නිරෝගී මනසක් සහ සමබර ආහාර වේලක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනඟා ගැනීම කෙරෙහි බලපාන ප්‍රධානතම ආයුධයයි.
මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින විවිධ රෝගාබාධවලට එරෙහිව යන සටනේදී දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම උදෙසා සෑම දෙමාපියකුම පාහේ සිය දරුවන් පිරිසුදුව තබා ගැනීම, සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම මෙන්ම ප්‍රතිශක්තිය වඩවන ආහාර ලබා දීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
එවැනි අවස්ථාවක දරුවන් සමාජය තුළ ගැවසීමේදී පෙරටත් වඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බව දෙමාපියන් වශයෙන් ඔබ සිහි තබා ගත යුතු වෙයි.
එසේනම් අද අප සූදානම් වන්නේ දරුවාගේ වර්ධනයටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයටත් වැදගත් වන ප්‍රතිශක්තිය වඩවන අහාර පිළිබඳව විශේෂ කරුණු කිහිපයක් දෙසට ඔබේ අවධානය යොමු කිරීමටයි.
ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි ආසියානු රටවල් වල පුද්ගලයින්ගේ ආහාර රටාවන් තුළ ප්‍රතිශක්තිය වැඩි කරන ස්වභාවික ආහාර සහ ප්‍රතිශක්තිය වැඩි කරන ස්වභාවික කුළුබඩු වර්ග බොහො ප්‍රමාණයක් පවතී.

නමුත් සමහර දරුවන් කුඩා කල සිටම දෙමව්පියන් ගේ පහසුව සහ කෘතිම රසකාරකයන්ටත් මේද සහ පිෂ්ඨය වැඩි ක්ෂණික ආහාරවලටත් හුරු වීම සහ ගිජු වීම හේතුකොට එම ප්‍රතිශක්තිය වැඩි කරවන ආහාර වලින් ඈත් වී තිබේ.
මේ නිසා දරුවකුට දිනකට සිතාමතාම ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර දෙකක් හෝ ඊට වැඩි ගණනක් අනිවාර්යෙන් ලබාදීම මේ වසංගත කාලයේදී අත්‍යවශ්‍ය වේ.
ප්‍රතිශක්තිය වැඩි කරවන ප්‍රධාන ආහාර ලෙස
අප එදිනෙදා ආහාරයට ගන්නා සුදුළූණු ගම්බිරිස් රතුළූණු ,කුරුදු, කහ,ඉඟුරු වැනි කුළුබඩු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
එසේම පැඟිරි කුලයේ පළතුරු හෙවත් නෙල්ලි ,නාරං දොඩම් ,ජ්බ නාරං ,බිලිං වැනි දේත් මීට අමතරව බෙලි සූරියකාන්ත ඇට ,රතු බෙල්පෙපර්, නිවිති සහ ආමන්ඩ් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය සංඝටක වැඩි ප්‍රමාණයකින් පරිපූර්ණ ආහාර වේ.
එසේම අලුත් එළවළු අලුත් පලතුරු ලබාගැනීමත් අවශ්‍ය ප්‍රමාණයට ජලය පාලනය කිරීමත් නිසි ව්‍යායාම වල යෙදීමත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි.
මෙම ආහාරවල ගුණාත්මකභාවය තවතවත් ඉහළ නැංවීම සඳහා නිවසේදී පිස ගත් ආහාර පමණක් දරුවන්ට ලබා දීමට වඩාත් සුදුසු වේ.
මන්ද යත් නිවසින් පිටත සිට ලැබෙන කැලරි සහිත ආහාර වලට වඩා ගෙදර සෑදු ආහාර සෞඛ්‍ය සම්පන්න සහ වැඩෙන දරුවන්ට පෝෂ්‍යදායී වන්නේ ඔබ එයට එකතු කරන්නේ මොනවාදැයි ඔබ හරියටම දන්නා බැවිනි.
මීට අමතරව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ඍජුව බලපාන තවත් කාරණාවක් නම් මානසික සුවයයි .
හැම විටම දරුවාගේ මනස ප්‍රීතියෙන් තබාගැනීමට හැකි ලෙස එදිනෙදා ජීවිතයේ කටයුතු සැලසුම් කර ගැනීම ගැනීමද ප්‍රතිශක්තිය වැඩීමට හේතු වේ.
දරුවන්ට ආහාර ලබා දීමේදී තවත් සැලකිය යුතු කාරණාවක් නම් දරුවන්ට නුසුදුසු ආහාර සහ ඉතාම සුදුසු ආහාර මොනවාදැයි මවුපියන් හඳුනා ගැනීමයි.
විශේෂයෙන් ජාන වෙනස් කළ ආහාර ,කෘතිම රසකාරක යෙදූ ආහාර,පිරිපහදු කළ ආහාර ,සහ රසායනික ද්‍රව්‍ය අඩංගු කර සකසන ලද ආහාර දරුවන්ට සුදුසු නොවන බව සදහන් කළ යුතු ය.
ජාන වෙනස් කළ ආහාර යනු මොනවාද ?
ජාන වෙනස් කළ ආහාර යනු ස්වාභාවිකව හැදෙන සතුන්ගේ ගහකොළවල ජානමය තත්ත්වයන් විකෘතියට ලක් කර සකසන ලද ආහාර වර්ගයි.
මෙම ආහාරවල ස්වාභාවික ජානමය තත්ත්ව නොමැති නිසා මිනිසාගේ සිරුරට මේවා අහිතකර බවත් පිළිකා වැනි රෝග තත්ත්ව ඇතිවීමට හේතු වන බවත් සොයාගෙන ඇත.
වෙනස් කළ ජාන ඇති පැළ වර්ග පැල කිරීමත් ජානමය වෙනස්කම් සහිත සතුන් මස් සඳහා ඇති කිරීමත් අද ලෝකය ආර්ථිකව අධික ලාභ ලබන විශාල ව්‍යාපාරයන් බවට පත් ව තිබේ.
වෙළඳපෙළෙන් දරුවන් සඳහා එළවළු පලතුරු මස් මාළු වැනි දේ මිලදී ගන්නා විට පෙනුම ප්‍රමාණය පැහැය ඉතාම ලස්සනට තිබෙන ආහාර වෙනුවට තම ප්‍රදේශයේ හෝ ගෙවත්ත තුළ වගා තුළ වගා කර ගත හැකි ජාන වෙනස් නොකළ ස්වාභාවික තත්ත්වයන්ගෙන් පවතින ආහාර දරුවන්ට ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

කාබනික ආහාර යනු මොනවාද ?
කාබනික ගොවිතැනේ ප්‍රමිතීන්ට අනුකූල වන ක්‍රම මගින් නිෂ්පාදනය කරනු ලබන ආහාර කාබනික ආහාර ලෙස අර්ථ දැක්විය හැකිය.
ගස්වල කොළ, දිරා යන වෙනත් කොළ වර්ග, අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු ඇතුළු ශාකවල දිරා යන කොටස්, මිනිස් සහ සත්ත්ව මලපහ වැනි දේ කාබනික අපද්‍රව්‍යවලට අයත් වන අතර මෙම කාබනික පොහොර මගින් පමණක් සකසනු ලබන ආහාර මෙයට අයත් වේ.
ඒ අනුව ඉතා අඩු මිලට ලබා ගත හැකි මෙම ආහාර වල ඇති වටිනාකම දෙමව්පියන් තේරුම් නොගන්නා නිසා දරුවන්ට මෙවැනි ආහාර හුරු කිරීම වෙනුවට වැරදි ආහාර රටාවකට හුරු කිරීම මගින් සිදු වන්නේ අනාගත පරපුර මහත් ව්‍යසනයකට ඇද දැමීමකි.
දරුවන්ගේ ආහාරවල බහුලව හමුවන දරුවන්ට නුසුදුසුම රසායනික ද්‍රව්‍ය ?
