මූර්ති කලාව තුළ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා ගිය තවත් එක් තරුණ ශිල්පියෙක්

author
1 minute, 15 seconds Read

ශ්‍රී ලාංකීය සංස්කෘතික තුළ එන විවිධ වූ කලාවන් අතරින් මූර්ති කලාවට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. දැනට මෙරට තුළ මූර්ති කලාවෙහි පුරෝගාමීන් ලෙස කටයුතු කරන්නේ ජේෂ්ඨ කලාකරුවන් පිරිසක්. ඒ අතරින් මූර්ති කලාවට සහජ හැකියාවක් දක්වමින් තරුණ පරපුරේ එන තවත් චරිතයක් අපට මුණගැසුණා .

නමින් ඔහු මහේෂ් චතුරංග ඒකනායක.

එසේ නම් මේ කතාබහ ඔහු සමගයි.

මුලින්ම අපි ඔබ ගැන කතා කරමු.

මගේ නම මහේෂ් චතුරංග ඒකනායක. මගේ ගම කැකිරාව මඩාටුගම. මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ ශ්‍රි රේවත මහා විද්‍යාලයෙන්. ඒ වගේම අ.පො.ස උසස් පෙළ සඳහා කැකිරාව මධ්‍ය විද්‍යාලයට මම ඇතුළත් වුණා. අපොස උසස් පෙළ හැදෑරුවේ කලා විෂයයන් යටතේ. එතනදි කලා විෂයන් වලින් ඉහල සාමාර්ථයක් මට ලබාගැනීමට හැකි වීමත් සමගම මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය දෘෂ්‍ය කලා පීඨයට ඇතුළත් වුණා.

මගේ වෘත්තීය ගැන කතා කරනවා නම් ප්‍රධාන වශයෙන් දැනට මම කලාකරුවෙක් ලෙසින් කටයුතු කරනවා. ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය පීඨයේ තාවකාලික කථිකාචාර්යවරයකු ලෙසත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් ජන කලා කේන්ද්‍රයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් මම කටයුතු කළා.

මූර්ති නිර්මාණකරුවෙක් විදියට ඔබේ කලා ගමන් මගේ ආරම්භය

මම කුඩා කාලයේ ඉඳලම කලාවට ගොඩක් ආස කළ කෙනෙක්. විශේෂයෙන් 1, 2, 3 යන වසරේ ඉඳලම මම චිත්‍ර කලාවට ගොඩක් ඇලුම් කළා. ඒ කාලයේ දී පැස්ටල් මාධ්‍ය භාවිතා කරමින් චිත්‍ර ඇන්දා. ඒවා තරග වලට ඉදිරිපත් කළා. එතනදි නොයෙකුත් ජයග්‍රහණ පවා මට ලබා ගන්න හැකි වුණා.

ඒ වගේම 6,7 ශ්‍රේණි වල දී මම කලා විෂයක් විදියට චිත්‍ර කලාව තෝර ගත්තා. ඒ කාලේ ඉඳලම මගේ අම්මා තාත්තා මට මගේ හැකියාවන් දිරිමත් කරන්න විශාල දායකත්වයක් ලබා දුන්නා.

මම පළමුවරට මූර්තියක් නිර්මාණය කළේ 9 ශ්‍රේණියේ දී. ඒ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා වල ඇති රූප හා දෘෂ්‍ය කලා විෂය යටතේ. එතනදි ඉවතලන කඩදාසි යොදා ගනිමින් පල්ප් ක්‍රමයට මම මූර්තියක් නිර්මාණය කළා. ඒ මූර්තිය නිර්මාණයට 2008 වසරේ දී සමස්ත ලංකා තරගාවලියේ ප්‍රථම ස්ථානය මට හිමි වුණා. එතනදි තමයි මූර්ති නිර්මාණයට මූලික අඩිතාලම වැටෙන්නේ.

කැකිරාව කියන්නේ ඉතාමත් දුෂ්කර පැත්තක්. ගැමි පරිසරයක්. කුඩා කාලයේ ඉඳලම මා ජීවත්වූයේ එවැනි ගැමි පරිසරයක.ගමේ ඉන්න කාලයේදී නිතරම මම තාත්තත් එක්ක කුඹුරට යනවා. කුඹුරේ මැටි ගෙදරට ගෙනල්ලා ඒවාට විවිධ ද්‍රව්‍ය එකතු කරලා මම විවිධ මූර්ති නිර්මාණ කරන්න පටන් ගත්තා.

ඉතින් එදා ඇතිවූ ඒ ආසාව හා මගේ හැකියාව නිසා තමයි අද මට මේ දක්වා ලොකු ගමනක් එන්න හැකියාව ලැබුණේ.

කලාවක් විදියට මූර්ති නිර්මාණය තෝරා ගත්තේ ඇයි?

ඇත්තටම කලාව කියන සංදර්භය තුළ චිත්‍ර නැටුම් සංගීතය මූර්ති මේ හැම දෙයක්ම ඇතුළත් වෙලා තියෙනවා. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඇතුලත් වෙලා මට ලොකු ආසාවක් තිබුණා මූර්ති කලාව හදාරන්න.

පාසල් කාලෙ ඉඳලම මම කුඩා කුඩා මූර්ති නිර්මාණය කළා. මම හිතන්නේ මූර්ති කලාව කියන්නේ මගේ සහජ හැකියාව කියලා. ඒ නිසාම මම මූර්ති කලාවට ගොඩක් ආස කළා.

මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මූර්ති කලාව තෝරගත්තට පස්සේ ගුරුවරුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් මත මම විවිධ මූර්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. විශ්ව විද්‍යාලයේ පළමු වසර තුළ නිර්මාණය කරපු නිර්මාණ හා කුඩා අවධියේ නිර්මාණය කරපු මූර්ති දිහා බලපුවම මට හිතුනා මේ අංශයෙන් මට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා.

එතැන ඉඳලා මම නොයෙක් මාධ්‍ය මඟින් නිර්මාණය කරන්න පටන් ගත්තා. ෆයිබර්, සිමෙන්ති, තඹ හා පිත්තල මේ හැම මාධ්‍යයකින් ම මම මූර්ති නිර්මාණය කළා. ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පළමු හා දෙවන වසරේ ජාතික මට්ටමේ ජයග්‍රහණ කිහිපයක් ම මට දිනා ගන්න හැකි වුණා. ඊට අමතරව සාම්ප්‍රදායක මූර්ති විෂයයන් යටතේ රාජ්‍ය සම්මාන කිහිපයක්ම මට හිමි කරගන්නට හැකියාව ලැබුණා.

දැනට ඔබේ මූර්ති නිර්මාණ ඉදිරිපත් කර ඇති ප්‍රදර්ශන ගැනත් කතා කරමු.

ඔව් දැනට මම ප්‍රදර්ශන කිහිපයකම මගේ මූර්ති නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රදර්ශනවලටත් මගේම නිර්මාණයන් බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් කළා.

2016 දී දීප අභිමානී” දෘශ්‍ය කලා ප්‍රදර්ශනය, 2017,2018,2019 වසර වල පැවති රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල ” ප්‍රදර්ශනය , 2017,2018,2019,2020 යන වසර කිහිපය තුළ පැවති කලා පොළ චිත්‍ර මූර්ති ප්‍රදර්ශනය, ඇමරිකා එක්සත් ජනපදයේ Art House Gallery ” ජාත්‍යන්තර මාර්ගගත කලා ප්‍රදර්ශනය, ඉන්දියාවේ විශිෂ්ට කලාකරුවන් 100 දෙනෙක් ගෙන් යුත් ජාත්‍යන්තර කලා ප්‍රදර්ශනය , 2021 වසරේ බංග්ලාදේශය පැවැත්වූ HOPE” ජාත්‍යන්තර කලා ප්‍රදර්ශනය, 2021 ලන්ඩනයේ පැවැත්වූ LONDON ART BINALE ” ජාත්‍යන්තර කලා ප්‍රදර්ශනය ඒ වගේම RAJA RAVI VERMA” ජාත්‍යන්තර කලා ප්‍රදර්ශනය වගේ ප්‍රදර්ශන රැසකට මම මගේ නිර්මාණයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

එමෙන්ම ඉන්දියාවේ සිට මෙරටට මා පැමිණීමට පෙර Solo Sculpture Exhibition, Teacher’s Club, University of Lucknow, India, 2022 නමින් මාගේ ඒක පුද්ගල මූර්ති ප්‍රදර්ශනයක්ද මා පවත්වනු ලැබුවා.

ඒ වගේම මම ඉන්දියාවේ සිටින කාලය තුළ Master of Visual Arts (First Class) Degree Batch top 2022, Lucknow University, Uttar Pradesh India [Under a scholarship awarded by Ministry of Higher Education Sri Lanka සහ INDIAN COUNCIL FOR CULTURAL RELATIONS Scholarship (MAULANA AZAD),2020 යන උපාධි හැදෑරීම සිදු කලා.

එහිදී Master of Visual Arts උපාධියට තුලින් මාහට First Class එක ලබා ගැනීමට හැකි වූ අතර එකී උපාධියේ Batch top ලෙස නම් කිරීම ගැන මා තුළ ඇත්තේ ඉතා ආඩම්බරයක්.

එමෙන්ම මා ලබපු සම්මාන ගැන කතා කරනවා නම් අවස්ථාවන් රැසක දීම සම්මාන රැසකටම මට හිමිකම් කීමට හැකි වීම ගැන ඉතාමත් සතුටින් කියන්න කැමතියි.

ඒ අතරින් ඉන්දියාවේ සිට මෙරටට ඒමට පෙර අවසාන වශයෙන් මා හට ලැබූ සම්මාන වූයේ Michelangelo Award – “MINDSCAPE” International art exhibition (USA 2022) සහ Shirsha Award – THOUGHTTS” International art exhibition (BANGIYA KALA KENDRA), India 2022 යන සම්මාන දෙකයි.

පසුගිය දා ඉන්දියාවේ පැවැති මූර්ති නිර්මාණකරුවන්ගේ ප්‍රදර්ශනයක් සඳහා ඔබේ නිර්මාණත් නිර්දේශ වී තිබුණා. කොහොමද ඒ අවස්ථාව උදා කරගත්තේ ?

ඒ පිළිබඳව කතා කරනවා නම් මෙම ප්‍රදර්ශනය පැවැත්වුණේ 2021 දෙසැම්බර් මාසයේදී . මේ ප්‍රදර්ශනයට ජාත්‍යන්තර වශයෙන් කලාකරුවන් රැසක් අයදුම් කරලා තිබුණා. මේ ප්‍රදර්ශනය විශේෂත්වය තමයි ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ කලා ප්‍රදර්ශනයක් වීමයි. රාජා රවි වර්මා සම්මාන උළෙල නමින් තමයි මේ ප්‍රදර්ශනය නම් කරල තිබුණේ. ලලිත කලා ඇකඩමියේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම ප්‍රදර්ශනයට කලාකරුවන් දහදාහක් අතරින් සිය දෙනෙක් තෝරා ගෙන තිබුණා. විවිධ රටවල් වලින් කලාකරුවන් මෙයට සහභාගි වුණා . ඒ රටවල් අතරින් ලංකාව නියෝජනය කරමින් විශිෂ්ට මූර්ති ශිල්පියාට හිමි සම්මානය හිමිකර ගැනීමට මට අවස්ථාව ලැබුණා.

ඔබේ නිර්මාණවලට කොහොමද ලැබෙන ප්‍රතිචාර

ඇත්තටම කියන්නත් සතුටුයි ඉතාමත් ඉහළ ප්‍රතිචාර මට ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මූර්ති කලා නිර්මාණකරුවෙක් විදියට මගේ නිර්මාණ දෙස් විදෙස් බොහෝ දෙනා අතර බොහෝ ඇගයීමට ලක් වුනා. ඒ වගේම මේ වෙනකොට මගේ කලා කෘති විදේශ රටවල බොහෝ විද්වතුන් විසින් මිලදී ගෙනත් තියෙනවා.

මම නිතරම උත්සාහ කරන්නේ මගේ මූර්ති වෙනස්ම ආකාරයට ඉදිරිපත් කරන්න. හැමවෙලේම ප්‍රේක්ෂකයන්ට අලුත් රසයක් දැනෙන විදියට තමයි මම මූර්ති නිර්මාණයන් කරන්න උත්සහ කරන්නේ.

මූර්ති නිර්මාණයේදී ඔබටම වෙන්වූ විශේෂ තේමාවන් තියෙනවද?

bachlor උපාධිය කරන කාලයේ සිට මේ දක්වා මෙම භාවිත කළේ එකම සංකල්පයක්. ඒ සංකල්පය ඇතුලෙ තියෙන විවිධ පැතිකඩ අතරින් මූලික වශයෙන් මම කතා කළේ බැදීම් කියන සංකල්පය ගැන.

අවට පරිසරය තුළින් ඇති වන බැඳීම තුළින් මා දකින දේ කුමක්ද යන්න පිළිබඳව තමයි මගේ කලා කෘතිවලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

බැඳීම් පිළිබඳව කෙටියෙන් විග්‍රහ කළොත් මුළු විශ්වයම එකින් එක ප්‍රපංචයන් ගෙන් බැඳී පවතිනවා. ස්වභාවදහම, විරුද්ධ ලිංගිකයන්, තාක්ෂණික හා මනස තුළින් ඇතිවන බැඳීම් සියල්ල එක්කර ගත් සංකල්පයක් ඔස්සේ තමයි මගේ නිර්මාණ ඉදිරිපත් කරන්නේ.

මූර්ති නිර්මාණකරුවන් අතර ඔබ වඩාත්ම කැමති නිර්මාණකරුවා කවුරුන්ද?

ගොඩක් කලාකරුවන්ගේ කලා කෘති මම දැනට අධ්‍යනය කරලා තියෙනවා. මගේ කලා කෘතිවලට මම මූලිකවම පාදක කරගන්නේ අධියථාර්ථවාදී මූර්ති ශිල්පියෙකු වන සැල්වදෝර් ඩාලි .

ඔහු මූර්ති නිර්මාණ ශිල්පියෙක් මෙන්ම චිත්‍ර ශිල්පියෙක්. ඔහු භාවිත කරලා තියෙන සංකල්ප, හැඩතල, කලා විෂයයන් ඒ කරුණු සියල්ලම මූලික කරමින් තමයි මගේ කලා කෘති නිර්මාණය කරන්නේ. ඒ වගේම ලංකාවෙ නිර්මාණකරුවන්ගෙ කලාකෘති මම අධ්‍යනය කරනවා.

පවුලේ තොරතුරු

මගේ පවුලේ විස්තර ගැන කතා කරනවා නම් අම්මා තාත්තා මම සහ තව සහෝදරයන් දෙදෙනෙක් මට ඉන්නවා. මගේ මව හා පියා දෙදෙනාම ගොවිතැන් කටයුතු කරන්නේ. මගේ පියා දැනට වසර 2කට කලින් හදිසියේ අසනීප තත්ත්වයක් නිසා අප අතරින් වෙන් වුණා. මේ වනවිට මගේ බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනා සමග සතුටින් කාලය ගත කරමින් සිටිනවා.

ඉදිරි වැඩ කටයුතු

මම මේ දිනවල මූර්ති ප්‍රදර්ශනයක් පවත්වන්න වැඩ කටයුතු කරමින් පවතිනවා. ඒක වෙනස්ම විදියේ මූර්ති ප්‍රදර්ශනයක්.

ඒ ප්‍රදර්ශනයේ වැඩ කටයුතු කරන අතරතුර මම මගේම ග්‍රන්ථයක් එළිදක්වන්නත් කටයුතු සූදානම් කරමින් පවතිනවා .

ඒ සියලුම වැඩ රාජකාරි සමග මම මගේ ආචාර්ය උපාධියේ මූලික වැඩ කටයුතුත් කරමින් පවතිනවා.

ඉතින් මේ සියලුම වැඩකටයුතුත් සමඟ තමයි මේ දිනවල මම කාලය ගත කරන්නේ.

අනාගත බලාපොරොත්තු

මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක නිම කිරීමටත්, කලාව පැත්තෙන් මා විසින් කළ යුතු කිසියම් දෙයක් තිබේද ඒ සාර්ථකව සිදු කිරීමටත් මගේ කලා කලාත්මක වැඩ කටයුතු තවදුරටත් දිගින් දිගටම දියුණු කර ගැනීමටත් අපේක්ෂා කරනවා.

ඒ වගේම ලාංකික පුරවැසියෙකු විදියට රටට ලෝකයට සමාජයට කලාව සහ අධ්‍යාපනය පිළිබඳ කිසියම් දෙයක් සිදු කිරීමට ඇත්නම් එය සාර්ථකව සිදු කරමින් රටට ලෝකයට වැඩදායී පුරවැසියකු ලෙස ජීවත් වීමට මගේ එකම අනාගත බලාපොරොත්තුවයි.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa