
ඉපැරණි වෙස්මුහුණු නාට්‍ය කලාව ලෙස සැලකෙන කෝලම් නාට්‍ය ශ්‍රී ලංකාවට ආවේණික අස්පෘශ්‍ය සංස්කෘතික අංගයකි. ශ්‍රී ලංකාව තුළ කෝලම් නාට්‍ය කලාව සංරක්ෂණය කරමින් කෝලම් නාට්‍ය පාදක කරගත් පරම්පරාවක් ලෙසට සැලකෙන මහ අම්බලන්ගොඩ ටූක්කා වඩු කෝලම් නැටුම් පරම්පරාවේ තතු සහ කෝලම් නැටුම් ගැන විග්‍රහයක් කලා භූෂණ ලාභී ටූක්කා වඩු හරිස්චන්ද්‍ර ගුරුතුමා විසින් ලබා දෙන ලදි. එම විග්‍රහය පහතින් දක්වා ඇත.
කෝලම් නාට්‍ය කලාව යනු කුමක්ද?
කෝලම් යනු ඉපැරණි ප්‍රසිද්ධ සම්භාවනීය වූ නාට්‍ය කලාවකි. කෝලම් වලට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර 1800 සහ 1900 වර්ෂවල ජනප්‍රිය සම්භාව්‍ය කලාවකි. වෙස්මුහුණු භාවිතා කරමින් විවිධ වූ ප්‍රසිද්ධ කලාවන් ලෝකයේ ප්‍රචලිත වී ඇත. ලංකාවට ආවේණික ව ඇති කෝලම් නාට්‍ය සඳහා භාවිතා කර ඇත්තේ දැවෙන් සාදන ලද වෙස්මුහුණු ය.කෝලම් යනු වෙස්මුහුණු වලට කියන තවත් නමකි. නාට්‍ය කලාවේ වෙස්මුහුණු කොටස් හතරකට අයත් වේ. මනුෂ්‍ය, සත්ව, රාක්ෂ සහ මනංකල්පිත වෙස්මුහුණු ලෙස ඒවා වෙන් කල හැක. කෝලම් නාට්‍ය හෙවත් වෙස්මුහුණු නාට්‍ය කලාවේ ආරම්භය ලෙස මහා සම්මත රජතුමා සහ මැණික්පාල බිසව ඉදිරියේ කෝලම් නැටුම් රඟදැක්වීම් මුල්කරගෙන පැවත එන බව කියැවේ.කෝලම් නාට්‍ය ප්‍රධාන වශයෙන් අදියර තුනක් යටතේ රඟ දක්වන අතර රජතුමා සහ බිසව කරළියට පැමිණීමට පෙර රඟදක්වන චරිත ලෙසත්,දෙවනුව රජතුමා සහ බිසව ඉදිරියේ රඟදක්වන චරිත ලෙසත් තෙවනුව රජතුමා සහ බිසව කරළියේන් නික්ම ගිය පසු රඟදක්වන චරිත ලෙසත් අදියර තුනක් යටතේ කෝලම් නාට්‍ය ඉදිරිපත් වේ.

සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය රඟපාන අවස්ථාවලදී විශේෂිත වූ චරිත දෙකක් තිබේ. ඒවා නම් සභාපති සහ කාරියකරවන රාළ හෙවත් තානායම් ආරච්චි යන චරිත්යන් වේ. මෙම චරිත දෙක වෙස්මුහුණු පළඳින්නේ නැත. සභාපති යන චරිතය කෝලම් මඩුව ආරම්භයේ දී සිත් ඇදගන්නා සුලු ලෙස නර්තනයක් සහ ගායනයක් ඉදිරිපත් කරමින් සභාවෙන් අවසර ගැනීමටත්, රඟදක්වන නැටුම් පිළිබඳ විස්තරයක් ලබාදීමටත් ඉදිරිපත් වේ. කාරියකරවන රාළ හෙවත් තානායම් ආරච්චි යන චරිතය රජතුමා සහ බිසව පැමිණීමට පෙර ඉදිරිපත් කරන චරිත ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ කිරීමට කටයුතු කරයි. සමහර අවස්ථාවලදී නර්තන ශිල්පීන් වෙස්මුහුනු පැළඳීම නිසා ඉදිරිපත් කරන දෙබස් නිසියාකාරව ප්‍රේක්ෂකයන්ට ග්‍රහණය නොවීම සහ ඇතිවන වන අපහසුතාවය වලක්වාලීමට මෙම තානායම් ආරච්චි හෙවත් කාරියකරවන රාළ චරිතය තුළින් සිදුවේ.

කෝලම් සදහා යොදා ගන්නා වෙස් මුහුණු වලට පාවිච්චි කරන අමුද්‍රව්‍ය මොනවාද?
වෙස් මුහුණ සඳහා යොදා ගන්නා දැව වර්ගය වන්නේ වගුරු බිම් ආශ්‍රිතව වැඩෙන වෙල් කදුරු ශාකය (Sea mango/ Sea Odollam) වේ. ලංකාව තුළ නිෂ්පාදනය වන අම්බලන්ගොඩ ආශ්‍රිත වෙස්මුහුණු නිර්මාණය කිරීමේදී පාරම්පරික ක්‍රමවේද අනුගමනය කරයි. පින්තාරු කිරීමට ස්වාභාවික අමුද්‍රව්‍යයන් යොදා ගනිති. කෝලම් සඳහා යොදා ගන්න වෙස් මුහුණු සාමාන්‍ය කුඩා ප්‍රමාණයෙන් අඟල් 9 * 12 සිට අඩි හතර මාර දක්වා සහ උස අඩි 4 ක වට ප්‍රමාණයකට වූ විශාල මුහුණු දක්වා පරාසයක් තුළ නිර්මාණය වේ. පාරම්පරික ක්‍රමවේදයන්ට අනුකූලව සාදන ලද වෙස්මුහුණු අවුරුදු සියයකටත් වඩා පවත්වා ගත හැක.
සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය කලාවේ ප්‍රධානතම අරමුණ කුමක්ද?
ප්‍රධානතම අරමුණ ලෙස ඉතා උසස් රසාස්වාදයක් ප්‍රේක්ෂකයන්ට ලබාදීම වේ. එම නිසා සම්ප්‍රදායික කෝලම් නාට්‍ය විවිධ වූ චරිත සහ නර්තන විලාසයන් ගෙන් ද වාදනය සහ ගායනයන්ගෙන් ද විවිධ වූ කථා වස්තූන් සහ දෙබස් වලින් මෙන්ම චරිත සහ නර්තන විලාසයන් ගෙන් ද වාදනයෙන් සහ ගායනයෙන් ද විවිධ වූ කථා වස්තූන් සහ දෙබස්වලින් අදාල චරිත වලට ගැලපෙන ලෙස විවිධ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී වෙස් මුහුණු පැලඳ කතාව ඉදිරිපත් කරමින් ජාතක කතා ඇසුරෙන් ප්‍රේක්ෂකයන්ට බෞද්ධ දර්ශනයට අනුකූලව යම් ආදර්ශයක් ලබා දීම මූලිකවම කරනු ලබයි.
සාම්ප්‍රදායික කෝලම් නර්තන කලාවට ආවේණික වූ විශේෂ ලක්ෂණ මොනවාද?
වෙස්මුහුණු කැපීම්, පින්තාරු කිරීම්, නර්තනය, ඇඳුම් ආයිත්තම් සපයා ගැනීම, උපාංග නිර්මාණය යන සියලුම ක්ෂේත්‍ර වලට සෘජුවම නිර්මාණශීලී සම්ප්‍රදායික කලාකරුවන් සම්බන්ධ වේ. කෝලම් නාට්‍ය නර්තනය රඟ දක්වන්නේ රාත්‍රී කාලයේ ය.ඒවා විවෘත භූමියක හෝ රඟමඬලක රඟදක්වති. රඟදක්වන රඟමඩල තානායම් පොල හෝ සබය ලෙස හැඳින්වේ. රඟමඬල සාම්ප්‍රදායික පිළිවෙත් අනුව සරසා ගනී. වෙස් අත්ත, මල් යහන, ගොක් ගෙඩි, ගොක් රැහැන් යොදා සීමා සකස් වේ. එලි පන්දම් ආදිය යොදාගෙන රඟමඩලට අවශ්‍ය ආලෝකය සැපයේ. රඟපාන චරිතයට ගැලපෙන ආකාරයට ඇඳුම් සැක්සේ. සියලුම කාන්තා චරිත පිරිමි නර්තන ශිල්පීන් විසින් ඉදිරිපත් කරති.
ඔබගේ ටුක්කාවඩු වෙස්මුහුණු නර්තන පරම්පරාව ගැන හැඳින්වීමක් කරන්න. ලංකාවේ කෝලම් හෙවත් වෙස් මුහුණු නර්තන කලාවේ ආරම්භ වන්නේ ටූක්කා වඩු පරම්පරාව මුල් කරගෙනය. අතීතයේ පැවති රාජාන්ඩු ක්‍රමය යටතේ එක් එක් ජන කණ්ඩායම් වලට පැවරුනු රාජකාරියක් හෙවත් වෘත්තියක් ලෙස ටුක්කාවඩු පරම්පරාවට ලැබුණේ වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පය සහ වඩු කර්මාන්තය වේ . ටුක්කා වඩු යන නමෙහි ඇති වඩු යන කොටසෙන් මේ බව පැහැදිලි වේ. ටුක්කාවඩු පරම්පරාවට අයිති අවුරුදු දෙසීයකට වඩා පැරණි වෙස්මුහුණු කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. ටුක්කා වඩු ගුණදාස ගුරුතුමාගේ කාලවකවානුවේදී ( 1903 – 1977) කෝලම් හෙවත් වෙස් මුහුණු නර්තන කලාව දේශීයව සහ ජාත්‍යන්තර ලෙස ඉතා ප්‍රසිද්ධ වී ඇත. මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින සහ Ravindranath Thagor වැනි සම්භාවනීය අමුත්තන් වෙස් මුහුණු කලාව සහ කෝලම් නර්තනය අගය කොට ඇත.

තවදුරටත් කෝලම් නාට්‍ය කලාව ඉදිරියට ගෙන යාමට එතුමාගේ පුතණුවන් ලෙස කලා භූෂණ ටුක්කා වඩු හරිස්චන්ද්‍ර ගුරුතුමා කර ඇත්තේ මොනවාද?
මේ දක්වා ටුක්කා වඩු පරම්පරාවේ නර්තන ශිල්පීන් හත් දෙනෙක් කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබා ඇත. තවද 2014 වර්ෂයේ ටුක්කාවඩු පරම්පරාවට අයත් වෙස්මුහුණු සංරක්ෂණය කිරීම සඳහා මහා අම්බලන්ගොඩ ස ංරක්ෂණ කේන්ද්‍රයක් ඉදිකර ඇත . මෙම සංරක්ෂණ කේන්ද්‍රය මගින් කෝලම් නාට්‍ය කලාවට අදාළව කරන සියලුම අංග ලෙස පිළිගැනෙන නර්තනය ගායනය වාදනය වෙස්මුහුණු කැපීම පින්තාරු කිරීම් යන සියලුම විෂයයන් දේශීයව හා විදේශීයව ඉදිරිපත් වන සිසුන් සඳහා නොමිලේ ලබාදීමට අවස්ථාව සලස්වා ඇත. පාසල් ශිෂ්‍යයන්ට සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපගේ කෝලම් නාට්‍ය ගැන දැනුම බෙදා දීම උදෙසා අපට අයත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදීත්,විශ්වවිද්‍යාල සහ පාසල් වලට ගොස් වැඩසටහන් පවත්වන්නෙමු.

මුල්කාලීනව වෙස්මුහුණු කලාව ආරම්භ වීමට හේතුව කුමක්ද?
වෙස් මුහුණු කලාව ශ්‍රී ලංකාව තුළ පැවති නාට්‍ය රඟ දැක්වීමේ සම්භාව්‍ය කලාවක් වූ අතර සංස්කෘතික සහ කලා යන අංශවල අවශ්‍යතාවයක් ලෙස මේවා යොදා ගැනුණි. ශ්‍රී ලාංකික සංස්කෘතික අවස්ථාවන්වල ගැමි චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේදී වෙස්මුහුණු පාවිච්චි කර ඇත. සමහර අවස්ථාවලදී ලෙඩ සුව කර ගැනීමට, යක්ෂ භූත දෝෂ වලින් ගැලවීමටත් සම්ප්‍රදායික වෙස්මුහුණු නාට්‍ය යොදාගෙන ඇත. ඈත . කෝලම් නාට්‍ය මූලික වශයෙන් අවුරුදු 300 – 400 කට පෙර මිනිසුන්ට විනෝදාස්වාදය ලබාදීමට යොදා ගැනුණි. 1800 යන කාල වකවාණුව තුලළ දී තවත් අලුත් චරිත එකතුවී මෙය අංග සම්පූර්ණ සම්භාව්‍ය නාට්‍ය කලාවක් බවට වර්ධනය විය. අතීතයේ ජීවත්ව සිටි මිනිසුන්ට දුරකථන, රූපවාහිනී හෝ ඉන්ටනෙට් නොතිබුණුු අතර ඒ අයගේ ප්‍රධාන විනෝදාත්මක ක්‍රමවේදය වූයේ කෝලම් නාට්‍ය කලාව වේ.
අස්පෘශ සංස්කෘතියක් ලෙස ගැනෙන කෝලම් නාට්‍ය කලාව ඉදිරියට පවත්වාගෙන යාමට ඇති බාධා මොනවාද?
කෝලම් නාට්‍ය කලාව ස්පෘශය සහ අස්පෘශ සංස්කෘතික උරුමයක් ලෙස සංරක්ෂණය වී නැත. බුද්ධිමය දේපලක් ලෙසටද නීතිමය රැකවරණයක් ලැබී නැත. දැනට තිබෙන නීති කලාව ආරක්ෂා කිරීමට ප්‍රමාණවත්වත් නොවේ. වර්තමානය තුළ පවතින ජීවන රටාව නිසා තරුණ පරම්පරාව මේ මෙවැනි පැරණි සාම්ප්‍රදායික කලාවන් වලට ඇති අවධානය සහ උනන්දුව අඩුය. බරපතළ ලෙස කෝලම් නාට්‍ය කලාව ව්‍යාපාරයක් ලෙස කරගෙනයාම තුලින් මුදල් උපයා ගැනීමට ඇති අවශ්‍යතාවය තුළ ගමන් කිරීම නිසා සම්ප්‍රදායික කෝලම් නාට්‍ය කලාවට හානි සිදු වේ.වෙස්මුහුණු සෑදීමේදී සම්ප්‍රදායික වෙස්මුහුණු සෑදීමේ ක්‍රමවේදයක් තිබෙන අතර දැන් තිබෙන වෙස්මුහුණු වල තත්ත්වය බාල කිරීම( non- traditional and low quality) නිසා සංස්කෘතික ලෙස කෝලම් නාට්‍ය කලාවේ සම්ප්‍රදායට විශාල බලපෑමක් සිදුවී ඇත. මෙම වෙස් මුහුණු සහ නාට්‍ය කලාව ගැන වැරදි මත දේශීයව සහ විදේශීයව සමාජ ගත වීම තුළ කෝලම් නාට්‍ය කලාව හානි වී ඇත . සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වෙස් මුහුණු නිර්මාණය සහ කෝලම් නාට්‍ය කලාවට අදාල නැති දේ යොදා කෝලම් නාට්‍ය කලාව විකෘති කරමින් විවිධ වැඩසටහන් සහ සංදර්ශන පැවැත්වීම නිසා කෝලම් නාට්‍ය කලාවේ මූලික හරය ඉදිරිපත් නොවීම ගැටලුවකි. කෝලම් නාට්‍ය කලාව ශ්‍රී ලංකාවට අයිති සංස්කෘතික උරුමයක් වන අතර මෙම කලා උරුමය රැක ගැනීමට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුවී ඇත.
සාකච්ඡාව: කලාභූෂණ ලාභී ටුක්කාවඩු හරිස්චන්ද්‍ර ගුරුතුමා මහ අම්බලන්ගොඩ
Interviewed By Surani Fernando

