී තියෙන සමාජයට වඩා සුන්දර ගැමිකමෙන් පිරුණු සමාජයක් ගැන ලියවී තියෙන නිසා ඒත් ඉතිං කාලෙන් කාලෙට සමාජය වෙනස් වෙනවා වගේම හැම කලාවක්ම වෙනස් වෙනවනේ.. තව තව දියුණු වෙනවා මං හිතන්නේ මේ වකවානුවේ බිහිවෙන නවකතාත් හරි කාලීනයි පාඨකයන්ට රසවිඳින්න පුළුවන් හොඳ නවකතා වර්තමානයේත් බිහිවෙනවා..

ඔබ බොහෝවිට ආදර සම්බන්ධතා පිළිබඳව නවකතා ලිවීමට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ඒ ඇයි?

ආදරය කියන්නේ අපි හැම කෙනෙක්ටම නැතුව බැරි දෙයක්..ආදරය මුසුවුණු රැකවරණයක් හරි අපි හැම කෙනෙක්ම බලාපොරොත්තුවෙනවා..මං හරි කැමතියි ආදරය ගැන පාඨකයන්ට දැනෙන්න ලියන්න..මගේ අතින් ලියවුණු බහුතරයක් කතා වල තියෙන්නේ ආදරය නිසා ජිවිතේ එක එක විදිහට කඩාවැටුණු මිනිස්සු තමන්ගේ අතින් වුණු අඩුපාඩු හදාගෙන සාර්ථක විදිහට ජිවිතේ ගතකරන විදිහ..මං එහෙම නවකතා ලියලා බලාපොරොත්තුවෙන්නේ එහෙම ජිවිතේ අසාර්ථක වෙලා ඉන්න එක පාඨකයෙක්ට හරි තමන්ගේ ජිවිතේ අඩුපාඩු හදාගෙන අලුතින් ජිවිතේ පටන් අරගෙන ඉදිරියට යන්න පුළුවන් කියන බලාපොරොත්තුව හිතේ ඇති කරන්න..

පාඨකයකින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පාඨක ප්‍රතිචාර නිසා තමයි මං මේ තරම් දුරක් ආවේ..මං මුහුණු පොතට නවකතා ලියන්න පටන් අරන් අවුරුදු තුනක් වෙනවා තව මාස කීපයකින්..මං ලියන්න පටන් ගද්දි හිතුවේ නෑ ම⁣ගේ වටේ මේ තරම් පාඨකයෝ පිරිසක් එකතු වෙයි කියලා.. මගේ වටේ ඉන්නේ හරිම ආදරණීය පාඨකයෝ පිරිසක් ඔවුන් හැම කෙනෙක්ටම ස්තූති කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා..බොහොම ස්තූතියි මං ලියන නවකතා රසවිඳින ඔයාලා හැමෝටම..

ඔබ නුදුරේදීම එළිදැක්වීමට සූදානම් වෙන කෘතිය ගැනත් අපි කතා කරමු..

ඒ ගැන කතා ⁣කරොත් මගේ පළවෙනි මුද්‍රිති කෘතිය තමයි ඒක, මං ජීවත් වන පරිසරය අළලා ලියවුණු නවකතාවක් නිසා මං හිතනවා පාඨකයන්ට අලුත් අද්දැකීමක් වෙයි කියලා.. එළඹෙන පොත් ප්‍රදර්ශනයේ දී පාඨකයන් අතට පත් කරන්න කටයුතු සුදානම් කරමින් තමයි මේ දිනවල ඉන්නේ..

විශේෂයෙන් ස්තූති කළ යුතු අය,

මුලින්ම මාව මේ වෙනුවෙන් සම්බන්ධ කර ගත්තට බිනාලි රාජපක්ෂ අක්කට බොහොම ස්තූතියි..

විශේෂයෙන්ම ස්තූති කරන්න මං කැමතියි ඕෂධී නවරත්න අක්කට ඇය තමයි මට ලේඛන කලාව ඇතුලේ හමුවුණු මුල්ම ගුරුවරිය..ඒ වගේම Storyflix යෙදවුම වෙනුවෙන් මාව සම්බන්ධ කරගත්තට ඕෂධී ජයසිංහ අක්කටත්,නිලානි දිසානායක අක්කටත්, ම⁣ගේ සහෝදරියක් වගේ හොඳම මිතුරිය වුණ කවිනි පෙරේරා අක්කට සහ මේ ක්ෂෙත්‍රය නිසා මට හමුවුණු මිතුරියන් සියළුම දෙනාටමත්, මුහුණුපොත හරහා පාඨකයන් අතරට මගේ නිර්මාණයන් සමීප කරන්න අවස්ථාව දුන්න හැම කෙනෙක්ටමත් ස්තූති කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා..

ඒ වගේම මං මගේ අම්මටයි,තාත්තටයි මගේ සහෝදරියන් තුන් දෙනාටත් ස්තූති කරන්න කැමතියි මගෙත් එක්ක මට සහයක් වෙමින් හැමදාම ළඟ රැදුණට සහ මට නිදහසේ ලියන්න පුළුවන් වටපිටාවක් හදලා දුන්නට..

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa