කහ ( Curcuma longa)
Zingiberaceae කුලයට අයත් මෙම ශාකය පඳුරු ආකාරයෙන් වැඩෙන අතර කඳක් හෝ මුලක් නොමැති බහුවාර්ශික ඖෂධයකි. පත්‍ර දිගැටි වන අතර මීටර් එකක් පමණ උසය.
මල් ලා කහ – සුදු පැහැතිය. ඉතා ජනප්‍රිය කුළුබඩුවක් වන මෙය සෑම නිවසකම පාහේ හමුවේ. සංස්කෘතිකමය වටිනාකම් වලින් ද යුක්ත මෙම ශාකය ඉන්දීය විවාහ වලදී හල්දි චාරිත්‍රය සඳහා යොදා ගැනේ. බොහෝ ආසියානු ආහාරවල අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යවලින් එකකි.


ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තික්ත, කටු රස, ලඝු, රූක්ෂ ගුණ, කටු විපාක, උෂ්ණ වීර්යය, ත්‍රිදෝෂ ශාමක යන ගුණයන්ගෙන් යුක්ත ශාකයක් ලෙස කහ දක්වා ඇත. ඖෂධ වශයෙන් මූලික වශයෙන් භාවිතා කරන්නේ රයිසෝමයයි. කාස, දන්ත රෝග, අර්ශස්, දියවැඩියාව, කුෂ්ට ආදී චර්ම රෝග, ශ්වසන නාලිකා ප්‍රදාහ, අක්මා රෝග, ව්රණ, පීනස්, වාතරෝග, අරුචි, පාණ්ඩු, පිළිකා, හතිය, ඉදිමුම, සෙංගමාලය හා අජීර්ණ වැනි රෝගාවස්ථා සඳහා යොදා ගන්නා ලද අතර විෂඝ්න, විශබීජනාශක, ක්‍රිමිඝ්න වැනි ගුණ සහිත බවට සළකයි.

2022 දී ප්‍රකාශිත A Comprehensive Review on the Therapeutic Potential of Curcuma longa Linn. In Relation to its Major Active Constituent Curcumin යන පර්යේෂණය අනුව මෙම ශාකයට ප්‍රතිප්‍රදාහාත්මක, ප්‍රතිඔක්සිකාරක, ස්නායු – අක්මා – හෘද් ආරක්ෂක, පිළිකානාශක, ප්‍රතිශක්තිමූර්ඡක, විශබීජනාශක, ප්රතිආසාත්මික, ප්‍රතිවිශාද ගුණ ඇත.
2019 ප්‍රකාශිත Curcumin and Cancer පර්යේෂණයේදී මෙම ශාකය සතු පිළිකා නාශනය කිරීමේ හැකියාව පිළිබඳ පර්යේෂණයට ලක් කළ අතර එහි වඩාත් ක්‍රියාකාරි රසායනිකය වන curcumin මඟින් වර්ධක සාධක (growth factors), එන්සයිම, පිටපත් කිරීමේ සාධක (transcription factors), කයිනේස් (kinase), ප්‍රදාහාත්මක සයිටොකයින (inflammatory cytokines), හා proapoptotic – antiapoptotic ප්‍රෝටීන යාමනය කිරීමට හැකි බවත් ඒ නිසාවෙන්ම පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ඖෂධය යොදා ගත හැකි බවත් ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් දක්වා ඇත.
උපදෙස් –
ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
