ආහාරයක ආරක්ෂිතභාවය පිළිබඳ ඔබ දැනුවත් ද?

author
1 minute, 28 seconds Read

“ ආහාර ප්‍රමිති දිවි සුරකියි ” (food standards save lives)

අද වන විට ආහාර ආරක්ෂිතතාවය පිළිබඳ  ප්‍රබල ගැටලුවක්   සමාජය තුළ මතුව ඇති බව දක්නට ලැබෙනවා. සෑම පුද්ගලයෙක් ම පාරිභෝගිකයෙකු වන බැවින් ආහාර ආරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කිරීම සෑම පුරවැසියෙකුගේ ම යුතුකමක් මෙන්ම වගකීමක් . මේ අතර ලෝක ආහාර ආරක්ෂිතතා දිනය  ද ජුනි 07 වෙනිදාට යෙදී තිබුණා.

ආහාර ප්‍රමිති දිවි සුරකියි (food standards save lives) යන තේමාව යටතේ මෙවර අප සමරනු ලැබුවේ  5 වන ලෝක ආහාර ආරක්ෂිතතා දිනයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2018 වර්ෂයේදී ලෝක ආහාර ආරක්ෂිතතා දිනය සැමරීමට යෝජනා කෙරුණු  අතර  2019 ජුනි 01 වනදායි   ලෝක ආහාර ආරක්ෂිතතා දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඒ අනුව 2018 වර්ෂයේ සිට සෑම වසරක ම ජුනි මස 07 වනදා ආහාර ආරක්ෂිතතා දිනය සැමරීම සිදු කර තිබෙනවා.

ආහාර මගින් ඇතිවන අවදානම් වැළැක්වීම, ඒවා කළමනාකරණය කිරීම සඳහා අවධානය යොමු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවන් දිරි ගැන්වීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව , මානව සෞඛ්‍ය ,ආර්ථික සමෘද්ධිය, කෘෂිකාර්මික නිෂ්පාදනය, වෙළඳපල ප්‍රවේශය ,සංචාරක ව්‍යාපාරය සහ තිරසර සංවර්ධනය සඳහා දායක වීම  අරමුණු කරගනිමිනුයි  ලෝක ආහාර ආරක්ෂිතතා දිනයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

සෑම වසරක ම ලොව පුරා පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙක් දූෂිත ආහාර නිසා  රෝගීන් බවට පත්වෙනවා.  බැක්ටීරියා,  වෛරස්, පරපෝෂිතයින් හෝ බැරලෝහ වැනි රසායනික ද්‍රව්‍යවලින් අපවිත්‍ර වූ ආහාර ගැනීමෙන් රෝග 200 කට අධික ප්‍රමාණයක් ඇතිවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.  ආහාර මගින් බෝවන රෝගවලින්  40 % කට ම ගොදුරු වන්නේ ලෝක ජනගහනයෙන් 9% ක් වන වයස අවුරුදු 5 ට අඩු දරුවන්.

මෙවන් පසුබිමක් මත ආහාරවල ප්‍රමිති පවත්වා ගෙන යාම ඉතා ම වැදගත්.  ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම තුළින් ආහාරවල ක්ෂුද්‍රජීවී රසායනික හෝ භෞතික දූෂණය පාලනය කිරීම හෝ අවම කිරීමක්  කළ හැකියි. පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට සහ අදාළ නිෂ්පාදනය කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට එම ආහාර සපුරාලිය යුුතු නිර්ණායක ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් මඟින් ස්ථාපිත වීමක් ද සිදු වෙනවා.

ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන්,  අප කන ආහාරවල ආරක්ෂිතතාව තහවුරු කරන අතර ම එමගින් සියලු දෙනාගේ ජීවිත සහ බොහෝ දෙනෙකුගේ ජීවනෝපායන් ආරක්ෂා වීම  සිදු වනවා. රෝග ඇතිවීම හෝ සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට සෞඛාරක්ෂිත නොවන භාණ්ඩ අලෙවිය නැවැත්වීමට මෙන්ම ආහාර අලෙවි කිරීමේ ක්‍රියාදාමය සරල කිරීමට මෙම ආහාර ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම වැදගත්වනවා.

