
Cluttered Life style of the Middle class Family
මධ්‍යම පන්තික පවුල
මානව විද්‍යාඥ Jean E. Arnold, 2007 දී Changing American Home Life: Trends in Domestic Leisure and Storage among Middle class Families යන කෘතිය මගින් ඇමරිකාවේ මැද පන්තිය ගැන අද්යනයක් කර ඇත. මැද පන්තිය තුළ ඇති ද්‍රව්‍යමය සහ බඩු භාණ්ඩ එකතු කිරීමේ සංස්කෘතිය නොහොත් Material Culture සහ ඔවුන්ගේ ගෙවල් සහ පවුල් ක්‍රම ගැන අවුරුදු නවයක් තුළ අධ්‍යනයක් කර ඇත. ඇය භෞතික නිවාස ඉඩම් මැද පන්තිය සතු වෙනත් දේ භාණ්ඩ ගෘහ භාණ්ඩ පවුලේ පාවිච්චියට ගන්නා සත්‍ය ඉඩ ප්‍රමණය වැනි කරුණු අද්‍යනය කර ඇත. මේ සදහා ඉඩම් ඔප්පු වලින් ඉඩම්වල ප්‍රමාණය ගෙවල් වල තබා තිබෙන බඩු බාහිරාදිය සම්බන්දව පමණක් ඩිජිටල් චායරූප විසි දාහක් සහ වීඩියෝ දර්ශන සහිත තොරතුරු බොහෝ ප්‍රමාණයක් එක් රැස් කර මද්යම පන්තික පවුල් ජීවන ක්‍රමය අද්‍යනය කර ඇත.
ඇයට අනූව මැද පන්තික ජනතාව නොයෙක් බඩු බාහිරදිය එකතු කරති. ගෙවල් වල පොදි බැද ගනිති. නොයෙක් ආකාර උපකරණ වැඩ පහසු කරන යන්ත්‍ර ආභරණ ස්මාරක ඇඳුම් පැළඳුම් ලට පට එකතු කරති. මැද පන්තිකයන් බඩු ගොඩ ගසා ගන්නන් බව පෙන්වා දෙයි.

මැද පන්තිකයන් ගේ ලක්ශණ ලෙස ගෙයක් හිමිව තිබීම කුලී ගෙවල් ලෙසද ගෙයක් හිමිව තිබීම. අධ්‍යාපනයක් සදහා ගෙවීමට පුළුවන් වීම විනෝදජනක වැඩසටහන් සඳහා වියදම් කිරීමට මුදල් තිබීම වසරකට එක විනෝද ගමනක් හෝ යාමට මුදල් තිබීම මධ්‍යම පන්තික ගති ලක්ෂණ වේ.
මධ්‍යම පංතිකයන් මහන්සි වී වැඩ කල යුතුය. ස්වයං විනයක් තිබිය යුතුය. ඉතුරුම් නිසියාකාරව සිදු විය යුතුයි. අවංක භාවයෙන් වැඩ කළ යුතුය. තමන්ගේ අභිලාෂ ක්‍රමවත් විය යුතුය.හොඳ අරමුණකින් වැඩ කළ යුතුය සාර්ථක විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට ඉතුරුම් තිබිය යුතුයි. හොඳ රක්ෂණාවරණයක් තිබිය යුතුය .
මධ්‍යම පංතිකයන් දිනපතා විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්නන් බව සඳහන් වේ. තවත් අභියෝගයක් ලෙස බොහෝ නිවෙස්වලවල විවේකය සදහා කාලය වෙන් කර ගත නො නොහැකි වී ඇත. මධ්‍යම පන්තිකයන් ද්වීත්ව රැකියාවල නිරත වන්නන්ය.පරිභෝජනවාදය නැතහොත් Consumerism යන තත්ත්වය මැද පංතිකයන්ගේ ගති ලක්ෂණයකි. අධික භාණ්ඩ හා සේවා මිලදී ගනිති.පුද්ගලයෙකුගේ සතුට රඳා පවතින්නේ තමන් අත් පත් කර ගන්නාවූ බඩු භාණ්ඩ ගැන ඇති තෘප්තිය නිසාය.

මානව විද්‍යාඥ ජීන් ඊ ආනල්ඩ් ඇන්තනි ග්රෛශ් සහ එලිනර් ඕශස් පවසන්නේ මධ්‍යම පන්තික ගෙවල් වල බඩුබාහිරාදිය පුරවා ඇති නිසා බොහෝ නිවාස අවුල් තත්වයෙන් පවතින බවය. ඔවුන් එකතු කරගත් වීඩියෝ දර්ශන මගින් පෙන්වන්නේ ගෘහණියන් සහ මව්වරුන් නිතරම කියන්නේ තමන්ගේ නිවාස අවුල් සහගත තත්ත්වයෙන් පවතින බවයි. ජීන් ඊ ආනල්ඩ්ෆෙයුඑර් සහ පිරිස 2012 පවසන්නේ කාන්තාවන් නිවාස පාලනය කරන්නියන්ගේ තනතුරට පත්වී ඇති බවය. බොහෝ නිවාස බඩු භාණ්ඩවලින් පිරී ඇති තත්ත්වය පියවරුන්ට ප්‍රශ්නයක් නොවන බවය. පියවරුන්ට සහ දරුවන්ට පරිභෝජනවාදය සහ නිවස තුළ බඩු එකතු කිරීම සාමාන්‍ය දෙයක් බවත් ඒ තුලින් ඔවුන්ට තෘප්තියක් සහ ආඩම්බරයක් ඇතිවෙන බවත් සඳහන් වේ. එම තත්ත්වය මවකට හෝ ගෘහණියකට හැඟෙන දෙයක් නොවන බව පැවසේ. නිවාස අවුල් වී තිබීම මව්වරුන්ට අභියෝගාත්මක විය. එය මව්වරුන්ට පීඩනයක් සහ ආතතියක් ගෙන දෙන්නක් විය.

