අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම පාඩම් කරන දරුවන්ට හොඳ මතක ශක්තියක් තිබීම ඉතාම වැදගත් ය. එසේ ඉගෙන ගන්නා කිසිම දෙයක් දරුවන්ට මතක නැත යන්න දෙමාපියන් දරුවන්ට නගන චෝදනා අතර ප්‍රධාන වෙයි.
මෙවර ARUNI’S KITCHEN තුළින් අප ඔබට රැගෙන එන්නේ දරුවන්ගේ මතක ශක්තිය වැඩි කළ හැකි ආහාර පාන වර්ග රැසක් නිවසේදීම ඉතාමත් පහසුවෙන් සකස් කර ගත හැකි ආකාර පිළිබදව ඔබට අවබෝධයක් ලබා දීමටයි.
1.ලුණුවිල
ආයුර්වේදය තුළ එසේ නැතිනම් දේශීය වෛද්‍ය විද්‍යාවෙහි ඉතා වටිනා ඖෂධීය ශාකයක් ලෙස ලුණුවිල හඳුන්වාදිය හැකිය. මොළය හා ස්නායු පද්ධතිය ආශ්රිත ප්‍රතිකාර සඳහා යොදා ගන්න ඖෂධ පැළෑටි අතර ඉදිරියෙන්ම සිටින්නේ ලුණුවිල ශාකයයි.
දරුවන්ට ලුණුවිල යුෂ ස්වල්පයකට මී පැණි බිංදු කීපයක් දමා උදෑසන බීමට ලබාදීම ඉගෙනුමට ඵලදායි බව ආයුර්වේදයේ දක්වා ඇත. එමගින් බුද්ධි වර්ධනය කිරීම හෙවත් මතක ශක්තිය වර්ධනය වේ. එසේම මෙම ඖෂධය ලබා දීමෙන් නැවත මොලේ පටකවල යම් වර්ධනයක් සිදුවන බවත් සිදු කරන ලද පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබේ.
ලුණුවිල සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය –
- සෝදා පිරිසිදු කරගත් සිහින්ව ලියාගත් ලුණුවිල කොළ මිටක් ගාගත් පොල් ස්වල්පයක්
- ලියා ගත් රතු ළූණු ගෙඩි දෙකක්
- ලියා ගත් අමු මිරිස් කරල් දෙකක්
- ලුණු අවශ්‍ය පමණට
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- දෙහි යුෂ
- උම්බලකඩ
සාදන ආකාරය –
සිහින්ව ලියාගත් ලුණුවිල කොළ, පොල්, ලූණු, අමු මිරිස්, ගම්මිරිස් කුඩු, උම්බලකඩ සියල්ල බඳුනකට දමන්න. මෙම මිශ්‍රණය අතින් පොඩි නොකර හැන්දක් භාවිත කරමින් කලවම් කරන්න. මිශ්‍රණය හැන්දකින් කලවම් කිරීමට හේතුව නම් ලුනුවිල කොල පොඩි වූ විට තිත්ත රසක් ඇති වීමයි. ආහාරයට ගැනීමට මොහොතකට පෙර දෙහි යුෂ මිශ්‍ර කරන්න. මේ අයුරින් ලුණුවිල සම්බෝලය, සම්බෝල යුෂ පානය කිරීම මෙන්ම ලුනුවිල කොළ ස්වල්පයක් ගෙන ඇල්වතුරෙන් පානය කිරීමත් ඉතාමත් ගුණදායක වේ.
එසේම දරුවන්ට මහා ප්‍රතිශක්තිකරණය තිබීම අත්‍යවශ්‍යය. ඒ සඳහා කියම් හොද්ද සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය –
- ගම්බිරිස්
- සුදුලූනු
- මාදුරු
- කොත්තමල්ලි
- අමු ඉගුරු
- ගොරකා
- උළුහාල්
- කරාබුනැටි
- කුරුඳු
- කහ කුඩු මේස හැන්දක්
සාදාගන්නා ආකාරය –
ගම්මිරිස්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි, සුදුළූණු, හොඳින් අඹරා ගන්න. බැදගත් පොල් ඉඟුරු ගොරකා කරාබු නැටි කුරුඳු කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට අඹරාගන්න. ඒ සියල්ල මැටි භාජනයකට දමා වතුර අඩු කෝප්ප හතරක් එක් කොට ළිපේ තබා හොඳින් පිසගන්න. අවශ්‍ය පමණට ලුණු එක්කොට ළිපෙන් බා පානය කරන්න.
මෙවැනි පානයක් සකසා සතියකට දින දෙකක්වත් දීම තුළින් දරුවාගේ ප්‍රතිශක්තිකරණය ඇති වේ.