ආහාර ප්‍රමිතියක් යනු ආහාරයක් මිනිස් පරිභෝජනයට සුදුසු වීමට නම් සපුරා තිබිය යුතු වන නිර්ණායක සමූහයක් නිර්වචනය කරන නීති හෝ නීති පද්ධතියක් වේ. එම නිර්ණායක අතර ආහාරයේ සංයුතිය පෙනුම, නැවුම් බව ,අවසරලත් ආකලන , අඩංගු විය හැකි උපරිම බැක්ටීරියා ප්‍රමාණය වැනි අංග අඩංගු වෙනවා. තව ද ආහාර ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඒවා මැනීම ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය කිරීම කළ යුතු ආකාරය ද සඳහන්. පෝෂක සහ අසාත්මිකතා ලේබල් කිරීම වැනි දේවල් සඳහා ප්‍රමිති යෙදීම නිසා පාරිභෝගිකයන්ට ආහාර ගුණාත්මක දැයි දැන ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ ම සියලු දෙනාට ම සෞඛ්‍යාරක්ෂිතව ආහාර පරිභෝජනය කිරීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. ජීව විද්‍යාත්මක රසායනික  හා භෞතික ස්වභාවයේ උපද්‍රව සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක අවදානම් තක්සේරු කිරීමේ ක්‍රම අනුගමනය කරමින් මෙම  ආහාර ප්‍රමිතීන් සකස් කරනු ලබනවා.

කෝඩෙක්ස් අලිමෙන්ටේරියස් කොමිසම (කෝඩෙක්ස්) යනු ජාත්‍යන්තර ආහාර ආරක්ෂිතතා සහ තත්ත්ව ප්‍රමිති සැකසීමේ ආයතනයක්. ආහාරවල ආරක්ෂිත බව සහතික කිරීම සඳහා රටවල් 188 ක සහ එක් සංවිධානයක ( යුරෝපීය සංගමය) නියෝජිතයින් එකට එකතු වී එහි කටයුතු කරනවා. කෝඩෙක්ස් අලිමෙන්ටේරියස්හි ප්‍රමිතීන් 236 ක් මාර්ගෝපදේශ 84 ක් ප්‍රායෝගික කේත 56ක් ආහාරවල දූෂක සඳහා ඉඩ දිය හැකි උපරිම මට්ටම් 126 ක් සහ ආහාර ආකලන සඳහා ඉඩ දිය හැකි උපරිම අවශේෂ සීමාවන් ආවරණය වන පරිදි ප්‍රමාණාත්මක ප්‍රමිතීන් 10, 000 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි සඳහන්. (2023 පෙබරවාරි වන විට)

කෝඩෙක්ස්හි අරමුණ වන්නේ පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂා කරන අතර ම ආහාර වෙළදාමේ සාධාරණ භාවිතයන් සහතික කිරීමයි.  කෝඩෙක්ස් ප්‍රමිතීන් ජාතික ආහාර ආරක්ෂිතතා නීති සම්පාදනය සඳහා මඟ පෙන්වන අතර ම රජයන් සහ ආහාර කර්මාන්තය සඳහා හොඳම භාවිතයන් සහතික කරනවා. ලෝක වෙළද සංවිධානය ද කෝඩෙක්ස් ප්‍රමිතීන් මිනුම් සලකුණු ලෙස භාවිත කරනවා. කෝඩෙක්ස් ප්‍රමිතීන් මත පදනම්ව  රට රටවල් තමන්ට ගැළපෙන පරිදි ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් සකස් කරනු ලබනවා. ලෝකයේ රටවල් රැසක් සමග සාකච්ඡා කර ලබා ගන්නා මධ්‍යම අගය ඔවුන් තීරණය කරනවා.  බත් අපගේ ප්‍රධාන ආහාරය වන බැවින් සහල් සම්බන්ධයෙන් තිබිය යුතු උපරිම රසායනික මට්ටම් වැනි දෑ අප සකස් කර  ගත යුත්තේ අප රටට ගැළපෙන පරිදිය.කෝඩෙක්ස් ප්‍රමිතීන් ද සැලකිල්ලට ගෙන  අපේ රටට ගැළපෙන පරිදි මෙම ආහාර ප්‍රමිතීන් සකස් කරනු ලබනවා

මෙරට ආහාර ප්‍රමිතීන් සකස් කිරීම  1980 අංක 26 දරන ආහාර පනත යටතේ ක්‍රියාත්මක වන රෙගුලාසි ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ද ජාතික ආහාර ප්‍රමිතීන් ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ද සිදු කරනවා.