ඔවුන්ට අනූව තවත් සොයා ගැනීමක් ලෙස දරුවන් නිවසින් බැහැරව සිටින්නේ ඉතාම අඩුවෙන්ය. ගෙදරින් එලියට යාමට අකමැතිය. දරුවන් කාලය ගත කරන්නේ දිවා සුරැකුම් මද්යස්තාන වලය. දරුවන් බොහෝ විට කාළය ගත කරන්නේ රූපවහිනිය ඉදිරිපිටය. නැතහොත් අන්තර් ජාලයේය. දරුවන්ගේ කාමරත් බඩු බාහිරදියෙන් පුරවා ඇති බව සොයා ගෙන ඇත. බිත්ති මුලුමනින්ම නොයෙක් බඩු වලින් පුරවා ඇති බව වීඩියෝ දර්ශන සහ පින්තූර වලින් සොයා ගෙන ඇත.

එම දෙමව්පියන් ද්විත්ව රැකියා කරන මැද පන්තිකයන් වීම නිසා කාර්යබහුල දෙමව්පියන් ඔවුන්ට ඇති වරදකාරී හැගීම නිසා දරුවන්ගේ උවමනාවන්ටත් වඩා වැඩියෙන් මිලදී ගනිති. තම දරුවන්ටද අනවශ්‍ය ලෙස බඩු සහ කෑම බීම මිලදී ගනිති. එවැනි දෙමව්පියන් දරුවන් සමග ගත කරන්නේ අඩු කාල ප්රමාණයකි. අඩුම ලෙස පැය හතරක් වැනි කාලයකි. මෙම තත්වය මග හැරීම සදහා අනවශ්‍ය තැගි, බඩු භාණ්ඩ, ආහාර පාන වැඩියෙන් මිලදී ගන්නා බව ඇන්තනි ග්රඇශ් 2012 ප්‍රකාශ කර ඇත.
මෙම අධික පරිභෝජනවාදය නිසා මනෝ විද්‍යාත්මක බලපෑම් පවුල් වල ඇති විය හැකි බව පරීක්ෂණ උපකල්පනයක් ලෙස පෙන්වා දී ඇත.

තවත් ප්‍රධාන සොයා ගැනීමක් ලෙස නිවසේ මුළුතැන්ගෙය පවුල් ජීවිතයේ ප්‍රධානතම තැන වේ. මුළුතැන්ගෙය පවුලේ අය හමුවන ප්‍රධාන ස්ථානය විය. ආහාර ගැනීමට අමතරව සුහද කතා බහ පැවැත්වීම සිදු වේ. තොරතුරු හුවමාරු කිරීමේ මධ්‍යස්ථානය ද කුස්සිය විය.
මුළුතැන්ගෙයි ඇති ශීතකරණය ප්‍රධාන රාජකාරියක් කරන උපකරණයක් වී ඇත. අධ්‍යනයට පාදක කරගත් ගෙවල් තිස් දෙකෙහි ශීතකරණ දොරවල් වල බොහෝ දේ අලවා ප්‍රදර්ශනය කර ඇත.ශීතකරණයේ ඉදිරිපස පින්තූර දරුවන් විසින් අත් කර ගත් විශිෂ්ට කුසලතා වැඩසටහන් මතක් කෙරේ. යල්පැනගිය දුරකථන අංක සහ ලිපිනයන් මේ අතර විය.බොහෝ ශීතකරණ පැනල තුළ බඩු වර්ග සාමාන්‍ය ලෙස පනස් දෙකක් පමණ තැන්පත් කර තිබිණි. ශීතකරණ දොරේ අලවා ඇති සිටිකර් සාමාන්‍ය ගණන 166 කි. ශීතකරණය පවුලේ ඉතිහාසය හෝ ඔවුන් කරන ක්‍රියාකාරකම් පෙන්වන පොදු ස්ථානයක් බව ෆියුඑඅර් සහ සුලෙඉවන් දෙදහස් දොල්ළහේදී සඳහන් කර ඇත. ඔවුන් සඳහන් කරන්නේ මෙම තත්ත්වය පවුලේ ආතතියක් ලෙසට පත් විය හැකි බවය.
ලෝකය තුළ තවත් මැද පන්තික සමාජ ක්‍රම බිහි වෙමින් පවතී. ඒ අතරින් මධ්‍යම පහළ පන්තිය මධ්‍යම ඉහළ පන්තිය සහ මැද පන්තිය යන ආර්ථික තත්වයන් එකතු වී ඇත. නිසි කළමණාකරණයක් සහ ක්‍රමවත් බවක් සහ දැනුමක් නැති වුවහොත් ආර්ථික තත්ත්වය පාලනය කරගත නොහැකි වී දරිද්‍ර වීමට ඉඩ තිබේ. මේ අය ලෝකයේ සිදුවන ආර්ථික වෙනස්කම් නිසා නැවතත් දරිද්‍ර වීම්ට ඉඩ ඇත. මෙම තත්වය ඇමරිකාවට පමණක් සීමා වූ තත්වයක් නොවේ. පොදුවේ අප සැමටම බලපාන කාරණාවකි. මෙම තත්වය ගැන අවබෝධ කර කරගෙන එයින් මිදීම අප සැමගේ යුතුකමකි.
සටහන

සුරනි ප්‍රනාන්දු