ධාන්‍ය සුප්

අවශ්‍ය ද්‍රව්‍ය-
- තම්බා ගත් කව්පි කඩල මුංඇට හැඳි 2 බැගින්
- කුකුල් මස් තම්බාගත් වතුර
- ලීක්ස්, කැරට්, තක්කාලි, සුදුලූනු, බිත්තර සුදු මද දෙකක්
- තම්බා ගත් නූඩ්ල්ස් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදන ආකාරය –
කුකුල් මස් තම්බාගත් වතුරට කෑලි කපාගත් එළවළු ටික එකතු කර හොඳින් රත් කරන්න. ඉන්පසු ලියාගත් ධාන්‍ය වර්ග ටික බ්ලෙන්ඩර් කර එය එම මිශ්‍රණයට එක්කර ගන්න. එය උතුරන විට එයට තක්කාලි බිත්තර සුදු මද තම්බාගත් දුනු නූඩ්ල්ස් එක් කර මද ගින්නේ තබන්න. පසුව එය දරුවාට බීමට දෙන්න.
මෙවැනි සුප් වර්ගයක් සතියට දවසක්වත් දරුවන්ට බීමට දෙන්න.
මෙවැනි සුප් වර්ග දරුවාගේ ප්‍රතිශක්තියට ඉතාමත් ගුණදායක බව මතක තබාගන්න .
මෝරු පානය
අවශ්‍ය ද්‍රව්‍ය –
- මුදවපු කිරි දවපු කිරි
- අවශ්‍ය ප්‍රමාණයට අමුමිරිස් කරල් එකක් හෝ දෙකක් ඉඟුරු කැබැල්ලක්
- කොච්චි කරල් දෙකක්
- රතුලූනු ගෙඩි පහක්
- වතුර කෝප්ප හතරෙන් තුනක්
- කරපිංචා ඉති එකක් හෝ දෙකක්
සාදන ආකාරය –
වතුර හතරෙන් තුන සමඟ යොදය ඉවත් කළ කිරි සමඟ මිශ්‍ර කර ගන්න . පසුව කරපිංචා සිහින්ව කපාගන්න. කොච්චි අමු මිරිස් රතුළූණු ඉඟුරු සිහින්ව ලියා ගන්න. ඒවා බ්ලෙන්ඩර් කර ගත් කිරි සමග එකතු කරන්න.
මෙය දරුවන්ට උදේ ආහාරයට ලබා දී හැකිය. දිනකට මෝරු වීදුරුවක් පානය කිරීමට ලබා දීමෙන් දරුවාගේ ශරීර ශක්තිය වර්ධනය වීම මෙන් ම මතක ශක්තිය ඇති කිරීමට සමත්වේ.
දෙළුම් යුෂ පානය
හොඳින් ඉදුණු දෙලුම් ගෙඩියක් හෝ එහි ඇට ඉවත් කර පොලිතින් උරයක දමා ගන්න. බෑගය තුල තිබියදීම හොඳින් පොඩි කර ගත් පෙරණයක් ආධාර කරගෙන දෙලුම් පානය කර සකසා ගන්න. දෙළුම් යුෂ අවුන්ස ප්‍රමාණයක් පානය සඳහා දීමෙන් මතක ශක්තිය වර්ධනය වේ. මොලේ රුධිර සංසරණය වේගවත් කර මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. ප්‍රතිශක්තිය වර්ධනය කල හැකි මෙන්ම අස්ථි ශක්තිමත් කිරීම මෙය ඵලදායික වේ.
එලු මස් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත එළු මස්
- සුදුලූනු
- රතුලූනු
- අල කැරට් ගෝවා ලූනු කොළ
- රස අනුව ලුණු
සෝදා පිරිසිදු කරගත් මස් වතුරට සුදුලූනු රතුලූනු එකතු කර තම්බා ගන්න. එය හොඳින් තැම්බුණු පසු කැබලි කර ගත් අල කැරට් ගෝවා එකතු කරන්න. හොඳින් තැම්බුණු පසු ලූණු කොළ සහ රස අනුව ලුණු පමණට එක් කරගන්න. මේ ආකාරයට සුප් සතියකට එක් දිනක් වත් සකසා දරුවන්ට දීමට හැකි නම් පාඩම් කිරීමේදී ඇඟට දැනෙන හෙට්ටුව මගහරවා ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම පමණක් නොව අස්ථි මාංශ පේශි වර්ධනයට ඉතාමත් ගුණදායක වේ.
තල මිශ්‍ර ආහාර

අවශ්‍ය ද්‍රව්‍ය –
- තල ග්‍රෑම් 50ක්
- ලොකු ලූනු ගෙඩි එකක්
- මිරිස් කුඩු මේස හැඳි එකක්
- ලුණු අවශ්‍ය පරිදි
- දෙහි බෑයක යුෂ
තල ටික සෝදා වේලා කබලේ බැදගන්න. ඒ ටික හොඳින් බ්ලෙන්ඩර් කර සිහින්ව කපාගත් ලූනු මිරිස් මිශ්‍රකර හොඳින් කොටා ගන්න. ඉන්පසු බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රනයට දෙහි යුෂ අවශ්‍ය පමණට එක් කර ආහාරයට ගන්න. තල මිශ්‍ර කර තල කැරලි, තල අළුවා, තල බෝල වැනි රස කැවිලි වර්ග දරුවාගේ ආහාර වේලට එකතු කිරීමෙන් ස්නායු පද්ධතිය මෙන්ම අස්ථි ශක්තිමත් කිරීමට ද උපකාරී වේ
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය අභයතිලක දේවගිරි මහතා
සටහන – අරුණි ජයසේකර.