1980 අංක 26 දරන ආහාර පනත ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන ප්‍රධාන පනතයි. ආහාර පනත යටතේ රෙගුලාසි 30 කට වඩා සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආහාර රෙගුලාසි ආහාර පාලන ඒකකයේ www.eohfs.health.gov.lk/food  වෙබ් අඩවියෙන් ඔිනෑම කෙනෙකුට පරිශීලනය කිරීමේ හැකියාව ද පවතිනවා

මිනිස් පරිභෝජනය සඳහා ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න  ආහාර සැපයීම සහතික කිරීම සඳහා මෙවැනි රෙගුලාසි පනවා ඇත්තේ. ආහාර ආනයනය නිෂ්පාදනය ගබඩා කිරීම ප්‍රවාහනය සහ විකිණීම වැනි කාරණායි මෙමගින් නියාමනය කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආහාර පාලන ඒකකයේ විශේෂඥ වෛද්‍ය භානුජ විජේතිලක මහතා :

රෙගුලාසි අපට හදන්න අවසර ලැබෙන්නේ ආහාර පනත මගින්. ආහාර රෙගුලාසි හදන්න බලය තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යවරයාට. සෞඛ්‍ය අමාත්‍යවරයාට බලය හිමිවන්නෙත් මෙම ආහාර පනත මගින්. රෙගුලාසියක් සෑදීමට පෙර එවැනි රෙගුලාසියක් රටට අවශ්‍ය ද යන්න පිළිබඳ  සොයාබැලීමක් සිදු කරනවා .  ”

ආහාර සම්බන්ධ රෙගුලාසියක් සකස් කිරීම සංකීරණ ක්‍රියාවලියක්. කෙටුම්පත සකස්කිරීමේ ක්‍රියාවලියේ සිට අවසානයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ලේකම් හරහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිර්දේශය ලබා ගැනීම දක්වා අතර ආහාර උපදේශක කමිටුවේ සිට මේ හා සම්බන්ධ  එම අංශවල නිලධාරීන් රැසක් මෙම කාර්යය හා සම්බන්ධ වී සිටිනවා. ආහාර රෙගුලාසියක් සකස් කිරීමේ ක්‍රියාවලියේදී ආහාර සම්බන්ධ ආයතනවලට ද ( food industries) මෙම කෙටුම්පත ලබාදී එය අධ්‍යයනය කිරීමට එම ආයතනවලට සාධාරණ කාලයක් ද  ලබා දෙනවා. මෙම සියලු කාර්යයන් නිම වීමට වසරක පමණ කාලයක් ගත වෙනවා. 

ආහාර රෙගුලාසිවලට අවනතවීම අනිවාර්ය වන අතර ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය මගින් සකස් කරන ප්‍රමිති පිළිපැදීම ස්වේච්ඡා පදනම මත සිදුවන්නක්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහකාර අධ්‍යක්ෂ  තිළිණි එල් කළුගලගේ මෙනෙවිය පවසන්නේ අලුතින් ප්‍රමිතියක් සකස් කිරීමට  හෝ තිබෙන ප්‍රමිතියක වෙනස්කමක් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි. ශ්‍රී  ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ප්‍රමිති සැකසීම  සිදු නොකරන අතර මුළු රටේම සිටින ප්‍රමිතිය හා සම්බන්ධ ආහාරවලට අදාළ සියලුම සම්පත් දායකයින්ගේ  සහභාගිත්වයෙන් සකස් කරන විද්වත් කමිටුවකින් මෙම ආහාර සම්බන්ධ ප්‍රමිති සකස් කරනවා

සහකාර අධ්‍යක්ෂ තිළිණි එල් කළුගලගේ,

“රෙගුලාසි කියන්නේ නීතිපද්ධතියක්.අපි ඒ නීතිපද්ධතියට අනුගතවීම අවශ‍්‍ය වුනත් ප්‍රමිති ආයතනයේ ප්‍රමිති අනිවාර්ය කර නැහැ. නමුත් ආයතනයකට පුළුවන් අපගේ ප්‍රමිතිය  ලබාගෙන තම නිෂ්පාදන ඉහළ මට්ටමකට පවත්වාගෙන යන්න.”

පොල්තෙල් කුළු බඩු ආදී ආහාරමය සම්බන්ධ නිෂ්පාදන  ආයතන ගණනාවක්  SLS ප්‍රමිති සහතිකය ලබා ගෙන තම නිෂ්පාදනවල සෞඛ්‍යරක්ෂිතභාවය මහජනතාවට සහතික කර තිබෙනවා

බෝගයක් වගා කිරීමේ  සිට කෑම පිගාන අතට ලැබෙනතෙක් ම  ආහාර ආරක්ෂිතතාවය  ඉතාම වැදගත් කරුණක්.  එහෙත් ශක්තිමත් නීති පද්ධතියක්  පවතිද්දිත් තවමත් අපේ රටේ ආහාර පද්ධතියේ  සුරක්ෂිතතාවය ඇත්තේ ගැටලුවකය.

මේ අතර ආහාරයක ආරක්ෂිතතාවය සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙකුට ගැටලුවක් පවතිනවා නම් එම පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් පැමිණීලි කළහැකි නිසි බලධාරීන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( පාරිසරික වෘත්තීය සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා)  වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පෙන්වා දෙනවා

 “ආහාරයක ආරක්ෂිතතාවය සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙකුට ගැටලුවක් පවතිනවා නම් එම පුද්ගලයාට එම ප්‍රදේශයේ සිටින ආහාර බලධාරියාට එනම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට එසේ නැතිනම් බලය ඇති නිලධාරියා වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දිය හැකියි. තම පැමිණිල්ලට සාධාරණ විසදුමක් නොලැබෙන්නේ නම් තම ප්‍රදේශයේ සිටින ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ද පැමිණිලි කරන්න පුළුවන්”

011 2 112 718 යන  අංකය ඇමතීමෙන් හෝ වට්ස් ඇප් පණිවිඩයක් මගින් හෝ ආහාර සම්බන්ධ පැමිීණිලි ඉදිරිපත් කළ හැකි බව ද ඒ මහතා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ විශේෂඥ වෛද්‍ය භානුජ විජේතිලක මහතා පවසන්නේ ආහාර ආරක්ෂිතතාවය නීතියෙන් පමණක් කළ  හැකි කරුණක් නොවන  බවත් එය  කෘෂිකර්මාන්තයේ නියෙලන්නන්ගේ ආක්ලපමය ගැටලුවක් වන බැවින් ආකල්පය වෙනසකින් මෙම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවයි.

මෙවන් පසුබිමක් මත නූපන් දරුවාගේ සිට ළමා මහළු තරුණ වැඩිහිටි සෑම පුද්ගලයෙකුටම ආහාර අනාරක්ෂිතභාවයෙන් සොයාගත නොහැකි රෝගයන්ට ගොදුරුව දුක්විදීමට සිදුව තිබෙනවා. සුලු ලාභයක් බලාපොරොත්තුවෙන් රටක ජනතාවක් ම  වස විසෙන් රෝගීන් බවට පත්කිරීමට දායකවීම කෙසේ සාධාරණය කළ හැකිද?

වස විස ,ඩයි වර්ග ,කෘත්‍රිම රසකාරක, ස්වභාවික රසය මුසු කළා යැයි පැවසෙන  රසකාරක සෑම ආහාරයක්ම  අද වෙළදපළ ගොදුරු කරගෙන අවසානයි. දිනපතා පාරිභෝගික සේවා අධිකාරියෙන් කරනා වැටලීම්වලින් තහවුරු වන්නේ ද මේ ඛේදනීය ඉරණමේ පසුබිමයි.

සටහන –

ඉරේෂා මධුරකාවිනී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa