මලක සුවඳට නොදෙවෙනි පුංචි දරුවන්ගේ සිතුවිලි තුළ ඇති සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම්.
පුංචි මල් කැකුළු වල මුවගට සතුටු සිනහව ආදරය ගෙනෙන ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ දී සුවහසක් ලොව පුරා වෙසෙන පුංචි දරු දැරියන්ට සුභ ලෝක ළමා දිනයක් වේවා කියලා Colombo Journal අප ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

මෙරට තුළ සෑම වසරකම ඔක්තෝම්බර් පළවෙනි දිනට යෙදෙන ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද දිනට යෙදී තිබේ.
මෙලෙස දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී බව සඳහන් වේ. මෙම දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමාය.
වර්ෂ 1954 දෙසැම්බර් 14 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සියලුම රටවල් විශ්ව ළමා දිනයක් ස්ථාපිත කිරීමට නිර්දේශ කරන ලදී. මෙම දිනය පසුව ලෝක ළමා දිනය ලෙස නම් කොට තිබේ.
1959 නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්රකාශනය සම්මත කරන ලදී. 1989 නොවැම්බර් 20 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පැවැත්වීය. සම්මුතිය අතරතුර, දරුවන්ගේ නිශ්චිත අයිතිවාසිකම් ප්‍රකාශ කරන ලදී. මෙම සම්මුතිය ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස අනුමත කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම විය.
ලෝක ළමා දිනය සමරන නිල දිනය රටින් රටට වෙනස් වනු ඇත.

උදාහරණ වශයෙන්,
පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල (ආර්මේනියාව, අසර්බයිජානය, බෙලරුස්, එස්තෝනියාව, ජෝර්ජියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිතුවේනියාව, මෝල්ඩෝවා, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළුව) ළමා දිනය ජුනි 1 දින සමරනු ලැබේ. නයිජීරියාවේ ළමා දිනය මැයි 27 දින නයිජීරියාවේ සමරනු ලැබේ. එය 1964 දී නිවාඩු දිනයක් ලෙස ස්ථාපිත කරන ලදී.කොරියානු ජනරජයේ (දකුණු කොරියාව), මැයි 5 ළමා දිනය (어린이날) ලෙස නිල වශයෙන් පිළිගැනේ. මැලේසියාවේ සම්ප්‍රදායිකව ඔක්තෝබර් 1 වන දින පවත්වනු ලබන අතර සිංගප්පූරුව නිල වශයෙන්, ඔක්තෝබර් 1 ළමා දිනය සමරයි.
මෙලෙස ලොව පුරා ඇති සෑම රටක්ම පාහේ ලෝක ළමා දිනය ඉතාමත් උත්සවාකාරයෙන් විවිධ වැඩසටහන් සමගින් සැමරීම සිදුකරයි.
සැකසුම – බිනාලි රාජපක්ෂ