මොනොසෝඩියම් ග්ලූටමේට්
ඕනෑම රසයක් දිවට වඩාත් ප්‍රනීත රසයක් බවට පත් කිරීමේ හැකියාව මෙම රසායනයට ඇත. අවන්හල් හා ආහාර නිෂ්පාදකයින් බොහොමයක් විසින් සාදන ලද ආහාර සඳහා මේවා එක් කිරීමට පුරුදු වී තිබේ .
ලංකාවේ බොහෝ අවන්හල්වල භාවිතාවන ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍යයක් වන මෙමගින් පිළිකා අධිරුධිර පීඩනය ස්නායු ආබාධ මදසරුභාවය ස්ථුලතාවය ඇඳුම් ආදී ගැටලු රැසක් ඇති කරවයි.
එවන් අහිතකර ප්‍රතිඵල රැසක් ගෙන දෙන එම රසායනික ද්‍රව්‍ය ක්ෂණික නූඞ්ල්ස් සහ ඒවාහි අඩංගු ආහාර රස කාරක පැකට් වලත් , හෝටල්වලින් ලබාගන්නා ප්‍රයිඩ් රයිස් කොත්තු ඇතුළු අඩු ප්‍රමිතියකින් යුතු ආහාර සදහාත් යොදන බව ඔබ දන්නවාද?
හයිඩ්රිජනීකෘත තෙල් වර්ග
තෙලෙන් බැද කල්තබා ගැනීමට සකසා ඇති පැකට් කළ බොහෝ ආහාර මුඩු වීම වැළැක්වීමට හයිඩ්රිජනීකෘත තෙල් භාවිත කරයි.
නැවත නැවත එකම තෙලේ බදින ලද ආහාර , හයිකො වැනි බටර් යෙදූ ආහාර , වර්ණක සීනි හා ලුණු අධිකව යොදා ඇති සීනිබෝල, පාට පාට ටොපි චොකලට් අධික සීනි යෙදූ බිම වර්ග දරුවන්ට ඉතාමත් අහිතකර ආහාර වර්ග වේ.
එමෙන්ම බොහෝ දරුවන් ආස කරන හැම් බේකන් හා කල්තබාගතහැකි සොසේජස් ද ශරීරයට අහිතකර පිළිකා කාරක ආහාර වන බව ඔබට සදහන් කළ යුතු ය.
මීට අමතරව ඔබ වෙළදපොලේන් මිලදී ගන්නා එළවළු පලතුරවලට ගොවීන් විසින් යොදන පළිබෝධනාශක අඩංගු බැවින් එම එළවලු හා පලතුරු ද දරුවන්ට ලබා දීමට පෙර උණුසුම් ජලයෙන් සෝදා පසුව ඉතාම හොඳින් සබන් සහිත ජලයෙන් ද සෝදා පිරිසිදු කර යුතු ය.
එහිදී සබන් වලට අමතරව ජලය සමග විනාකිරි අප්ප සෝඩා ලුණු සියඹලා කහ ද්‍රව්‍යයන් එකක් ස්වල්පයක් මිශ්‍ර කර විනාඩි දහයක් පහළොවක් ගිල්වා තබා සෝදා ගන්න.මෙමගින් ආහාරවල සුරක්ෂිතතාවය තවතවත් තහවුරු කර ගත හැකි ය.
එබැවින් මෙම වසංගතයේදී සහ ඉන් ඔබ්බට නිවසේදී පිසින ලද ආහාර ඔබටත් සහ ඔබේ දරුවාටත් හොඳම තේරීම වන බව මතක තබා ගන්න.
උපදෙස් –
ශ්‍යාමලී පතිරගේ
ප්‍රවීණ මාතෘ හා ලමා සෞඛ්‍ය උපදේශිකා
සෞඛ්‍ය ජනමාධ්‍යවේදිනී
අධ්‍යක්ෂකා – Health Media Council
සැකසුම –
බිනාලි රාජපක්ෂ
