නත්තල වෙනුවෙන්ම හැඩ ගැන්වෙන සැරසිලි රසකැවිලි අතරේ නත්තල් කේක් යන නත්තල් මුල් කොට ගනිමින් සාදන ලද සුවිශේෂී කේක් වර්ගයකි.
එසේනම් Colombo journal නත්තල් තිළිණය ඔස්සේ අද අප සූදානම් වන්නේ නත්තල් කේක් ඇතුලු කේක් වර්ග නිවැරදිව සාදාගත හැකි ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීමටයි.
නත්තල් කේක්

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- කරන්ට්ස් 250g
- රේසින්ස් 500g
- සුල්තානා 750g
- කජු 600g
- චෙරි 750g
- පුහුල්දෝසි 750g
- ඉඟුරු දෝසි 750g
- චව් චව් 500g
- කැන්ඩිට් පීල් 500g
- බිත්තර 20
- සීනී 625g
- බටර් 600g
- ස්පයිසි පව්ඩර් මේස් හැඳි 02
- බ්‍රැන්ඩි අඬු කෝප්ප 1/4
- රුලං 600g
- ආමන්ඩ් එසන්ස් මේස හැඳි 02
- රෝස් එසන්ස් මේස හැඳි 03
- වැනිලා එසන්ස් මේස හැඳි 04
- ස්ට්‍රෝබෙරි ජෑම් 500g
- ගෝල්ඩන් සිරප් හෝ මී පැනි බෝතල් 1/2
සාදන අයුරු :-
පලමුව වියලි පලතුරු සියල්ල කුඩාවට කපා ගන්න.කපා ගත් පලතුරු වලට එසන්ස් සහ ස්පයිසි පව්ඩර් වලින් බාගයක් , බ්‍රැන්ඩි,ජෑම්,ගෝල්ඩන් සිරප් හෝ මී පැනි දමා කලවම් කර ගන්න.එය හුලන් නොවදින සේ බාජනයේ කට වසා දවස් 03 තබන්න . දින 03 කට පසු රුලං ටික යන්තම් කබලේ බැද ගෙන එයට බටර් එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.
දැන් බිත්තර කහ මද සහ සුදු මද වෙන් කර ගෙන කහ මද වලට සීනී දමා හොදින් බීට් කරගෙන රුලං මිශරනයට දමා නැවතත් ටික වෙලාවක් බීට් කරගන්න.මෙම මිශ්‍රණයට ඉතිරි එසන්ස් වර්ග ටික සහ ස්පයිසි පව්ඩර් බාගයද දමා හොදින් කලවම් කරන්න .දැන් බිත්තර සුදු මද ටික වෙනමම පුළුන් වගේ වෙනකන් බීට් කර ඉහත මිශ්‍රණයට දමා කලවම් කර 160 C° උශ්නත්වයේ පැය 1 1/2- 2 ක පමන කාලයක් බේක් කරගන්න.
නත්තල් කේක් වලට අමතරව තවත් කේක් වර්ග විශේෂයක් වන ක්‍රිස්මස් බෲදර් සාදන ආකාරය අතර දැන් අප අවධානය යොමු කරමු.
Christmas Breudher
(ක්‍රිස්මස් බෲදර්)

බනිස් මොලිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-
- පාන්පිටි 400g
- බටර් හෝ මාගරින් 30g
- සීනි 30g
- යන්තම් රස්නෙ කිරි 250 ml
- ලුනු කුඩු තේ හැඳි 01
- යීස්ට් 7g
සාදන ආකාරය :-
භාජනයට දමාගත් කිරි වලට සීනි සහ යීස්ට් දමා කලවම් කර හොඳින් වසා විනාඩි 15 ක් පමන පිපෙන්න තබන්න.
භාජනයකට හෝ මේසයක් මතට පාන්පිටි දමා එයට ලුනු කුඩු ,බටර් සහ යීස්ට් මිශ්‍රනය දමා මෘදු වෙනකන් හොඳින් අනාගන්න..අනාගත් පිටි මොලියෙහි තෙල් ස්වල්පයක් ආලේප කර ලන්ච් ශීට් එකකින් වසා හොඳින් පිපෙනකන් විනාඩි 45 ක් පැයක් පමන තබන්න.
පළතුරු මිශ්‍රනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :-
- බටර් හෝ මාගරින් 150g
- සීනී 150g
- බිත්තර 5
- සුල්තානා 150g
- රේසිං 100g
- රම් හෝ බ්‍රැන්ඩි මේස හැඳි 2
- කුරුඳු කුඩු තේ හැඳි 1
සාදන ආකාරය:-
භාජනයක් ගෙන එයට සුල්තානා, රේසිං , කුරුඳු කුඩු සහ බ්‍රැන්ඩි දමා කලවම් කර පසෙකින් තබාගන්න.
හොඳින් පිපුනු බනිස් මොලිය භාජනයකට දමා එයට සීනි ,බටර් සහ බිත්තර ටික ටික දමමින් බීට් කරගන්න.අවසානයේ සුල්තානා සහ රේසිං ටික දමා හොඳින් කලවම් කර බටර් ගා ලයිනින් කරගත් බෲදර් තැටියකට දමා විනාඩි 45 ක් පමන පිපෙන්න තබා 170 °C උශ්නත්වයේ විනාඩි 45 ක් බේක් කරගන්න…
(රෝයල් අයිසින් හෝ බ්‍රැන්ඩි සෝස් වලින් ඔබ කැමති ආකාරයකට අලංකාර කරගන්න)
උපදෙස් –

ප්‍රවීණ සූපවේදීනී ඉයන්තිකා සිල්වා
