ඩොලර් ගෙනෙන ඇඹුල් කෙසෙල්

author
2 minutes, 14 seconds Read

                       “A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවේ දෙවැනි දිග හැරුම යටතේ නවීන තාක්ෂණය සහ දැනුම නිසි පරිදි ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් සිදුකරනු ලබන ඇඹුල් කෙසෙල් වගාව පිළිබදව ඉදිරිපත් කරනු ලබයි.

                       ලෝක බැංකු ආධාර යටතේ රාජාංගනය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් “ඇඹුල් කෙසෙල්” වගා කිරීම සිදුකරන අතර රාජාංගනය A-Park කෘෂිකාර්මික තාක්ෂණ ප්‍රදර්ශන උද්‍යානයේ  “අධි ඝනත්ව ද්විත්ව පේලි ක්‍රමය”( hydencity double row) ට සිටුවීම සිදුකර ඇති අතර අතුරු බෝග ලෙස ආහාර බෝග වගාකිරීමට ද ඉඩ සලසා ගනුලබයි.ආහාර සුරක්ෂිතතාවය සදහා කාලෝචිත මැදිහත්වීමක් ද එමගින් සිදුවේ.එමෙන්ම ඇඹුල් කෙසෙල් වගාව සදහා භාවිතා කල සාම්ප්‍රදායික වගා ක්‍රම නිසා නිසි තත්වයේ සාර්ථක ඵලදාවක් ලබාගැනීමට ලාංකික ගොවීන්ට නොහැකි වී තිබිණි. නමුන් ASMP ව්‍යාපෘතිය තුලින් හදුන්වා දුන් නව තාක්ෂණය මගින් තත්වයෙන් සහ රසයෙන් උසස් ඇඹුල් කෙසෙල් ඵලදාවක් ලබාගැනීමට මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැදගත් ගොවි ප්‍රජාවට හැකියාවක් ලැබී ඇත.ඒ නිසා මෙතෙක් තිබූ දුර්මත ඉවත් වී ඇඹුල් කෙසෙල් සදහා ඉහල මිලක් ලබා ගැනීමට ගොවීන්ට හැකිවිය.නිසි තාක්ෂණය භාවිතා කිරීම නිසාම ඇඹුල් කෙසෙල් සදහා විදෙස් වෙළදපොලක් සොයාගැනීම ලංකාවේ කෙසෙල් වගාකරුවන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

                      රාජාංගනය ප්‍රදේශයට අමතරව ඇඹිලිපිටිය හා සෙවනගල ප්‍රදේශ ආශ්‍රිතව ද දැනට පුළුල් ලෙස කෙසෙල් වගාව සිදුවන බැවින් අපනයනය ඉලක්ක කරගත් කෙසෙල් සැකසුම් කලාප දෙකක් එම ප්‍රදේශවල ස්ථාපිත කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විටත් තීරණය කර ඇත.එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දැනට රාජාංගනය සහ යාපනය යන ප්‍රදේශවල කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන දෙකක් ස්ථාපනය කර ඇත. ඊට අමතරව සෙවනගල හා ඇඹිලිපිටිය ප්‍රදේශවල කෙසෙල් වගා කරන ගොවි මහතුන්ගේ ඉල්ලීම පරිදි මෙම කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන ව්‍යාපෘති දෙක ස්ථාපිත කිරීමට ද කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

                           ඒ අනුව සෙවනගල ප්‍රදේශයේ “කැවෙන්ඩිෂ්”නමැති කෙසෙල් විශේෂයත් ඇඹිලිපිටිය සහ හම්බන්තොට ප්‍රදේශ ආශ්‍රිතව “ඇඹුල් කෙසෙල් “වගාවත් සිදුකිරීමට සැලසුම් කර ඇත.මෙම වගාවන් දෙකම ආරම්භයේදී අක්කර 200බැගින් අක්කර 400ක වගා කිරීමට සැලසුම් කර ඇති අතර ඉන්පසුව එය අක්කර 800දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරෙනු ඇත.මේ යටතේ තෝරාගන්නා ගොවීන්ට කෙසෙල් වගාව විද්‍යානුකූලව හා ජාත්‍යන්තර වෙළදපොල ප්‍රමිතීන්ට අනුකූලව වගාකිරීමට අවශ්‍ය කෘෂි තාක්ෂණය හා නවීකරණ වැඩපිළිවෙළ මෙන්ම අලෙවිකර ගැනීමට අවශ්‍ය විදේශීය වෙළදපොල ද මෙම  කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය  මගින් ගොවීන් වෙත සපයනු ලබයි.මීට අමතරව මෙම ව්‍යාපෘතිය විසින් ගොවීන්ට වගාව සදහා අවශ්‍ය මූලික ආධාර ද සපයනු ලබයි.එමෙන්ම මේ වන විටත් යාපනයේ පිහිටුවා ඇති ඇඹුල් කෙසෙල් අපනයන කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු අරඹා ඩුබායි රාජ්‍යය වෙත ඇඹුල් කෙසෙල් අපනයනය කරමින් මෙරටට  විදේශ විනිමය ඉපැයීමේ ක්‍රියාවලිය ට අවතීර්ණ වී සිටී.

                                                     නවීන තාක්ෂණය ‍යටතේ හදුන්වා දුන් “Hydencity  double row” නැතහොත් “අධිඝනත්ව දෙපේලි ක්‍රමය”ට කෙසෙල් වගා කිරීම පිළිඹද දැනුම ගොවීන්ට ලබාදීම තුලින් කෙසෙල් වගාවේ අස්වැන්න ඉහල නංවාගැනීම මූලික අපේක්ෂාවයි.ඒ අනුව සාමාන්‍ය ක්‍රමවේදය යටතේ කෙසෙල් වගාකිරීමේදී ක්ෂේත්‍රයේ සිටුවිය හැක්කේ ආසන්න වශයෙන්අක්කරයකට  කෙසෙල් පැල 700-800 අතර ප්‍රමාණයක් වුවද හදුන්වාදුන්  නව ක්‍රමවේදය භාවිතා කිරීමෙන් ආසන්න වශයෙයෙන් අක්කරයකට  පැල 960ක් පමණ ක්ෂේත්‍රයේ වගාකල හැකි වේ.එමෙන්ම පැල අතර සැලකිය යුතු අන්දමේ පරතරයක් පවතින බැවින් අතුරු බෝග වගා කිරීමට හැකිවීම ද තවත් විශේෂ වාසියකි.එමෙන්ම යම් හේතුවක් මත කෙසෙල් පැල 50-60 අතර ප්‍රමාණයක් විනාශ වී ගිය ද ආසන්න වශයෙන් කෙසෙල් පදුරකින් කෙසෙල් කැන් දෙකක් වත් අස්වැන්න ලෙස ලබා ගැනීමට හැකියාව පවතින බැවින් මෙම  ක්‍රමවේදය භාවිතා කිරීමන් අක්කරයකට ආසන්න වශයෙන් කෙසෙල් කැන් 1800ක පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

                            එය ආසන්න වශයෙන් 36000Kg ප්‍රමාණයක් ලෙස සැලකුවහොත් කෙසෙල් 1Kg සැලකියයුතු අන්දමේ ස්ථාවර මිලකට මිලදී ගැනීමට කටයුතු සලසා ඇති අතර ඒ අනුව මසකට අවම වශයෙන් අක්කරයකට ලක්ෂ 5 ක පමණ  මුදලක් ආදායම ලෙස උපයා ගත හැකි අතර අතුරු බෝග වගාවෙන්ද මසකට අවම වශයෙන්  ලක්ෂයක පමණ  මුදලක් ලබාගත හැකිය.ඒ අනුව වාර්ෂිකව අවම වශයෙන් ලක්ෂ 50ක පමණ ආදායමක් මෙ මගින් ලබා ගැනීමට හැකියාව පවතී.ඒ සදහා කලයුතු වන්නේ ලබාදෙන නිවැරදි මගපෙන්වීම සහ තාක්ෂණික දැනුම නිසි පරිදි භාවිතා කිරීම පමණි.මව් ශාකයෙන් මතුවන 15cm පමණ කුඩා පැළ පොලිතින් බදුන් වල මාස 3ක් පමණ තබා සකසන ලද බිමේ සිටුවයි.පාත්ති දෙකක් අතර 5 cm පරතරයක් සහිව සකස් කරයි.එමෙන්ම විශේෂයෙන්ම අවධානය යොමු කලයුතු කරුණක් වන්නේ කෙසෙල් පත්‍රවල පුල්ලි ආකාරයට  හෝ පත්‍ර මලකඩ පැහැගැන්වී මෙන් දිස් වේ නම් එම පත්‍ර කපා ඉවත්කල යුතුය.එම තත්වය “සිගට්ටෝගා”නම් දිලීර රෝගී ත්ත්වයයි.  එමෙන්ම පෙර සදහන් කල ආකාරයට සැලකියයුතු අන්දමේ ආදායමක් ලබාගැනීමට නම් අපනයනයට සුදුසු වන පරිදි අස්වනු නෙලාගැනීම ද කලයුතු වේ.කෙසෙල් ඇවරි වෙන් කිරීම කෙසෙල් කැන ගසේ තිබියදීම තංගුස් නූලක් භාවිතයෙන් සිදුකල යුතු අතර එසේ වෙන්කර ගන්නා කෙසෙල් ඇවරි සෙවන සහිත ස්ථානයක කිරි ඉවත් වීමට පැයක් පමණ තැබිය යුතුයි.කෙසෙල් කිරි කෙසෙල් ගෙඩි වල තැවරීම වැලැක්වීමට මේ ක්‍රමය අනුගමනය කරයි.අනතුරුව මෙම  කෙසෙල් අස්වැන්න ඇසුරුම් කිරීමද ක්ෂේත්‍රයේදීම ඉතා සුරක්ෂිතව සිදුකලයුතුයි.

