ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ඉතිහාසය දෙස බැලූ විට ශිෂ්‍යත්ව විභාගය දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නකි. එවකට මෙය පැවැත්වීමේ අරමුණ වූයේ දිළිදු පවුල් වල දරුවන්ට වැඩිදුර අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීමයි.
නමුත් ක්‍රමයෙන් වර්තමානය වනවිට ශිෂ්‍යත්ව විභාගය ඉතාම තරගකාරී විභාගයක් බවට පත්වී ඇත. මේ වන විට රටේ ජනප්‍රිය පාසල් වලට තම දරුවන් ඇතුලත් කරගැනීම සදහා දෙමාපියන් දරණ දැඩි උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය උද්ගතවී ඇත.
මේ නිසාම දරුවා පාසලට ඇතුලත් කල දා පටන්ම ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරුවන් මෙහෙයවමින් අතිරේක පන්ති වෙත යොමුකරමින් දරුවන්ටත් වඩා පීඩනයකින් දෙමාපියන් කටයුතුකරන බව මනාව පෙනීයන කරැණකි.මේ හේතුව නිසාම බොහොමයක් ගුරුවරුන් පවා ශිෂ්‍යත්වය ඉලක්ක කරගනිමින් පළමු ශ්‍රේණියේ සිටම “ශිෂ්‍යත්ව පන්ති” පැවැත්වීමට යොමුවී තිබේ.නමුත් මෙය දරුවන්ගේ පැත්තෙන් බැලූ කල ඉතාම කණගාටුදායක කරුණකි.මන්ද යත් ශිෂ්‍යත්ව විභාගය නිසාම දරුවන්ට තම ළමා කාලය නිදහසේ විදීමට ඇති ඉඩකඩ අහිමි වී ඇති අතරම ඒ වෙනුවට ඔවුන්ට සිදුවී ඇත්තේ තම දෙමව්පියන්ගේ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් දැඩි පීඩනයකින් අධ්‍යාපන කටයුතු වල නිරතවීමටයි.
මෙලෙස තම සුන්දර ළමා කාලය නිදහසේ ගතකරනු වෙනුවට යන්ත්‍රයක් වැනි දරුවෙකු සමාජයට දායාද කිරීමේ මූලික අඩිතාලම”ශිෂ්‍යත්ව විභාගය” නිසා සිදුවනවාද යන්න විටක සිතේ.කුඩා අවධියේ පටන්ම අනෙකා අභිභවායමින් කටයුතුකිරීමට දරුවන් හුරුවීම නිසාම අනාගතයේ. මානවදයාවෙන් පිරි මිනිසුන් බිහිවේ යැයි සිතීමද දුෂ්කර කරුණකි.
අනෙක් අතට ශිෂ්‍යත්වය අසමත් දරුවන් අවතක්සේරු කිරීම , සමත් දරුවන් සමග සැසදීම ද විශේෂයෙන් ම නොකලයුත්තකි. දරුවන්ගේ දක්ෂතාවයන් හදුනාගෙනඒ අනුව ඔවුන්ට ඉදිරියට යාමට උපකාර කරනවා මිස ශිෂ්‍යත්වය වැනි විභාගයක් මුල්කර ගනිමින් දරුවාගේ මුළු ජීවිතයම අදුරට හෙලීම දෙමව්පියන් විසින් කිසිම අවස්ථාවක නොකලයුත්තකි.
“දෙමාපියනි,ශිෂ්‍යත්ව විභාගය යනු ජීවිතයම නොවේ. සමත්වූවත් අසමත්වූවත් ඔබේ දරුවාට දිරි දෙන්න, සවියක් වන්න, දරුවාගේ සහජ දක්ෂතා හදුනාගෙන ජීවිතය ජය ගැනීමට අවැසි මග පෙන්වන්න.”
සටහන
ප්‍රාර්ථනා හපුආරච්චි
සංවර්ධන නිලධාරී
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