                                   එමෙන්ම කෙසෙල් අස්වනු නෙලීමේදී විශේෂයෙන් සැලකිලිමත් වියයුතු තවත් කරුණු කිහිපයක් තිබේ.එනම්

  • කෙසෙල් ගෙඩියේ වට ප්‍රමාණය අවම 30 mm  වියයුතු වේ.
  • කෙසෙල් ගෙඩියේ දිග අවම 12 cm වියයුතු වේ.
  • සති ගණන ගණනය කිරීමට වර්ණ කිහිපයක රිබන් පටි කෙසෙල් කැනට සතියක් වයස් ගතවූ පසු  සම්බන්ධ කරනු ලැබේ.මින් සති ගණන ගණනය කර සති 10-12 කෙසෙල් කැන් අපනයනයට දාගන්නා අතර ලංකාවේ සුපිරි වෙළදසැල් වල අලෙවිය සදහා සති 12 ක් වයසැති කෙසෙල් ඇවරි  ලබාගනී.

 අනතුරුව අපනයනය කරන කෙසෙල් ඇවරි අදාල මධ්‍යස්ථාන වලදී ඇලුමිනියම් සල්ෆේට් යෙදූ ජලයෙන් සෝදා පසුව ක්ලෝරීන් අඩංගු ජලයෙන් සෝදා පිළිගත් ක්‍රමවේදයන් අනුව ඇසුරුම්කර අපනයනය කරනු ලබයි.ජාත්‍යන්තර හෝ දේශීය වෙළදපොලට ඉදිරිපත් කලනොහැකි තත්වයේ පවතින කෙසෙල් (waste material) වෙන්කොට වේලා වියලි කෙසෙල් ලෙස යුරෝපා වෙළදපොලට යවයි.මෙහිදී ගොවියා විසින් ගෙනඑන සෑම කෙසෙල් ඇවරියකටම වටිනාකමක් ලැබේ.

                                 ලෝක වෙළදපොලේ ප්‍රමාණයෙන් කුඩා කෙසෙල් ගෙඩි (baby banana) වලට තිබෙන ඉල්ලුම අධික බැවින් ඕනෑ තරම් කෙසෙල්  ප්‍රමාණයක් අපනයනය කිරීමට හැකියාව පවතී.අනෙක් සුවිශේෂී ම කාරණය නම් ලකාවේ ඇඹුල් කෙසෙල් වලට  ආවේණික රසය වෙනත් කිසිදු රටක කෙසෙල් වර්ගයක නොමැති වීමයි.මේ හේතුව නිසාම දැනට සතියකට කෙසෙල් කන්ටේනර් එකක ප්‍රමාණයක් විදේශ වෙළදපොල වෙත  යැවෙන අතර එමගින් සතියකට ඩොලර් 20000 ක පමණ ආදායමක් ලංකාවට ලැබේ.අක්කර 200ක පමණ දැනට සිදුකර තිබෙන ඇඹුල් කෙසෙල් වගාවෙන් මෙම ආදායම උපයාගනු ලබයි.

                                  දැනට තෝරාගත් ප්‍රදේශ කිහිපයක පමණක් සිදුකරනු ලබන “ඇඹුල් කෙසෙල් වගාව”රජයේ මැදිහත්වීම සහ මහාපරිමාණයෙන් ආයෝජනය සිදුකල හැකි ව්‍යාපාරිකයන්ගේ සහයෝගය මත ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබේ.වගාව සදහා අවශ්‍ය තාක්ෂණය දැනටමත් ප්‍රායෝගිකව ඉතා සාර්ථක අන්දමින් භාවිතා වන බැවින් එය ඉතා සාර්ථක ලෙස ජයගැනීමට හැකි අභියෝගයකි.

-සටහන-

ප්‍රාර්ථනා හපුආරච්චි

සංවර්ධන නිලධාරී

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa